ජනාධිපතිතුමාගේ ප්‍රකාශය නිසා මහින්ද අගමැති කිරීමේ සටන වේගවත් වුණා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර
Posted on July 15th, 2015

Statment By Manusha Nanayakkara මාධ්‍ය සම්බන්ධීකාරක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළේ අගොස්තු 18 වැනිදාට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටි ප්‍රකාශය බවත් මෙම ප්‍රකාශයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ සටන ශක්තිමත්වී ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ විශේෂ  ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඊයේ කළේ මීට කලින් කරන්න තිබුණ ප්‍රකාශයක්. ඔහු මේ ප්‍රකාශය කිරීමට සූදානමින් සිටියේ අගෝස්තු 18 වැනිදායි. එහෙත් ඔහු කලින්ම තමන්ගේ ප්‍රකාශය ඉදිරිපත් කළා.

ජනාධිපතිවරයා තමන්ගේ ස්ථාවරය කලින්ම ප්‍රකාශයට පත් කිරීම නිසා මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවධූරයට පත් කිරීමට අවශ්‍ය නිවරදි පියවර ගැනීමට දැන් අපිට අවස්ථාව උදාවී තිබෙනවා. ඒ සදහා ජනතාවට අවශ්‍ය මගපෙන්වීමට හැකියාව ලැබී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පැහැදිළි බහුතරය එක්සත් ජනතා නිදහස්  සන්ධානයට අගොස්තු මාසයේ 18 වැනිදා වන විට ලැබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවීමේදී පාර්ලිමේන්තුවට තෝරා පත් කරන මන්ත්‍රීවරු කවුරුන්දැයි යන්න තීරණය කිරීමට ජනතාවට අවස්ථාව උදාවෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා බවට පත් කිරීමට සහාය ලබාදෙන මන්ත්‍රීවරු පමණක් තෝරා පත් කරගැනීමට  ජනතාවට දැන් හැකියාව ලැබී තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරවාහැරියේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංග යෝජනාව නිසා  බව ජනාධිපතිවරයා පැහැදිළිව පැවසුවා.  කෝප් කමිටුව හරහා රනිල් වික්‍රමසිංහ මහත්තයා හොරෙක්, දූෂිතයෙක් බව අනාවරණය වීම වලක්වා ඔහුට දණ්ඩ මුක්තිය ලබාදීම තමයි කර තිබෙන්නේ.

ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රකාශයත් සමග විජාතික බලවේග වලට යටවී සිටින ආණ්ඩුව පරාජය කර ජනතා හිතවාදී ආණ්ඩුවක් පිහිටුවාගැනීමේ ජනතා අවශ්‍යතාවය යළිත් මතුවී තිබෙනවා. වෙනදාටත් වඩා වැඩි හයියකින් මහින්ද රාජපක්ෂ  මහතා අගමැතිධූරයට පත්කිරීමේ සටන තීවෘ වී තිබෙනවා.

දහ නම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිකම තමන්ට උවමනා කෙනාට ලබාදීමට හැකියාව ලැබෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් හිමිවන කණ්ඩායමේ නායකයාට අගමැතිධූරය ලබාදිය යුතුයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගන්නවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතර මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂ මහත්තයා ඉල්ලා සිටි බව ජනාධිපතිවරයාම පැවසුවා. ඒ  අනුව මේ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගන්නේත් මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින මන්ත්‍රීවරු කණ්ඩායමක්. රටේ ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවීමෙන් පසුව ‍අගොස්තු 18 වැනිදාට රටේ අගමැතිවරයා බවට පත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.

මෙම පුවතට අදාල හඩ පටයද මේ සමග එවා ඇත. මේ සදහා ප්‍රමුඛතාවය ලබාදෙමින් ඔබ මාධ්‍ය ආයතනයේ පළ කර දෙන්නේනම් අතිශය කෘතඥ වෙමි.

 කසුන් රණසිංහ

මාධ්‍ය සම්බන්ධීකාරක

0718808704

5 Responses to “ජනාධිපතිතුමාගේ ප්‍රකාශය නිසා මහින්ද අගමැති කිරීමේ සටන වේගවත් වුණා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර”

  1. Christie Says:

    ඉන්දියානු අදිරදයත් එහි කූලියාත් අපේ රටේ පර්ලිමේන්තුව දැනටමත් සමච්චල්ලයට ලක්කරයි.

  2. jay-ran Says:

    July 15th, 2015 at 11:28 am

    MANUSHA,U R 1000% correct.
    Because, recently this TRAITOR MY3-NO SORRY ” GARU MAHINDA UTHUMAANANTA WAIRA KARANA HARAKA” UTTERED SOME NOSENCE AT A MEETING!
    THAT IS “THOSE WHO DO WRONG THINGS WILL BE BORN AS,ANIMALS-DOGS-RATS & CATS!!!
    THEN IN THAT CASE FOR CHEATING HIS OWN BOSS HAVING WORKED FOR MANY YRS,MAKING A COUP ATTEMPT WITH BATALANDA MINEEMARUWA AND THE WESTER HYPOCRYTS TO HAVE LAUNCHED A “””DIRTY-COUP:”” TO TOPPLE OVER THE GREAT UTHUMANO HON MAHINDA RAJAPAKSA’S PRESIDENCY “WILL BE BORN AS THE FIRST DOG”!!!
    Jada balla, Mahindageng KALAA,BEELA,OKKOMAMA KUPAADI WEDA KARAPU RAJITHA KIYANA WAL BALLAI,R W KIYAYANA BATALANDA MINEEMARUWAI EKKA SAHA CHAURA REJINAA KIYANAA KUPAADU<WESA GENITH EKKA EKATHUWELA,AVURUDU 3 k, KUMANTHRANAYA KARALA,RATA BERA GATHTHU UTHUMAATA APAHASA KARANTA THO MONA JADA BALLEKDA BOLA???????????????
    Langadeema,PILITHURU LEBEI!!!

  3. mahesh fernando Says:

    Jay-ran did a excellent explanation. It exposed true characters of this four traitors, namely MS, RW, CBK, and Rajitha.

    Mahesh Fernando from CA USA.

  4. ranjit Says:

    We all wish good luck to Mahinda and his followers with open heart. Traitor Sira must be expelled somehow.He is nothing but a rattle snake. Good that this poison mind is not in the election campaign of Mahinda. Let him dance with Pimpy Ranil and Belly dancer Choura with the money they get from their foreign backers. We want to know the truth about their connections to Foreign Govts and NGO’s. It’s a must because of their lies and finger pointing at Mahinda and the previous Govt.

  5. NAK Says:

    I.O.Sirisena!!! Kata ariyoth gama+ratama kanawa.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress