සරලම ජනතා තීරණය
Posted on July 15th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

අගොස්තු දහහත්වනදා මැතිවරණයට සියල්ල සූදානම්ය. තීරණය ජනතාව සතුය.  මැතිවරණය සදහා ප්‍රධාන වශයෙන් රට ත්‍රස්තවාදයෙන් මුදාගත් නායකයාත් රට ත්‍රස්තවාදිනට පාවාදුන් නායකයාත් ඉදිරිපත්වී ඇත. ඒ නිසා ජනතාවට තම තීරණය පහසුවී ඇත.

වසර 2002 දී අත්සන්කල ‘සටන් විරාම ගිවිසුම’ මගින් රටේ භූමියෙන් තුනෙන් එකකුත් මුහුදු තීරයෙන් තුනෙන් දෙකකුත් ත්‍රස්තවාදින්ගේ පාලනයට නතුකලේ රනිල් වික්‍රමසිංහයි. එමගින් ත්‍රස්තවාදින්ට ස්වයංපාලන රස විඳීමට සැලැස්වූ අතර අප උතුරට යනවිට බදුගෙවීමටද සිදුවිය. එසේ එකතුකල බදුමුදල් වලින් ත්‍රස්තවාදින් තවතවත් වෙඞි උන්ඞ හා බෝම්බ මිලදීගත් අතර ඒවාට බිලිවූ  සිංහල ජීවිත අපමනය. බුද්ධි අංශ පාවාදීමෙන් ත්‍රස්තයනට දකුණට බෝමබ ගෙන ඒමටත් ජනයා වැඞියෙන් ගැවසෙන ස්ථානවල ඒවා රිසිසේ ඇටවීමත් පහසුකර දෙනු ලැබින. මේ නිසා අම්මාට  හා තාත්තාට එකම වාහනයක යාම අවදානම්  වූයේ යන වාහනය බෝම්බකට ගොඳුරැවුවහොත් තම දරැවන්ට දෙමාපියන් දෙදෙනාම නැතිවන බැවිනි. ඒසේ සිදුවූ අවස්ථාද ඉතාමත් සුලබ විය. මේ රනිල්  වසර 2002  සිට 2004 කාලය තුල රට පාලනය කර රටට හිමිකල ‘ලෙගසිය’යි. වසර 2005 මැතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂයන් ජය නොලබන්නටත්, පැරදවිය නොහැකියයි රනිල් හා බටහිරයන් වහසිබස්  දෙඞූ ත්‍රස්තවාදය එතුමා වසර හතරක් තුල නිම නොකරන්නටත් අපි තවමත් පාරවල්වල බස්වල කෝච්චිවල ඥතීන්ගේ කෑලි ඇහිදිමින් මිහිදන් කරමින් සිටිනා ජාතියකි. අද තරැණයින්ට මේ ව්‍යාසනය ලෙහසියෙන් අමතක නොවන්නේ ඔවුන් ගිය පාසැල් අසල හිද ත්‍රස්තවාදි බෝමබවලින් ඔවුන් රැකගනු පිනිස තම දෙමාපියන්ටත් අපමන වෙහෙසක් විදින්නට සිදුවූ බව ඔවුන් හොදාකාරවම දන්නා බැවිනි. මහින්ද රාජපක්‍ෂයනුත් අපේ අභීත රණවිරැවනුත් එක්ව එදා අධිෂ්ඨාන කලේ මේ ත්‍රස්තවාදි උවදුර තවත් පරම්පරාවකට උරැම නොකරන බවයි. අප අද නිදහස්ව සාමයෙන් මේ දෙරණ මත අනෙකුත් ජාතින් සමග ජීවත්වන්නේ මහින්ද රාජපක්‍ෂයන් එදා ක්‍රියාවටනැන්වූ ඒ අභීත නොසැලෙන තීරණය නිසාය.

ත්‍රස්තවාදය තුරන් කිරීමෙන් පසුවද එතුමා බෙදුම්වාදය තුරන්කරනු රිසියෙන් උතුරැ නැගෙනහිර දෙපලාතේ කල සංවර්ධන කටයුතු නිසා අධ්‍යා‍පන හා සෙෳඛ්‍ය පහසුකම් ශ්‍රී ලංකාවේ අනෙකුත් පලාත්වල හා සමානවම ඇතිවූවා පමනක් නොව රැකියා අවස්ථාද නොඅඞුව  ත්‍රස්තවාදයෙන් බැට කෑ මුඵ රටටම උදාවූ බව නොරහසකි.

මුඵ ලෝකයේම එදා මෙදා තුර බිහිවූ දරැණුම ත්‍රස්තවාදයට එඞිතරව මුහුන දෙන අප හමුදාවේ මනසිකත්වය බිඳිනු පිනිස එදා රනිල් ප්‍රමුඛ බටහිර ගැත්තන් පැවසුවේ ‘ඕනෑම ගොනෙකුට යුද්ධ කලහැකි බව’ නොවේද?

අද සයිබර් අවකාශයෙත් වායු ගෝලයෙත් මුදා හැර ඇති මුසාවාද හමුවේ මහින්ද රාජපක්‍ෂයන් අපටත් රටටත් දිනාදුන් ජයග්‍රහණයන් අප නිතර නිතර සිහිකල යුතුව ඇත. එම ජයග්‍රහණයන් නොතිබුනේනම් අපි අද මැතිවරණයක් පවත්වනු ඇත්තේ රටෙන් තුනෙන් දෙකක හෝ ඊටත් අඞු ප්‍රදේශයක පමනය.

මැතිවරණය පවත්වන දින දක්වා ඉදිරි මාසයක පමන කාලය තුල ඔබට වායුගෝලය හරහා විකෘතිකල කතන්දරත්  සයිබර් අවකාශය හරහා අසත්‍ය දර්ශණත් නොඅඞුව මේ බටහිර ගැති රනිල් ප්‍රමුඛ නඞය මුදාහරිනු ඇත. එමගින් අප රට බටහිරටත් ත්‍රස්තවාදයටත් එරෙහිව මෙතෙක් දිනාගත් සියඵම ජයග්‍රහණයන් ආපසු හැරවීමට උත්සාහ ගන්නවා ඇත. පසුගිය ජනවාරි අටවනදා ජනාධිපතිවරණයේදිත් මොවුන් කලේ මෙයයි. රෑ වැටුන වලේ දවාලෙත් නොවැටීමට අපි වගබලා ගනිමු.

රටට ආදරය කරන අපගේ තිරණය ඉතාමත් සරලය. එය නොයෙකුත් නිර්ණායක මත පදනම්වී සංකීර්ණ කරගත යුතු නැත.  2009 වසරේ මැයිමස දහනමවනදා සිට අද වනතුරැ අප නිදහසේ සුලඟ විඳින්නේ මහින්ද රාජපක්‍ෂයන් තම දිවි නොතකා ගත් ඒ අභීත තිරණය නිසයි. එදිනට පසුවද අප රට ලෝකයේ අනෙකුත් රටවල් සමග ජයමාවතක ඉදිරියටම ගියාමිස රට හෝ ජාතිය අපහසුතාවයකට පත්වන කිසිවක් මහින්ද සමයේ සිදුනොවීය. සංවර්ධනය වන රටක්ව තිබූ අප රට සංවර්ධිත රටක තත්වයට උසස් වෙමින් තිබින. පසුගිය මාස හයතුල එම ගමන තරමක් අඞාල වූවත් නැවත එදෙසට අපට පියවර මැනීමට හැකිය. ඒ සඳහා අවශ්‍යවන්නේ ඔබගේ  සරල කැමැත්ත පමනි.

පසුගිය ජනවාරි අටවනදා ජනතා තීරණයට හිස නමා ඉතාමත් නිහතමානි ලෙස රටේ නායකත්වයෙන් සමුගත්` මහින්දගේ මුවින් සෑමවිටම පිටවූයේ සෙෳම්‍යය මුදු මොලොක් වදන්මය. ඔහු කිසිවිටෙක කිසිවෙක් අපහසුතාවයට පත්කලේ නැත. අවශ්‍ය සෑමතැනකම අභීතව නැගීසිටි මහින්ද රටත් ජාතියත් රැකගත්තේ ඔහුගේම පන මෙනි. එවැන්නන් සිටිනා දෙසින් හමන සුලඟද සිහිල්ය.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 ජූලි මස 15 වන දා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress