මෛත්‍රීගේ බළලා මල්ලෙන් එළියට-මහින්දට එළපු දැළ සාර්ථකයි-විශේෂ ප්‍රකාශය නිකුත් වේ
Posted on July 14th, 2015

වත්ත වටේ රීපු මෛත්‍රී ගෙට පැන රෙන්නට පෙර එළවා දමයි! මහින්ද බලය අල්ලයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ නායකත්වයට පත්කරගෙන තිබේ.සිය පක්ෂය පරාජය කිරිම සදහා සිහිවිකල්වු අයෙකු මෙන් හැසිරෙන මෛත්‍රීපාල සිරිසේන වැනි අයෙකු කෙරෙහි විශ්වාසය තැබිම පදනම් විරහිත බවයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.

මිට අමතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිත්වයෙන් අද සවස වන විට මෛත්‍රී ඉවත් කොට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරිමට සන්ධාන විධායක සභාව මේ වන විටද තින්දුවක් ගෙන අවස්න් අතර ඒ සම්බන්ධයෙන් වු සාකච්ඡා මේ වනවිටත් පැවැත්වෙමින් තිබේ.

මේ අතර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වයෙන්න්ද මෛත්‍රී ඉවත් කිරිමට යොජනාවක් ඉදිරිපත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් තින්දුව ගැනිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්ද අද රාත්‍රීයේදී පැවැත්වෙන බව පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සදහන් කළා.

Courtesy Helabima.lk

මෙතෙක් කළක් කිසිදු ප්‍රකාශයක් සිදු නොකර ජනතාවගේ අපවාදයට ලක්වෙමින් සිටි මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා අද සවස මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මෙතෙක්කළක් නිහඬව සිට මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණීම වැලැක්වීම සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු පැහැදිලි කළේය.

මෙහිදී ඔහු දැක්වූ අදහස්වලට අනුව ඔහුම නායකත්වය දරණ ශ්‍රීලනිපය ප්‍රමුඛ සංධානය පරාදවන බවත් දිනුවත් අගමැතිකම දෙන්න ශ්‍රීලනිපයේ ඕනතරම් ජ්‍යෙෂ්ඨයන් සිටින බවත් පැවසීම මඟින් ඔහු දේශපාලන පක්ෂයක නායකත්වය දැරීමෙන් එම පක්ෂයට කිසිඳු වාසියක් නොවන අතර එක්සත් ජාතික පක්ෂයට වක්‍රව සහාය දක්වන බව ප්‍රකාශ විණි.

මහින්ද රාජපක්ෂ මහතාට ඇති විරෝධය එලෙසම පවතින බවත් තමා නාමයෝජනා ලබාදීමට අකමැතිවූ බවත් පැවසූ ජනපතිවරයා විස්වාසභංගය හරහා නැවතත් බලයට පැමිණීමට දැරූ උත්සාහය ව්‍යර්ථ කිරීම සඳහා පාර්ළිමේන්තුව විසුරුවාහැරි බවත් සංධානයේ සහ ශ්‍රීලනිපයේ බලය ඇල්ලීමට තිබූ අවස්ථාව අහිමි කිරීම සඳහා සංධානයෙන් නාමයෝජනා ලබාදීමට එකඟවූ බවත් මෙහිදී හෙළිකෙරිණ.

කුමන පක්ෂය ජයග්‍රහණය කළද ජනවාරි 08 වනදා ජයග්‍රහණය ආපස්සට හැරවීමට ඉඩ නොදී ඉදිරියට ගෙනයන නායකයෙක් පමණක් අගමැති කරන බවද  මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවාය.

———————————————–

LankaCnews

හිටපු ජනාධිපති මහින්ද රාපජක්‍ෂ මහතාට නාමයෝජනා දීමට තමන් තදින්ම විරුද්ද වූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ ජනාපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයේදී යළිත් පරාජයට පත් වන බවයි.

තමනට දුෂ්ටයා, පාවා දෙන්නා යයි පසුලගිය දින කිහිපත තුල ඇමතුනු ඇසුනසු බවත් වෙනත් කිසිදු ජනපතිවරයකුට තමනට තරම් අපහාස එල්ල නොවූ බවද ඔහු කියා සිටියේය.

‘මහින්ද රාජපක්ෂ අනාගතයේ දී දිගටම පරාජය වෙනවා. යළි පරදිනවා. ජනවාරි අට වැනි දා පරාජය වුණා වගේ. මහින්ද රාජපක්ෂට නාමයෝජනා දීම ගැන මම තදින්ම විරුද්ධ වුණා’ යයිද ඔහු එහිදී කියා සිටියේය.

සන්ධානය දින්නොත් අගමැතිකමට  ඕනෑ තරම් ජ්‍යෙෂ්ඨයන් පක්‍ෂයේ සිටින බවද ඔහු කීය. තමන් මේ මැතිවරණයේදී මධ්‍යස්ථව සිටිනා බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

One Response to “මෛත්‍රීගේ බළලා මල්ලෙන් එළියට-මහින්දට එළපු දැළ සාර්ථකයි-විශේෂ ප්‍රකාශය නිකුත් වේ”

  1. ranjit Says:

    Traitor you won by a coup not with the popular vote.Mahinda doesn’t need your support or backing.He has the backing of millions who loves this nation.Just piss of Maru Sira.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress