Ex-LTTE cadre held, cyanide capsules seized යාපනයට යනගමන් පරන කොටියා ළඟ සයිනයිඩ්
Posted on July 21st, 2015

Sri Lanka news

Tamil Nadu police on Monday night arrested a suspected LTTE operative who is believed to have served as one of secretaries of slain Tiger leader V. Prabakaran, in Ramanathapuram during a vehicle check along with two local residents.
The LTTE man was identified as Krishankumar, 39. He along with Rajendran and Saikumar were travelling from Madurai to Ramanathapuram in a car when police stopped them for vehicle check.
The police also seized 75 cyanide capsules and 300 gm of cyanide powder along with 4 GPS devices, mobile phones, Indian and Lankan currency. Police said Krishnakumar earlier stayed in one of special camps for Sri Lankan refugees where suspected Tigers and LTTE sympathisers are lodged.

The seizure of the suicide pills carried by the LTTE militants tied around their necks triggered speculation that the LTTE was trying to revive the movement after it was defeated by the Lankan forces in the civil war, which ended in 2009. The police also seized seven mobile phones, Rs. 46,200 in Indian currency, Rs. 19,300 in Sri Lankan currency, Indian and Sri Lankan driving licences from the Lankan Tamil, identified as K Krishnakumar (39), who had served in the LTTE in the 1990s and came to Tamil Nadu in 2009.

Acting on a tip-off, a Special Branch team, led by Inspector of police Vellaiyappan arrested the Sri Lankan Tamil along with two local Tamils R Sasikumar (25) and N Rajendran (44), who reportedly brought him from Madurai bus stand in a car to Uchipulli, police said.

After registering with K K Nagar police station in Tiruchi, he was staying outside the refugee camp, Q branch sources told The Hindu. The duo brought him to arrange for his clandestine return to Jaffna by sea route, the sources said.

ඉන්දියාවේ තමිල්නාඩුවේ වෙසෙන හිටපු එල්ටීටිඊ සාමාජිකකු  සයිනයිඞ් කරල් තොගයක්, භූමිය හඳුනා ගැනීමේ උපකරණ  ඇතුළු උපකරණ කිහිපයක් සිය සිරුරේ සඟවා ගෙන ගමන් කරමින් සිටියදී තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ඉන්දියානු පුවත් පත් අද වාර්තා කළේය.

තමිල්නාඩුවේ උචිපුලි වෙරළබඩ ප්‍රදේශයේ දී අත්ඩංගුවට ගත් මෙම පුද්ගලයා කේ ක්‍රිෂ්ණකුමාර් (39) නැමැති බවට තමිල්නාඩු පොලීසිය විසින් තහවුරු කර ගෙන තිබේ.මොහු යාපනයට මුහුදු මගින් ගමන්කිරීමට බලාපොරොත්තූඌබව සදහන් කර ඇත

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී සයිනයිඞ් කරල් 75ක්ද, සයිනයිඞ්ග්‍රෑම් 300ක්ද, ජංගම දුරකථන 7ක්ද සොයා ගැනීමට පොලීසියට හැකි වී ඇතැයි පැවසීය.

 

3 Responses to “Ex-LTTE cadre held, cyanide capsules seized යාපනයට යනගමන් පරන කොටියා ළඟ සයිනයිඩ්”

  1. ranjit Says:

    Who is telling lies Mahinda or Ranil? This liar will destroy the Sinhalese and the Buddhist religion if he comes back so citizens just think of your country first and decide your future this time if you need to save your Motherland.

    This Govt is inviting LTTE back to the country to make International community happy because they keep the power with their help and money so we must be on guard all the time. Do not believe their fairytale stories. They will never give you anything except misery like old days during the war. They do not care about the people or the country.These are Christian westernized few individuals who will do anything for money. America and India is helping them in open and we should not allow these foreign Mafia to dictate to us. Be awake Sinhalese.

  2. Asanga Says:

    Ranjit,
    You know what these Yahapalana jackasses are going to say when (god forbid) a Bomb explodes in Colombo?

    ‘Yes of course, this is clearly a case of Mahinda Rajapakse trying to use the LTTE to topple the glorious, totally transparent and democratic Yahaplana government’……

    This newsclip appears also on the dailymirror website, and this is exactly what some Bright Sparks are prophesing about in the comments section. Even when the said terrorist was caught in Tamilnadu, not in Colombo.

  3. Indrajith Says:

    සැක කටයුතු පුද්ගලයන් සිවු දෙනෙකු මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා මහතාගේ පිස්තෝලයද රැගෙන ව්‍යාජ අංක තහඩු සහිත වාහනයකින් හිටපු ජනාධිපතිතුමන් සහ හිටපු ආරක්‍ෂක ලේකම්තුමන් වෙසෙන මිරිහාන ප‍්‍රදේශයේ සැරිසරමින් සිදු කිරීමට උත්සාහ කළේ කුමක්ද? යන්න පිළිබඳව සිදු කෙරෙන විමර්ශන වෙනතකට හැරවීමට කටයුතු නොකරන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි.

    ඊයේ කොළඹදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන විශේෂ මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරංවශ මහතා මෙසේද පැවසීය.

    ‘රටේ ජාතික ආරක්‍ෂාව හා බැඳුණු ඉතා වැදගත් කාරණා කිහිපයක් කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කර විය යුතුව තිබෙනවා. 20 රාත‍්‍රියේ මිරිහාන ප‍්‍රදේශයේදී ව්‍යාජ අංක තහඩු සහිත සුදු වෑන් රථයක් සහ එහි සිටි පුද්ගලයන් 04 දෙනකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව අපට දැනගැනීමට ලැබුණා.

    මේ සුදු වෑන් එකේ අංක තහඩු ව්‍යාජ ඒවා වගේම එහි සිටියේ ආරක්‍ෂක අංශවලට සම්බන්ධ පුද්ගලයන් 04 දෙනෙක්. එක පුද්ගලයකු අත පිස්තෝලයක් තිබූ බවද වාර්තා වෙනවා. එම පුද්ගලයා අතේ තිබී හමුවන්නේ මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා මහතාගේ පිස්තෝලයයි.

    මා දන්නා පරිදි මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා කියන්නේ වර්තමාන ආණ්ඩුව බලයට පත් වුණාට පසුව ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුයුක්තව ආරක්‍ෂක ලේකම්වරයා යටතේ කටයුතු කරන ප‍්‍රධාන නිලධාරියෙක්. මේ පුද්ගලයෝ 04 දෙනා තමන්ට අයිති නැති පිස්තෝලයකුත් අරගෙන ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක නැගගෙන රාත‍්‍රී කාලයේ කුමක්ද කළේ?

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් ජීවත් වන්නේ මේ සිදුවීම සිදු වූ මිරිහාන ප‍්‍රදේශය අවට. ඒ එක පැත්තක්. ඒ වගේම ‘හින්දු පුවත්පත’ වාර්තා කරලා තියෙනවා ‘කොටි සංවිධානයේ පුනරුත්ථාපනය වූ සාමාජිකයන් කිහිප දෙනෙක් දකුණු ඉන්දියාවේදී සයනයඞ් කරල් සහ පුපුරන ද්‍රව්‍ය සහිතව අත්අඩංගුවට ගෙන තිබෙනවා’ කියලා. මේ සිද්ධිදාමයෙන් අපේ රටේ ආරක්‍ෂාව කොයි අතටද යන්නේ කියන එක තහවුරු වෙනවා.

    ශ‍්‍රී ලංකාවේ විසූ, සිරියාවේදී මියගිය ISIS ත‍්‍රස්තයා පමණක් නොවෙයි, තවත් පුද්ගලයන් පස් දෙනෙක් මෙ රට තුළ ඒ ආකාරයේ ත‍්‍රස්ත කටයුතුවල නියැලෙන බව අපට වාර්තා වෙලා තියෙනවා. එක පැත්තකින් අද ISIS එක මේ රට ඇතුළේ පැටවු ගහනවා. අනෙක් පැත්තෙන් දෙමළ ජාතිවාදී බෙදුම්වාදය දකුණු ඉන්දියාවේ ඉදන් සයනයිඞ් කරල් එකතු කරනවා, පුපුරන ද්‍රව්‍ය එකතු කරනවා. ඒවා ලංකාවට

    රැගෙන ඒමට කුරුමානම් අල්ලනවා. උතුරු මුහුදු තරයේ සම්පූර්ණයෙන්ම නාවික හමුදා ආරක්‍ෂාව ඉවත්කර තිබෙනවා. ඒ නිසා දකුණු ඉන්දියාවේ සිට කිසිදු පරීක්‍ෂාවකින් තොරව මේ රටට බෝට්ටු එනවා. ඒ වගේම රෝ ඔත්තු සේවයේ ක‍්‍රියාකාරීත්වය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා මිරිහානයේදි සුදු වෑන් එකක් හමුවීමත් සමගම අපට බරපතළ සැකයක් ඇති වෙනවා මේ කල්ලිය ආවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා මරා දැමීමට කියලා.

    මේජර් ජනරාල්ගේ ඇමති හිතවතා කවුද?

    අපි දන්නවා මේ මේජර් ජනරාල්වරයා ආණ්ඩුවේ අමාත්‍යවරයකුගේ ඉතා සමීප හිතවතෙක් බව. ඒ අමාත්‍යවරයාගේ නිර්දේශය අනුව තමයි එතුමාට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඉහළ පුටුවක් හිමිව තිබෙන්නේ. මම මේ කියන අමාත්‍යවරයා ඉහත කී මේජර් ජෙනරාල්වරයා ඉතා සමීපව මෙහෙයවන්න ඉඩ තිබෙනවා. අපි මේ මතු කරන්නේ අපේ සැකය. කෙසේ වෙතත් ඉතා පැහැදිලියි, මේක රට බේරාගත් නායකයාගේ ආරක්‍ෂාව ඉතාමත් අවදානමට ලක්ව ඇති තත්වයක් බව.

    එක පැත්තකින් එක්සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පිළිවෙළින් අධිකරණයට සහ මානව හිමිකම් කොමිසමට යනවා, හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව අඩු කරන්න කියලා. නමුත් අද ඒ අයට පෙනෙන්නේ නැහැ, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමන්ට හිමි සියලූ ආරක්‍ෂක වරප‍්‍රසාද සහිතව ඡුන්දය ඉල්ලන බව. ඒ තත්වයට විරුද්ධව එජාපය සහ ජවිපෙ අධිකරණයට හෝ මානව හිමිකම් කොමිසමට යන්නේ නැහැ.

    එක පැත්තකින් ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව අඩු කරන්න කියලා එජාපය සහ ජවිපෙ උසාවි, මානව හිමිකම් කොමිසමට ගොස් එතුමාගේ ජීවිතය සතුරාගේ උණ්ඩයට ගොදුරුකර දෙන්න හදනවා, අනෙක් පැත්තෙන් එතුමා වාසය කරන මිරිහාන පැත්තට සුදු වෑන් එකක් එනවා.

    ගිය ආණ්ඩුවටනේ සුදු වෑන් කතා ගෙතුවේ. ඒත් එහෙම ඒවා, ඒ කාලයේ හසු වුණාද? මේ සුදු වෑන් එක පොලීසියට හසු නොවුණා නම් ඉහත සත්‍ය අනාවරණය වෙන්නේ නැහැ. පොලිස් පොතේ ලියැවිලා තියෙන හින්දයි ආණ්ඩුව අද හිරවෙලා තියෙන්නේ. නමුත් දැන් අපට ආරංචි වෙලා තිබෙනවා, මේ අය දැන් පරීක්‍ෂණ වෙන අතකට හරවන්න හදනවා කියලා. මේක ඉතා බරපතළයි.

    මේ රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කර ගත්තේ සුජාත දු පුතුන් 27,000ක් අවසන් සටනේදී ජීවිත පූජා කරලා. ඒ දරුවන් ජීවිත පරිත්‍යාගයෙන් නිර්මාණය කරපු ජාතික ආරක්‍ෂාව අද මහ දවල් නැති වෙලා යනවා. ජාතික ආරක්‍ෂාව පිළිබඳ බරපතළ සැකයක් ජනතාව තුළ ඇති වෙලා තියෙනවා.

    අලූත්ගමින් අහුවුණා දුරස්ථ පාලකයක් සහිත බෝම්බයක්. ඒ පිළිබඳ ප‍්‍රවෘත්ති ඊයේ රජයේ ස්වාධීන රූපවාහිනී නාලිකාව මගින් විකාශය වුණා. මට ආරංචියි අද කියනවා කියලා රජයේ මාධ්‍යයෙන්, ‘ඒක රතිඤ්ඤයක්’ කියලා. ඒ විතරක් නොවෙයි, බත්තරමුල්ලේ ආරක්‍ෂක හමුදා මූලස්ථානයේ ඉදිකිරිම් පිළිබඳව විගණනය කිරීමට මුදල් අමාත්‍යාංශයේ විගණන නිලධාරීන් යොදවා තිබෙනවා. ඒක ප‍්‍රශ්නයක් නැහැ. හැබැයි මුදල් අමාත්‍යාංශයේ නොවන, විගණන නිලධාරීන් නොවන දෙමළ ඩයස්පෝරාවට අයත් දෙමළ ජාතිකයන් දෙදෙනෙක් ඒ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැමිණ ආරක්‍ෂක මූලස්ථානායේ සම්පූර්ණ සැලැස්ම, රේඛා සටහන් ඉල්ලා තිබෙනවා. විගණනයට මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. රවී කරුණානායක මහතාගේ අනුදැනුම මත පැමිණ එසේ මුදල් අමාත්‍යාංශයේ විගණන නිලධාරීන් නොවන දෙමළ පුද්ගලයන් දෙදෙනෙක් ආරක්‍ෂක මූලස්ථානයේ සම්පූර්ණ සැලැස්ම ඉල්ලන්නේ ඇයි? මේ විදියට බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන් අද ජාතික ආරක්‍ෂාවට අදාළ සංවේදී තොරතුරු එකතුකර ගනිමින් සිටිනවා.

    ඉහත සියලූ කාරණාවලින් පැහැදිලි වෙන්නේ මේ රටේ ජාතික ආරක්‍ෂාව ඉතාමත් බරපතළ විදිහට බිඳ වැටෙමින් පවතින බව නේද? මේ හදන්නේ හිටපු ජනාධිපතිවරයාව පරද්දන්න බැරි නිසා මරා දමන්නද? මහින්ද රාජපක්‍ෂ මැතිතුමාව දේශපාලන වශයෙන් ඝාතනය කරන්න බැරි වුණු හින්දා මේ හදන්නේ එතුමාව ශාරීරිකව ඝාතනය කරන්නද? රට බේරාගැනීම නිසා දෙස් විදෙස් බෙදුම්වාදී කල්ලිවල බලවත් වෛරයට පාත‍්‍ර වී සිටින නායකයා බිල්ලට දීමටද මේ සැරසෙන්නේ?

    අපි කියනවා මේ රටේ සාධාරණ පුරවැසියන්ට ‘ඔබලා කුමන දේශපාලන මතය දැරුවත් ඔබත් භූක්ති විඳිනවා මේ රටේ සාමය, ඔබේ දරුවන්ටත් අයිතියි ඒ සාමය, සුරක්‍ෂිතභාවය, සුරක්‍ෂිත භාවය නොමැතිනම් ලෝකයේ කිසිදු රටක් සුන්දර රටක් වෙන්නේ නැහැ. ඇමෙරිකා එක්සත් ජනපදය මොන තරම් කෙරුමා වුණත් ජීවත් වෙන්නේ බියෙන්. රට වැසියන් පිළිබඳව නොයෙකුත් විමර්ශන, තොරතුරු ලබාගන්නවා, ත‍්‍රස්ත ප‍්‍රහාරයන් කොයි පැත්තෙන් මතු වෙයිද කියන්න බැරි නිසා. රටක ජනතාවගේ උගුරෙන් පහළට බත් ටිකක්, පාන් කෑල්ලක් ගියාට මදි සුරක්ෂිතභාවය කියන්නේ ඒ රටේ ජනතාව තුළ ඇති වන බලවත් හැගීමක්. එය මහජනතාව ජීවත්වීම සඳහා පොළඹවන දෙයක්. ඒ සුරක්‍ෂිතභාවය තමයි අද බිඳ වැටෙන්නේ. ජාතික ආරක්‍ෂාව තමයි අද බිඳ වැටෙන්නේ. එජාප, ජවිපෙ ඇතුළු මේ රටේ හැම දෙනාගේ දු දරුවන්ට හිමි අනාගත සුරක්‍ෂිතභාවය තමයි මේ බිඳ වැටෙමින් යන්නේ’ කියලා.

    ඒ වගේම අපි ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන් වත්මන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ සැක කටයුතු පුද්ගලයන් හතරදෙනා මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා මහතාගේ පිස්තෝලයත් අරගෙන ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක ගිහිල්ලා කරන්න හැදුවේ කුමක්ද? කියා සිදු කරන පරීක්‍ෂණ වෙනතකට හරවන්න එපා කියලා.

    රටට සාමය දිනා දුන්නු නායකයාව ගොදුරුකර ගැනීම සඳහා දරන මේ ප‍්‍රයත්නය වැළැක්වීම සඳහා පෙරමුණ ගන්න කියලා අපි මේ රටට ආදරය කරන ජනතාවගෙන් ඉල්ලනවා.’

    – අනුරුද්ධ බණ්ඩාර- LankaCnews.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress