මහින්දගේ තීරණය හා විකල්පය
Posted on July 5th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

රටට ආදරයකරන්නන් මහින්දට ආදරය කරයි. රටට වෛරකරන්නන් මහින්ද සමග නැත, ඔවුන් මහින්ද තනිකරදමා විජාතික බලවේග සමඟ එකතුවන්නේ පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරැවය. ඉතාමත් පහසුවෙන් තේරැම්ගත හැකි තත්වය එයයි.

පසුගිය සිකුරාදා (ජූලි තුන්වනදා) මහින්දට මැතිවරණයට එ ජ නි ස යෙන් තරඟකිරීමට අවස්ථාව සලසාදීමට එම සන්ධානයේ පිරිසකට හැකිවූවා යයි පවසති.  එමගින් මහින්දව නැවතත් අසීරැතාවයකට පත්කර ඇත. මහින්දට මැතිවරණයට තරඟකිරීමේ අවස්ථාව පමනක් නොව එජනිස යේ සභාපතිත්වයද භාරදිය යුතුව තිබිනි. නොඑසේව මහින්දට එජනිස යේ මැතිවරණ නාමයෝජනා ක්‍රියාවලිය අධීක්‍ෂණය කල හැකි නොහේ.

පසුගිය හයමස තුල විවිධ අවස්ථාවල මහින්ද හැරදා ගියාට වරදක් නැත. එසේ ගොස් ඔවුන් නවතින්නේ රටත් ජාතියත් නැසීමට ප්‍රතිඥාදී ඇති බටහිර ගැති යහපාලන නැල සමඟය. වරද එයයි. එසේ කිරීමෙන් රටට සාප්ක්‍ෂව ඔවුන් සිටිනා තැන ඡන්දදායකයාට අවබෝධ කරදෙයි. මෙසේ  මහින්ද හැරදා ගොස් රට දැය සමය නැසීමට පෙල ගැසුන ද්‍රෝහින්ගේ නාමයෝජනා ප්‍රතික්‍ෂ්ප කිරීමට මහින්දට වරම් නැති සන්ධාන නාමයෝජනාවකින් මහින්දටවත් රටටවත් වැඞක් නොවේ, වන්නේ අගතියක්මය.

මැතිවරණයෙන් පසුව ඇතිවන රජයතුල මහින්ද අගමැතිවුවත් ඒ සමඟම ඡන්දයෙන් හෝ ජාතික ලයිස්තුවන් හෝ ඉහත සඳහන් ද්‍රෝහින්ද පත්වේ. වත්මන් ජනපතිගේ අනුමැතිය කැබිනට්ටුව පත්කිරීමට අවශ්‍යවන පරිසරයක මේ ද්‍රෝ‍හින්ට ඇමති පදවි ලැබීමද වැලැක්විය හැකි නොවේ.  ‘ජුලියස් සීසර්’ රඟදැක්වෙන්නේ එවිටය.

සීසර්ට අයිති දේ සීසර්ටම ලැබීමේ ප්‍රවනතාවය ඇතිවන්නේ එවිටය. ඒ වනචාරින් (බාබේරියන්) පරදා ගෝල් දේශය (වත්මන් බටහිර යුරෝපය) දිනාගැනීමත්, එංගලන්තය ආක්‍රමනයත් නිසා හිමිවූ රෝම ඔටුන්න නොව,  බෘටස්, සිසෙරෝ ආදි ද්‍රෝහින්ගේ ක්‍රියාවලියයි.

බටහිරයින් මහින්දව දේශපාලනයෙන් තුරන් කිරීමේ ප්‍රයත්නය අතහැර නැත. හැකිනම් නාමයෝජනා මගඞියකින් ජූලි පහලොස්වනදා නාමයෝජනා සමාප්ත කිරීමට පෙර මහින්දව පරාජය කරනු ඇත. ඒ සදහා විවිධ උපක්‍රම භාවිතාකිරිමට තවමත් අවකාශ ඇත. ඒ සියල්ලම ව්‍ය‍යර්ත වුවත් මැතිවරණයෙන් පසුව පිහිටුවනු ලබන රජය තුලද මහින්දව නැතිකිරීමේ ව්‍යාපාරය සීසර්ව නැතිකල අන්දමින්ම ක්‍රියාත්මක කිරීමට බටහිර උපදෙස් මත නුතන බෘටස්ලා ක්‍රියාත්මක වනු ඇත.

මේ සියඵම ප්‍රයත්නයන් පරාජය කිරීමට නම්, එක්කෝ මහින්දට එජනිස සභාපතිකම භාරදී නාමයෝජනා කියාවලියේ අධීක්‍ෂණය කිරීමේ හැකියාව ලැබිය යුතුය. නැතිනම් මහින්දට තමන්ටත් රටටත් හිතැති පිරිසක් සමඟ වෙනත් පක්‍ෂයකින් මැතිවරණ සටනට පිවිසීමට තවමත් ඉඞකඞ තිබේ. එවිට බෘටස්ලා විශ්‍රාමගන්වා රට නැවතත් පෙර පරිදිම සංවර්ධනයටත් එමගින් සස්ශ්‍රීකත්වයටත් ගමන්කරනා මාර්ගයට පිවිසවීමට මහින්දට හැකිවනු ඇත.

මහින්ද මේ සියල්ලම හොදින් විශ්ලේෂණාත්මකව හදාරා ඔහුට ආදරයකරන ජනතාවටත් රටටත් යහපතක්ම වන තීරණය ගනු ලබන බව ඉර හඳ මෙන් විශ්වාසය. ජනතාවගේ සදාදරණීය නායකයා ඔබමය, එම ස්ථානය ගතහැකි වෙනත් අයෙක් පෙනෙන තෙක්මානයකවත් නැත. ඔබට ජය ශ්‍රී.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 ජූලි මස 5 වන දා

One Response to “මහින්දගේ තීරණය හා විකල්පය”

  1. ranjit Says:

    Tissa we all wish him best of luck,best of health and best of everything because he is the people’s choice without any argument today in this political drama. If he do not come to power I do not know what will happen to my homeland with these UNP traitors. There’s another coup going on to stop Mahinda’s comeback. I am not happy Mahinda joining with Sira at all. He is a man who ate B’Fast with him before he eloped with Ranil the pimp to contest against him. Before Mahinda was a King to him but after Jan 8th suddenly became a thief. This puppet insulted Mahinda and did so many things against him in this short period of time. Mahinda never treated his enemies the way they do now for him and his supporters.

    We should protect Mahinda at all cost during the election time and after because CIA,RAW and other enemies of his and the country are waiting to strike at him to disable the country. Ranil/Sira/Choura trio are responsible for the situation we are in today. To please the minorities they will do any dirty thing in their capacity if they come to power. They do not care about Sinhala Buddhists or the Majority Sinhalese because most of the power hungry creatures in UNP are Christians,Tamils and Muslims and people who were more lenient to the west and Indian Parasites. Sinhala Buddhists must stay awake and be ready to fight to death if a situation arises to destroy the Sinhala nation.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress