මහින්ද සලකුණ
Posted on June 29th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

පාර්ලිමේන්තුව විදුලි වේගයෙන් විසුරැවා ඇත. ඒ මහ බැංකු බැදුම්කර වංචාවට යහපාලනයේ ඇති සෘජු සම්බන්ධය කෝප් වාර්තාව මගින් එළිවීම වලක්වාගැනීමට බව තතු දන්නෝ පවසති. මැතිවරණය අගෝස්තු මස දාහහත්වනදා පැවැත්වෙයි. මහින්දට ශ්‍රී ල නි ප යෙන් හෝ සංධානයෙන් හෝ නාම යෝජනා මෙතෙක් ලැබී නැත. ලැබෙන බවක්ද නොපෙනේ. නමුත් රටේ බහුතරයකට මහින්ද අවශ්‍යය. මහින්ද නායකත්වයේ නැති රටත් අයාලේ යන වහු පැටියෙකුත් අතර වෙනසක් නැත. අයාලේ යන වහුපැටියාද අයිතිකරැවෙක් නැත්තෙකි. කවදා හෝ කෙලවරවන්නේ දිවි තොරවී ආහාරයක් බවට පත්වීමෙනි. අප රටටද වන්නේ එයමය. මහින්ද නැතිදා සියඵදෙනාම එක්වී අනුභවකරනා රස බොජුනක් බවට රට පත්වේවි. පසුගිය යහපාලන මාස හය තුල පෙන්වූයේ එහි පෙරහුරැවක් පමනි.

සයිබර් අවකාශයේ මවාලූ එකඳ බේගලයක්වත් ජනතාවට සත්‍යයක්  ලෙස පෙන්විමට යහපාලකින් අසමත්විය. ලැම්බෝහිනියක් තබා රාජපක්‍ෂවරැ අයතාලෙස පරිහරණය කල ටොයෝටාවක්වත්  පෙන්විය නොහැකිවිය. රත්තරන් අස්සයෙක් තබා මැටියෙන්කල බළලෙකුවත් සොයාගැනිම උගහටවිය. දිව්‍ය මන්දිර තබා රාජපක්‍ෂවරැන්ගේ  තෙවන හෝ සිව්වන පරපුරක දරැවෙක් ඉඳිකල  සෙල්ලම් ගෙයක්වත්  පෙන්වාගත නොහැකිවිය. සුඛෝපභෝගි අහස්යානා තබා අයතාලෙස උපයාගත් සරැංගලයක්වත් ජනතාවට පෙන්වීමට මේ යහපාලන නැලට පසුගිය යහපාලන සමය තුල නොහැකිවිය. මොවුන් වැඞබැරි ටාසන්ලාබව ජනතාවට පසක්වීමට  මීටත් වඞා කරැනුකාරනා අවශ්‍යද? කිසිම දෙයක් පෙන්වීමට යහපලකයින් අසමත්වූයේ ඒඒ දේවල් සොයාගත නොහැකි ලෙස සඟවා ඇතිනිසා නොව ජනතාව සතු දේපලක් තම සතු කරගැනීමට රාජපක්‍ෂවරැන්ට  සිහිනෙකින්වත් සිත්පහල නොවූ බැවිනි. රාජපක්‍ෂවරැ හා යහපාලන නැල අතර ඇති පැහැදිලි වෙනසද  මෙයමය. යහපාලන සමය තුල සිංගපූරැ රාජා මහේන්ද්‍රන් යොදවා සිදුකල මහ බැංකු සුරැකුම්පත් මහා මංකොල්ලයෙන් මොවුන්ට බිලියන ගනන් මුදල් තම ජීවිතාන්තය දක්වාම වසරක් පාසා ලැබෙන්නේය. යහපාලකයින් පසුගිය හය මස තුල අප රට පරිභෝජනය (consume) කලේ එලෙසිනි.

පාර්ලිමේනුව විසුරැවා හැරියත් බටලන්දේ නූතන දිගුව (extension) වන එෆ් සි අයි ඞි ය තවමත් ක්‍රියාත්මකය. එමගින් ඇතිකරනු ලබන මානසික පීඞනය බටලන්දේ ශාරීරික වදයට වඞා විශාලය. රටත් ජාතියත් රැකගැනීමේ ‘වරදට’ රාජපක්‍ෂවරයෙක් දින සීය ගතවන්නට පෙර අල්ලා හිරකලයුතුය.  නොමිලේ ජනතාවට මාධ්‍ය සංදර්ශණ පැවැත්විය යුතුය. ලහිලහියේ නීති සම්පාදනය කර පොලිස්පතිගේ හම්පටි හා සපත්තු පොලිෂ් නිරීක්‍ෂණය සඳහා ඇති ප්‍රතිපාදන යටතේ ස්තාපනයකරන ලද මෙම ගෙස්ටාපෝව බැසිල්ව හිරකල අතර ඒ සඳහා කෙතරම් උද්යෝගයකින් යහපාලනය කටයුතු කලාද යනු මෙතෙක් කිසිදා නොවූවිරැ පරිදි අතිකාල දීමනා ගෙවා මහේස්ත්‍රාත්වරයෙකුත් අධිකරණ කාර්ය මංඞලයකුත් රාත්‍රී නමය වනතෙක් සූදානමින් තබා තිබුනු අතර ඔහුව අත්අඞංගුවට ගත්තේ රාත්‍රියේය. පසුදා එලිවුනහොත් යහපාලකවරැ නියමකල කාලවකවානු හා හෝරා පනින්නේය.  රාජපක්‍ෂවරැ අරබයා සයිබර් අවකාශයේ මුදාහල කරැනු සියලේලක්ම බොරැබව මේ එෆ් සී අයි ඞි ගෙස්ටාපෝවම ප්‍රසිද්ධියේ මනාව ඔප්පුකර ඇත. සයිබර් අවකාශයේ මුදාහල කතා සත්‍යනම් අද මහින්ද ඇතුඵ රාජපක්‍ෂවරැ ගනනාවක්ම සිටිය යුත්තේ  හිරබාරයේය. කැබිනට් අනුමැතියට යටත්ව සමෘද්ධි ලාබින්ට ලැබියයුතු මූල්‍ය ආධාර කළමනාකරණය කල බැසිල්ව මාධ්‍ය සංදර්ශනයකට ලක්කලා හැරෙන්න මේ යහපාලන නැල එෆ් සී අයි ඞියක් පිහිටුවා ජනතාවගේ කාලයත් ධනයත් විනාශකලා පමනි. පාර්ලිමේනතුව විසුරැවා හැරියත් එම  ගෙස්ටාපෝ මූල්‍ය විනාශය තවමත් එලෙසින්ම සිදුවෙයි. මොවුන්ගේ යහපාලන  කළමනාකරණය එසේය.

ජනතාව හොදින් අවධාරණය කල යුතු කරැනනම් පාර්ලිමේන්තුව විසිරැවා හැරීමට බලය ඇත්තේ ජනපතිට බවය. මහ බැංකු බැදුම්කර මංකොල්ලය යටගැසීමට ජනපති පාර්ලිමේන්තුව විදුලි වේගයෙන් විසුරැවා ඇත. රටේ ජනපති වරදකරැවන් සොයා ජනතාවට හෙලිකරනවා වෙනුවට එය වලලාදැමීමට ලහි ලයියේ කටයුතු කර ඇත.  මේ මංකොල්ලයට තවත් බළල් අත් තිබේද?

ගැමුණු කුමරා යුද වැදුනේ එකම එක අරමුනක් මුදුන් පමුනවා ගන්නා අභිලාශයෙනි. එතුමා ප්‍රකාශ කලේ ‘මාගේ මේ ව්‍යායාමය බුදුදහමේ චිරස්ථිතිය සදහාමය’ යනුවෙනි.

මහින්ද තමා මුලසිටම කැපවු පක්‍ෂයට  ආදරයකරන බව සත්‍යයකි. එහෙත් පක්‍ෂයතුල හිවලුන් රජයන සමයකි. එහෙයින් එම පක්‍ෂයෙන් ඔහුට නාම යෝජනා ලැබෙනාබවක් නොපෙනේ. අවසාන මොහොතේ නාමයෝජනා ලබාදෙන බව හෝ ජාතික ලයිස්තුවලට ඇතුල්කරනා බවට ශපතකලත් ඒවා නොමඟයවන සුඵ ‘යහපාලන පොරොන්දු’ම බව මහින්ද හොදින් දනී. පක්‍ෂයට වඞා රට උසස්බව හොදින්ම පසක්කර සිටිනා විරැවෙකි මහින්ද. අප සැම දෙනාම ඔහුට ආදරය කරනේනේද එබැවිනි.

ශ්‍රී ලං නි පක්‍ෂය මහින්ද නැතැයි කියා යන තැනක් නැත. විශේෂයෙන්ම රටවත්  යහපාලන සමයේ කොහේවත් නොගියතැන  ශ්‍රී ල නි පය එහෙ මෙහෙ යයිද? රට වෙනුවෙන්වත් යමක්කල නොහැකි වත්මන් සභාපතිට පක්‍ෂය කොහේවත් ගෙනයා නොහැකිය. නැවත මහින්ද එනතුරැ එය සිටි තැනම පවතී. ඒ ගැන සැකපහල කිරීමට කාරනාවක් නැත.

මහින්දට ශ්‍රී ල නි ප යෙන් උපක්‍රමශීලීව ඉවත්වී වෙනත් පක්‍ෂයකින් හා ලකුණකින් තරඟ කිරීමට කාලය පැමින තිබේ. ඒ සඳහා ගැමුණු කුමරාමෙන් ‘මාගේ මේ ව්‍යායාමය අඳුරැ සෙවනැලිවලින් වැසීඇති මව්බිම නැවතවරක් බේරාගැනීම සඳහා මෙන්ම ශ්‍රී ල නි ප ද නැවත දිනාගැනීම සඳහාය’ යනුවෙන් පවසා ඡන්දයට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදෙන වෙනත් පක්‍ෂයක් හරහා එය කල හැක. නැතහොත් කාලය හා අවකාශය තිබේනම් මහින්දගේම ‘රට දිනවන මහින්ද පක්‍ෂය’ හා ‘වී කරල’ සංකේතය (රට සහලින් ස්වයං පෝශිතකලේද මහින්දයි) සහිතව මහින්දට මැතිවරණයට ඉදිපත්විය හැක. කෙසේ ඉදිරිපත් වුනත් මහින්දව ජයග්‍රණය කරවීම බහුතරයක්වූ ජනතාවගේ එකම අභිලාශයයි.

ජනතාවට මහින්ද විශ්වාසය. මහින්දට ඡන්දය සටනක් නොවේ. එය යහපාලනය නිකම්ම එළියට විසිවන දිනයක් පමනි.  ඒ සමගම වත්මන් ජනපතිටද බඞු මුට්ටු අස්කරගෙන සූදානමින් සිටිය හැකිය. සුඵතරයකගේ විශ්වාසය පමනක් දිනාගත් අයෙක් අගමැති ලෙස පත්කිරීමම විවස්ථා විරෝධී දෝශාභියෝගී වරදකි, ඊට අමතරව හෙතෙම පිනෝකියෝටත් වඞා බොරැ කියා ඇත. තමා යටතේ ඇති කැබිනට් මංඞලයකින් අනුමතවූ මූල්‍යය අපරාධ විමර්ශණ කොට්ඨාශය ගැන නොදන්නා බව පැවසීම හා එය සොයාබලා අවලංගු කරන බව පැවසුවත් එසේ නොකිරීම පංසිල් රකිනා සමාජයක නායකයන් අතින් සිදුනොවිය යුතු කටයුතුය. රැජිනගේ මේස්නැති අත අල්ලා අන්දමන්ද වී සිට කැමරන් ඇරදුන් දොරෙන් රිංගා පියවි සිහියට එළබුනේ ආසන සංවිධායකයින්ගේ සමුඵවෙන් පසුව පත්තරවල පලවූ ප්‍රවෘත්ති දැක ලජ්ජා සිතිමෙනි.  ජනවාරි අටවනදා රාත්‍රී කටුනායක ගුවන් තොටුපල නොවැසුනේ එසේ කියන්න තමන්ට පිස්සුදැයි කියා සොයාබැලූ ස්වයං විමසුමකිනි. යහපාලනයක් බිහිකිරීමට ඉදිරිපත් වන්නේ මෙවැන්නන්ය.  ජනතාව දෙවතාවක් රැවටිය හැකිනොවේ.

මහින්ද විරැවානණි, අද ශ්‍රී ලාංකික ජනතාවගේ එකම පැතුම ඔබය. ඔවුන් ඔබගේ දේශපාලන පුනරාගමනය දෙස ඉතාමත් අපේක්‍ෂාවෙන් බලා සිටී. ඒ ඔවුන්ටත් රටටත් ඔබ හැර අන් සරණක් නොමැති බැවිනි. ඔබ මෙපමන දුරක් පැමිනියේ ඉතාමත් අපහසුවෙන් බව අපි හොදින් දනිමු. ඔබ ඉතා වෙහෙසට පත්ව ඇති බවද අපි දනිමු. ඉතිරිමඟ ගෙවාගන්න ජනතාව ඔබට උදව් කරනු නිසැකය. ඒ සඳහා ඔවුන්ට අවශ්‍යවන්නේ ඔබ ඔවුන් දෙස බලා හෙලනා ඒ අභිමානණීය සිනහව පමනි. එයින් මුඵ රටත් ජනතාවත් තවතවත් දිරිමත් වේ.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 ජූනි මස 29 වන දා

 

 

3 Responses to “මහින්ද සලකුණ”

  1. Jag Says:

    Wonderful stuff Tissa, as always…..
    People have realised the bogus insincere yahapaalana ”boru show” lead by siraa the accidental hero. Siraa was the chosen one by that most hated bandit queen who plundered the country and purchased mansions in the west including London. This opportunistic, arrogant saintly looking schemer lead by bandit queen along with Mongal faggot, the gutter mouthed Raajithayaa and Champukayaa totally ignored who and what MR is for Sri Lanka.

    These idiots have completely ignored the ”Master Politician” Mahinda Rajapakse who stood against the most powerful west including U.S and India and fulfilled the people’s wish. They didn’t have an answer, except overtly conspiring against him.

    These low lives will never be able to get close to what MR is capable of, even if they are reborn thousands of times. MR is such a Master Politician. Come the election, these idiots will find themselves gobsmacked by MR’s master stroke. There is not a shred of doubt about the outcome.

    Siraa, the yahapaalana lokka has exposed his nudity by lying to the nation on state TV with his own fabricated accusations against MR, even uttering that he and his family would have been dead if he lost PE. He wasn’t able to produce any evidence to back what he uttered. Is this how a president of a country behaves?

    With all what he said and did, people have understood without a doubt, this ”boru show” is nothing but an exercise authored by bandit queen in order to please her white masters for $$$ and also taking revenge from MR by using moda siraa who was desperately looking for ways in taking revenge due to not giving him the Mahaweli Ministry as per his request.

    This whole exercise has boiled down to a scheme that is fuelled by revenge and the greed for $$$. So bandit queen and her team should have their bags packed on August 17. They are the cancer that people should get rid, for the sake of our country and our future generation.

  2. Kumari Says:

    Leaders of Yahapalanaya are caught red handed. Nothing is proved of any of the pre presidential election allegations. Hope the voters realise who love the motherland and give Mahinda a two thirds majority to introduce a new constitution (sans 13tA) denouncing any form of separation.

  3. Kumari Says:

    Forgot to mention Sri Lanka don’t need Provincial Councils too.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress