චම්පික රණවකට විවෘත ඇරයුමක් — කුරුවල් පොල් එපා!
Posted on July 9th, 2015

J.C.Ahangama

ගරු හිටපු ඇමතිතුමණි,

එ.ජා.ප. ය මහ බැංකුවේ කොල්ල කෑමට දායක වුනා:
කිසි කෙනෙක් ණයවල් තිබියදී ඒවායේ පොළිය අඩුකරවාගන්නේ නැතිව ඒවා එකතු කරලා වැඩි පොලියට වෙන ණයක් අරගෙන ඒවා ගෙවා දාන්නේ උන්මත්තකයෙක් නම් පමණයි.

මෙහෙම දෙයක් කළේ උතුරේ ඡන්ද ගන්න කළ ගනුදෙනුවක් නිසා කියා පේනවා. බටහිර ඉන්න ත්‍රස්තවාදයට හවුල් වූවන් කවුරුන්ද කියා අමෙරිකාවේ FBI මධ්‍යම පොලිසිය දන්නවා. බලාගෙන ඉන්නේ පොඩ්ඩ වැරදුනාම අල්ලාගන්නයි. එහෙම තමා රාජ් රාජරත්නම් හිරේට ඇරියේ. නඩුව දැම්මේ දැනදැන ආයතනය ඇතුලත කොටස් වංචා කරා (insider trading) කියලායි. නමුත් අවශ්‍ය වුනේ ත්‍රස්තවාදයට ගොඩගසාගත් මුදල් තියාගෙන සිටිය වග දන්න නිසායි. (ඇමරිකාව ත්‍රස්තයන්ගේ සල්ලි යන එන තැන් වතිකානුවට යනකම් සොයා බලාගෙනයි ඉන්නේ)

කේ. පීව ලංකාවට ගේන්න සතියකට පෙරදී ලෝකයේ ලොකුම හොර ආයුධ වෙළෙන්ඳා වන වික්ටර් බූට්ව තායිලන්තයේදී FBI එක ඇල්ලුවා. කේ.පී හිටියෙත් බැන්කොක් නගරයේමයි. එයා නූලෙන් බේරිලා වහාම ලංකාණ්ඩුවට භාර වුනා. ඉතින් රාජපක්‍ෂ ආණ්ඩුව ඔහුගේ සාක්කු සුද්ද කරගත්ත එක හොඳයි.

නමුත් යතාර්‍ථය දත යුතුයි. දමිල ත්‍රස්තයන්ට ඕනේ තම නම සුද්ද කරගන්නයි. නැත්නම් හැමදාම වටපිට බලබලා හොරෙක් වගේ ඉන්නයි වෙලා තියෙන්නෙ. ඒක කරගන්න පුළුවන් ලංකාණ්ඩුවේ උදව්වෙන් පමණයි. එකක්, ලංකාණ්ඩුව ත්‍රස්තයන්ට ලොකු තැන් දීලා පෙන්වන්න ඕනේ දැන් මුන් ත්‍රස්තය අතහැරලා කියලා. නමුත් අමෙරිකාවට ඒක මදියි. ඔවුන් බලාගෙන ඉන්නේ මොවුන් ළඟ තියාගෙන ඉන්න හොර සල්ලි කොහෙද තියෙන්නේ, කොහෙද යන්නේ කියලා සෙවිල්ලෙනුයි. අනික් ත්‍රස්තයන්ට නොලැබෙයි කියා ප්‍රත්‍යක්‍ෂවෙන්න පමණක් නොවෙයි, ලෝකෙට ත්‍රස්තය උගන්වන ජාතිය මොවුන් ය කියා ඔවුන් එලිපිටම කියනවා. ඉස්‍රායල් මොසාඩ් එකත් ඒ ගැන දන්නවා.

ඉතින් අහක යන කුණු ගොඩක් එජාපය අපේ ඔළුවේ දැම්මා. එජාපෙ දැන් කුරුවල් පොල්. කුණු වලට දැමිය යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් කුරුවල් පොල් කියන එක කිව මනාද? චන්ද්‍රිකාගේ ලන්ඩන් ගෙදර ආලින්දයේ ඉඳගෙන ඉන්නේ දමිළ ත්‍රස්තයිනුයි.

මේ දෙගොල්ලන්ම කුරුවල් පොල්!

ඉතින්, හිටපු ඇමතිතුමනි! ගණන් හදන කාලේ ඉවරයි. ගමින් ගමට ගිහිං කව්ද ගමේ අය පිළිගත් වැදගත් තරුණයන් / තරුණියන් 50 /50 තෝරාගෙන දාන්න ලැයිස්තුවක් එලියට.

පළාත් පාලන සභා හැදුවේ පාක්‍ෂිකයන්ට රැකියා දෙන්නයි. පුංචි රට ඇයි කඩන්නේ? ඒ ඒ ජාතීන්ට පාර්ලිමේන්තුවේම තම ජාතියේ අයිතීන් සඳහා කමිටු තබාගන්න ඉඩකඩ තියෙනවා. දමිළයාටත් හෙළයාට වගේම රටේ හැම අඟලක්ම සමව අයිතියි. ඉතින් තල්කොළ වැට ගහන්නේ ඇයි? 13A ගැන ලත වෙන්න එපා. මෙවර පත් වෙන අයගෙන් ජේ.ආර්. ව්‍යවස්ථාව සහ ඊට පස්සේ ආ සියල්ලම අහෝසි කරනවා කියා ප්‍රතිඥාවක් ගන්න එක තමා ඍජු ව්‍යවස්ථානුකූල විසඳුම. ඒක සුද්දයි, ඒ වගේම පැහැදිලියි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මේ රටේම හොඳට පැවතුන ක්‍රමයයි. යමක් වෙනස් කරන්නේ ඒක නරන නම් විතරයි. ඒ කියන්නේ අමෙරිකාවේ කියනවා වගේ, If it aint broke, don’t fix it යන්නයි. ජේ ආර් හිතුවේ ඒ කාලේ 50% වඩා ඡන්ද එජාපයට ලැබුන නිසා සදාකාලිකව එජාප රජය ගෙනියන්න හැකි වේවි කියලයි. නමුත් ඒක වුනේ නෑනේ?

අපිට ඕනේ ගෙමෙන් නියෝජිතයෙන් මන්ත්‍රණ සභාවය යවන්න. ඒ නිසා ඡන්ද කොට්ඨාශයේම වුරුදු 15ක් වාසය කළ අයට පමණක් ඡන්දය ඉල්ලන්න සුදුසුකම සීමා කල යුතුය. තව ප්‍රජාතනත්‍රවාදයේ සත්‍යයක් තමා All politics are local යන කියමන. ඒකටත් ප්‍රතිඥාවක් ගන්න.

අනික් ප්‍රතිඥාව විය යුත්තේ වචනයේ තේරුමට එරෙහිව වෙන රටක පුරවැසි භාවය තබාගන්න ඉඩ දීම නැවතීමයි. ‘වැසි’ කියන්නේ මොකක්ක්ද? Dual Citizenship එක අමෙරිකාව පටන් ගත්තේ අමෙරිකාවෙන් ගිය ඉස්‍රායල් ජාතිකයන්ට වුන බල කිරීමක් නිසායි. අමෙරිකාවේ පුරවැසි දිවුරුමට අනික් රටේ පුරවැසිභාවය යටයි. ඒ නිසා ලංකාවේ පුරවැසිභාවය ගන්න කෙනෙක් අනික් රටවල පුරවැසිභාවය අතහැරිය යුතුයි.

සමහර විට ජාත්‍යන්තර ගිවිසුම් වලට අස්සන් කිරීම නිසා රටේ ස්වෛරීභාවය ඒවාට යටවෙන්න  පුළුවන්.  ඒ නිසා හැම ජාත්‍යන්තර ගිවිසුමක්ම ඒකේ සංවත්සරයේදී යලිත් මන්ත්‍රණ සභාව අනුමත නොකළොත් අහෝසි වෙනවා කියා අළුත් නීතියක් අවශ්‍යමයි. දැන් ඇමරිකාව විසින් ආසියාවේ රටවල් කිහිපයක් එක්ක TPP: Trans Pacific Partnership කියලා ගිවිසුමක් ඇති කරගත්තා. ඒක අනුව ජාත්‍යන්තර සමාගම්වලට ආසියාතික රටවල්වල නීති නිසා තමන්ට වන හානි පෙන්වා ඒ ටරවල්වලින් වන්දි ගැනීමට ඉඩකඩ සදා තියෙනවා. මේ නිසා මෙම නීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම හදිසියි.

2 Responses to “චම්පික රණවකට විවෘත ඇරයුමක් — කුරුවල් පොල් එපා!”

  1. NAK Says:

    Mr.Ahangama,You are calling the wrong person. Pa.Cha. missed the bus this time and may never board the political bus.

  2. Christie Says:

    හීරලුවෙක් ආයෙත් අඳනකඩයක් දාගත්තොත් ඒකට මොකා කියලද කියන්නෙ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress