“මහා මහින්ද යුගයක්” සදහා සටන් වදිමු.
Posted on July 18th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

අද අප ජීවත්වන්නේ, ශ්රී ලංකා ඉතිහාසයේ තීරණාත්මක වකවානුවකයි. මේ වකවානුව තුලදී, මෙරට පුරවැසියකු වශයෙන් ඔබ දේශපාලනි්කව සිදුකරන සෑම ක්රියාවක් තුල මහා බලයක් ගැබ්වෙලා තියෙනවා. ඔබ සැම සතු මේ බලය එකතුව, ලබන අගෝස්තු මස 17 වෙනිදා මේ රටට එෙතිහාසික තීන්දුවක් ලබා දෙන්න නියමිතයි. ඔබ දෙන ඒ තීන්දුව විසින් මේ රට හා ජාතිය විනාශ කරනවාද නැත්නම් ගොඩනගනවාද? යන්න තීරණය කරනු ලබනවා.

මේ තීන්දුව, බලවත් තීන්දුවක්. ඒ නිසා ඔබට නිවැරදි තීන්දුවක් දීමට; පවතින තත්වයන් විසින් බලකර සිටිනවා. මුලු රටත් ජාතියත් ඔබ විසින් ගනු ලබන තීරණයේ නිරවද්යතාවය දෙස ඉතාම ඕනෑ කමින් බලා සිටින මේ අවස්ථාවේ, වැදගත්ම කරුණ වන්නේ, තමන් ගන්නා තීන්දුව, නිවැරදි තීන්දුවක් බව තේරුම් ගන්නේ කෙසේද යන්නයි. නිවැරදි තීන්දුවක්, රටත් ජාතියත් ඉල්ලා සිටියද, එවැනි තීන්දුව ලබාදීමට බලයක් අතැතිව සිටින ඔබ, ඒ සදහා සූදානම් නැත්නම්; අසරණ වන්නේ, රටත් ජාතියත් පමණක් නොව, මේ රටේ ජීවත්වීමට සූදානම්ව සිටින ඔබේද දූ දරු පරපුරයි. එබැවින් ඔබට කොහෙත්ම වැරදි තීන්දුවක් ගැනීමේ අයිතියක් නැත.

අද මේ රටේ සිදුවෙමින් පවතින්නේ සටනකි. හොද හා නරක අතර සිදුවෙන සටනකි. සත්ය හා බොරුව අතර සිදුවෙන සටනකි. යුක්තිය, සාධාරණත්වය හා අයුක්තිය, අසාධාරණත්වය අතර සිදුවෙන සටනකි. අප, අපට සාපේක්ෂව මේ අවස්ථාවේදී පෙනී සිටින්නේ, හොද සත්ය ගරුක, යුක්ති සහගත සාධාරණ සමාජයක් උදෙසා සිදුකරන සටන වෙනුවෙණි. පවතින සටනේ හටන් කලාව තුල අපූරු සිද්ධාන්ත රාශියක් තිබේ. ඒ සිද්ධාන්ත වලට අනුව, හොද වෙනුවෙන් සටන්කරන පිලට උරුමව ඇත්තේ හොදට සටන් කිරීම පමණි. ඒ අනුව එම පිල අතින් සතුරෙකුවත් මියදිය නොහැක. යම් හෙයකින් සතුරෙක් හෝ මියදුනොත් එය මහා ජාතිවාදී ක්රියාවකි. තවද එය බලවත් මානව හිමිකම් කඩකිරීමක් ලෙසද අර්ත ගැන්වේ. අප සටන් කරන විට සතුරාට ඇවැසි ආහාර අප විසිම සැපයිය යුතුය. සතුරාට ඇවැසි, ඉන්ධන සියල්ලම අප විසින් සැපයිය යුතුය. සටනේදී සතුරාට සිදුවෙන තුවාල වලට ඇවැසි සියලුම බෙහෙත් අප විසින‌් සැපයිය යුතු අතර, සතුරු බලකායන්ට ප්රතිකාර කරන වෙෙද්යවරුන් හා හෙදියන්ද ලබාදිය යුත්තේ සාධාරණ සමාජයක් උදෙසා සටන් වදින අප විසින්ම බල ගන්වන කණ්ඩායම විසිනි. නමුත් නරක, බොරුව, අයුක්තිය හා අසාධාරණය සමාජයක් ස්ථාපිත කිරීම සදහා සටන් වදින කණ්ධායමට සටන් කල යුතු ආකාරය සම්බන්ධව කිසිදු කොන්දේසියක් නැත. ඔවුනට ගම් වැදී මිනිසුන් කපා කොටා ඝාතනය කල හැක. මිනිසුන් පිරි බස්රථ පුපුරුවා හල හැක. ගුවන් යානා මිනිසුන් සමගම පුපුරුවා හල හැක. ඒ ඔවුන්, නරක, බොරුව, අයුක්තිය හා අසාධාරණය සමාජයක් ස්ථාපිත කිරීම සදහා සටන් වදින බැවිණි. එ් සතුරා විසින් අපේක්ෂා කරන සටන් සංස්කෘතියයි.

අද සතුරා විසින් මහා මැතිවරණයක් සදහා මේ රට පෙල ගස්වා ඇත. සතුරාගේ මැතිවරණය යනු නරියාගේ මගුල් ගෙදර වන්වූ ආකාරයේ සම්භාෂණයකි. සතුරා මැතිවරණය සදහා සියල්ල පෙල ගස්සවයි. මැතිවරණ කොමසාරිස්තුමා හා එම කාර්ය මණ්ඩලය, පොලීසිය, නීතිය හා නීතිය සුරකින උසාවි පද්ධතිය, රාජ්ය නොවන සංවිධාන ජාලය, ඉස්ලාම් පූජකතුමන්ලා හා පූජනීය ස්ථාන, ක්රිස්තියාණි හා කතෝලික පූජකතුමන්ලා හා පූජස්ථාන, හින්දු පූජකතුමන්ලා හා පූජස්ථාන, හා අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහා නායක සංඝ්යා වහන්සේලා දෙපාර්ශවය, හිටපු කොටි සාමාජික බලමුලු, වල මැතිවරණ සූදානම එක් පැත්තකින් දිස්වේ. දේශපාලනිකව,සතුරා එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, බොදු බල සේනා, යහපාලන එක්සත් පෙරමුණ, මුස්ලිම් කොන්ග්රසය, දෙමළ එක්සත් පෙරමුණ, ආදී වශයෙන් මෙරට ජාතික විමුක්ති අරගලයට එරෙහිවූද බලමුලු, සෘජුවම පෙල ගැස්සා ඇත. ඊට අමතරව ඇමරිකානු තානාපති සේවාවන්, ජර්මන් තානාපති සේවාවන්, නෝර්වේ තානාපති සේවාවන්, යුරෝපා සංගමයේ නිලධාරීන්, බ්රිතාන්ය තානාපති සේවාවන්, ඉන්දීය තානාපති සේවාවන් ජාත්යන්තර සහයෝගීතාවය සතුරා වෙනුවෙන් ලබාදීමට ඇස්පනාපිටම කටයුතු කරමින් සිටී.

වර්ෂ 2005 නොවැම්බර් මස 18 වෙනිදා ආරම්භ වූ ඒ එෙතිහාසික ජාතික විමුක්ති සටනේ වර්තමාන කාර්හභාරය ඉටු කරන පෙරමුණු බල ඇණිය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සටන් බිමට පිවිස ඇත. නමුත් මේ වනවිට සතුරා විසින් ඔහුගේ බලමුලුද එක්සත් ජනතා නිදහස් සන්ධානය තුලද ස්ථාන ගතකොට ඇති බැවින් මෙවර ඇත්තේ මීට පෙර මෙරට තිබූ ආකාරයේ මහා මැතිවරණයක් නොවන බව මෙරට ජනතාව වටහා ගත යුතුය. සතුරාගේ දැල අපේ සීමා මායිම් තුලටද එලා ඇති බැවින් අප පලමුව සන්ධානය තුල සිටින සතුරාගේ නියෝජිතයින්ව හෙලිකල යුතුය. ඒ සතුරන් හෙලිකිරීම හා හදුනා ගැනීම අප සතු වැදගත්ම කාර්යභාරයක් වේ. එය කඩිනමින් සිදු කල යුතුය. මේ අනුව මේ දේශපාලන පසුතලය තුල අපට කටයුතු කිරීමට සිදුව ඇත්තේ ඉතා සීමිත ඉඩ කඩක බව අප වටහා ගත යුතුය. ඒ ඉඩකඩ තුල කාර්යක්ෂමව විශාල භූමිකාවක් කිරීමට අපට සිදුව ඇති බැව් අවබෝධ කර ගත යුතුමය.

 සන්ධානයේ සභාපතිතුමා සතුරාගේ හොදම මිතුරාය. ඒ මිතුරුකම සුලුපටු මිතුරු කමක් නොවන බැවින්, සන්ධානයේ සභාපතිතුමාට සන්ධානයේ සතුරාව ජයග්රහණය කල යුතු බව කියා සිටී. මේ තත්වය බොහෝ විට සිදුවන්නේ ක්රිකට් ක්රීඩාවේදීය. කණ්ඩායම් නායකයා පරාජය සදහා ක්රීඩා කිරීමට අප මැච් ෆික්සින් යයි කියමු. වර්තමාන ජනාධිපතිතුමාට ලෝක වාර්තාවක් තබමින් “ඉලෙක්ෂන් ෆික්සින්” නම්වූ නවතම දේශපාලනයක් සිදුකිරීමට සිදුව ඇත.

මෙවන් පසුබිමක් තුල අපට අපේ සටන සිදු කිරීමට සිදුව ඇත. අප වටා මහා බලගතු මිනිස් පවුරක් සිටී. ඒ කිසිදු ලාභ ප්රයෝජනයක් උදෙසා නැගී සිටින පරපුරක් නොවන බැවින් එම පවුරේ අන්තර්ගතය අති ප්රභලය. කඩුවක් ඇවැසි තැන; කඩුවක් ගෙන නැගී සිටීමට මේ මුලුමහත් පවුරම එකාවන්ව සූදානම් බැවින්, එවන් බලයක් ඉදිරියේ කුමන සතුරෙකුට වුවද අත්වෙන ඉරණම පරාජයයි. අප නියෝජනය කරන බලමුලුව,ප්රඥාවන්තය, බුද්ධිමත්ය, උගත්ය.  එබැවින් අපි බලවත්ය ඒ බලවත්කම විසින් මහින්ද රාජපක්ෂ මහා සෙන්පතියා සමග වැටුණ රට යලි ගොඩනැංවීම සදහා සූදානම්ව සිටී. අද මහින්ද රාජපක්ෂ යනු පුද්ගලයෙකු නොව, අමරණීය බලවේගයකි. එබැවින් වියරු වැටුණ සතුරා, සෑම දේශපාල තලයකදීම මුමුණන්නේ මහින්ද රාජපක්ෂ නම්වූ ඒ මහා දැවැන්ත ප්රතිරූපයට එරෙහිවය. මහින්ද රාජපක්ෂ භීතිකාව තුල පීඩාවට පත්ව සිටින සතුරාට එරෙහිව සටන් වැද, ජයග්රාහීව “මහා මහින්ද යුගයක්” මේ රටතුල ස්ථාපනය කොට, සියලු සතුරු මූලාශ්ර විනාශ කොට, සැබේ නිදහස් නිවහල් දේශයක් ගොඩනංවමු.

 ” අධිරාජ්යවාදයට හා ඉන්දීය දේශ ව්යප්තවාදයට විනාශය ජනතාවට විමුක්තිය! “

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

 

5 Responses to ““මහා මහින්ද යුගයක්” සදහා සටන් වදිමු.”

  1. ranjit Says:

    There are millions like you Chandrasena who really loves this nation and ready to die even, for the cause of freedom and peace. We should not allow foreign invaders and our local traitors to take our freedom and destroy the unity of the Sinhala people. Buddhist clergy must take the lead like old days to protect the land from these foreign backed UNPer’s and their evil coalition gang of foreign paid servants of the west.

    As you have mentioned it’s a very dangerous situation we are going to face between now and the election time because of too much interference of foreign Govts and the amount of money floating around the country to support the UNP election campaign. We have to defeat the Imperialists and the Indians who openly back the UNP corrupt Regime at all cost. Mahinda and his support group including Buddhist clergy should start from grass root level to educate the people about these Jarapalanaya and their future plans in detail including their big time corrupt deals and foreign involvements. They might try to steal the election like last time and the true sons and daughters of this land should keep awake to stop their frauds. I hope people who loves this land than their stomach will use their heads this time and give their vote to the true son of Motherlanka who has come back to free our nation.

  2. chandrasena Pandithage Says:

    Thank you very much Ranjith. One day we will meet at our destination. Thank you again.

  3. Hiranthe Says:

    Dear Chandra,

    It don’t seem easy this time from the information I am getting. What I can see is majority are still in deep sleep after eating the sweet lies of Yahapalanaya. They don’t know that during their sleep all their belongings are getting looted and they will be nearly naked, and no where to run and hide.

    During 2005, they had the fear of bombs and the enemy was clearly visible. They saw bomb explosions in dreams. This time our people don’t believe that there is a threat and the Mother Lanka is in great danger. The majority thinks that it is a lie and fabricated stories of a few who are trying to come back to power to steel the rest of the countries wealth.

    It is a grave situation. We should approach grass root level.. but they are busy with their day to day mundane duties and they simply want to hear what Anura Kumara and the clan says ” These foreign threats are all fabricated and no separatism in the North and MR is trying to come back to finish the rest of the country and earn for the rest of the team” and so on…

    Specially when Malwathu and Asgiri supports the Ranil camp they think that all the threats to our national security are false and fabricated stories.

    This will be the biggest betrayal by maha sanga in the event we cannot bring back MR.

    We need more material evidence to prove the truth to these short sighted, SODA BOTTLE type, sleeping nation.

  4. chandrasena Pandithage Says:

    Dear Hirantha,

    Thank you very much for your comment on this article. As you mentioned this is not an easy task.. But it is our duty to drive this country out of danger. According to our thinking pattern there are 6.2 million unwanted people are living in this soil. These people are really our enemies. These people do not trust the given information by their own sense. Our duty is to drive our patriotic in correct path. That is what we do at this period. Your understand is perfectly correct on these people’s mentality. You and we together in one mental plain and our destination is to live in developed Sri Lanka. The destination is not very far. We will meet at that point. Once again thank you very much.

  5. Hiranthe Says:

    Dear Chandra,

    Agreed, we should apply full force from multiple directions.. Time is short but as you said we will meet at that point.. We have to keep on pounding the sleeping giants without getting discouraged. What you are doing in this regard is greatly appreciated.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress