ජනවාරි “වෙනස” අගෝස්‌තුවේ දී රැකෙයිද?
Posted on July 4th, 2015

චතුර පමුණුව Courtesy Divaina

1945 ජුනි 29 වැනි දා මෙලොව එළිය දුටු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉකුත් ජුනි 29 වැනිදා සිය හැත්තෑවෙනි උපන් දිනය සැමරුවාය. 1994 නොවැම්බර් 12 වැනිදා සිට 2005 නොවැම්බර් 17 වැනිදා තෙක්‌ මෙරට ජනපති ධුරය දැරූ ඇය ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ විශේෂ චරිතයකි. ඇය පුරා වසර 11 ක්‌ මෙරට ජනපති ධුරය දැරුවද රටට වඩා වැදගත් ජයග්‍රහණ අත්කරදීමට හැකිවූවාද යන්න නම් ප්‍රශ්නයකි.

ඇගේ පාලන කාලය පුරාම කොටි සංවිධානය දිගින් දිගටම දකුණේ ආණ්‌ඩුව හෙල්ලුම් කන අන්දමේ ප්‍රහාර සිදු කිරීම නිසාම ඒ කාලය උපද්‍රව සහිත කාලයක්‌ විය. 1995 දී ඇගේ නායකත්වය යටතේ යාපනය මුදාගැනීමට හැකිවීම විශේෂ ජයග්‍රහණයකි. ප්‍රභාකරන්ට සුදු නෙලුමේ හස්‌තය දිගුකළත් එය පිළිගැනීමට ත්‍රස්‌ත නායකයා සූදානම් වූයේ නැත. 1999 දී කොළඹ පුරහලේ පැවැති ජනපතිවරණ රැලියකදී ඇය කොටි බෝම්බයකට ගොදුරු වුවත් ජීවිතය බේරාගැනීමට සමත් විය. අප කුමාරතුංග මහත්මියගේ දේශපාලන ජීවිතය දෙස යළි හැරී බලනුයේ ඇගේ 70 වැනි උපන් දිනය ගැන සටහන් තැබීමට නම් නොවේ. හිටපු ජනපතිනිය ලබන අගෝස්‌තු 17 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීමට සූදානම් බවට කර ඇති ප්‍රකාශයක්‌ නිසාය.

ඇය පවසන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂට ශ්‍රී ලනිපයෙන් නාමයෝජනා දුනහොත් තමන්ද ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් තරග වදින බවයි. කුමාරතුංග මහත්මිය මේ ප්‍රකාශය කිරීමට දින කිහිපයකට කලින් අස්‌ගිරි මහා විහාරයේදී ප්‍රකාශ කළේ තමන්ට යළිත් මැතිවරණයට තරග කිරීමට කිසිම ආසාවක්‌ නැති බවය. ඇගේ මේ පරස්‌පරතාව කුමක්‌ද? මහින්දගෙන් පළිගැනීමට ඇයට අවශ්‍යව තිබේද? කනගාටුවෙන් වුවත් කිවයුත්තේ හිටපු ජනපතිනියට වර්තමානයේ කිසිම දේශපාලන ආකර්ෂණයක්‌ නොමැති බවයි. ඇය යළිත් ඡන්දය ඉල්ලීම ශ්‍රීලනිපයේ අභාග්‍යයට හේතුවනවා සේම ඇගේ දේශපාලන ගමනේද ෙ€දනීය අවසානයක්‌ සටහන් කර ගැනීමක්‌ වනු ඇත.

හිටපු ජනපතිනිය 2005 දී ජනපති පුටුවෙන් විශ්‍රාම යනවිට ඇගේ ජනප්‍රියතාව බෙහෙවින්ම පහළ ගොස්‌ තිබිණි. එදා ශ්‍රී ලනිපයේ ජනපති අපේක්‍ෂකයා වූ මහින්ද රාජපක්‍ෂට ඇය කිසිම සහයෝගයක්‌ නුදුන් බව ප්‍රකට රහසකි. කුමාරතුංග මහත්මිය බලාපොරොත්තු වූයේද රාජපක්‍ෂ ජයග්‍රහණය නොව රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයයි. උතුරේ දෙමළ ඡන්ද වර්ජනය රාජපක්‍ෂ මහතාට ඉමහත් වාසියක්‌ වූ අතර එනිසා යළිත් වරක්‌ ශ්‍රී ලනිප ජනපතිවරයෙක්‌ පත්විය. කුමාරතුංග මහත්මිය ජනාධිපති මන්දිරය හැරදා ගිය පසු කිසිම රට වැසියෙක්‌ ඇය බලන්නට ගිය බවක්‌ අප දන්නේ නැහැ. අඩු ගණනේ අත්තනගල්ල මැතිවරණ කොට්‌ඨාසය නියෝජනය කරන ශ්‍රී ලනි පාක්‍ෂිකයන්ට පවා ඇය සිහිවුණේ නැත. කිසිවෙකු පැමිණ නැවත දේශපාලනයට එන්නැයි ආරාධනා කළේ නැත.

එහෙත් ශ්‍රීලනිප ලේකම් හමුවේ ශ්‍රී ලනිප සභාපතිවරයා ජනපතිවරණයෙන් පරාජය වූ පසු සිදුවූයේ කුමක්‌ද?

ජනවාරි 09 වැනිදා පටන් වැල නොකැඩී ජනතාව මැදමුලනට ගොස්‌ ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට සිය කෘතඥතාව පළ කර යළිත් රට භාරගන්නැයි ආයාචනා කිරීමක්‌ සිදුවිය. බාල මහලු වැඩිහිටි සැම දෙනාම මැදමුලනට ගොස්‌ කඳුළු සහිත දෙනෙතින් යුතුව හිටපු ජනපතිට තම ගෞරවාදරය පුද කළේ ඔහු කළ සේවය විශේෂයෙන් රට ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ කර දී කළ මහා ශ්‍රේෂ්ඨ ක්‍රියාවට කළගුණ සැලකීමටය. දේදුනු සන්ධානයෙන් බිහිවූ යහපාලන ආණ්‌ඩුව දින සියය ඉක්‌මවන්නටත් පෙර මහජනයා අතර අප්‍රසාදයට පත්වෙද්දී හංසයාට කතිරය ගැසූ අයටත් මහින්දගේ අගය යළි සිහිවන්නට විය. එනිසාම දහස්‌ ගණනක්‌ ඉකුත් අධි ඇසළ පොහෝ දිනයේ මැදමුලනට ගොස්‌ ඉදිරි මැතිවරණයේ අගමැති සටනට පිවිසෙන්නැයි කළ ආරාධනයට හිටපු ජනපතිවරයා ඉතා හොඳ ප්‍රතිචාරයක්‌ දැක්‌වීය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යළි මැතිවරණයට ඉදිරිපත් වන්නේ මහින්ද රාජපක්‍ෂ අගමැතිවීම වැළැක්‌වීම සඳහා බව පැහැදිලිය. ඇය මේ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් එය ශ්‍රී ලනිපයද දෙකට බෙදී එජාපයට වාසියක්‌ ගෙන දෙන තත්ත්වයක්‌ නිර්මාණය වන බව අමුතුවෙන් කිවයුතු නැත. ඇත්තෙන්ම රාජපක්‍ෂ මහතා ශ්‍රීලනි පාක්‍ෂිකයන් අතර වීරයා වුවද කුමාරතුංග මහත්මියට එම ගෞරවය ලැබෙන්නේ නැත. පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කර මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමේ මූලික සැලසුම් සකස්‌ කරනු ලැබුවේ කුමාරතුංග මහත්මිය බව අද ප්‍රකට රහසකි.

ඉන්දියාවටත් ඇමරිකාවටත් අත්‍යවශ්‍ය වූ “රෙජීම” වෙනස යථාර්ථයක්‌ බවට පත්කරනු ලැබුවේ ඇය විසිනි. එහෙත් දැන් මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා තම ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිවරයාට සන්ධානයේ නායකත්වය පිරිනැමීම කුමාරතුංග මහත්මියට ඉවසුම් නොදෙන්නකි. 1994 ජනාපතිවරණයේ දී චන්ද්‍රිකා මහත්මිය 63% ක ඡන්ද ප්‍රතිඵලයක්‌ ලබාගත් බව ඇත්තකි. නමුත් ඊට වසර 20 කට පසුව ඇගේ දේශපාලන ජනප්‍රියතාවය ඉහළ ගොස්‌ ඇත්ද? 94 චන්ද්‍රිකා හා 2015 චන්ද්‍රිකා අතර බරපතළ වෙනසක්‌ ඇති බව රට වැසියෝ දකිති.

මහින්ද රාජපක්‍ෂ මහතා යළි බලයට ඒම වැළැක්‌වීම සඳහා බටහිර බලවේග යළිත් කුමන්ත්‍රණ දියත්කර ඇති බව පැහැදිලිය. ඉන්දියාවටත් ඇමරිකාවටත් අවශ්‍ය අගෝස්‌තු මැතිවරණයේදී එජාප රජයක්‌ බිහිවනු දැකීමය. චීන හිතවාදී මහින්ද පාර්ශ්වය යළිත් හිස එසවීම බටහිරයන් භීතියට පත් කරන්නකි. තමන් ජනවාරි 08 වැනිදා ක්‍රියාත්මක කළ රෙජීම වෙනස නැවත ආපසු හැරීමක්‌ සිදුවේ දැයි මොවුහු බියට පත්ව සිටිති. විශේෂයෙන් රෝ ඔත්තු සේවය මහින්ද රාජපක්‍ෂ යළි අගමැති වීමට ගන්නා උත්සාහය වළක්‌වන්නට දතකයි. මේ සියලු බලවේග සමඟ චන්ද්‍රිකා මැතිනියද උත්සාහ ගන්නේ රාජපක්‍ෂවරුන්ගේ ආගමනය නතර කිරීමටය. ඇයට එය කළ හැකිද?

ශ්‍රී ලනිපයේ ඇතිව තිබෙන පිල් බෙදීම නිසා බලවත් පීඩනයට පත්වන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ශ්‍රී ලනිපයේ සිටින රාජපක්‍ෂ විරෝධීන් මෙන්ම එජාපයද දැන් ජනපතිවරයා පීඩනයට පත්කරමින් සිටිති. එක්‌සත් ජාකික පක්‍ෂය ප්‍රසිද්ධියේම තමන් විසින් බලයට පත් කළ ජනාධිපතිවරයාටම අවලාද එල්ල කරමින් සිටිති.

1977 න් පසු ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණය ලෙස 2015 මහ මැතිවරණය හැඳින්විය හැක. මෙය ලංකා දේශපාලනයේ ඉදිරි හැරවුම් ලCෂ්‍යය තීරණය කරනු ලබන මැතිවරණයකි. ජනවාරි 08 වැනිදා සිදුවූ අත්වැරැද්ද නිවැරදි කර ගැනීමට අවස්‌ථාවක්‌ අගෝස්‌තු 17 වැනිදා ලැබෙනු ඇත. රටට හිතැති ජනතාව ඒ සඳහා සූදානම්ද? කවරක්‌ නමුත් හිටපු ජනපතිනියගේ ෙද්‍රdaහී කුමන්ත්‍රණ අනිවාර්යයෙන් පරාජය කළ යුතුය. ඇයට ලංකා දේශපාලනයේ ඉදිරි ගමනක්‌ නැත. ජනවාරි වෙනස අගෝස්‌තුවේදී වෙනස්‌ කළ යුතු බව රටට හිතැති ජනතාවගේ අදහසයි.

චතුර පමුණුව

3 Responses to “ජනවාරි “වෙනස” අගෝස්‌තුවේ දී රැකෙයිද?”

  1. ranjit Says:

    Yes we need a change in Aug 17 for sure. This schemers and coup plotters must be defeated at all cost. They are working as per the aspirations of western terrorists Govts and Indian parasites.They do not love our Motherland.They do not want Sinhala race to lead this country.They want to break it and give same power to Minorities. These traitors shouldn’t be in the Parliament.They sold the country once and they will do it again if they come to power. Sinhala Buddhists should rally round Mahinda if they need a sovereign state to live in peace not these Gobbels who work as per the wishes of Foreign Mafia.

    Sira is a puppet who changes his colors every hour. He cannot be trusted as a leader. They do not have any plan to our country but only sweet words. He and Ranil two schemers will work together secretly to oust Mahinda so he should be careful when dealing with Puppet Sira. Choura is another witch he should be careful. They are all poisonous and paid servants of the west. If UNP wins all LTTE will be back and our heroes will be sent to jail in Hague. Be wise and use your vote intelligently.

  2. Kumari Says:

    When I heard that SLFP is giving nominations to the current set of parliamentarians, I am hopeful for the country. Yes, definitely there will be a change on the 17th and that will be for the better.

  3. Christie Says:

    The former President called an early election. The Indian imperialists (India) were ready to correct its mistake in 2005 when it backed Mahinda Rajapaksa over Ranil Wickramasinge. Then, Indian imperialists advised Indian block vote in the island to abstain from voting. The reason for the preference was Indian imperialists thought it will be easier to negotiate with Mahinda an unknown matter for India. Unfortunately for India, Mahinda did not follow Indian directions as former Sri Lankan leaders did since 1956. In 2010 India enrolled General Sarath Fonseka as a presidential candidate against Mahinda and failed. So behind the scene as Indian imperialist always do they were planning for years and got former governor Chandrika Bandaranayake-Kumaranatunge to do the job and succeeded with doing a repeat of what India did with her father Solomon West Ridgeway Dias Bandaranayake in 1951. India did not have to wait for four year this time. India managed to divide the non-Indian vote and got the Indian block vote for Maithripala Sirisena the new governor of Sri Lanka who may be the proxy for the real governor Chandrika.

    Indian imperialists are dividing the Sinhala votes in to more factions now. Indian Empire got us by balls for the next five years. The only thing they want to stop is 2/3 Sinhala unity in the parliament. The Sinhala control is gone again something we had from 1948-56 and 2005 to end of 2014.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress