මෛත්‍රිපාල අත්හරිමු 
Posted on July 8th, 2015

නලින් ද සිල්වා

අගමැති ධුරයට කෑදරකමින් ශ්‍රී ල නි පක්‍ෂය ද එ ජ නි සංධානය ද කඩාගෙන ගියේ මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු මොකක්දෝ පක්‍ෂයකින් හංසයා ලකුණෙන් විජාතික බලවේගවල ආධාරයෙන් ගියවර ජනාධිපතිවරණය සුළු ප්‍රතිශතයකින් ජය ගත්තේ ය. ඒ දෙමළ හා මුස්ලිම් ඡන්ද ද ජ වි පෙරමුණේ ඡන්ද ද ඔහුට තොගපිටින් වැටෙද්දී ය. ජ වි පෙරමුණට ඇති ඡන්ද තුන්ලක්‍ෂයක ප්‍රමාණය අවසානයේ දී තීරණාත්මක විය. මෛත්‍රිපාල බලයට පත් කිරීමේ පාප කර්මයෙන් එ ජා පක්‍ෂයට, දෙමළ ජාතික සංධානයට විවිධ මුස්ලිම් පක්‍ෂවලට මෙන් ම ජ වි පෙරමුණට හා ජාතික හෙළ උරුමයට ද මිදිය නො හැකි ය. 

මෛත්‍රිපාල බලයට පත් වූ විගස නීති විරෝධී ව රනිල් පික්පොකට් අගමැති ලෙස පත්කර පික්පොකට් කැබිනට්ටුවක් පත් කෙළේ ය. අගවිනිසුරු මොහාන් පීරිස් මහතා නීති විරෝධී ව ගෙදර යැවුවේ ය. අල්ලස් ලෙස ඇමතිකම් දෙමින් ආණ්ඩු පක්‍ෂයේ මෛත්‍රි කණ්ඩයමේ ශක්තිය වැඩි කර ගැනීමට ක්‍රියා කෙළේ ය. තම කණ්ඩායමේ මන්ත්‍රීවරුනට ගර්ජන මරදන කරමින් රනිල්ගේ සුළුතර ආණඩුව පවත්වාගෙන යෑමට ආධාර කෙළේ ය. රනිල්ගේ අවශ්‍යතාච මත කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය. මෙහි දී ඩිව් ගුණසේකර ද වරදක් කර ඇති බව පැහැදිලි ය. 
ඒ සියල්ලෙහි දී මෛත්‍රිපාල කටයුතු කර ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ ව ය. ඔහුගේ අනුගාමිකයෝ ද ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ ව වැඩ කළහ.  ඔවුහු අද ඊනියා සමගියක මුවාවෙන් නැවතත් එ ජා පක්‍ෂයට බලය ලබා දීමට කටයුතු කරති. ඒ අතර ශ්‍රී ල නි ප දුර්වල කරති. අද ශ්‍රී ල නි පක්‍ෂය ඇත්තේ මහින්ද සමග ය. මෛත්‍රිපාල සමග වැඩ කර ඇමතිකම් බදා ගත්තෝ ද මැතිවරණවල දී ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රී කණ්ඩායමෙන් ඉදිරිපත් වී තනතුරු බලාපොරොත්තු වූ නිවටයෝ ද මහින්දට විරුද්ධ වූහ. මේ නිවටයන් නොදැන සිටිය ද රටේ සිංහල ජනතාවගෙන් අති විශාල බහුතරය ද සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ද මහින්ද සමග සිටියහ.
අප කිහිප වතාවක් ම පෙන්නා දී ඇති පරිදි දේශපාලන බල තුලනය ජනවාරි 8 වැනි දා සිට ඉතා ඉක්මණින් වෙනස්වීමට පටන් ගත්තේ ය. නුගේගොඩ රැස්වීමට පෙර ද ජන ගඟ මහින්ද දිශාවට ගමන් කිරීමට පටන් ගත්තේ ය. තවත් පනස්හයක පෙර නිමිති පහළ විය. නිවටයෝ මහජන අප්‍රසාදයට ලක් වූහ. මහින්ද කණ්ඩායමට තනිව ම තරග කර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හැකි බව පෙනෙන්නට තිබිණි. 
එහෙත් එසේ නොදුටු කිහිප දෙනෙක් ද වූහ. ඔවුහු රනිල් අගමැති ධුරයේ දිගටම සිටියහොත් තම ජීවිතවලට අනතුරක් වන බව සිතුවෝ ය. ඔවුහු නිවටයන් සමග එක්වී මෛත්‍රිපාල හා මහින්ද සමගි කිරීමේ ද්‍රෝහී ක්‍රියා මාර්ගයකට එළඹියහ. මහින්ද වෙන ම තරග කිරීම පක්‍ෂය කැඩීමක් ලෙස හැඳින්වූහ. එසේ හැඳින්වූවෝ පක්‍ෂය කඩාගෙන ගිය මෛත්‍රිපාලගේ නිවට ඇම්බැට්ටයෝ ම වූහ. මේ නිවටයන් දැන සිටි කරුණ නම් මෛත්‍රි කණ්ඩායම වෙන ම තරග කළහොත් ඔවුන්ට කිසි දිනෙක ජයග්‍රහණය කළ නොහැකි බව ය.  නිවටයන් සැලසුම් කෙළේ මහින්ද සමග එකතු වී මහින්දගේ ඡන්දවලින් ජයග්‍රහණය කර පසුව මෛත්‍රිපාලගේ සුපුරුදු ද්‍රෝහි ප්‍රතිපත්තිය අනුගමනය කරමින් එ ජා ප සමග නැවතත් හවුල් ආණ්ඩුවක් පිහිටුවීම ය. මෛත්‍රිපාල ඇමතිකම් අල්ලස් දීමෙන් මහින්ද කණ්ඩායමේ මන්ත්‍රීවරුන් ද ඩැහැ ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියේ ය. 
සාමාන්‍ය ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට අනුව පක්‍ෂය කැඩී ගොස් නො තිබිණි. ඔවුන්ට අවශ්‍ය වූයේ මහින්ද ජයග්‍රහණය කරවීම ය. නිවටයෝ ද රනිල් බලයට පත්වුවහොත් ජීවිත නැති වේ යැයි සිතුවෝ ද මහින්දගේ කරපිටින් බලයට පැමිණ මහින්දට අගමැති කම නැතිකිරීමට සැලසුම් කළහ. ඔවුහු මහින්ද හා මෛත්‍රිපාල කණ්ඩායම් එකතු කිරීමේ ජනතා විරෝධී ක්‍රියාදාමයක නිරත වූහ. දේශපාලන බල තුලනයේ වෙනස හේතුවෙන්  මහින්දට සංධානයෙන් තරග කිරීමට ඉඩ දීමට නිවටයන් එකඟ වූයේ මහින්දගේ කරපිටින් බලයට පැමිණීමට ය.
ඔවුන්ගේ ද්‍රෝහි සැලැස්මේ පියවර කිහිපයක් වෙයි. පළමුවෙන් ම මහින්ද පිළ රවටා අවසාන දිනයේ දී ශ්‍රි ල නි පක්‍ෂය සංධානයෙන් ඉවත් වී සංධානය අහෝසි කර එහි අපේක්‍ෂකයන් අතරමං කිරීම ය. ඒ අතර නිවටයන් කිහිප දෙනකු එ ජා ප සංධානයකින් තරග කර නැවතත් රනිල් මෛත්‍රි දේශද්‍රෝහි ආණ්ඩුවක් පිහිටුවීම ය. දෙවනු ව සංධානයෙන් තරග කර හැකිතාක් මෛත්‍රිපාල හිතවාදීන් මන්ත්‍රීන් ලෙස පත්කරගෙන මහින්ද කණ්ඩායමෙන් ද කිහිප දෙනකු අල්ලස් දීමෙන් තමන්ට දිනාගෙන මහින්ද හා මහින්ද හිතවාදීන් නන්නත්තාර කර රනිල් මෛත්‍රි ආණ්ඩුවක් පිහිටුවීම ය. අද මේ සඳහා නාමයෝජනා පත්‍ර සකස් කිරීමේ දී මෛත්‍රි කණ්ඩායමට වාසි ලබා දෙන ලෙස නිවටයෝ ඉලලා සිටිති. මහජන බලවේගය ඇත්තේ මහින්ද සමග මිස පක්‍ෂයට ද්‍රෝහීවූ මෛත්‍රිපාල සමග නො වේ. අද මහින්ද වෙනුවෙන් පළමුවෙන් ම වේදිකාවට නැගි අයට, විශේෂයෙන් ම බස්නාහිර පළාතේ පළාත්සභා මන්ත්‍රීවරුන්ට, නාමයෝජනා නොලැබී මහින්දට ද්‍රෝහි වූවනට නාමයෝජනා ලැබෙන  තත්ත්වයක් උදා වී ඇත.
මේ ඉතා අයහපත් තත්ත්වයකි. මෛත්‍රිපාල ජනාධිපති ධුරය මෙන් ම පක්‍ෂ සභාපති ධුරය ද යොදා ගනිමින් අද උත්සාහ ගන්නේ උපක්‍රමශීලිව මහින්ද නන්නත්තාර කර රනිල් මෛත්‍රි ආණ්ඩුවක් පිහිටුවීම ට. මේ උත්සාහය පරාජය කළ යුතු ය. ඒ කළ හැක්කේ මෛත්‍රිපාල අත්හැර මහින්ද කණ්ඩායම තනිව තරග කිරීමෙනි. එවිට නිවටයන්ට එ ජා පක්‍ෂයෙන් නාම යෝජනා ලබා ගෙන හෝ මෛත්‍රිපාල පිළ ලෙස තනිව තරග කර නන්නත්තාර වීමට අවස්ථාව සැලසෙනු ඇත. මහින්ද කණ්ඩායමට තනිව තරග කළත් අද ජයග්‍රහණය කළ හැකි ය. නිවැරදි සටන් පාඨ මත පදනම් වුවහොත් ඔවුන්ට තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් වුව ද පිහිටුවීමට හැකි වනු ඇත. 
නලින් ද සිල්වා
2015 ජූලි 07

6 Responses to “මෛත්‍රිපාල අත්හරිමු ”

  1. Leela Says:

    සිරිසේන සත පහකට විශ්වාස කරන්න බැහැ. එනිසා මහින්ද අගමැති වෙන්න නම් මහින්ද මෙහෙය වන එජනි සංධානය දිනල විතරක් මදි. මහින්ද ගෙ චන්ද වලින් පත්වන සෑම මංත්‍රිවරයෙක්ම සියයට සියයක් මහින්ද ට පක්‍ෂපාතී විය යුතුයි. එ් කියන්නෙ එජනි සංධානයෙ අපේක්‍ෂකයින් අති බහුතරය මහින්ද පාක්‍ෂිකයිින් විය යුතුයි. නැතිනම් රට්ටුන්ට මහින්ද පාක්‍ෂික මංත්‍රි වරැ තෝරා පත් කරන්න විදිහක් නැහැ. තිලංඟ වගේ උන් සයිඩ් එකෙන් මංත්‍රිවරු වෙයි. ගිය සැරේ වගේම පැරදුන රනිල ව අගමැති කොරල බලයට කෑදර මහින්ද ගෙ මංත්‍රි ලට කනතුරු දීල උන්ගෙ පක්‍ෂපාතිත්වය කොල්ල කාල රනිල ගෙ අගමැති කම සිරිසේන ස්තීර කොරයි.

    ශ්‍රිලනි පක්‍ෂෙ රැක ගන්න කියල සිංහල ජාතියට දිවි නසා ගන්න ඉඩ දෙන්න බැහැ. සිරා කරන දේසපාලනය විහිලුවක් නොවෙයි. මේක චාන්ස් එකක් ගන්න පුළුවන් අවස්තාවක් නෙවෙයි. මහින්ද කන්ඩායම වෙනම පක්‍ෂය කින් චන්දය ඉල්ලිය යුතුයි. රට ජාතිය ට ජය නියතයි.

    සිරා සහ පර ගැති කල්ලිය කොටු කරමු.

  2. Senevirath Says:

    මහින්ද මගින් දිනා පස්සේ මහින්ද වීසි කරනවාමය් මහින්ද ඊට ඉඩ දුන්නොත් එය සිංහලයන් පාවාදීමක් මහින්ද ප්‍රතිකර්ම යොදන්න දිලාන් නිමල් ආදීන් බය ඉන්නේ උන් පරදෙය් කියල එකටය් මේ එකමුතු බොරුව

  3. charithsls Says:

    There seems to be trouble brewing with MS giving conditions to MR not to claim PM post. Best thing would be, MR to contest separately.Then I hope MR will join forces with BBS & JHU. Sailor Wijemuni is going to contest from BJP. If from my area I’ll vote for him, a brave Sinhalese who showed his passion publicly.MR can win only with Sinhala Buddhists votes & that should not allowed to be divided at any cost. If MR win with another party, SLFP is going to crash & that itself will be the ultimate blow, MR can inflict on MS.

  4. ranjit Says:

    I hope Mahinda will use his experience and take a good decision about his future and the future of his die hard supporters. Somehow we need him back to lead the country we love so much. We want Sinhala Buddhist to rule the country than a Christian Gays or any other.

    If people got fed up of this Jarapalana Govt within 6 months just imagine if they rule five long years what will happen to the country? This Achcharu Govt must be chased out immediately otherwise we will not have a country on our own. Just look around and see who is controlling our President and the Prime Minister and what was their demands? Western Govts and Indian parasites are all over the country. They walk,they talk,have discussions,give advise etc as if they own this country. Foreign interference is too much to handle and puppet Sira is doing nothing. How can a Grama Sevaka handle foreign policy without knowing anything. He is the guy who said Buckingham palace is in America. What a shame and what a President we have. I do not know how we can progress as a country under an idiot like him.

    Bring Mahinda our savior and the protector back to helm. We need a strong President.We need a President who has a reputation as a strong leader. We need a President who can answer the western bullies in their own language. We need a leader who loves his Motherland more than anything else. Ignore MS, Ignore S.L.F.P. and come back alone with a new party is the best thing to do now in my view.

  5. Dr.K Says:

    අද ජනතාවට අවශ්‍යවී ඇත්තේ රට ආරක්‍ෂා කරගැනීමය. ඔවුන් මහින්ද වටා රොක්වන්නේ ඒ කාර්ය ඉටුකරගනිමටය. ශ්‍රී ල ප පක්ෂයත් රටත් දෙකම ආරක්ෂා කරගැනීමට මහින්ද ප්‍රමුක කණ්ඩායම උත්සහ කලද MY3 ප්‍රමුක යහපාලන කණ්ඩායම උත්සාහ කරන්නේ මහින්දගේ කරපිටින් ගොස් ඔවුන්ගේ න්‍යාය පත්‍රයම ක්‍රියාත්මක කරගැනීමටය. මහින්ද ජනතාව පැත්තෙන් කල්පනා කොට තීරණයක් ගතයුතුව ඇත.

  6. S.A Says:

    සිරිසේන විස්වාශ කරන්නේ මොන ගොනාද?
    මහින්ද සන්දානෙන් ඡන්දය ඉල්ලන්න සිරිසේන ඉඩදෙනව කියල විස්වාශ කරන මේවගේ ගොන් බූරුවන්ට, ජනාධිපතිවරනයට ඉස්සරවෙලා සිරිසේන ආප්ප කාලා ගියහැටි මතක් වෙන්නේ නැත්නම් සිරිසේනගේ උගුලට මෙවරත් අසුවීම නම් කෙසේවත් නවතාලිය නොහැකිවෙයි. සිරිසේන අවසාන මොහොතේදී ගොනාට අන්දවන එක නතර කල හැක්කේ මීට පෙර මහින්ද ලඟට ගෙන්වාගෙන අගමැතිකම ඉල්ලා ගෙන ආවායයි විහිලුකල (රාජිත සමග කියාපු හැටි) කොහොමද කියල මේ ගොන්නුන්ට මතක් උනොත් විතරයි.
    චන්දිරිකා, රාජිත හා රනිල් සමග සිරිසේන ඉන්න විදියෙන් ඇමරිකාව හා ඉන්දියාව කියන දෙයට පිටින් යමක් සිරිසේන කරන්නේ නැති බව ඉතා පැහැදිලියි. ඒගැන හිතන්නේ නැතිව සිරිසේන පස්සේ යන්නේ ඔලුව නරක් වෙලාද?
    මහින්ද එළවා දාන්නේ දැන් නෙමෙයි. උන්ට ඕන කරන වෙලාවටයි. එය නොමිනේසන් එකට මොහොතකට කලින් වෙන්නත් පුලුවනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress