රනිල් තිස්වැනි වතාවටත් සැරසෙයි
Posted on June 28th, 2015

නලින් ද සිල්වා

රනිල් වීක්‍රමසිංහ මහින්ද රාජපක්‍ෂට අභියෝගයක් කර ඇත. හැකි නම් අගමැති ධුරයට ඉදිරිපත් වී ජයගන්නා ලෙස ඔහු මහින්දට කියයි. ඔහු නැවතත් රාජපක්‍ෂ රෙජිමය පිළිබඳ කතාව ඇද ගනියි. රාජපක්‍ෂලා ගෙදර යවන බවට ඔහු බෙරිහන් දෙයි. ඔහුට රාජපක්‍ෂලා ගැන ඇත්තේ වෛරයකි. එය පෞද්ගලික වෛරයක් නො වේ. ඔහුට එවැනි වෛරයක් චන්ද්‍රිකා සමග නැත. ඔහු මහින්ද ගෙදර යැවීමට චන්ද්‍රිකා සමග ද එකතු වෙයි. ඔහු ඇගේ වෛරය ගැන නොදන්නවා නො වේ. අද දවසේ ඇගේ වෛරය මෙන් ම ඔහුගේ වෛරය ද මහින්ද රාජපක්‍ෂ කෙරෙහි යොමු වෙයි.

රනිල් සිතාගෙන ඉන්නේ ඔහුගේ පික්පොකට් අගමැතිකම ඔහු ලත් ජයග්‍රහණයක් කියා ය. අප ජනවරි 9 වෑනි දා ම කියා සිටියේ ඔහු ජනතාව විසින්  ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ලද අගමැතිවරයකු නොව පික්පොකට් අගමැතිවරයකු බව ය. ඒ පත්වීම නීති විරෝධී බවත් අගමැති දි මු ජයරත්න බවත් අපි පැහැදිලිව ම ප්‍රකාශ කෙළෙමු. ජනතාව ජනවාරි 8 වැනි දා ඡන්දය දුන්නේ ජනාධිපතිවරයකු පත්කර ගැනීමට මිස අගමැතිවරයකු හා කැබිනට්ටුවක් පත්කර ගැනීමට නො වේ.

රනිල් අගමැති ලෙස පත්කෙරුණේ මෛත්‍රිපාල සමග ඇතිකර ගන්නා ලද ගනුදෙනුවකට අනුව ය. ඒ විදේශීය ඔත්තු සේවාවල අවශ්‍යතාව අනුව සිදු විය. ඊනියා රාජපක්‍ෂ රෙජිමය යන්න ඇමරිකානුවන් තැනූ පදයක් වන අතර රාජපක්‍ෂලා අකර්මන්‍ය කිරීමේ අවශ්‍යතාව ඇත්තේ බටහිරයන්ට හා ඉන්දියානුවන්ට ය. ඔවුහු නැවතත් ඒ සඳහා ඔවුන්ගේ වසන්ත මගින් සැරසෙති. එහෙත් අරාබියේ මෙන් ලංකාවේ වසන්ත ක්‍රියාත්මක කීරීමට ඔවුන්ට අපහසු වී ඇත. 

රනිල් මෙරට පහළ වූ දරුණුතම සිංහල විරෝධියකු වෙයි. රතන හිමි හා චම්පක තේරුම් නොගත්තාට රනිල්ගේ සිංහල විරෝධය ඔහුගේ බටහිර යටත්විජිත ගැති මනසේ ප්‍රතිඵලයකි. අද රතන හිමි රනිල්ට යම් යම් කරුණු අතින විරුද්ධ වන විට උන්වහන්සේට ද මත් ද්‍රව්‍ය චෝදනා වක්‍රව එල්ල වෙයි. ඔහුගේ වෛරය ඇගේ වෛරයට ද වඩා භයානක ය. 

රනිල් පැහැදිලිව ම බටහිර යටත්විජිතවාදයේ සෘජු නියෝජිතයා වෙයි. අද තරගය පවතින්නේ බටහිර යටත්විජිතවාදයේ රනිල් හා යටත්විජිත විරෝධී මහින්ද අතර ය. මේ සටන විවිධ ආකාරයෙන් ධර්මපාලතුමාගේ කාලයේ් සිට පැවත එයි. ධර්මපාලතුමාට පහර දුන්නේ ලේක්හවුසිය ය. එහි අයිතිකරුවෝ විජේවර්ධනලා වූහ. බෞද්ධ මුහුණුවරක් ගත්ත ද විජේවර්ධනලා මූලික වශයෙන් බටහිර (ඉංගිරිසි) යටත්විජිතවාදීහු වූහ. රනිල් මව් පාර්ශ්වයෙන් විජේවර්ධන සම්භවයක් ඇත්තෙකි.

රනිල්ගේ පියා ඇංග්ලිකන් ක්‍රිස්තියානි විය. ඔහු විජේවර්ධන පවුලෙන් විවාහයක් කර ගත්තේ ය. ඔහු ධර්මපාල විරෝධී ජනතා විරෝධී ලේක්හවුසියේ අධ්‍යක්‍ෂ විය. එකල මංගල සමරවීරගේ මව ද ලේක්හවුසියේ සේවය කළ බව දන්නෝ දනිති. රනිල් මංගල සම්බන්ධය ඉතිහාසයේ ඈතට යයි. ඔවුහු සිංහල විරෝධීහු වෙති.

පික්පොකට් අගමැති අද භාරකාර අගමැති ය. ඔහු රටේ පවට අගමැති වූවෙකි . ඔහු සිතන්නේ පික්පොකට් අගමැති වූ පමණින් ඔහුට ජයග්‍රහණය කළ හැකි බව ය. එහෙත් ඔහූ විසිනව වරක් පරාජය වූවෙකි. ඔහු අද තිස්වැනි වරටත් පරාජය වීමට සැරසෙයි. මෛත්‍රිපාලට ලැබුණු ඡන්ද හැට දෙලක්‍ෂය, එ ජා ප , ජ වි පෙ, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජනතා සංධානය, ෆොන්සේකාගේ පක්‍ෂය ආදී පක්‍ෂවලට බෙදී යයි. රනිල් අභියෝග කරන්නේ ඒ බව නො දැන ද?

නලින් ද සිල්වා

2015 ජූනි 28

3 Responses to “රනිල් තිස්වැනි වතාවටත් සැරසෙයි”

  1. Ancient Sinhalaya Says:

    As usual the yamapalanya headed by traitor chief, rampaging catholic gb ranil hasn’t done anything
    apart from bankupting the country with his fellow catholic tiger buddy mahendran. Only other things
    they done are putting foundations to break up the country and revenge from MR regime’s ministers etc.
    That’s all. No development, no jobs, no nothing.But for the Sinhalese donkeys, specially the Sinhalese
    Buddhists donkeys it does not matter. Important thing for these empty headed, full of themselves idiots is
    being traitor party supporters. They think it is fashionable. So traitor chief gb ranil knows those idiots will
    vote for him and he is boasting. After all this is Sri Lanka. Nobody should be surprised what is happening there.

    Sagarayak meda amana ratak etha. For all the ills of Sri Lanka, traitor party UnPatriotic Party (UNP) should take the
    blame. They danced to the tune of west and india who are hell bent on pleasing diasporats. UnPatriotic Party always
    have divided the Sinhalese and have made the minorities king makers. But Unpartriotic Party(UNP) supporting Sinhalese
    donkeys don’t want to understand this simple truth.

  2. Christie Says:

    ඉන්දියානු අදිරදයෝ 2005දී රනිල් පරදා මහින්දව දිනුව්වේ බන්ඩාරනායකලා, ජේආර්ලා මෙන් රූකඩයෙකු කලහැකියයි සිතාය. නමුත් ඉන්දියානු ජඩයින්ට සිතූ දේ වැරදුනේය. 2010 උන් සරත් ෆොන්සේකා ගෙනාවේය. 2015 දී උන් සින්හල චන්ද කඩාදමා ඉන්දියානු පරපෝසිතයින්ගේ චන්දයෙන් සිරිසේන රූකඩය ගත්තේය. 2005දී ඉන්දියානු පරපෝසිතයෝ චන්දය දීමෙන් වැලකුනහ. මේවර ඉන්දියානු ජඩයෝ මොනවා කරත්දැයි සිතා ගැනීමට අමාරුය. ගියවර සින්හල කිතුනු හා මුස්ලිම් චන්ද නැතිකල අය මේවර බොදු සින්හල චන්ද තව තවත් කොටස්වලට කඩාඩැමීමට පින්ඩපාතයේ යයිද?

  3. Indrajith Says:

    LankaCnews reports: නව ආණ්ඩුවේ මේ දක්වා කාලය තුල විදේශ සංචාර 40ක් ගොස් ඇත්තේ ඇමති නන්දිමිත‍්‍ර ඒකනායක හා ඔහුගේ පුත් චින්තන ඒකනායක මහතා යයි වාර්තා වෙයි.

    මේ දක්වා මෙම සංචාර සඳහා කෝටියකට වැඩි මුදලක් අමාත්‍යාංශයෙන් වියදම් කර ඇතැයි මාධ්‍ය වාර්තා කලේය. මේ අතර පාර්ලිමේන්තුව විසුරුවීමට පෙර තවත් රටවල් නවයක සංචාර සඳහා සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

    කෙසේ වෙතත් මේ වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන ඇමති නන්දි මිත‍්‍ර ඒකනායක අමාත්‍යාංශ ඇතුලෙන්ම ආ බොරුවක් යයිද සඳහන් කරයි.

    මේ අතර තොරතුරු වාර්තා වන්නේ ඇමතිවරයා එන මැතිවණයට තරඟ නොකර තම පුත‍්‍රයාට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress