ඇයි මහින්දට මෙච්චර බය?
Posted on July 19th, 2015

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු Courtesy Mawbima

“ඇයි මහින්දට මෙච්චර බය?”
ඒ පසුගිය දින කිහිපය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාක්ෂිකයන් අතර පමණක් නොව යූ.ඇන්.පී. හා ජ.වි.පෙ. පාක්ෂිකයන් අතරද ප්‍රබලව කතාබහ වුණු මාතෘකාවකි.

අගෝස්තු 17 වැනිදා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 8 වැනි පාර්ලිමේන්තුව සඳහා ජනතා නියෝජිතයන් තෝරා ගැනීමටය. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ප්‍රතිපත්ති ප්‍රකාශ ගැන යම් යම් ආකාරයෙන් කතාබහ කළද ඔවුන්ගේ වේදිකාවල ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේදී ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිත වුවත් ඔවුන්ගේ වේදිකාවලද ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාය.

එක්සත් ජාතික පෙරමුණෙන් තරග වදින රාජිත සේනාරත්නලා, චම්පික රණවකලා, අර්ජුන රණතුංගලා, හිරුණිකා ප්‍රේමචන්ද්‍රලාගේ පමණක් නොව ඔවුන්ගේ අගමැති අපේක්ෂක වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද කතා කරන්නේ මහින්ද රාජපක්ෂ හා ඔහුගේ රෙජීමය ගැනය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දිස්ත්‍රික්ක දෙකකට තනිව තරග වැදුණද ඔවුන් වැඩි දිස්ත්‍රික් ප්‍රමාණයකට තරග වදින්නේ එක්සත් ජාතික පෙරමුණ යටතේය. රවුෆ් හකීම් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකයා ප්‍රකාශ කරන්නේද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජය කළ යුතු බවය.
බස්නාහිර ජනතා පෙරමුණේ මනෝ ගනේෂන්, කඳුකරයෙන් එක්සත් ජාතික පෙරමුණට එක්ව සිටින පී. රාධක්‍රිෂ්ණන්, පලනි දිගම්බරම් කියන්නේද මහින්ද රාජපක්ෂ ගැනය.
පසුගිය 14 වැනිදා සවස් කාලයේදී රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කතා කළේද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පිළිබඳවය.
ඒ ආකාරයෙන් බලන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගැන අඩුවෙන්ම කතා කරන්නේ උතුරු පළාතේ දේශපාලන පක්ෂය. විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය වැඩිපුර කතාකරන්නේ ඔවුන් සමඟ තරග කිරීමට පැමිණ සිටින අනෙක් දේශපාලන පක්ෂ ගැනය.

පාර්ලිමේන්තු මහ මැතිවරණයක් යනු රටේ ඉදිරි ගමන පිළිබඳ තීරණය කරන ඉතා වැදගත්ම කාරණයයි. ඒ ගැන කොතෙකුත් කතා කළ යුතු මාතෘකා ඇද්ද? නමුත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගැන පමණක් කතා කිරීමට තරම් දේශපාලන මාතෘකා එක් පුද්ගලයකු වටා පමණක් ලඝු වී තිබෙන්නේ ඇයි?
හරි නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගැන වැඩිපුරම කතා කළ යුතු දිනය උදාවීමට නියමිතව ඇත්තේ අගෝස්තු 20, 21 යන දිනවලදීය. ඒ ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ අවසාන දින කිහිය තුළ සිදුවූවා යැයි කියන සිද්ධිවලට අදාළ ජිනීවා මානව හිමිකම් කොමිසම් වාර්තාව නිකුත් වීමට නියමිත නිසාය. වාර්තා වන තොරතුරුවලට අනුව නම් 42කින් යුත් ලැයිස්තුවේ අංක 1ට තිබෙන නම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේය. කොටි හිතවාදීන්, බෙදුම්වාදයට සහාය දෙන කණ්ඩායම් සහ ඇතැම් අධිරාජ්‍යවාදී රටවලට කෙසේ හෝ අවශ්‍ය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට කෙසේ හෝ රැගෙන යෑමටය. ඒ සඳහා මහින්ද රාජපක්ෂ අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම පරාජය විය යුතුය. ඔහු නැවත අගමැති තනතුරට පත්වුවහොත් බෙදුම්වාදයට උඩගෙඩි දෙන අයගේ සියලුම සිහින බොඳ වන්නේය. මහින්ද රාජපක්ෂ අගෝස්තු 18 වැනිදා ඡන්ද ප්‍රතිඵල නිකුත් වන විට මේ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්ව සිටියොත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට රැගෙන යෑමට නොහැකි වනු ඇත.

එතකොට ඇත්තටම මහින්දට බයවී ඉන්නේ කවුද? ඒ කුමක් නිසාද යන කාරණය තරමක් දුරට දැන් වැටහෙනු ඇත. මහින්ද රාජපක්ෂ යළිත් බලයට පැමිණෙනවාට වැඩිපුරම අකැමැත්තෙන් සිටින්නේ දෙමළ ඩයස්පෝරාව හා කොටි හිතවාදීන්ය. ඔවුන්ට අවශ්‍ය ගියවර ජනාධිපතිවරණයට බලපෑම් කළ පරිදි මෙවරද බලපෑම් කිරීමටය. නමුත් උතුරට එතරම් බලපෑමක් කිරීමට අවශ්‍ය නොවන්නේ දෙමළ ජාතික සන්ධානය ඡන්දයට වෙනමම තරග වදින නිසාය. එවිට උතුරේ බහුතරයකගේ ඡන්දය හිමිවන්නේ ඔවුන්ටය. එම නිසා දෙමළ ඩයස්පෝරාවට හා කොටි හිතවාදීන්ට අවශ්‍ය වී ඇත්තේ දකුණට බලපෑම් කොට මහින්ද පරාජයට පත් කිරීමටය. ඒ සඳහා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන දැන් සිටම වැඩ පටන් ගෙන ඇත්තේ මේ නිසාය.

ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ පරාජයට පත්වුණේ සුළුතරයගේ බහුතරය ඔහුට නොලැබුණු නිසාය. රටේ බහුතරයේ බහුතරය ඔහුට ඡන්දය ලබාදුන්නත් රටේ සුළුතරයේ බහුතරය ඔහුට විරුද්ධ විය. එසේ නොවන්නට වැඩි ඡන්ද ලක්ෂ 2 1/2කින් පමණ ජනාධිපතිවරණය මෙවර ජයගන්නේ මහින්ද රාජපක්ෂය.
හංසයාට ලැබුණු ඡන්ද ලක්ෂ 62න් මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන්ට අහිමිවී ඇත්තේ පක්ෂ කිහිපයක් වෙන් වෙන්ව තරග වැදීම නිසාය. දෙමළ ජාතික සන්ධානය වෙනම තරග කිරීම හේතුවෙන් ඡන්ද ලක්ෂ 7ක් පමණ හංසයාගෙන් කැඩී ගොස් ඇත. ජනතා විමුක්ති පෙරමුණ වෙනම තරග කිරීම නිසා ඡන්ද ලක්ෂ 6ක් පමණ ඔවුන්ගෙන් කැඩී යන්නේය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනම තරග කිරීම නිසා අවම වශයෙන් ලක්ෂ 2ක්වත් ඔහු සමඟ වෙන්වන්නේය. එවිට අවම වශයෙන් ඡන්ද ලක්ෂ 62න් ඡන්ද ලක්ෂ 15ක් ඉවත් වීම නිසා මෙවර එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තු මහ මැතිවරණ සටන් පටන් ගැනීමට සිදුවී තිබෙන්නේ ඡන්ද ලක්‍ෂ 47ක් තබාගෙනය. මහින්දගේ ඡන්ද ලක්‍ෂ 58න් කිසිවකු ගැලවී ගොස් නැත. නමුත් අවම වශයෙන් ඉන් ඡන්ද ලක්‍ෂ 3ක් වෙනස් වී ඇතැයි උපකල්පනය කළහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණ සටන ආරම්භ කරන්නේ ඡන්ද ලක්‍ෂ 55ක් තබාගෙනය. එසේ බැලුවොත් මහින්ද සිටින්නේ ඡන්ද ලක්‍ෂ 8ක් රනිල්ට වඩා ඉදිරියෙනි.

නමුත් මහින්දගේ ඡන්ද ගොඩ තවත් වැඩි වීමට ඉඩ ඇති බව තර්කානුකූලව පෙන්වා දිය හැකිය. මේ සියලු තත්ත්වයන් මත අගමැති සටනට ඉදිරිපත් වී සිටින්නේ මහින්ද හා රනිල්ය. මහින්ද හා රනිල් වත්මන් ඡන්ද පදනම සමඟ සසඳන විට ගියවර හංසයාට ලබාදුන් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් මේ වන විට මහින්දගේ ගොඩට වැටෙමින් පවතී. ඊට ප්‍රධානතම හේතුව මහින්දට එල්ල කරන ප්‍රහාරයන්ය. පෙර සඳහන් කළ පරිදි හැම දේශපාලන වේදිකාවවම දිගහැරෙන්නේ මහින්දගේ පැටිකිරියයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය මහින්දගේ පෞරුෂය ගැන කතාකරන්නේ මහින්ද ඔවුන්ගේ අගමැති අපේක්‍ෂක නිසාය. නමුත් එක්සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තම තමන්ගේ ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාවට නැංවීම ගැන කතා කරනවාට වඩා කතා කරන්නේ මහින්දට එල්ල කරන චෝදනා පිළිබඳවය.
“මහින්දට නාම යෝජනා ලැබෙන එකක් නැහැ. සන්ධානයෙන් නොලැබුණොත් මහින්ද වෙනම කඩාගෙන යයි” මේ කතාව මාස කිහිපයක්ම දේශපාලන වේදිකා රත්කළ ප්‍රධාන මාතෘකාවක් විය.

“මහින්දට දුන්නත් අගමැති අපේක්‍ෂකත්වය ලබා දෙන්නේ නැහැ” ඉන් පසුව කියැවුණේ ඒ මාතෘකාවයි.
“මහින්ද දිනුවට අගමැතිකම දෙන්න ඊට වඩා ජේ‍යෂ්ඨයන් ඕන තරම් ඉන්නවා” මේ දැන් කතාබහ වෙන අලුත්ම මාතෘකාවයි. එය ප්‍රකාශ කළේ එසේ මෙසේ කෙනෙක් නොවේ. විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ බව ප්‍රකාශ කළේ මෛත්‍රිපාල සිරිසේන වර්තමාන ජනාධිපතිවරයාය.
මේ ප්‍රකාශයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා යම් යම් තීරණ ගැනීමට ගිය අවස්ථාව වැළකුණේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙම කැඳවීම සඳහා අධිකරණයට ගොස් අතුරු තහනම් නියෝගයක් ලබාගත් නිසාය.

“මහින්දට එන්න දෙන්නෙම නැද්ද? ඒ ඇයි? පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කියන විදියට කොටි නායක ප්‍රභාකරන්ටත් වඩා මහින්ද රාජපක්‍ෂ දරුණුය. ඒ නිසාද මහින්දට මේ තරම් බැරියර් දාන්නේ?” කියා මෙහෙම දැන් සිතන්න පටන් අරගෙන තියෙන්නේ ජනවාරි 8 වැනිදා හංසයාට කතිරය ගැසූ නව පරපුරේ අලුත් ඡන්ද දායකයන්ය. වැනෙන ඡන්ද දායකයන්ය. මේ දිනවල ෆේස්බුක් බලන විට හංසයාගෙන් මහින්දට හැරුණේ ඇයි කියා ප්‍රකාශ නිකුත් කරමින් මුළු අන්තර්ජාලය වසාගෙන සිටින්නේ මහින්දවාදීන්ය.
රටේ පොදු මහජනතාව මේ කරුණු තේරුම් ගනිමින් සිටින නිසා එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය පමණක් නොව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාද මහින්ද රාජපක්‍ෂට බිය වී ඇත. එපමණක් නොව ඇතැම් රාජ්‍ය නොවන සංවිධානද බිය වී ඇත. මහින්ද සුළඟ 17 වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ වී රට වටා ගොස් සුළි කුණාටුවක් වී ඔවුන් අතරට පැමිණේවි කියා මෙම පාර්ශ්වයන් බියට පත්වී ඇත. මේ නිසා දිගටම මහින්දට පහර දෙයි. 40 වසරකට වඩා අත්දැකීම් ඇතිව දේශපාලනයෙන් හොඳහැටි තෙම්පරාදු වී සිටින මහින්ද රාජපක්‍ෂ මෙම ප්‍රහාරයන්ට ඉතා කැමැතිය. මෙහෙම ගහන්න ගහන්න මහින්දගේ සිතත්, ගතත් දෙකම ශක්තිමත් වේ. පරාජයේදී නැඟී සිටීමට හොඳම උදාහරණය වශයෙන් මහින්ද රාජපක්‍ෂව ඇතැම් දේශපාලන විචාරකයන් හඳුන්වා දෙන්නේ මේ නිසාය.

මෙසේ තෙම්පරාදු වී සිටි මහින්ද රාජපක්‍ෂ යළි දේශපාලන වීරයකු බවට පත්වෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයත් සමඟිනි.
“මහින්ද පරදිනවා, ඔහු දිගටම පරදිනවා, ශ්‍රී ල.නි.ප.ය දිනුවත් මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ. මහින්දගෙයි මගෙයි ඇයි හොඳයියක් නැහැ. මහින්දට නාම යෝජනා දීමට මං විරුද්ධ වුණා” මහින්ද ගැන මෙහෙම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කියනකොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාක්‍ෂිකයන්ට මොනවා හිතෙනවා ඇද්ද?
“මම නිර්පාක්‍ෂිකව සිටිනවා” යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් ඔහුගේ එම ප්‍රකාශයෙන් වැඩි වාසි අත්වූයේ රනිල්ට බව ඕනෑම කුඩා දරුවකුට වුවත් වැටහේ. ජනවාරි 8 ජනවරමට ගැළපෙන අගමැතිවරයකු පත්කිරීම ගැන ජනාධිපතිවරයා ඉඟි පළ කළේය. නොකියා කිව්වේ රනිල් දිනවන ලෙසය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා වශයෙන් මෙවැනි ප්‍රකාශයක් කළ හැකිද? එසේ නම් එවැනි ප්‍රකාශයක් කළ යුත්තේ සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයෙන් ඉවත්වීමෙන් අනතුරුවය.

තමා රනිල්ව බේරාගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මීළඟට කියන්නෙ මහ බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන්න කියා රනිල්ට කියූ බවයි. එසේ නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවී ඇතැයි කියන වංචාව ජනාධිපතිවරයා පිළිගෙනද එම ප්‍රකාශය කළේ යන ප්‍රශ්නය මතුවේ. එසේ නම් රනිල්ව බේරාගැනීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ඇයි?
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය කළේ එක්සත් ජාතික පක්‍ෂයේ ඇතැමුන් හා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන තමා පසුගිය දිනවල ද්‍රෝහියා කියූ කතාවට පිළිතුරු ලබාදීමටය.

කොහොම නමුත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් එක්සත් ජාතික පක්‍ෂය වාසි ලබාගැනීමට උත්සාහ කරන්නේ ජනාධිපති කැමැති අගමැතිවරයකු පත්කරන ලෙස පොදු මහජනතාවගෙන් ඉල්ලමිනි.
මෙම ප්‍රකාශයත් සමඟ දෙගිඩියාවෙන් සිටි සන්ධානයේ සියලුදෙනා ඉතා හොඳින් ඇඳගෙන සටනට දැන් සිටම සූදානම් වේ. අගෝස්තු 17 හෝ 18 දින ජනාධිපතිවරයා කළ යුතුව තිබූ විශේෂ ප්‍රකාශය කලින්ම ප්‍රකාශ කිරීම ගැන ඔවුන් ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වන්නේ ඒ නිසාය.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

2 Responses to “ඇයි මහින්දට මෙච්චර බය?”

  1. ranjit Says:

    No one can stop the come back kids resurrection now.A sweet dream for nearly 58 lacks will be a reality soon and the whole nation can celebrate as one nation on Aug 18th. Let all Sinhalese get together and join Mahinda to save Motherlanka from this evil trio SIRA/RANIL/CHANDRIKA to have a better future for our children. Traitors must be exposed and corrupt UNPer’s must be brought to justice and give lengthy jail terms without parole. These UNP thugs should be taught a lesson for them to remember for a long time.

    Truth will prevail on Aug 17TH AND THE LIARS WILL BE DEFEATED. Look out for foreign coup plotters and alert the public.So many western Mafia pouring to the island is not a good sign. They might poison the minds of the innocent people by giving gifts and other bribes to cheat the election. We have to be aware of all this and give these coup plotters a good answer on Aug 17th. Be awake to save the country from foreign and local traitors.

  2. NAK Says:

    Sirisena is in a fix not just a fix a real fix! the funny thing is it is he who got himself in this fix. He should not have proclaimed to do things that he is not capable of.
    First he said,actually it was Rajitha “Danthya”who said Mahinda will not be given Primeminsterial candidacy or the leadership in in the election campaign not even the nomination from the party he said this as if he was the president.
    Then he meekly said I told what I was told to tell.
    Sirisena couln’t stick to his word that time and had to give in and there is no prospect that he can keep it this time either by not giving the premereship to Mahinda if he wins.
    What happens if Mahinda get the majority and Sirisena appoints some one else?If he succeeds to find someone to accept that is!
    The parliament will get disfuntional,every PM so appointed against the wishes of the majority will only live to face a no confidence motion.
    So Sirisena lose again.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress