දහනායක කවු ද?
Posted on July 10th, 2015

නලින් ද සිල්වා

කීමට බොහෝ දේ ඇත. එහෙත් මැතිවරණයක් අභිමුඛයේ ඇතැම් දේ කීමට නො හැකි ය. අපි අගෝස්තු 19 වැනි දාට පසුව, මනාප ගණන් කර අවසානයේ, අලුත් ගමනක් යෑමට බලාපොරොත්තු වෙමු. මට ජීවත් වීමට එතරම් වයසක් ඉතිරි වී නැතත් වෙනත් කවුරුන් වුවත් ඒ ගමන යා යුතු ය. ශ්‍රී ල නි ප ඝාතනය කෙරී ඇත. 

ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක් කර කඩා කප්පල් කළ දෙදෙනෙක් වෙති. එක් අයකුට යන එන මං නැත. එහෙත් අනෙකා තවමත් ජනතාව මුළා කරයි. ජනවාරි 8 වැනි දාට පසු ඔහු කල්පනා කරන්නේ ජාතිකත්වයේ පක්‍ෂයේ නායකයා බවට පත්වීමට ය. ගමනක අවසානය මැයෙන් පළ වී ඇති ලිපියෙහි බණ්ඩාරනායක ඝාතනය හා ශ්‍රී ල නි ප ඝාතනය සංසන්දනය කෙරිණි. එහි දී මේ පුද්ගලයා හඳුනා නො ගැණිනි. ඔහු හඳුනාගත හැක්කේ දහනායක ලෙස ය. දහනායක බණ්ඩාරනායක ඝාතනයෙන් පසු අගමැති විය. එමෙන් ම ඔහුට  අවශ්‍ය මහින්දගෙන් පසු නායකයා වීමට ය. 
මම මහින්ද මෛත්‍රිපාල දුසංයෝගයට විරුද්ධ වෙමි. එයින් රටට වන්නේ විනාශයකි.  එයට විරුද්ධ වන්නන් යටත්විජිතවාදීන්, අධිරාජ්‍යවාදීන් ආදීන් ලෙස හැඳින්වීමේ වෑයමක් දැනටමත් ඇත. මෛත්‍රිපාලගේ යටත්විජිත විරෝධය අගොස්තු 18 වැනි දාට හෝ 19 වැනි දාට හෝ පසු දැනගත හැකි වනු ඇත. මෛත්‍රිපාලට අවශ්‍ය රනිල් අගමැති කිරීමට මිස මහින්ද අගමැති කිරීමට නො වේ. රනිල් යටත්විජිත විරෝධීයකු යැයි කියන්නෝ සිටිත් ද? නැති වන්නට ද බැරි ය. 
අපට මැතිවරණයේ දී මහින්ද හිතවාදීන්ට පමණක් මනාප ලකුණු කිරීමට ජනතාවගෙන් ඉල්ලා සිටිය හැකි ය. එහෙත් මහින්ද හිතවාදීන් නිශ්චිත ව හඳුනා ගැනීමේ නිර්ණායක අපට නැත. හිරුණිකා ප්‍රේමචන්ද්‍රට නාම යෝජනා ලැබී ඇත. සමන්මලී සකලසූරියට නාම යෝජනා නො ලැබිණි. සමන්මලී බොහෝ කැපවීමෙන් මහින්ද ආපසු ගෙන ඒමේ ව්‍යාපාරයේ කටයුතු කළා ය. හිරුණිකා මෛත්‍රිපාල වෙනුවෙන් එවැනි කැපකිරීමක් නො කළා ය. එහෙත් මෛත්‍රිපාල හෝ ඔහුගේ නියෝජිතයකු හෝ හිරුණිකාට නාම යෝජනා ලබා දීමට කටයුතු කර ඇත. සමන්මලී වෙනුවෙන් බලපෑමක් නොකෙරුණේ ඇයි? ඒ කුමක් වුවත් කිසිවකු හිරුණිකා මහින්ද හිතවාදියකු ලෙස හඳුනා ගනු ඇතැයි සිතිය නො හැකි ය. මහින්ද වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළ ජානක බණ්ඩාර ජාතික ලැයිස්තුවෙන් කැපිණි. ජානක වෙනුවෙන් බලපෑමක් කිරීමට කිසිවකු වී යැයි නො සිතමි. 
වෙල්ගම මහින්ද හිතවාදියෙකි. ඒ පිළිබඳ සැකයක් නැත. සාලින්ද දිසානායක ද මහින්ද හිතවාදියෙකි. දංගෙඩියට බෙල්ල දී වැඩ කළ මහින්ද හිතවාදීන් යම් පිරිසකට නාමයෝජනා ලැබී නැත. ශ්‍රී ල නි පක්‍ෂයෙහි එදා සිට සිටි ප්‍රසන්න රණතුංගට නාමයෝජනා ලබා දීම පහසු නො වී ය. එහෙත් වෙල් විදානේලාගේ අර්ජූන රණතුංගට කිසි ප්‍රශ්නයක් නොමැතිව නාම යෝජනා ලැබී ඇත. 
අදත් ජනතා බලය ඇත්තේ මහින්දට මිස මෛත්‍රිපාලට නො වේ. එහෙත් කේවල් කිරීමේ ශක්තිය ඇත්තේ මෛත්‍රිපාලට ය. ඒ ශක්තිය ඔහුට ලැබෙන්නේ කෙසේ ද? එය යටත්විජ්ිතවාදීන්ගෙන් ලැබෙන ශක්තියක් ද? දේශප්‍රේමීත්වයක් නිසා ලැබෙන ශක්තියක් ද? මහින්දගේ දුර්වල කමක් නිසා ලැබෙන ශක්තියක් ද? බැසිල් හා විමල් මගින් ලැබෙන ශක්තියක් ද? අප යටත්විජ්ිතවාදීන් වෙද්දී මෛත්‍රිපාල යටත්විජිත විරෝධීයකු ලෙස ජනවාරි 8 වැනි දා හා ඊයේ පෙරේදා අතර යළි උපන්නේ ද? එසේ යළි ඉපදී ඇත්තේ කිනම් දේශපාලන (පිරිමි) ගණිකාවකගේ ඇකයෙන් ද? 
අපි මෙවැනි දහසක් ප්‍රශ්නවලට සීරුවෙන් පිළිතුරු ලබා ගනිමු. හැකිනම් රනිල් නැවත පික්පොකට් අගමැති වීම වළක්වමු. ඒ අතර යටත්විජිතවාදීන් කවුරුන් දැයි හඳුනා ගනිමු. 
නලින් ද සිල්වා
2015 ජූලි 10

3 Responses to “දහනායක කවු ද?”

  1. Independent Says:

    “එහෙත් කේවල් කිරීමේ ශක්තිය ඇත්තේ මෛත්‍රිපාලට ය. ඒ ශක්තිය ඔහුට ලැබෙන්නේ කෙසේ ද? එය යටත්විජ්ිතවාදීන්ගෙන් ලැබෙන ශක්තියක් ද? දේශප්‍රේමීත්වයක් නිසා ලැබෙන ශක්තියක් ද? මහින්දගේ දුර්වල කමක් නිසා ලැබෙන ශක්තියක් ද? බැසිල් හා විමල් මගින් ලැබෙන ශක්තියක් ද? ”

    Moderator willing, let me declare that it is “මහින්දගේ දුර්වල කමක් නිසා ලැබෙන ශක්තියක් and බැසිල් හා විමල් මගින් ලැබෙන ශක්තියක් “. I am sure you agree.

  2. Christie Says:

    බොදු, කිතුනු සහ මුස්ලිම් සින්හලයින් ඉන්දියානු අදිරදයින් හා ඉන්දියානු පරපොඉසිතයින් හඳුනාගන්නතුරු සින්හල්යින්ට වන්නේද මොරිසියස් හා ගුයානා වල මුල්පදින්චි කාරයින්ට ගිය කලමය. අපි අපිඅතර රන්ඩු නවතා එක්වී ඉන්දියානු ජඩයින්ට එරෙහිව නැගීසිටීමට කාලය පැමින ඇත.

    දහනායකට වියාපාරික ඉන්දියානු පරපෝසිතයෝ රුපියල් සීය ගානේ දීල සීයක් ආසන වලට තරඟ කලේය.

  3. Independent Says:

    පැරදුනු 58 ලක්‍ෂයකට ජීවය පිඹ ජය මගට ගෙනා අභීත හඬ පෞර්ශය කොළඹ සටන අරඹයි..

    July 11, 2015 at 12:01 am | lanka C news

    පැරදුනු 58 ලක්‍ෂයකට ජීවය පිඹ ජය මගට ගෙනා අභීත හඬ පෞර්ශය කොළඹ සටන අරඹයි..
    ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෙවර මැතිවරණය සඳහා තරඟ වැදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් නාම යෝජනා බාර දී තිබේ.

    ඒ මහතා සිය ප‍්‍රචාරක කටයුතු ආරම්භ කරමින් කොළඹ දිස්ත‍්‍රික්කය පුරා අලවා තිබූ පලමු පෝස්ටරයයි මේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress