චම්පක හා වෙල් විදානෙ නියම තැන
Posted on July 11th, 2015

නලින් ද සිල්වා

ජනවාරි 8 වැනි දා සිදු වූයේ විප්ලවයක් යැයි රනිල් බෙරිහන් දෙයි. රාජ්‍ය නොවන පඬියෝ ද එයම කියති. මේ පඬියන්ගෙන් ඇතැමෙක් මාක්ස්වාදීහු වෙති. මාක්ස්වාදයෙහි ද සමාජ විප්ලව ගැන කියැවෙයි. රනිල් කියන්නේ මොන විප්ලවයක් ගැන දැයි පඬියෝ අපට කියා දෙත් ද? ඒ කුමක් වුවත් ජනවාරි 8 වැනි දා සිදු වී ඇත්තේ ප්‍රතිවිප්ලවයකි. අගොස්තු 17 වැනි දා ජනතාව මේ ප්‍රතිවිප්ලවය පරදවනු ඇත. ජනවාරි 8 වැනි දා සිදුවූයේ ප්‍රතිවිප්ලවයක් යැයි අප කියන්නේ එදින මෙරට සමාජ ප්‍රගතිය තාවකාලික ව වුවත් ආපසු හැරවුනු නිසා ය.

මේ ප්‍රතිවිප්ලවයට ආධාර කළ ආවැඩූවන් අතර චම්පක හා වෙල් විදානේ දෙදෙනෙක් පමණක් වෙති. චම්පකගේ අතීතය දැන සිටි අප ඔහු එ ජා ප සමග එකතු වන බව දැන සිටියෙමු. ඔහුට දැන් රනිල්ගේ පිහිට ය. චන්ද්‍රිකා නෝනා ද එංගලන්තයේ සිට පැමිණීමෙන් පසු රනිල් සමග එකතු වනු ඇත. කුරුඳු පොලු මංගල කලක සිට රනිල් සමග ය. 

චම්පක, මංගල හා චන්ද්‍රිකා 1994 මැතිවරණයේ දී සිටියේත් එකට ය. ඔවුන් සමග එදා වික්ටර් අයිවන් වැන්නෝ ද සිටියහ. අද ද ඔවුහු එකට සිටිති. එදා ඔවුන් එකට සිටියේ එ ජා ප පැරදවීමට යැයි කීවෝ ය.  අද ඔවුන් එකට සිටින්නේ එ ජා ප දිනවීමට ය. එදා සහ අද අතර වෙනසක් ඇතැයි සමහරුනට සිතෙනු ඇත. එහෙත් ඔවුන් එදා ද සිටියේ සිංහලයනට විරුද්ධව ය. ඔවුහු ඊනියා යුද්ධයට විරුද්ධ වූහ. සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයකට එකඟ වූහ. අද ද ඔවුහු රනිල්ගේ එක්සත් රාජ්‍ය අනුමත කරති. එක්සත් යනු එක්සේසත්වත් ඒකීයවත් නො වේ. 

මේ ප්‍රතිවිප්ලවකරුවනට අවශ්‍ය වූයේ මෙරට සිංහලයන්ට හිමි තැන අහිමි කිරීම ය. එහෙත් ඒ සාර්ථක නො වී ය. ව්‍යාජ සිංහල බෞද්ධකමක් තොල්වල පමණක් රඳවා ගනිමින් ප්‍රතිවිප්ලවකරුවෝ ජනතාව නොමග යැවූහ. ඔවුන්ට තවදුරටත් ජනතාව රැවටිය නො හැකි ය. චම්පක තම හිතවතුන් කිහිප දෙනා සමග තමන්ට නියමිත තැනට ගොස් ඇත. එයින් ජනතාවට වන අයහපතක් නැත. 

වෙල් විදානේ ද තමන්ට හිමි තැන තෝරා ගෙන ඇත. ඔහු හමුදාව මෙහෙයවා අනගි සේවයක් ඉටු කෙළේ ය. එහෙත් හමුදා මෙහෙයුම් අවසානයේ දී ඔහු ඊනියා සුදු කොඩි කතාවක් මගින් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු පිරිසක් පවා දුන්නේ ය. ඔහු ඒ පාවා දීම මත සිරභාරයට ගත යුතු යැයි 2010 ජනාධිපතිවරණ  සමයේ දී ම අපි කුරුණෑගල දී ප්‍රකාශ කෙළෙමු. අද ඔහු මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම සඳහා කොළඹින් ඉවත් වී එ ජා ප (ඊනියා යහපාලන පෙරමුණ) යටතේ කුරුණැගලට ඉදිරිපත් වීමට නියමිත ය. ඔහු අකිල විරාජ් දරුවාට එමගින් අපහාස කරන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට අපහසු ය. ඒ කුමක් වුවත් වෙල් විදානේ ද ඔහුට නියමිත තැනට පැමිණ ඇත.

මේ සියල්ල යමපාලන ප්‍රතිවිප්ලවයේ ප්‍රතිඵල ය. ඔවුන්ට තවදුරටත් ජනතාව රැවටිය නො හැකි ය. ජනතාව චම්පක ද වෙල් විදානේ ද ඇතුළු ප්‍රතිවිප්ලවකරුවන්ට අගොස්තු 17 වැනි දා අමතක නොවන පාඩමක් උගන්වා ඔවුන් දේශපාලන අනාථයන් බවට පත්කරනු ඇත. 

නලින් ද සිල්වා

2015 ජූලි 11

8 Responses to “චම්පක හා වෙල් විදානෙ නියම තැන”

  1. Independent Says:

    කරුණාකර පරලිමේන්තුවට ඇවිත් කෑගහන්න​. කියන් දේ මහ එකාටම කියන්න​- කැ ගහලා – ප්‍රසිද්ධියේ – කට වහගෙන් ඉන්න එපා , හාල් මැස්සන්ට බැනබැන.

    අපිට මනුශ්‍යයෝ අවශ්‍ය වී ඇත​. අපිට ඇත්ත යහපාලනය අවශ්‍ය වී ඇත​. බලු පාලනය යනු මහ එකා කියන කියන එකට එහෙයි කියා බඩ මහත් කර ගැනීමයි – ඒ පාලන දැන් ඇති.
    කෝටුවක් අරගෙන හරක් දක්කන්නෙක්, බල්ලන් මෙහෙයවන්නෙක්, සිංහලයා වෙනුවෙන් ප්ලෑන් එකක් ඇත්තෙක් නැතුව​ රට බල්ලාට යනු නියතයි.

  2. Ananda-USA Says:

    SERIAL TRAITORS, now ORPHANED and HOMELESS, BEGGING for REFUGE in the Un-Patriotic Non-National Party led by Ruinous Ranil! Even CBK has fled abroad to prepare her hideout in the UK as her REFUGE when the TSUNAMI hits!

    My, how LOW the MIGHTY giant-killers of six months ago have FALLEN!

    MORE GRIEF to COME YOUR WAY dear homeless backstabbers, as the Patriots of Mother Lanka Rally to her defence at the hustings on August 17, 2015!

    Hang your HEADS in SHAME … WRETCHES!

    ………………………
    Anti-Rajapaksa Front Formed With Sirisena’s Tacit Consent

    ColomboPage News Desk, Sri Lanka.

    July 11 (NIE) COLOMBO- To prevent former Sri Lankan President Mahinda Rajapaksa from coming back to power through the August 17 parliamentary elections, anti-Rajapaksa forces have formed a common front with the tacit consent and blessings of Lankan President Maithripala Sirisena.

    The United National Front for Good Governance (UNFGG) led by the United National Party (UNP) will be inaugurated at Temple Trees, the office of the UNP leader and Lankan Prime Minister Ranil Wickremesinghe on Sunday.

    The UNFGG has the blessings of President Sirisena, according to Saman Athaudahetti of the Lankan Prime Minister’s office.

    Athaudahetti told Express that Sirisena’s followers in the Sri Lanka Freedom Party (SLFP) and the United Peoples’ Freedom Alliance (UPFA), met the President late on Friday and told him about their plans to join a UNP-led front to oppose Rajapaksa who had been given an UPFA ticket to fight the election against Sirisena’s wishes.

    Sirisena and his supporters had quit the SLFP and UPFA ahead of the January 8 Lankan Presidential election and ousted Rajapaksa from the Presidency unleashing a massive campaign against his corrupt and authoritarian regime.

    When Sirisena confessed to his followers that he was isolated in the party and could not refuse tickets to Rajapaksa and his cohorts, his followers said that they are quitting to join other anti-Rajapaksa groups. Sirisena then said that they were free to go, and added that he was with them. “They have his blessings,” Athaudahetti said.

    President Sirisena is expected to make a statement after the nominations close on July 13, in which he is expected to ask voters to choose non-corrupt and non-authoritarian candidates as per the political parties’ pledge taken on March 12.

    Though it will be a “non-partisan” appeal from a “neutral” President, it will, in effect, be a signal to the people to prevent a Rajapaksa comeback. In a telling statement recently, Sirisena had warned that those who misuse public funds will be born as dogs in their next birth.

    Sirisena’s chief lieutenant and cabinet spokesman, Rajitha Senaratne, said that he will contest as a candidate of the UNFGG. He also said that the Jathika Hela Urumaya (JHU), will be part of the UNFGG. The Sri Lanka Muslim Congress (SLMC) and the Tamil Progressive Alliance (TPA) are already part of UNFGG. Rishad Bathiyutheen’s All Ceylon Makkal Congress (ACMC) is likely to join the anti-Rajapaksa grouping. The Tamil National Alliance (TNA) is expected to give the UNFGG support from outside.

    Among other prominent leaders to join, will be the founder of the Good Governance Movement, Ven. Maduluwawe Sobitha Thero; Pivithuru Hetak National Movement leader Ven.Athuraliya Rathana Thero, and 10 to 12 MPs from the SLFP. Forty nine civil society organizations and breakaway groups from the Lanka Sama Samaja Party and the Communist Party are also expected to support the UNFGG.

    Line Up And Issues

    The line up for the August 17 parliamentary elections will be more or less the same as it was for the January 8 Presidential elections and the issues will also be the same.

    While the UNFGG will play on the people’s fears about the return of Rajapaksa’s corrupt and dictatorial regime, Rajapaksa will tout his achievements in fighting terrorism, giving an effective government and putting the country on the path to development.

  3. Christie Says:

    Indian Imperialists will do what ever they can do maintain the status quo of the island nation. Keep the control of the island affairs in the hands of the minority Indian Colonial parasites as they always have. Sinhalese unite and fight the Indian Imperialists.

  4. Independent Says:

    Now, Nalin has not excuse not to accept SLFP nominated seat. Please honour your word

    Maithri going to hand over his SLFP leadership and step down

    Details Created on Saturday, 11 July 2015 16:15 Category: General

    Reports reaching Lanka News Web confirms that the current leader of the SLFP president Maithripala Sirisena is going to step down from his leadership. The president is going to make a special announcement on the 13th following the nominations.

    The reports further confirm following the resignation the president is going to be an independent person.

    However president Maithripala following the nominations to the former resident Mahinda Rajapaksa and his clan has so far not given any valid statements to generalize his decision. Due to his conduct the bilateral relationships and the goodwill Sri Lanka made following the January elections has been tampered. International political analysts say the outcome of this breakdown would be visible to Sri Lanka during the UNHRC session in Geneva in this coming September

  5. janakic Says:

    Mr. Rajapaksa must have a very strong UPFA election manifesto. He should mention that the salary/pension increases given by the current regime, (however burdensome to the economy), and the investigations currently in place will be upheld. The Central Bank fraud will be handed over to the legally appropriate investigation list.
    He should give timelines for appointments to the Commissions in the 19th Amendment. Specific statements should be made on Governance and rule of law. These to include a code of ethics for Ministers and MPS; electoral reforms; measures for honesty and integrity of the public administrative system; open govt., with regular press conferences on govt. policies/progress/Issues etc. development targets; 13th Amendment – (Police and Land Powers); External UNHRC Investigation, where internal investigation will be undertaken with UN ‘experts’ as observers provided information on allegations, which are now protected for 20 years are released to the Sri Lankan Govt; Preservation of public enterprises; and other important issues to the public.
    Mere motherhood statements; winning the terrorist war and the slogan that there would not be vengeance and all who had sinned would be pardoned will not be sufficient to cross the line.
    In fairness to the electorate and the interest of the country the above should be laid upfront for people to make a decision.

  6. Lorenzo Says:

    Janakic,

    AGREE.

    Without a KILLER SLOGAN, MR’s camp cannot win. ALL media supporting UNP crooks.

    Mahendran robbed 60 billion rupees and part of this will go to finance the UNP election campaign.

  7. ranjit Says:

    Let all the traitors get together and play musical chairs, the voter knows who is to be trusted and who is not so we shouldn’t be worried at all. All those who left S.L.F.P. were traitors who left the party for money. Once a peaceful country now in shambles because of this unpatriotic Govt. If the voter decide to bring back UNP to power then believe me we Sinhalese will not have a country to call home. Already the Tamils are boasting that, if UNP comes to power that they are going to remove Forces including police from the North. They have already started to celebrate Prabakaran’s Birthday and other functions related to LTTE.

    Sinhala Buddhists must rally together and work hard from village to village,city to city to educate the people in this country of the danger we will face if these traitors comes to power. Already they have allowed foreigners to interfere in our affairs freely. America,England and Indian parasites are cunningly planning to destabilize the country and take our war heroes to Hague. People must understand all this and the S.L.F.P. should explain very simply to the public all their wicked plans and who is behind this treacherous coup. Buddhist clergy must rally behind Mahinda and explain to the people of the danger looming across the land to our religion Buddhism and Buddhist culture from these foreign and local traitors. We must counter attack them in their own language for the ordinary people to understand. UNP is corrupt more than S.L.F.P. and the voter should be informed about their Mega deals in detail so that people will know the real truth about these liars and mudslingers. Vote for Mahinda our only hope.

  8. sarathk Says:

    දේශප්රේමී ආචාර්ය නලින් මැතිතුමනි, මේ ඊට කාලයයි; අවස්ථාවයි. ඔබට අවශ්යව ඇති කදිම අවස්ථාව උදාවී ඇත. රනිල් ප්රමුඛ බටහිර ගැති රට පවා දෙන්නන් දුර්මුඛ කර, ඔවුන් පාර්ලිමේන්තුව තුලම නිරුවත් කර සිංහල ජාතිකත්වය පාර්ලිමේන්තුවේ රජකරවීමට මේ අවස්ථාවයි; කාලයයි. ඔබතුමාගේ සැබෑ දේශප්රේමී හඬ පාර්ලිමේන්තුව තුල ගිගුම් දියයුතු කාලයයි. දැන් ඉතින් මාධ්ය තුලින් නැගූ හඬ හොඳටම ප්රමාණවත්. රට බෙර ගැනීමට ඒ අත්යාවශ්ය හඬ පාර්ලිමේන්තුවට ගෙන යායුතුය. ඔබගේ ස්ථාවරය ගැන ප්රකාශයක් කර ඔබතුමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමට දුන් අවස්ථාව බාරගන්න ලෙස ජාත්යාලයෙන් යුතුව ඉල්ලා සිටිමි. රනිල් ප්රමුඛ බොහෝ දේශපාලුවන් සිතන්නේ ඔබ මුල්ලකට වී බෙරිහන් දෙන අගුටුමිට්ටේකු ලෙසිනි. පාර්ලිමේන්තුවට ගොස් ඔවුන්ගේ අගුටුමිටි බවත් ඔබතුමාගේ යෝධ නැණ හැකියාවත් පෙන්වියයුතු අවස්ථාවයි. කේවට්ටයන් එලවා දැමීමට කාලයයි. කොටින්ට එරෙහිව යුධ පෙරමුණට යාමට නොහැකි වූ ඔබට ඊටත් වඩා හොඳින් කලයුතු වූ සටනට යෑමට අවස්ථාව ලැබී ඇත. කාලය එලඹී ඇත. අපේ රට ගලවා ගැනීමට ඔබතුමාට යෝධ ශක්තියත් දිර්ගයුෂත් පතමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress