දෙවියන් රකින විරැවෝ
Posted on July 1st, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

මහින්ද ජනතාවගේ පැතුමට ගෙෳරව කරමින් ලබන මැතිවරණයේදි ජනතාවට නායකත්වය ලබාදෙන බව අද ප්‍රකාශකර ඇත. රෝහණපුරයේ මැදමූලන තම නිවසේ සිට කල සිංහ නාදය මාතෘභූමියේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර ගියේ ජන හදවත් තුල බලාපොරොත්තුවේ ගිනි සිඵව නැවතත් දල්වමිනි. ජනතාව ප්‍රර්ථනාකල සේම පසුගිය රජයතුල සිදුවූ අඞුපාඞු සියල්ලම නිවැරදිකරගෙන ජනතාවට වඞාත් සංවේදි රජයක් පිහිටුවීමට ඇපකැප වන බව විශේෂයෙන් සදහන්කල එතුමා දැනට  අඬකුඹුකර ඇති ජාතික ධජය නැවතත් ලක්දෙරණමත නඟාසිටුවීමට එතුමා හා එක්වන ලෙස ජනතාවට කල ආරාධනය  සැමගේ සිත්තුල කිඳාබැසගත් බවනම් සහතිකය. පසුගිය මාස හය තුල මහින්දට ඔබකල යෝජනා හා චෝදනා සියල්ලම දැනියයුතු අයුරින්ම දැනී ඇතිබව දැන් පැහැදිලිය. අපගේ හඬට සවන් යොමුකරනා උතුමෝ විරලය.

ඉතිහාසය නැවත ලියැවෙමින් පවති. මෙවර එහිතුල විරැවන් හා දුදනන් පෙලගැසෙන්නේ මෙතෙක් නොවුවිරෑ අයුරිනි. අප මාතෘභූමිය පසුගිය මාස හය තුල තරම්  කෙලෙසුන යුගයක් වසර දෙදහස් පන්සීයකට වඞා දිර්ඝ ලිඛිත ඉතිහාසයක් තුල හමුනොවේ. පූජාසනයක් මත තබා මව්බිමේ ගෙල සිඳිනා කරැණු කාරනා ගිවිස ගෙන හමාරය. නැගෙනහිර ප්‍රදේශයේ වෙනම පරිපාලන ව්‍යුහයකුත්,  මව්බිමේ  ‘ඒකීය භාවය’ හලනා ගිවිසුමකුත් යහපාලනය, අන්තවාදීන් හා බෙදුම්වාදින් සමග ගිවිස ගෙනඇතිබව ඉතා ප්‍රකට කරැනකි. ඒ අනුව රටේ ඒකීයභාවය නැතිකිරීමට පසුගිය ජනවාරි අටවනදා සිට අඞිතාලම වැටෙන නමුත් එය සම්පූර්ණ වන්නේ ලබන මැතිවරණයට පසුවය. ලබන මැතිවරණයෙන් යහපාලනය නැවත පත්වුවහොත් එය තවත් අවුරැදු පහකට සෙලවිය හැකිනොවේ.  එතෙක් මේ දේශද්‍රෝහි ගිවිසුම ගැන හෙලිනොකිරීමට යහපාලනය වග බලාගත්තත්, දමිල රෑපවාහිනි නාලිකාවක  බෙදුම්වාදී දේශපාලුවෙක් විස්තර සහිතව මෙම බෙදුම්වාදි යහපාලන ගිවිසුම ගැන රටටම හෙලි කර ඇත. තිස්ස අත්තනායක වැන්නවුන් හිරකර බැදදමා මේ ගිවිසුම වැසීමට යහපාලනය ගත්තාවූ උත්සාහය කුමක් සඳහාදැයි දැන් ජනතාවට පැහැදිලිය.

රටේ ඒකියභාවය හැලීම යනු උතුරැ හා නැගෙනහිර  පලාත් සඳහා වෙනම රාජ්‍ය පිහිටුවීමේ ක්‍රියාවලියකට මග පෑදීමකි. එනම් නැවතවරක් ජාතික අසමගියක් තුලින් ලේ වැගිරවීමකි. එවැන්නක් ප්‍රර්ථනාකරන්නාම දුර්ජනයෙකි. දුර්ජන නායකත්වයකින් යහපතක් පැතිය නොහැකිය. මහින්ද වත්මන් ජනපතිගෙන් පරිස්සම්විය යුතුය. මොහුගේ වචනවල කිසිම සත්‍යතාවයක් නැතිබව ඔහු ක්‍රියාවෙන්ම පෙන්වාදී ඇත. ඔහු දෙන නාමයෝජනා පොරොන්දු වල කිසිම විශ්වාසනීය භාවයක් නැති බවත් ඒ නිසාම මහින්ද  නිතරම උපක්‍රමශීලීව කටයුතුකරනා බවත් ඔහුට ආදරය කරන ජනතාව දනී.

වෛරයට නව අර්ථකතනයක් සපයන යහපාලනය සේරිවාණිජ ජාතකයේ එන සේරිවාණිජ නම්වූ ලෝභී වෙළෙන්දා  ජන්මයෙන් ජන්මයට බෝසතානන්වහන්සේ  පසුපස පැමිනියාක්මෙන්  නොව යහපාලකයෝ අහිංසක සිංහල ජනතාව පසුපස පැමිනීම මේ ආත්මභාවයේදීම කෙලවර කලයුතුව ඇත. ඒ සඳහා අපට දේවවරමකින් මෙන් අවස්ථාවක් ලබන අගෝස්තු මස දහහත්වෙනිදා ලැබේ. රටටම අවාසනාව ගෙන ආ මේ යහපාලනය පරසක්වල ගසා නැතිභංග කිරීමට අපට ලැබුනු අවස්ථාව සතුටින් භාරගනිමු. එවිට මතු උපදින පරම්පරා වලින් අපට පමුණුවන ලබන පින් මහිමයෙන් මේ සංසාර ගමනින් ඉක්මනින් මිදෙන්න අපට හැකිවේවි.

ගැමුණු කුමරා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සොලී එළාරගෙන් ශ්‍රී සද්ධර්මයත් ලක්දිවත් ගලවාගැනීමේ සටන සදහා රෝහණපුරයෙන් තම හිතවත් සෙනවිවරැන් සමග නිකමගියේ අදවැනි ඇසළ පුර පසොලොස්වක දිනයක වියහැක.  එළාරගේ චරපුරැෂයන් රොහණයේ සෑමතැනක්ම ආවරනයවන පරිදි යොදවා සිටිසමයක්වූ හෙයින් ඔවුන්ට මහියන්ගණය දක්වා ගමන කලයුතු වන්නේ සියඵ දෙවි දේවතාවන් පමනක් බලාසිටි රාත්‍රියක රහසේය.  ඔසවාගෙන යමින්සිටි මඵවල ඇති යුද ආයුධවල බර නිසා විඞාපත්ව සිටි මේ පිරිස මැණික් නදිය අසලබඞ ගල්තලාවෙක මදවේලක් රැඳුනේ ගත තෙමාගෙන රෙදිපිළිද සෝදාගන්නා අටියෙනි. (ගැමුණු කුමරැන් සඵ සෝදා වේලාගත් ස්ථානය ‘සේලගල’ ලෙස අදටත් ව්‍යවහාරයේ පවතින ගමකි). සියඵ කාර්යන් නිමවා ගිමන් හරිනාවිට එයි සැපත්වූ අයෙක් වගතුග විමසන්නේ, එළාරගේ චරපුරැෂයෙක් දෝයි නොදැන, ඔවුන් ගොවිතැන් සඳහා රජරට බලායන නඞයක් බවත් මඵවල ඇත්තේ ඒ සඳහා අවශ්‍ය බීජ බවත් පැවසීමට සිදුවිය. පැමිනි තැනැත්තාගෙන් සමුගත් ඔවුන් ලහිලහියේම පිටත්වුනේ කරැණු කරනා පිටවුවහොත් වන්නේ අවැඞක්ම බව හැඟුන බැවිනි. මඵත් ඔසවාගෙන ටිකදුරක් ගමන්කරනාවිටය ඔවුන්ට වැඞ වැරදුන බව වැටහුනේ. තම තමන් ඔසවාගෙන යන මඵවල යම් වෙනසක්වී ඇති බවත් ඇර බැලූකල ඒවායේ තිබූ යුධ ආයුධ වෙනුවට කුරහන් උඳු ආදි බෝභ බීජයන්ගෙන් පිරී ඇතිබවත් දැකගතහැකි විය. මේ වෙනසට හේතුව ටික වේලාවකට කලින් තමුන්ට හමුවූ තැනැත්තා විය හැකියයි සැකකල ගැමුණු කුමරැ ඇතුඵ පිරිස වහ වහා ඔහු සොයා ආපසු ගමන් ඇරඹුවේ තම යුධ ආම්පන්න නැවත ලබාගන්නා අටියෙනි. මේ හමුවූ තැනැත්තා එසේ මෙසේ කෙනෙකු නොව එම අඞවියට අරක්ගත් ‘ කතරගම දෙවියන්’ (බුදුන් ලක්දිවට වැඞමකල සමයේ බණ අසා සොවාන්වූ මහාඝෝෂ නම් නරපතියා මරණින් මතු කතරගම දෙවියන් වී අපවත් අප දේශයත් රකිනාබව ජනශ්‍රැතියේ සඳහන්ය) බව අවබෝධ කරගැනීමට නුවනින් අනූණවූ ගැමුණු කුමරාට හැකිවිය. නැවත හමුවී වැඳනමස්කාරකර සමාව අයැද සිටි ගැමුණු කුමරැ ඇතුඵ පිරිසට ආශිර්වාදකල කතරගම දෙවියෝ ඔවුන්ගේ යුධ ආයුධ ලබාදී ගැමුණු කුමරැගේ ආරාධනාවෙන් එළාර සමඟ කරනා යුද්ධයට උපකාර කීරීමටද එකඟවිය. එවිට ප්‍රති උපකාර ලෙස හමුවූ ඉසව්වේම කතරගම දෙවියන් උදෙසා පුදසුනක් ඉඳිකිරීමට ප්‍රතිඥාදුන් ගැමුණු කුමරා නික්මගොස් එළාර පරදවා ද්වන්ද සටනකින් ජයගෙන මුඵ ලක්දිවම එක් සේසත්කලේ වසර හතලිස් හතරක් පුරාතිබූ සොලී පාලනයෙන් අපව බේරාගනිමිනි. අවසාන සටනට පෙර ඉතා අසීරැ සටන් ගනනාවක්ම ප්‍රාදේශීය සොලී පාලකයින් සමඟ කිරීමට ගැමුණු කුමරැට සිදුවිය. මේ සියඵම සටන් වලදී කතරගම දෙවියන් යුදබිමට වැඞමකර චක්‍රායුදයෙන් සොලීන් පෙතිගසා ගැමුණු කුමරැන්ට ජය ලබාගැනීමට උදව් උපකාරකල බවද ජනශ්‍රැතියේ සඳහන්ය. යුද්ධය අවසන්කල ගැමුණු රජතුමා කතරගම දෙවියන් වැඞසිටි වැඞිහිටි කන්දට පැමින දෙවියන් උදෙසා පූජාස්ථානයක් ඉදිකිරීමට විමසූයෙන් දුනුදිය මුදාහැර ඊතලය වැටුන ස්ථානයේ දේවාලය ඉදිකල ජනශ්‍රැතිය අපසියඵ දෙනාම දනී.

ගැමුණු කුමරැ මෙන් මහින්දද රොහණයෙන් විජයග්‍රණ ගමන අද අරඹා ඇත. එතුමාට අනුශාසනාව මහා සංඝරත්නයෙන් ලැබී ඇත්තේ යහපාලකයින් මෙන් වෛරී දේශපාලනයකට නොව සියඵම ජාතින්ට එක්ව සිටියහැකි රටක් නැවතත් ගොඞනැගීමටය. කතරගම දෙවියන් ඇතුඵ සියඵම බලගතු දෙවි දේවතාවුන් ගැමුණු කුමරැන්ට රැකවරණ සැලසූසේ ඔවුන් ඔබවද රැකදෙනු නිසැකය.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 ජූලි මස 1 වන දා

4 Responses to “දෙවියන් රකින විරැවෝ”

  1. Kumari Says:

    Thank you Thissa. It is heartening to read your letters.

    Mahinda and group must be very careful of foxy Sirisena.

    NGO helpers must be doing the usual dirty work. We need to give full publicity to the agreements Sirisena signed with the TNA and Hakim. Also the CB robbery where RW is implicated.

    With return of Mahinda, SL will become “Peradiga Muthuetaya”. With continuation of Ranil it would be the “Teardrop of the Indian ocean “.

  2. ranjit Says:

    Please my great leader ” DO NOT TRUST SIRA FOR A DIME” because he once cheated you after eating hoppers and attending a Dana at your place and he may try to hoodwink you again because once a cheater is always a cheater. Just listen to his public speeches in the past and present and study carefully his words and actions during the last five months. He is not a truthful person but a damn liar. He changes his own words every now and then. He is truly a UNP backer and a foreign agent who will one day put our Motherland in great danger.

    Lion has roared again from Medamulana. Follow him till we get our Motherland freed from UNP and their so called International community agents. Those who dearly love this country should not think twice but give their valuable vote to this great man’s party which ever he comes from. Victory is near just pray and have faith on this great man MAHINDA.

  3. Christie Says:

    Don’t trust Indian imperialists or the parasites. The will come with you but will not vote for you. Take religion out of politics and specially these funny looking Hindu gods.

  4. Independent Says:

    “එම අඞවියට අරක්ගත් ‘ කතරගම දෙවියන්’ (බුදුන් ලක්දිවට වැඞමකල සමයේ බණ අසා සොවාන්වූ මහාඝෝෂ නම් නරපතියා මරණින් මතු කතරගම දෙවියන් වී අපවත් අප දේශයත් රකිනාබව ජනශ්‍රැතියේ සඳහන්ය) ”
    “මේ සියඵම සටන් වලදී කතරගම දෙවියන් යුදබිමට වැඞමකර චක්‍රායුදයෙන් සොලීන් පෙතිගසා ගැමුණු කුමරැන්ට ජය ලබාගැනීමට උදව් උපකාරකල බවද ජනශ්‍රැතියේ සඳහන්ය. ”

    සෝවාන් වූ අයෙක් සතුරන් පෙති ගසයි ද, ? නැත් නම් කකචූපම සූත්‍රයේ පරිදි තමාගේ අතපය කියතකින් කපන විටද් සත්‍රුරා සමග තරහ නොගෙන ඉන්න බලයි ද ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress