අන්‍ත්‍රාවයි! මහින්ද රාජපක්‍ෂ මහතාණෙනි, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින්න එපා.
Posted on July 6th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

අද අප ඉතිභාසයේ තීරණාත්මක ලක්‍ෂයක් කරා අවතීර්ණව සිටින ජාතියක් වෙමු. මේ වන විට ඉතිහාසය විසින් අපට ඉතා වැදගත් එෙතිහාසික කරුණු කාරණා සමුදායක් සම්බන්ධව විශේෂ පාඩම් මාලාවක් උගන්වමින් සිටී. මේ පාඩම් මාලාව ඉතාම වැදගත් සමාජ මූලධර්ම සම්බන්ධව, ඉතා සරල ලෙස මුලුමහත් ජාතියටම කියාදෙන අතර, මේ තුලින් ඉතා ඉක්මනින්ම බිහිවීමට නියමිත නව සමාජයක් සම්බන්ධව, අනාවැකියක්ද පලකරමින් සිටී. එම අනාවැකියට අනුව, මෙරට ජනතාව කාලාන්තරයක් මුලුල්ලේ මහත් බලාපොරොත්තු සහගතව බලා සිටි නව සමාජ ක්‍රමයක බිහිවීමක්ද පෙන්නුම් කරන අතර,  ජාතියක් වශයෙන් මේ මතුවීමට වෙර දරණ, ඒ නව සමාජ ක්‍රමය උදාකිරීමේ කාර්‍යයට සම්මාදන්වීමට හා එම නව සමාජ ක්‍රමය සුරක්‍ෂිතව රැක ගැනීමේ මාහැඟි කාර්‍යය මුලුමහත් ජාතියටම පැවරී ඇති එෙතිහාසික වගකීමක් බවට පත්ව ඇත.

මෑත ඉතිභාසයේදී අප රට හා සමාජය ලෝකයේ ඉහලම සංවර්ධන ලක්‍ෂයේ සිට ඉතාමත් පහත් පරිහානීය ඉලක්කයක් කරා වේගයෙන් ගමන් කරන, රාජ‍්‍ය-අරාජිකත්වය වැළඳ ගත් රටක් බවට පත්විය. ඒ සඳභා ගතවූයේ මාස පහක් වැනි සුලු කාලයක් බවද අප අවබෝධ කරගත යුතුය. සංවර්ධන ඉලක්කයන් කරා හඹා යෑම ඉතා අපහසු කරුණක් වුවද පරිභානීය තත්වයන්ට ලඟාවීමට ක්‍ෂණයක් වැනි සුලු කාලයක් වුවද ප්‍රමාණවත් බව වර්තමානය අපට හඞගා කියා සිටී.

වර්තමාන ශ්‍රී ලංකාවේ පවතින්නේ, නීති විරෝධීව බලය ඩැහැගත් කුමන්ත්‍රණකාරීන් සමූහයක් විසින් අටවාගත් රජයකි. මෙය නිකම් අටවාගත් සංකල්පයක් නොව සිදුව ඇති සත්‍ය තත්වයයි. මේ කණ්ඩායම තම රජය, ව්‍යාවස්තා විරෝධීව ඉදිරියට ගෙනයාමට ඉමභත් වෙහෙසක් දරමින් සිටියද එම කර්තව්‍ය අසාර්තකව තම නීති විරෝධී රජයද විසුරුවා හැරීමට ඔවුනට සිදුවිය. මතුව ඇති මෙම තත්වය නිසි ලෙස අවබෝධ කරගත් විට, අප විසින්  ඉදිරියට කලයුතු කාර්‍යභාරය කුමක්දැයි අප ඉදිරියේ පැහැදිලිව දිස්වේ. ඒ අනුව, පලමුව, මැතිවරණය උපයෝගී කරගෙන රාජ්‍ය බලය, ජනතාව අතට පත්කර ගැනීමට පියවර ගත යුතුය.

රාජ්‍ය බලය ලබා ගැනීම ඉතා සරල කාර්‍යභාරයක් නොව අභියෝගාත්මක කටයුත්තක් බව පලමුව අප වටහා ගත යුතුය. තවද මහා මැතිවරණයක් යනු ජනතා චන්දය උදෙසා සිඳුකරන සටනකි. චන්දය යනු කැමත්තය. කැමත්ත යනු දැකිය නොහැකි, හඳුනා ගැනීමට අපහසු දෙයකි. මිනිස් මනස තුල අනුගතව ඇති කැමත්ත පැහැදිලිටවම හඳුනාගත හැක්කේද තවත් දියුණු මිනිස් මනසකටය. එබැවින් මිනිස් මනස භා සිදුකරණ​ මේ ගනුදෙණුව මනා දැක්මකින් යුතුව සිදුකල යුතුය. මිනිස්සු කැමති කාටද කුමටද යන්න සම්බන්ධව ඇප සැබෑ ලෙසම අවබෝධ කරගත යුතුය.

පසුගිය ජනාධිපතිවරණයේදී 57 ලක්ෂයකට මදක් වැඩි ඡන්ද සංඛ්යාවක් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත් කිරීමේ අරමුණින්  චන්දය පාවිච්චි කලහ. මේ පිරිසගේ කැමත්ත මහින්ද රාජපක්ෂ මහතා සදහාද නැත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය සදහාද යන ප්රශ්නයට අප දෙන පිලිතුර කුමක්ද? අප දන්නා දේශපාලනයට අනුව මේ සියලුම චන්දදායකයින් එදා සිය චන්දය භාවිත කලේ මහින්ද රාජපක්ෂ මහතා උදෙසා මිස, එක්සත් ජනතා නිදහස් සන්ධානය සදහා නොවේ. එබැවින් වටිනාකම ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට මිස,  එක්සත් ජනතා නිදහස් සන්ධානය නොවේ. දැන් ගැටලුව ඇත්තේ මේ වටිනාකමක් නැති එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදීමට වලිකන්නේ ඇයිද යන ගැටලුවයි. අප ජීවත්වන්නේ උපාය උපක්රම වලින් බරිත දේශපාලන ලෝකයකයි. මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීම තුලින් එතුමා ලබන කිසිදු දේශපාලන වාසියක් නැති බව අපට අකමැත්තෙන් වුවද ප්රකාශ කිරීමට සිදුවේ. එසේ තරග කරන්නේ නම් එතුමාට සිදුවන අවාසිය අති ප්රභල බවද පැවසීමට සිදුවේ. ඒවා මොනවාදැයි අප සලකා බලමු.

පසුගිය ජනවාරි මස 18 වෙනිදා මේ රටේ ජනතාව පැහැදිලි පිල් දෙකකට බෙදුණ දිනයයි. එය රටට හිතැති බලවේගය හා රටට අහිතකර බලවේගය වශයෙන් පැහැදිලිවම වෙන්කල යුතුය. එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුන මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහර මැති ඇමතිවරැ පමණක් නොව, එම පවුල්වල සාමාජිකයින්ද චන්දය පාවිච්චි කලහ. සමහර ඇමතිවරු සෘජුවම තම හිතවතුන්ටද පැවසුවේ; මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව චන්දය පාවිච්චි ලෙසයි. සියල්ලේම ඵලය වූයේ එතුමාගේ පරාජයයි. එතෙක් මෙතෙක් කාලය තුල මෙරට තුල වූ සියලු දේශපාලන සිදුවීම් තුලින් වඩ වඩාත් සතුරු පිල් දෙක හා ඒවායේ ස්වරූපය විදහා දක්වන ලදී.

පරාජයත් සමග ගොඩනැංවුන දේශප්රේමී ජන මානසිකත්වය වහ වහා ක්රියාත්මකව; පරාජයට පත්වුඛ ජන නායකයා වටා මහා පවුරක් සේ සිට ගත්තේ සිය ශක්තිය මත මහා බලාපොරොත්තුවක් තබමිණි. ඒ මහජන බලය අද ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා, දිනේශ් ගුණවර්ධන මහතා, වාසුදේව නානායක්කාර මහතා, විමල් වීරවංශ මහතා හා උදය ගම්මන්පිල මහතා ඇතුලු බලවේගය මතයි. ඒ බලවේගය අද හසුරවන්නේ මේ ජන නායක කණ්ඩායම මිස, එක්සත් ජනතා නිදහස් සන්ධානය නොවේ. අද සිදු කල යුත්තේ, මේ බලවේගයේ නියෝජිතයින් අතරින් සුදුස්සන් තෝරා ගෙන මහා මැතිවරණය සදහා තරග කිරීමට නම් කිරීමයි. එය සිදුකල යුත්තේ මේ නායක මණ්ඩලය මිස තීරණාත්මක අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතාව අත්හැර ගිය මිනිසුන්ගේ අත බලය රදා පවතින එක්සත් ජනතා නිදහස් සන්ධානය නොවේ.

යම් හෙයකින් සතුරු බල මෙහෙයවුමකින් එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් මහා මැතිවරණයට තරග වදින කණ්ඩායම තේරීමේ බලය අත්පත් කර ගත්තොත් සිදුවන්නේ, මේ රටේ තම පවුලේ අයගේ හා හිතවතුන්ගේ චන්ද හැර වෙන කිසිදු චන්දයක උරුමයක් නැති මෙෙත්රීපාල සිරිසේන හිතවාදීන්ටද ආසන්න වශයෙන් 50%ක ආසන සංඛ්යාවක් උරුම වීමයි. මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගන්නා අතර, ඒ ජය ගන්නා අයගෙන් අඩක් මෙෙත්රීගේ බවත් ඒ අය සෘජුවම රනිල් අගමැති කිරීමට පාර්ලිමේන්තුවේදී පෙල ගැගෙන බවත් වටහා ගන්න. වැරදි තීරණයක් ගෙන ඉතිහාසයේ තවත් වරක් මේ ජනතා පෙල ගැස්ම විනාශ කරන්න එපා. එක්සත් ජනතා නිදහස් සන්ධානය එපා නව පෙරමුණකින් තරග වදින්න. නිවැරදි තීරණය එයයි. ඔබ සැමට බුදු සරණයි! සියලු දෙවි රැකවරණයි!

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress