මෛත්‍රීට නො රැවටෙනු
Posted on June 30th, 2015

නලින් ද සිල්වා

මහින්ද රාජපක්‍ෂ රැ වැටුණු වළේ දවල් වැටෙන්නට යන බව පැහැදිලි ය. වාර්තාවන අන්දමට මහින්දට මැතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් තරගකිරීමට ඉඩදීමට මෛත්‍රිපාල කැමති වී ඇත. එහෙත් අගමැතිකම දීම ප්‍රතික්‍ෂෙප කර ඇත.  ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමකු එයට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වෙයි. මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වූවාට පසු මහින්දට අගමැතිකම ලබා ගත හැකි ය යන්න ය. 

එහෙත් ඒ කවදාවත් සිදු නොවන්නකි. අද ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් බහුතරය මහින්ද වටා රොක් වී සිටින්නේ ජනතාවගේ ඡන්ද තිබෙන්නේ එතැන බැවිනි. මැතිවරණය පවත්වන තුරු බලය ඇත්තේ මහින්දට ය. එහෙත් පාර්ලිමේන්තුව තෝරා ගැනීමෙන් පසු බලය ඇත්තේ මෛත්‍රිපාලට ය. ඔහු ජනාධිපති ය. අගමැති පත්කෙරෙන්නේ ඔහුට අවශ්‍ය අන්දමට ය. 

මෛත්‍රිපාලගේ ප්‍රධාන ගිවිසුම රනිල් අගමැති කිරීමට ය. එය බටහිරයන් සමග ඇති ගිවිසුමකි. පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමෙන් පසු ඔහුට පසුගිය වතාවේ මෙන් රනිල් අගමැති ලෙස පත් කළ හැකි ය. ගියවර මෙන් ම ශ්‍රී ල නි ප මන්ත්‍රීන්ට තර්ජන, ගර්ජන බලපෑම් ආදියෙන් රනිල්ට සහාය දෙන තැනකට ගෙන ගිය  හැකි ය. මෛත්‍රිපාල වැඩිම වුවහොත් නිමල් අගමැති කරනු ඇත. ඔහු කිසි දිනෙක මහින්ද අගමැති ලෙස පත් නොකරනු ඇත. 

ඔහු ඒ බවට පොරෙනදුවක් දුන්නත් ඒ ඉටු කරාවි යැයි විශ්වාස කළ හැකි නො වේ.  මෛත්‍රිපාල උදේ කියන දෙයට විරුද්ධ දෙයක් දවල් කියයි. හවසට කියන්නේ වෙනත් ම දෙයකි. රෑට ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කරයි. මෛත්‍රිපාලට නොරැවටිය යුතු ය. රෑ වැටුණු වළේ දවල් නොවැටිය යුතු ය. 

අද මහින්ද කළ යුත්තේ මෛත්‍රිපාලට නොරැවටී වෙනම සංධානයකින් තරග කිරීම ය. අද බලය ඇත්තේ මහින්දට ය. ඒ බලය මැතිවරණයෙන් පසුව ද රැක ගත යුතු ය. නැතහොත් මහින්දට සිදුවන්නේ අවුරුදු පහක් පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස කල්ගත කිරීම ය. එවිට වයස ගොස් ය.

නලින් ද සිල්වා

2015 ජූනි 30

9 Responses to “මෛත්‍රීට නො රැවටෙනු”

  1. Dr.K Says:

    සම්පූර්ණ සත්‍ය අවදානමකි . මේ අවදානමට මහින්ද මුලසිටම සුදානම්වී පිළියම් යෙදිය යුතුය . මහින්ද පෙරමුණට ගෙනා විද්වතුන් මේ පිලිබඳව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරමු .

  2. Leela Says:

    බයවෙන්න එපා! ශ්‍රිලනිප ය සිරිසේන සිරා ජනාධිපතිවරය ගෙ බූදලේ වගේ හැසිරෙව්ව ට වැඩක් නැහැ. පේනව නේද මහින්ද නැතුව ‘මහින්ද අගමැති කරමු ‘ රැලි වලට එන සෙනග. මහින්ද නැති ශ්‍රිලනිප ය ට අන්තිම ට ඉතිරි වෙන්නෙ මූලස්තාන බිල්ඩිම යි බොඩ් ලෑල්ල යි හිරුනිකා ල යි විතරයි. සිරිසේන එ්ක නොදැන ගන්න හේතුවක් නැහැ. සිරා හදන්නෙ මහින්ද කොටු කරන්න යි එහෙම නැතුව මහින්ද ශ්‍රිලනිප දිනෙව්ව ට පස්සෙ අගමැති කම මහින්දට දෙන්න නම් නොවෙයි. මහින්ද ත් එ්ක දන්නවා. දැන් හමන මහින්ද සුළඟ ඉදිරි කාලයේ දී තව තවත් වැඩි වෙලා ජනතා රූලියක් වෙන බවත් මහින්ද ට ෂුවර්. එ් ජනතා රූලියෙන් සිරා ල හෝදල දමන්න වා සිකුරු යි. මහින්ද දැන් කර ගන යන්නෙ එ් වැඩේ සාර්තක කර ගන්න දේසපාලන උප්පර වැට්ටිය යි. චන්ද දිනන්න උපක්‍රම නැතුව බෑ.

    ගිය සැරේ මහින්ද පැරැද්දුවෙ ‘හොරා හොරා හන්වඩුව’ මහින්දට ගහල නෙ. ඔන්න බලන්න, අද දවසෙ මහින්ද චන්දෙ ඉල්ලන්නෙ වෙන පක්‍ෂෙකින් බව ප්‍රකාශ කරනවා. ශ්‍රිලනිප කඩන එකේ වරද සිරාට යි චන්ද්‍රිකාට යි බාර දෙනව. බහුතර මිනිස්සු මහින්ද කියන කතාව පිළිඅරගෙන සිරා ටයි චන්ද්‍රිකා ටයි සාප කරල මහින්ද ගෙ ලකුනට චන්දෙ දෙනවා. එ්කයි මහින්ද සුළඟෙ යතාර්ථ ය. ශ්‍රිලනි පක්‍ෂෙ අතහැර ගිය අර්ජුන ල චන්ද්‍රිකාල ඉන්නෙ එ් යතාර්ථයට පිටුපාලයි. මහින්ද ට ජනාධිපතිවරණයෙදි ලැබුන 47%/ලක්‍ෂ 57 අඩු වශයෙන් 52%/ලක්‍ෂ 62 දක්වා වැඩි වෙලා අවම වශයෙන් අාසන 117 ක් ලැබෙනවා. සිරා ගෙ ශ්‍රිලනිප ට ලැබෙන්නෙ උපරිම 3%/ලක්‍ෂ 5 යි උපරිම අාසන 5 යි. (එයින් ශ්‍රිලනිප චන්ද 1%/ලක්‍ෂ11/2 යි.) එජාප ට (අලිය ගෙන් ඉල්ලුවොත්) වැටෙන්නෙ උපරිම 35%/ලක්‍ෂ42 යි අාසන 75 යි. මහින්ද චන්දෙ දිනල නැවත ශ්‍රිලනිප බලය අල්ලනවා. එ්ක ඉර හද වගේ ෂුවර්. එතකොට සිරා? උෟට වඳ බහිනවා. චන්ද්‍රිකා රට පනින වා.

  3. Independent Says:

    “ගිය සැරේ මහින්ද පැරැද්දුවෙ ‘හොරා හොරා හන්වඩුව’ මහින්දට ගහල නෙ. ”

    This is wrong. If you use wrong concepts wrong results will be inevitable.

    True ‘හොරා හොරා හන්වඩුව’ may have had “some” effect, but that is not the main reason. Sri Lankans have forgiven the thieves for a long time. They knew many more lead by Premadasa, Chandrika were thieves, yet they voted them because of no choice.
    The main reason is lack of discipline, lack of law and order which was clearly visible to the everyday “bus traveller”, not to those who own luxury cars. People’s aspirations have grown. They are knowledgeable. But those who reside overseas for years cannot see it. Leela should know this because he is reporting from Sri Lanka.

  4. Kumari Says:

    Lot of voters believed the Hora Hora mantra, this happened in my own family too. Mahinda group must bring out the Central Bank issue more to the surface. This is a organised method of robbing the country of clear cash. I have not heard of anything like this before. If the previous government robbed anything (still no substantial evidence to prove them in a court of law), still they left something for the general public (such as high ways, airports etc). But the CB robbery is pure cash, nothing for the people. I like this to go to courts enabling SL to claim the money back from robbers. Sirisena who won elections on good governance is hiding the culprits, not allowing the issue to be debated in parliament either. What type of Yahapalanaya is this?

    All in all, Mahinda must break away from Sirisena’s SLFP if Sirisena cannot be ousted from SLFP Leadership. The policy gap between the two are too wide. Mahinda for SL and Sirisena for International Community.

  5. Ancient Sinhalaya Says:

    Prof Nalin is right. Maru sira will use MR to win the election and dump him. Only thing he has to do is have
    a jumbo cabinet and all the guys will dump MR. MR should contest on his own, not agreeing to maru sira’s conditions.

    He is an out and out traitor. Once a traitor, always a traitor. He wants to keep the rampaging catholic traitor
    chief gb rw as pm on west and india’s orders to please diasporats. These Unpatriotic Party (UNP) guys always have mafia. Like thambi mudiyanse jr, lk preme etc.
    They rule the country putting fear into the opposition. Grama sevaka from polonnaruwa has no chance. To come from
    an ancient Sinhalese kingdom area and doing everything to destroy the country. He will be cursed by future generations!

  6. Wickrama Says:

    ජනතාවගේ වැඩිචන්ද ප්‍රමාණයකින් මහින්ද හා ඔහුට පක්ෂපාත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත්වූ විට මෛත්‍රීපාල එය නොසලකා අන්කිසිවෙකුට අගමැති කම දුන්නොත් එවිට ජනතාව නීතිය හා බලය ඔවුන් අතට ගැනීම වැළැක්විය නොහැක.

  7. Leela Says:

    සිරා ගෙ ස්තාවරය පපට්ටියර් ල තියා සිරා වත් දන්නෙ නැති හැඩයි. මහින්ද ගෙ මූනත් අපැහැදිලි යි. ඩබල් එ්ජන්ට් ල මහින්දට වඩා පක්ක්‍ෂෙ ඉස්සර කරල. මහින්ද අඩියක් පස්සට අරන් නිසයි මම එහෙම කිව්වෙ. නමුත් රට්ටු නම් පක්ක්‍ෂෙ ට වඩා මහින්ද ඉස්සරහින් තියලයි තියෙන්නෙ. මහින්ද කොටු වෙයිද?

    Independent; True, I live and move around in a kind of a village hamlet for sometime. I must say, last year, I have seen unp activists freely moved around as groups at every funeral, piratha, dana and bana in our village so as to attach many a hora tag on Rajapakses on this that and every thing that they can talk about. For example, they have propagated a rumor that an ancient house that belonged to a famous old-time politician bought and restored immaculately by a very well to do local guy is actually owned by ‘Namal’. And the average man readily bought such lies. Today however everyone knows Namal has nothing to do with that house for the true owner resides there. Hence, UNP activists have to come with more credible lies this time around if they want to con the average voter. And that is just one of the reasons I say, Rajapakse will win hands down.

  8. ranjit Says:

    I fully agree with Prof Nalin. MR should not trust a traitor like Sira for even a second. Backstabber like Sira won’t keep his word for sure because he is at this moment ruling the country with three poisonous snakes Ranil,Chandrika and TNA. They all have the backing of the so called International community comprise of America,India and the European Union. All those countries do not like to see MR’s comeback. They want Ranil back in the Prime Minister’s seat whether win or lose and this Sira guy has an obligation to give him that post because of their previous agreements.

    I hope people in this country will not do a foolish thing again by appointing such liars like Ranil and his henchmen in his party. People should not believe UNP lies or their bogus promises. Believe MR and give your vote to bring the country back to development and good economy. People’s power is more powerful than Dictatorship Govt of UNPer’s and Sira together.

  9. Indrajith Says:

    During the last presidential election what they highlighted was corruption of the then UPFA govt. headed by MR. Their main target was Mahinda family including Mahinda himself, and his three sons. Awamangala’s Pacha Balakaya was so effective that even unsuspecting general public believed that golden horses were actually brought from Buckingham Palace in ‘America’ out of public funds for the exclusive use of Mahindha’s three sons. The other blatant lies were the Lamborghinis and three luxury helicopters bought from public funds for the three Rajapakse sons. When they kept on repeating these lies in every possible media, even the true SLFPers believed them. The other main reason for Mahindha’s defeat was that Tamils and Muslims wanted to punish Mahinda for defeating Velu and voted against him in large numbers. This is very clear when we analyze election results in North East and Central hills.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress