ශ්‍රී වික්‍රම රාජසින්හ   හා සිංහල බෞද්ධ රට .
Posted on June 30th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

සිංහල බෞද්ධ රටේ 4 වන වඩුග රජු ශ්‍රී  වික්‍රමය ..ඔහු නායක්කර් වංශිකයෙකි සිංහල නොවේ  මීටපෙර රජකළ  වඩුග යන්ගේ කාලයේ දකුණු ඉන්දියානුවන් මෙහි පැමිණීම නිසා  සිංහල බෞද්ධයන් තමන් නොදැනුවත්වම  පාහේ  සිංහල  සම්ප්‍රදායන් තුලට  හින්දු සම්ප්‍රදායන්  ඇතුල් වන්නට විය හින්දු දේව ඇදහිලි නිසා  ථෙරවාදී  බෞද්ධ ආකල්ප මින් කිලිටිවිය  මේ උවදුර අදවන විට මහත් පිළිලයක් වී ඇත ,.. බෞද්ධ දර්ශනය කුමක්ද හින්දු ආගම කුමක්දැය්  බොහෝ බෞද්ධයෝ නොදනිති . බෞද්ධ දර්ශනයේත් දෙවියන් ගැන සදහන්ය  ඒ දෙවියෝ නම්  වැඩියෙන් පින් කලාවුද  එහෙත් මාර්ග ඵලයන් ලබා ගැනීමට  නොහැකිවුද  එමග නොගියාවුද  එනිසාම මනුෂ්‍ය  ලෝකයට වඩා  ලෞකික සම්පතින්  පිරි වෙනත්  ලෝකවල  උපත ලද  යය් .  මවන ය කොටි ගණනින් ඇත .  එහෙත් ඔවුහු ලෝකය පාලනය කරන්නෝ නොවෙති  මැවුම් කරුවෝද නොවෙති . මිනිස්  කඳ ය්  අලි ඔලුවය්,  අ ත්  දොළහය් හිස් දොළහය් , ආදී වශයෙන් දක්වන  අරුම පුදුම පුද්ගලයෝද නොවෙති  වැඩිම වුනොත්  මේ බෞද්ධ දෙවියෝ කරන්නේ   පින් හා කුසල්  කරන  සමහර මනුශ්ශ්යින්ට යම් යම් සුළු මගපෙන්වීම් කිරීමය්  ආශීර්වාදකිරීමය්  බුදුසසුන රැකෙන මාර්ග  පෙන්වාදීමය්.  මිනිස්සු යම් පිනක්  කලවිට  දෙවියන්ද සිහිකර  තම පින්    එම දෙවියන්ටද අනුමෝදන් කිරීමෙන්  ඔවුන්ටද  උපකාර කළහ. අර නමින්    මේ නමින් ඇති  පුජා  කර කර  බෞද්ධයෝ යාඥා කරමින් ඒ දෙවියන් පසු පස ගියේ නැත .ඉතියෝපියාවේ අසරණයන් හා ඇමරිකාවේ මිනිසුන් අතර ඇති ලව්කික සැපසම්පත්  අතර ඇති වෙනස  වන්නක් අනුව බෞද්ධයෝ  තමන් අතරත් ඒ තම දෙවියන් අතරත් ඇත සම්පත්වල වෙනස දන්නා නිසා ත් චක්‍රවර්ති රජෙකුගේත් සාමාන්‍ය රජෙකුගේත් සම්පත් වල වෙනස දන්නා නිසාත්   බෞද්ධයෝ  හින්දුන් මෙන් දිව බොජුන් වළඳන  තමදෙවියන්ටකෝලිකුට්ටු අන්නාසි ගැට  පුජා කලේ නැත .අපේ රුපියල් ශත වල අගයක් දෙවියන්ට නැති නිසා  මුදල් නෝට්ටු පූජා කලේ නැත .  එහෙත් හින්දු න ඒ සේරම කරති . විෂ්ණු ශිව ගණදෙවි ආදී හින්දු දෙවිවරු එසේ  නොවෙති .
                                         අඩුකුලේඅ  ය මහන  නොකරන ලෙස සංඝරාජ හිමියන්ට නියෝග කලේ  වඩුග රජෙකි ඒ දක්වා සඟරාජ හිමියන්ගේ”’ ””සිල්වත් සමාගමේ””  හැම කෙනෙක්ම ඇතුලත් විය
                             වදුගයන් නිසා සිදුවේගන යන  මේ විපත  එදා පිළිමතලාවේ වැනි යට  තේරුම් ගියත්  වදුගයන්ට රජකමදීමේ  පිළිවෙත ස්ථාවර වී තිබු හෙයින් එක්වරම  එය වෙනස් කල නොහැකිවිය  එහෙයි තමාට අවනත වන්නෙක් රජකමට පත් කිරීමට  ඔහු කටයුතු කළේය  කන්නසාමි රජවුයේ එලෙසිනි . කන්නසාමි ස්රිවික්‍රම  ලෙස රජවනවිට සෑහෙන වඩුග පිරිසක් උඩරට පදිංචි වී සිටිය .හ. මොහුගේ කාලයේ තව තවත් පැමිණි වදුගයෝ උඩරට ගම්බිම්   අල්ලා ගෙන රජු වටා රොක්වුහ  රජුද ඔහුගේ නෑයන්ට විශේෂ සැලකිලි දක්වන්නට විය  රජ මැදුරට පිවිසීම සඳහා වදුගයන්ට  වෙනම වාහල් කඩක් විය . ”’මදුර මඩුව ” නමින් වෙනම විවෙකාගාරයක්ද විය රජු තම නයන් පදිංචි කරවුයේ ”’අෂ්ට වංක වීදි ය ”’  නම් වූ විශේෂ පහසුකම් ඇති වීදියකය ( වර්තමානයේ    කුරුඳුවත්ත  වැනි )  රාජතෙජස හිතට ගත  වදුගයෝ සිංහල ප්‍රභූන්ට  ගරුසරු නොදක්වුහ .සිංහල බෞද්ධයන් අමු අමුවේ  මරා දැමීමට ස්රිවික්රම  සාහසි වුයේ වඩුග  නෑයින්ගේ බලපෑම නිසාය
                            මේ උවදුර  පිළිලයක් වන විට සිංහල යන අතර හතු පිපෙන්නාක් මෙන් කුමන්ත්‍රණ  ඇතිවිය  එය සිදුවිය යුතුම දෙයකි නැත්නම් ඔවුහු සිංහලයෝ නොවෙති  පිළිමතලාවේ ඇහැලේපොල වැනි  අය වදුගයන් එළවා තමන් හෝ රජවෙන්නට බැලුවේ නම්  එය වරදක් නොවේ මේ වනවිට සින්හලරාජ පරම්පරාවන් වඳවී ගොස් තිබු බැවින් එවෙනුවට ගෙන්වූ වදුගයෝ සිංහල බෞද්ධ රට වනසන විට  එවකට සිටි අනෙක් ප්‍රභූන් කලයුතුවුයේ  අලුතෙන්  සිංහල රජවරු බිහිකිරීමය්  ඉතින් ඇහැලේපොල රජවීමට හිතුවෙනම් එය වරදක් නොව රටට අවශ්ෂ්‍යදේ   කිරීමට උත්සාහ ගනීමය් ගත්  ක්‍රියා මාර්ගයේ අඩුපාඩුවෙනම සාකච්චා කලයුතුය
                 ශ්‍රී වික්‍රමගේ භීෂණ ———-
 වත්මන් මහනුවර වැව  බැඳීමේ රාජකාරියේ යෙදීම  සත් කෝරලේ  වැසියන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා  සිය ගණනක්  වැව වටේම  උල තබා මරා දැම්මේය  වැසියෝ රාජකාරිය ප්‍රතික්ෂේප කලේ රජුගේ ක්‍රියා රටට  විනාශයක් නිසාය  සුරියගොඩ සුමංගල හිමි හා  මල්වතු විහාරයේ  පරනතල අනු නායක ද  මරා දැම්මේය . . සතපෙනගෙය්  නිලමේ  වූ දෙහිගම නිලමේ  ඇතුළු පිරිසක්  මැදියම් රා රජු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට තත් කලේ මේ රජුගෙන් රට බෙරාගනීමටය එහෙත් කුමන්ත්‍රණය වැරදුණේය. රජු දෙහිගම නිලමේ          අල්ලා හා   කට දිව     රත්  යවුලකින් පුළුස්සා  දැමුවේ  අනෙක් හවුල් කරුවන්ගේ නම් ඉකරවා ගැනීමටය    එහෙත් නිලමේ  කිසිවක් හෙළිනොකර සිය ඉරණම බාරගත්තේය

               කන්දෙපොල නිලමේ මරා ඳම අන්දම ”පෙරලිහටන ” අනුව   මෙසේය  ”” දෑත  නාසය කපා ඇස්  කන්    උගුල්ලා ක කුල්    දෙක  මැදින් කඳ 

 දෙපලු කොට  ඉරා සිරුරේ  කැබලි  තැන  තැන එල්ලන  ලදී
 

තව  පසුව       

3 Responses to “ශ්‍රී වික්‍රම රාජසින්හ   හා සිංහල බෞද්ධ රට .”

  1. Independent Says:

    ස්තූතියි සෙනෙවි.

    “මේ උවදුර පිළිලයක් වන විට සිංහල යන අතර හතු පිපෙන්නාක් මෙන් කුමන්ත්‍රණ ඇතිවිය එය සිදුවිය යුතුම දෙයකි නැත්නම් ඔවුහු සිංහලයෝ නොවෙති පිළිමතලාවේ ඇහැලේපොල වැනි අය වදුගයන් එළවා තමන් හෝ රජවෙන්නට බැලුවේ නම් එය වරදක් නොවේ ”

    වඩුගයා පත්කළ එකා ද්‍රෝහියාය​.

  2. Lorenzo Says:

    Thank you Senevi.

    Your Singhala is excellent making it very difficult for some to understand. Including me. Just a suggestion. IF you can ALSO write an English version of everything you write in Singhala everyone in this website can understand FULLY. That DOUBLES your workload but doubles your readership. I COLLECT information from credible sources to USE later. An English version will ADD to my repository of knowledge which I keep in a massive spreadsheet.

    Shri Vikrama Rajasingha was NOT a good king. He was an INSULT to Buddhist SL. He KILLED many many people in the MOST BARBARIC ways UNKNOWN in Buddhist SL. Singhalese had a Hobson’s choice – suffer under a SOUTH ENDIAN barbaric king or suffer under the Brits. By 1815 the TWO EVIL choices looked SAME. In HINDSIGHT we know Brits were WORSE than the SOUTH ENDIAN king who could have died in a few more years the way he was abusing alcohol.

    The right thing to do was to kill the king and MAKE A SINGHALESE WARRIOR the king.

    It is a lesson valid for modern times as well.

  3. Senevirath Says:

    පැහැදිලිකිරීමක් ”’ විෂ්ණු .. ගණදෙවි …… ආදී හින්දු දෙවිවරු බෞද්ධ දෙවිවරු වැනි ය නොවේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress