මහින්දට කොන්දේසි නෑ‘ : ‘දෙන්නාම එකම වේදිකාවට එ්වි‘ No Conditions imposed On Mahinda – Susil
Posted on July 8th, 2015

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනපති ඔහුට කිසිම කොන්දේසියක් පනවා නැති බවත් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (8) ශ්‍රීලනිප මූලස්ථානයේ පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. Absolutely there are no conditions imposed on Mahinda Rajapaksa contesting the upcoming general election  UPFA General Secretary Susil Premajayantha said at a special press briefing held at  SLFP head office today.

මහින්ද රාජපක්ෂට නාම යෝජනා දෙන්නේ කොන්දේසි අනුවදැයි මාධ්‍යවේදීන් විමසූ විට ප්‍රේම්ජයන්ත මහතා පැවසුවේ කිසිම කොන්දේසියක් නැති බවයි.UPFA General Secretary Susil Premajayantha that President Maithripala Sirisena has agreed to give former President Mahinda Rajapaksa nomination through the UPFA without any pre conditions.

‘කල්ලි, කණ්ඩායම් දැන් නැහැ. සභාපතිතුමා පක්ෂය මෙහෙයවනවා. කිසිම අර්බුදයක් ගැටුමක් නැහැ. හිටපු ජනපතිට හම්බන්තොටින් පමණක් ඉදිරිපත් විය හැකි බවට ජනපති පළ කළැයි කියන මාධ්‍ය වාර්තා ගැන විමසූ විට එහෙම දෙයක් නැතැයි ප්‍රේමජයන්ත මහතා කීවේය.

‘මම කියනදේ ඇත්ත නැත්ත 13 වැනිදාට බලාගත හැකියි.‘ MR was not limited to only contesting in the Hambantota District electorate and This will be revealed on the 13th Susil Premajayantha confirmed.

ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රිය දර්ශන යාපා මහතා පැවසූයේ සමහරුනට නාමයෝජනා නොලැබෙන බවයි. එහෙත් ඔහු එවැනි අය කවුදැයි කීවේ නැත.

මහින්ද හා මෛත්‍රී එකම ඡන්ද වේදිකාවකට එනු ඇත්දැයි විමසූ විට සන්ධාන ලේකම්වරයා කීවේ එසේ විය යුතු බවයි. මාධ්‍යවේදීන්ගේ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ප්‍රේමජයන්ත මහතායි. අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉඳහිට ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේය.

සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ පිළිතුරුවල හරයවූයේ මහින්ද හා මෛත්‍රී අතර කිසිම ප්‍රශ්නයක්, ගැටුමක්, අර්බුදයක් නැති බවයි.

6 Responses to “මහින්දට කොන්දේසි නෑ‘ : ‘දෙන්නාම එකම වේදිකාවට එ්වි‘ No Conditions imposed On Mahinda – Susil”

  1. NAK Says:

    Why wait for 13th.nominations could be filed soon after signing.

  2. S.A Says:

    සිරිසේන විස්වාශ කරන්නේ මොන ගොනාද?
    මහින්ද සන්දානෙන් ඡන්දය ඉල්ලන්න සිරිසේන ඉඩදෙනව කියල විස්වාශ කරන මේවගේ ගොන් බූරුවන්ට, ජනාධිපතිවරනයට ඉස්සරවෙලා සිරිසේන ආප්ප කාලා ගියහැටි මතක් වෙන්නේ නැත්නම් සිරිසේනගේ උගුලට මෙවරත් අසුවීම නම් කෙසේවත් නවතාලිය නොහැකිවෙයි. සිරිසේන අවසාන මොහොතේදී ගොනාට අන්දවන එක නතර කල හැක්කේ මීට පෙර මහින්ද ලඟට ගෙන්වාගෙන අගමැතිකම ඉල්ලා ගෙන ආවායයි විහිලුකල (රාජිත සමග කියාපු හැටි) කොහොමද කියල මේ ගොන්නුන්ට මතක් උනොත් විතරයි.
    චන්දිරිකා, රාජිත හා රනිල් සමග සිරිසේන ඉන්න විදියෙන් ඇමරිකාව හා ඉන්දියාව කියන දෙයට පිටින් යමක් සිරිසේන කරන්නේ නැති බව ඉතා පැහැදිලියි. ඒගැන හිතන්නේ නැතිව සිරිසේන පස්සේ යන්නේ ඔලුව නරක් වෙලාද?
    මහින්ද එළවා දාන්නේ දැන් නෙමෙයි. උන්ට ඕන කරන වෙලාවටයි. එය නොමිනේසන් එකට මොහොතකට කලින් වෙන්නත් පුලුවනි.

  3. SA Kumar Says:

    Why wait for 13th.nominations could be filed soon after signing.- to give second plan list !!!
    kaput MR !!!

  4. Metteyya_Brahmana Says:

    There could be strategic reasons for waiting until the 13th, but I do not know how anyone in the SLFP or UPFA can trust Maithripala given all that he has done thus far to help Ranil and the UNP, including his decision concerning the timing of this election and the dissolution of Parliament which both favor Ranil and the UNP.

  5. NeelaMahaYoda Says:

    ප්‍රසන්නටත් නාමයෝජනා නෑ?Mahinda must be now preparing to contest through ‘budding flower’???

    බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා දීමට පිරිසක් අකමැති බව දේශපාලන ආරංචි කියයි.
    ඔහුගේ නම ද නාමයෝජනා ලැයිස්තුවෙන් කැපී යෑමට බොහෝ දුරට ඉඩ ඇතැයි රණතුංග මහතාට හිතවත් පාර්ශ්වය කියයි.
    හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට ද නාමයෝජනා නොලැබෙන බව දැනගන්නට තිබේ.මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීම සදහා පැවති සටනේ පුරෝගාමී නායකයෙකු වන බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා ගම්පහ නාමයෝජනා ලයිස්තුවෙන් ඉවත් කරන ලෙස උපදෙස් ලැබී ඇත.

    වාර්තා වන ආකාරයට චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ උවමනාව ඇනුව මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මේ පිළිබදව නාමයෝජනා කමිටුවට අද දහවල් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාට ගම්පහ දිස්ති‍්‍රක්කයෙන්, සන්ධානයෙන් තරග වැදීම සදහා නාමයෝජනා නොලැබී යාමේ අවධානමක් මතුව තිබේ.

    මීට අමතරව ගම්පහ දිස්ති‍්‍රක්කයේ සමන්මලී සකලසූරිය, ගුණසිරි ජයනාත්, සහන් ප‍්‍රදීප්, ආනන්ද හරිස්චන්ද්‍ර, මෙරිල් පෙරේරා යන අය හටද නාමයෝජනා ලබා දීම ප‍්‍රතික්ෂේප කර ඇතැයි සන්ධානයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

    ගම්පහ දිස්ති‍්‍රක්කයේ නාමයෝජනා පත‍්‍රය අද උදෑසන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් සිය නිවසට ගෙන්වා ගෙන තිබේ. එහිදී ඇය සදහන් කර ඇත්තේ ප‍්‍රසන්න රණතුංග මහතාට අවස්ථාව ලබා දුන හොත් අර්ජුන රණතුංග මහතා මහ මැතිවරණයෙන් පරාජයට පත් වන බවයි.

    එබැවින් ප‍්‍රසන්න රණතුංග මහතාට මහ මැතිවරණයට කිසිසේත් නාමයෝජනා ලබා නොදෙන ලෙස, ඇය මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට දැනුම් දී ඇත. මීට අමතරව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීම සදහා සෘජුවම පෙනී සිටි පියල් නිශාන්ත, ලලිත් එල්ලාවල, සම්පත් අතුකොරළ වැනි පළාත් සභා මන්තී‍්‍රවරුන්ටද නාමයෝජනා නොලැබෙන තත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

    මේ අතර ඊයේ (07) රාතී‍්‍රයේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකඡ්ඡවේදී එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන මන්තී‍්‍රවරයා සන්ධානයේ මහින්ද හිතවාදී හිටපු මන්ති‍්‍රවරුන් 18 දෙනෙකුට නාමයෝජනා ලබා දීමට විරෝධය පල කර ඇත.

  6. NeelaMahaYoda Says:

    මහින්ද පිල හෙට හදිසි විශේෂ මාධ්‍ය හමුවක.. විශේෂ ප‍්‍රකාශයක්…
    දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිල ඇතුළු පක්‍ෂ නායකයින් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවාදී ශ‍්‍රිලනිප හිටපු මන්ත‍්‍රී පිරිසක් සහභාගී විශේෂ මාධ්‍ය හමුවක් හෙට නාරාහේන්පිට අභයරාමයේදී පැවැත්වෙයි.

    පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් එහිදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරනු ඇතැයිද පැවසේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress