අනුරපුරයෙන් ඇසුණු නවතම ගීතය
Posted on July 19th, 2015

අනුරාධපුරයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන විජයග්‍රාහී පළමු රැස්වීමේ වාදනය වුනු මහින්දාගමනයේ නවතම ගීතය ඔබත් අසන්න.

සමොනොළ මහා කන්ද උසට
බලාපොරොත්තුව රටටම දැනෙනවා
බොල් පිළිමෙට පණ දෙන්නට
පණ ඇති මිනිසා පොළවට වඩිනවා

එකම රටක් එකම දැයක්
අපේ කමට අපේ රටක්
නාගදීපයේ බුදුරැස් විහිදෙනවා
අප්පච්චී ගෙදර එන්න
උතුරු කොනෙත්
දකුණු කොනෙත්
නැගෙනහිරත්
දරුවන් බලා ඉන්නවා

දකුණේ අහසින් පොළවට
වැටෙන කදුළු අහුලාගෙන
කන්කසන්තුරේ මුහුදට – විසිකෙරුවා

රළ පිට රළ ගුගුරුවාන
පොළවෙන් අහසට විසිවෙන
ජයසක් හඩ ලෝකයටම – හඩ නැගුවා

බිය නොවන්න
මව්බිම හෙට
පර ගැති හිත් පරදන්නට
පණ ඇති මිනිසා නැවතත්
මහපොළවට වඩිනවා

ගේය පද : Sanjaka Prasad Dolewaththa
ගායනය : Dimuthu Kalinga

ගේය පද : Sanjaka Prasad Dolewaththa
ගායනය : Dimuthu Kalinga

 

 

 

 

 
 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress