මෛත්‍රිපාල බටහිරයන් වෙනුවෙන් රනිල් රකියි
Posted on July 22nd, 2015

නලින් ද සිල්වා 

මෙරට පැවැත්වෙන තීරණාත්මක ම මැතිවරණය ආරම්භ වී ඇත. රටේ ස්වෛරිභාවය ඒකීයත්වය ආදිය අගොස්තු 17 වැනි දා තීරණය වනු ඇත.සියළු දේශීය හා විදේශීය විජාතික බලවේග මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධ ව පෙළ ගැසී ඇත. බටහිර හා ඉන්දීය ඔත්තුසේවා නිලධාරීහු සිය අමන කාර්යයන්හි යෙදී සිටිති. චම්පක රණවක වැන්නන්ගේ රෙදි පිළි ගැළවී අහසේ පාවී යයි. රතන හිමියන්ගේ හා ඕමල්පේ හිමියන්ගේ බොරු කතාවලින් උන්වහන්සේලාගේ පාවාදීම වසාගත නො හැකි ය. එක්සත් ජනතා සංධානයේ ලැයිස්තුවල දේශප්‍රේමීන්ට අමතරව ද්‍රෝහියෝ ද සිටිති. එක්සත් ජනතා සංධානයේ ජාතික ලැයිස්තුව අච්චාරුවකි. එහි සිංහලයන් වූ  ඉන්දීය ඔත්තු සේවාවේ අය ද චන්ද්‍රිකාගේ නියෝජිතයෝ ද මෛත්‍රිපාලගේ නියෝජිතයෝ ද මහින්දගේ නියෝජිතයෝ ද වෙති. 

මේ සියල්ලන්, ශ්‍රී ල නි පක්‍ෂයේ චන්ද්‍රිකා, එස් බී, මෛත්‍රිපාල ආදී ඇතැමුන් ද ඇතුළුව, මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධ වන්නේ ඊනියා දූෂණ, භීෂණ ආදිය නිසා නොවන බව කුඩා දරුවකුට වුවත් අවබෝධ විය යුතු ය. එ ජා පක්‍ෂයේ එක් දූෂිතයකුවත් සොයා ගැනීමට නොහැකි තරමට ඒ පක්‍ෂය පිරිසිදු ද? රනිල් වික්‍රමසිංහ කෙතරම් වෑයම් කළත් මහා බැංකු වංචාව වසන් කිරීමට නො හැකි ය. ඔහුගේ  මට්ටමේ වංචාවක් කළ අයකු මෙරට ඉතිහාසයේ නැත. අප කලින් ද කියා ඇති පරිදි සංධානයෙන් දූෂණ සිදු වී ඇතැයි උපකල්පනය කළ ද රටේ වටිනාකම අමිළ හෙයින් දෙමළ ත්‍රස්තවාදය පරාජය කීිරීමෙන් සංධානයෙන් සිදු වී ඇති සේවය සමග සැසඳීමේ දී ඒ ඊනියා දූෂණ නොගිණිය හැකි වෙයි. එහෙත් රනිල්ගේ පාවාදීම්, ප්‍රභාකරන් සමග ඇති කළ ඊනියා සටන් විරාම ගිවිසුමේ සිට ඊයේ පෙරේදා බලය බෙදීමට ඔහු එකඟත්වය පළකිරීම දක්වා, සැලකුවහොත් ඔහුගෙන් රටට සිදු වී ඇති අයහපත දහස් ගුණයකින් වැඩි වෙයි. 

අද කළ යුතු කාර්යයන් දෙකක් වෙයි. මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂ ජනතා ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ම මෙහෙයවනු ලැබුයේ භික්‍ෂූන් වහන්සේ ප්‍රමුඛ සිංහල බෞද්ධයන් විසිනි. ඒ ව්‍යාපාරය එසේ ම පවත්වාගෙන යා යුතු ය. ඒ මෙරට සංස්කෘතිය ය, මෙරට ඉතිහාසය ය, මෙරට සම්ප්‍රදාය ය. මහින්ද ව්‍යාපාරයේ එක් කොටසක් රැස්වීම් සම්මන්ත්‍රණ ආදී වශයෙන් බටහිර දේශපාලන සම්ප්‍රදාය අනුව කෙරී ගෙන යා යුතු අතර අනෙක් කොටස සිංහල බෞද්ධ සම්ප්‍රදාය අනුව භික්‍ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සල් ආශ්‍රිතව දිගට ම කෙරී ගෙන යා යුතු ය. මහින්ද ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධයනට ආමන්ත්‍රණය කළ යුතු ය. ජනාධිපතිවරණයේ දී ද මහින්දට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ සිංහල බෞද්ධයන්ගෙනි. පඬියන්ගේ ඔත්තු සේවා නියෝජිතයන්ගේ කියමන් අනුව ගොස් මහින්ද සිංහල බෞද්ධ ජනතාව කිසිසේත් අමතක නොකළ යුතු ය. එහෙත් අනෙක් ජන කොටස් විශේෂයෙන් ම සිංහල ක්‍රිස්තියානි/කතෝලික ජනතාව හා දෙමළ ඊනියා අඩු කුල ජනතාව අමතක කළ යුතු යැයි මෙයින් නො කියැවෙයි. මේ සියල්ලෝම අවුරුදු පන්සියයකට එපිට සිංහල බෞද්ධ වූහ. ඔවුන්ගේ සංස්කෘතියෙහි සිංහල බෞද්ධ නශ්ටාවශේෂ වෙයි. නියමිත වෙලාවෙහි ඔවුන්ගෙන් බහුතරය බටහිරයන්ට හා ඉන්දියයන්ට විරුද්ධව සිංහල බෞද්ධයන් සමග අත්වැල් බැඳ ගනු ඇත. ඒ දකුණු අප්‍රිකානු අච්චුවේ නොව අපේ ක්‍රමයේ සංහිදියාව ය. 

අප දෙවනුව මතක තබාගත යුතු කරුණ නම් මහින්ද මතවාදීන්ට පමණක් මනාප ලබා දීම ය. එමගින් එස් බී ආදීන්ගේ අභිප්‍රාය පරිදි රනිල් හෝ මහින්ද නොවන වෙනත් අයකු අගමැති කර නැවතත් පික්පොකට් ආණ්ඩුවක් බලයට පත්කිරීමට මෛත්‍රිපාලට ඉඩක් නොදී සිටීමට හැකි ය. මනාප ලබා දිය යුත්තේ කාහට ද යන්න මැතිවරණ ව්‍යාපාරයේ දී හෙළිදරවු කෙරෙනු ඇත. අප අගමැති කළ යුත්තේ රට රැකි හා රට රකින මහින්ද මිස රට දෙමළ ජාතිවාදයට පාවා දෙන බටහිර ගැති රනිල් නො වේ. ඉන්දිය ඔත්තු සේවකයන් සංධානයේ ජාතික ලැයිස්තුවට නම් කළ මෛත්‍රිපාල හැකි ඉක්මණින් පන්නා දැමිය යූතු ය. ඔහුගේ විශේෂ ප්‍රකාශයෙන් ඔහු කවුදැයි හඳුනාගැනීමට ඊනියා උගතුන්ට වුවත් හැකි විය යුතු ය.    

ඒ විශේෂ ප්‍රකාශයෙහි කරුණු කිහිපයක් අඩංගු විණි. මෛත්‍රිපාල මහින්ද රාජපක්‍ෂට අගමැති කම නොදෙන බව කීවේ ය. තමා මහින්ද රාජපක්‍ෂට ජනවාරි 8 වැනි දාට පෙර තිබූ විරුද්ධත්වය එසේ ම පවතින බව ප්‍රකාශ කෙළේ ය. ශ්‍රී ල නි ප (සංධානය) ජයග්‍රහණය කළහොත් අගමැතිකම දීමට පක්‍ෂයේ ජ්‍යෙෂ්ටයන් සිටින බව කීවේ ය. තමා මහින්ද රාජපක්‍ෂට අගමැති අපේක්‍ෂකත්වයවත් කණ්ඩායමේ නායකත්වයවත් දී නැති බව එකහෙළා කියා සිටියේ ය. තමා ජනවාරි 8 වැනි දා ජයග්‍රහණය ඉදිරියට ගෙන යෑමට බැඳී සිටින බව කීවේ ය. මහින්ද රාජපක්‍ෂට සංධානයෙන් තරග කිරීමට ඉඩ දුන්නේ සංධාන නායකයන් සියයට සියයක් ම එසේ කරන ලෙස ඉල්ලා සිටි නිසාත්, ශ්‍රී ල නි පක්‍ෂයේ සියයට අනුනවයක් ම ඉල්ලා සිටි නිසාත් යැයි කීවේ ය. එහෙත් තමා මහින්දට විරුද්ධ බවත් ජනවාරි 8 වැනි දා මෙන් ම මැතිවරණයේ දී ද මහින්ද රාජපක්‍ෂ පරදින බවත් කීවේ ය. තමා එ ජා ප ආණ්ඩුව රැකි බවත් රනිල් විශ්වාසභංගයෙන් බේරා ගැනීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරි බවත් කීවේ ය. 

ඒ ඉතා පැහැදිලිව ම ද්වේශ සහගත ප්‍රකාශයක් විය. පක්‍ෂයේ සභාපති පක්‍ෂයෙන් තරග කරන අපේක්‍ෂකයකු අරභයා එවැනි ප්‍රකාශයක් මින් පෙර කිසිම පක්‍ෂයක සභාපතිවරයකු කර ඇතැයි සිතිය නො හැකි ය. මේ ප්‍රකාශය විජාතික බලවේගවල අවශ්‍යතාව පරිදි කරන ලද්දක් බව පැහැදිලි ය. එහෙත් ඒ ප්‍රකාශයෙහි පෞද්ගලික විරුද්ධතාව ද වෙයි. අද විජාතික බලවේගවලට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන ජීවිතය අවසන් කිරීම ය. හැකිනම් පෞද්ගලික ජීවිතය ද අවසන් කිරීම ය. විශේෂයෙන් ම බටහිරයෝ තමන්ට අවනත නොවන ජාතික දේශපාලන නායකයන් පරළොව යැවීමට කටයුතු කරති. පසුගිය කාලයේ අරාබි රටවල අපි ඒ බව අත් දුටුවෙමු.  

ජනවාරි 8 වැනි දා මෙරට තාවකාලික ප්‍රතිවිප්ලවයක් ඇතිවිණි. එදින රටේ ජාතිකත්වය පික්පොකට් සොර මුළක් විසින් යට කරන ලදී.  එහි දී බටහිරයෝ හා ඉන්දීයයෝ රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන යොදා ගත්හ. මෛත්‍රිපාල අලිබබා විය. රනිල් හා එ ජා ප මන්ත්‍රීවරු හොරු හතළිහ වූහ. රනිල් වික්‍රමසිංහ දන්නා විප්ලවයක් නැත. ඔහු රට ජාතික මගින් ඉවතට දැමූ ප්‍රතිවිප්ලවය විප්ලවයක් ලෙස හඳුන්වයි. මේ ප්‍රතිවිප්ලවය අගොස්තු 17 වැනිදා පරාජයට පත්වන බව බටහිරයෝ ද ඉන්දීයයෝ ද දනිති. වෙන් ව තරග කිරීමට සිටි පක්‍ෂ කිහිපයක් එකතු වී හදිසියේ අලියා ලකුණ යටතේ සංධානයක් පිහිටුවා ගත්තේ අගෝස්තු 17 වැනි දා පරාජය බටහිරයන්ට හා ඉන්දියයන් හා අනෙක් විජාතික බලවේගවලට වැටහෙන බැවිනි. 

අගෝස්තු 17 වැනි දා පරාජය විසින් ම මෛත්‍රිපාලට තම පක්‍ෂයට විරුද්ධව ද්‍රෝහී ප්‍රකාශය කිරීමට බල කෙරී ඇත. මෛත්‍රිපාල (බටහිරයන්) එමගින් බලාපොරෙත්තු වූයේ සංධානයට ඡන්දය දීමට සිටින ඡන්දදායකයන් තැතිගන්වා ඔවුන් ඡන්දය දීමෙන් වළක්වාලීම ය. එය ඉතා සුළු ප්‍රමාණයකින් නාගරික ප්‍රදේශවල සාර්ථක වී ඇත. ඉංගිරිසින්ට සිංහල ගැමි මනස නො තේරෙයි. මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශය නාගරික නොවන ප්‍රදේශවල සංධානයට වාසි සහගත වී ඇත. අගමැතිකම මහින්දට නොදෙන බව කීමෙන් සිරිසේන ගැමි ඡන්දදායකයන් සංධානය වෙතට තල්ලු කිරීමට සමත් වී ඇත. අද ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට ද වඩා සාමාන්‍ය ඡන්දදායකයන් කතා කරන්නේ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයෙන් නෙරපීම ගැන ය. 

සෝලංගආරච්චි මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් අධිකරණයට ගොස් ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට විරුද්ධව වාරණ නියෝගයක් ගැනීමෙන් සාමාන්‍ය ඡන්දදායකයන් තවත් සංධානය දෙසට ගමන් කරවා ඇත. මෛත්‍රිපාල කෙසේ නමුත් බලලෝභී ව තම ශ්‍රී ල නි ප සභාපතිත්වය රැක ගැනීමට කටයුතු කරන බව එමගින් පැහැදිලි වී ඇත. අගමැති කමට කෑදර වී පක්‍ෂයට විරුද්ධව කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන අද පක්‍ෂ සභාපතිත්වය රැක ගැනීමට පක්‍ෂයට තව තවත් ද්‍රෝහි කම් කරයි.  මහින්ද ගෙදර යැවීමට කතා කළ මෛත්‍රිපාල සිරිසේන ගෙදර යැවීමට අද ඡන්දදායකයෝ කතා කරති. 

මෛත්‍රිපාල මහින්ද එකතුව ගැන ප්‍රීතියෙන් කතාකළ සංධානයට පක්‍ෂ ඊනියා විචාරකයන් ගැන අපි අමුතුවෙන් කතා නො කරමු. ඇතැමුනට අනුව ඔවුන් දෙදෙනා එකතු කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ විසිනි. ඒ ඊනියා විග්‍රහ අති විශිෂ්ට විශේලේ’ෂණ ලෙස බොහෝ අය විසින් හැඳින්විණි. අපි ඔවුන් ගැන අනුකම්පා කරමු. එහෙත් මෛත්‍රිපාල මහින්ද එකතුවට මුල සිට ම විරුද්ධ වූ අප ඔවුන් විසින් හඳුන්වනු ලැබුයේ යටත්විජිතවාදීන් ලෙස ය! 

නලින් ද සිල්වා 

2015 ජූලි 19

One Response to “මෛත්‍රිපාල බටහිරයන් වෙනුවෙන් රනිල් රකියි”

  1. Ancient Sinhalaya Says:

    Maru sira with just grade 8 qualification used to call catholic traitor chief rw sir and bandit queen madam before
    8th Jan. These UNPatritoic party (UNP) coming from Colombo mainly, have their own mafia. So an outsider like
    maru sira is no match. Even charismatic MR was no match for Unpatriotic party thugs. Maru sira is so scared of
    traitor chief rw, he suggested his catholic tiger buddy should resign from cb governor post. For god’s sake maru sira
    is the president and he should be able to sack the thief. What chance with a mafia boss rw?

    He is like a chicken in front of mafia boss. Whatever mafia boss’s wish is maru sira’s command. That’s how pathetic state of affairs now. Still a lot of Asinhalese going to vote for these low lives. That’s the tragedy for the Sinhalese race. Their own people supporting a traitor lot. Unpatriotic party’s (UNP) treachery is beyond belief. Yet a lot of Sinhalese (Asinhalese) support them. If you have a drop of Sinhalese blood, just a single drop of Sinhalese blood in your veins, you can’t ever support a traitor party like this!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress