බහුතරයේ බහුතරය
Posted on July 24th, 2015

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු Courtesy  Mawbima

මහින්ද දිනයිද? රනිල් දිනයිද? මේ වෙනකොට හැම තැනම කතා වෙන්නේ මේ මාතෘකාය. දේශපාලනය කරන නොකරන බොහෝ දෙනකුගේ අවධානය යොමුවී තිබෙන්නේ මෙම මාතෘකාව පිළිබඳය. දේශපාලනයට කැමැති අය තලු මරමර කතා කරද්දී දේශපාලනයට අකැමැති ඇතැම් අයට අකැමැත්තෙන් හරි අහගෙන ඉන්නට සිදුවී තිබෙන්නේ මේ මාතෘකා නිතරම ඇසෙන නිසාය.

බස් රථයේ, දුම්රියේ, කඩපොළේ, ත්‍රිරෝද රථයේ, කන්තෝරුවේ වැඩියෙන්ම කතාබහ කෙරෙන්නේද අගෝස්තු 17 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් දිනන්නේ මහින්දද? රනිල්ද? යන්න පිළිබඳවයි.

ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය පැවැති දිනය දක්වා මේ ආකාරයෙන් සමාජයේ නිතරම කතාබහට ලක්වූ මාතෘකාව වූයේ දිනන්නේ මහින්දද? මෛත්‍රිද? යන්නයි. ජනවාරි 9 වැනිදා ඊට පිළිතුරු ලැබුණු අතර නැවැත ජනවාරි 10 වැනිදා සිට මුළු සමාජයේම අවධානය යොමුවූයේ මහින්ද රාජපක්‍ෂට මොනවා වෙයිද යන කරුණ දෙසටය.
ඕනෑම රටක පුද්ගලයන් හා ඔවුන්ගේ ප්‍රතිරූප ඉලක්ක කරගනිමින් ප්‍රධාන වශයෙන්ම පැවැත්වෙන මැතිවරණය වන්නේ ජනාධිපතිවරණයයි. ජනාධිපතිරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට ඡන්දය ප්‍රකාශ කරන්නට සමස්ත ජනතාවටම අවස්ථාව හිමිවන නිසා ජනාධිපතිවරණය බොහෝ විට පැවැත්වෙන්නේ ඒ සඳහා ඉදිරිපත් වන අපේක්‍ෂකයන් අතරය.
1982දී ජේ.ආර්. – කොබ්බෑකඩුව, 1988 ප්‍රේමදාස – සිරිමාවෝ, 1994 දී චන්ද්‍රිකා – ගාමිණී, 2000 දී රනිල් – චන්ද්‍රිකා, 2005දී මහින්ද – රනිල්, 2010 මහින්ද – ෆොන්සේකා, 2015දී මෛත්‍රි – මහින්ද යුගල දේශපාලන කරළියට එසේ පැමිණියේ ජනාධිපතිවරණවලදීය.
ප්‍රධාන ප්‍රකට චරිත දෙක ජනාධිපතිවරණවලදී සාම්ප්‍රදායිකව එසේ පැමිණියත් පාර්ලිමේන්තු මහ මැතිවරණවලදී නම් එසේ ප්‍රකට චරිත දෙක අතර පැවැත්වෙන තරගයක් ලෙස ඉතිහාසය තුළ පාර්ලිමේන්තු මහ මැතිවරණ පවත්වා නැත. නමුත් ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තු මහ මැතිවරණයක්, ජනාධිපතිවරණයක් මෙන් පුද්ගල චරිත දෙකක් අතර තරගයක් බවට පත්ව තිබේ. ඒ මහින්ද රාජපක්‍ෂ හා රනිල් වික්‍රමසිංහ අතරය.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය දේශපාලන පක්‍ෂ, එම දේශපාලන පක්‍ෂවල ප්‍රතිපත්ති පිළිබඳව එතරම් කතාබහ නොකර මහින්ද හා රනිල් අතර තරගයක් බවට පත්ව තිබෙන්නේ ඇයි?
ජනවාරි 9 වැනිදා අලුයම් කාලයේ ජනාධිපතිවරණයේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵල පිටවීමටත් පෙර අලියගහ මන්දිරයේ සිට මහින්ද රාජපක්‍ෂ මැදමුලනට යන්නේය. නිහතමානීව පරාජය පිළිගෙන මැදමුලනට යන මහින්ද රාජපක්‍ෂ දුටු විට මහින්දගේ මිනිසුන් පමණක් නොව හංසයාට ඡන්දය දුන් සමහරුන්ද අනේ අපොයි කියා ගන්නේ මහින්ද පරදිනවා කියලා ඔවුන් විශ්වාස නොකළ නිසාය. එම නිසා මහින්ද යළි ඉල්ලන්න පටන් ගන්නේ ජනවාරි 9 වැනිදා සිටය. මහින්ද මැදමුලනට යන විට අතුරු සිදුරු නැතිව මුළු මැදමුලන වසාගෙන සිටියේ මේ රටේ පොදු මහජනතාවය. ඔවුන් මහින්ද බදාගෙන හඬා වැලපුණේය. මහින්දගේ අත්දෙක ඇල්ලීමට සමහරුන් පොරකෑ අතර සමහරුන් පොරකෑවේ මහින්දගේ කකුල් දෙක අල්ලා වැඳීමටය. මේ කිසිවකුත් ලංගම බස් යොදා සංවිධානාත්මකව ගෙනාපු සෙනඟ නොවේ. ඔවුන්ට හැකි පරිදි පැමිණියේ තම මවුබිම බේරාගත් නායකයාට කෘතගුණ දැක්වීමටය. සමහරුන් අෑත ගම්මානවල සිටම පාගමනින් පැමිණි අතර සමහරුන් පැමිණ සිටියේ පාපැදි, යතුරුපැදි හා ත්‍රිරෝද රථවලිනි. සමහරුන් පැමිණියේ ගැමියන්ගේ ජනප්‍රියම ප්‍රවාහන සේවය වන අත්ට්‍රැක්ටරයෙනි.
එදා සිට මහින්ද රාජපක්‍ෂ මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කරන බව මැදමුලනේ සිට ප්‍රකාශයට පත්කළ දිනය දක්වා මුළු ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම මහින්ද බැලීමට පැමිණි පිරිස ලක්‍ෂ ගණනකි.

ජනවාරි 8 වැනිදා මේ රටේ බහුතරයකට තමන්ගේ බහුතරය අනුව කටයුතු කළ නොහැකි බව මනාව තේරුම් ගිය දිනය වශයෙන්ම ඉතිහාසගත වේ. මේ රටේ අතිබහුතරයක් සිටින සිංහල බෞද්ධ ජනතාවට ඔවුන්ගේ බහුතරය අනුව රටේ නායකයා පත්කර ගැනීමට නොහැකි විය.
උතුර නැඟෙනහිර පළාත් නොමැතිව අනෙක් පළාත්වල ඡන්ද ප්‍රතිඵල අනුව ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටියේ මහින්ද රාජපක්‍ෂය. මහින්ද එම පළාත්වලින් ඡන්ද 54,44,490ක් ලබා 50.97% ප්‍රතිශතයක් ලබාගන්නා විට මෛත්‍රිපාල සිරිසේන ලබාගන්නේ ඡන්ද 52,39,051ක්ය. ප්‍රතිශතය වන්නේ 49.03%ක්ය.
උතුර නැඟෙනහිර පළාත්වලින් පමණක් මෛත්‍රිපාල සිරිසේන ඡන්ද 9,78,111ක් ලබා 75.14%ක ප්‍රතිශතයක් ලබාගන්නා විට මහින්ද රාජපක්‍ෂට උතුරු නැඟෙනහිරින් හිමිවී තිබෙන්නේ ඡන්ද 3,23,600ක් පමණි. ප්‍රතිශතය 24.86%කි.

මෙම ඉලක්කම් විජ්ජාවෙන් රටේ බහුතරයේ බහුතරයට අවශ්‍ය නායකයා ඔවුන්ට අහිමි වූ අතර සුළුතරයේ බහුතරයට අවශ්‍ය නායකයා තෝරා ගැනිණි. මෙම තත්ත්වය තුළ සමාජය ඉදිරියට යන්නේ කෙසේද? මෙය රටක ජීවත් වන බහුතරයේ බහුතරයට ඔරොත්තු දේවිද? ඉදිරියටත් මේ දේ සිදුවෙන්නට ඉඩහරීවිද? අද රටේ බහුතරයේ බහුතරය අහස පොළොව ගැටලන්නා සේ කල්පනා කරනු ලබන්නේ මෙම දේශපාලන උභතෝකෝටිකය ගැනය. ඊට ලබාදිය යුතු විසඳුම් පිළිබඳවය.
ජනාධිපතිවරණයේදී රාජ්‍ය නායකයන් තෝරා ගන්නා පරිදි පාර්ලිමේන්තු මහ මැතිරණවලදී ආණ්ඩු තෝරා ගන්නේ නැත. මෙහිදී ප්‍රධාන වන්නේ රටේ බහුතරයේ බහුතරයක කැමැත්තය. බොහෝ පාර්ලිමේන්තු මහ මැතිවරණවලදී තීරණාත්මක සාධකය වන්නේද රටේ බහුතරයේ තීරණයයි.
සිංහල බෞද්ධ ඡන්ද පදනම සමඟ මේ රටේ අතිබහුතරයක් වන බහුතර පිරිස අද ඉල්ලා සිටින්නේ කුමක්ද? මෙය ජාතිවාදී කෝණයෙන් බැලීමට ඇතැම් දේශපාලන විචාරකයන් කටයුතු කිරීම කනගාටුදායකය. නමුත් රටේ පවතින යථාර්ථය කුමක්ද?
ජනවාරි 9 වැනිදා දේශපාලනයෙන් සමුගැනීම සඳහා මැදමුලනට ගිය මහින්ද රාජපක්‍ෂ යළි දේශපාලන කරළියට ගෙන එන්නේ මෙම රටේ බහුතරයකගේ බහුතරය විසින් බව අමතක නොකළ යුතුය.

ඒ බව ඉවෙන් මෙන් දැනගත් දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිල පෙබරවාරි 19 වැනිදා නුගේගොඩ ඓතිහාසික රැලිය සංවිධානය කරනු ලබන්නේ අතිවිශාල පිරිසක් නුගේගොඩට කැඳවාගෙනය.
නුගේගොඩින් පටන් ගන්නා මහින්ද සුළඟ මහනුවර, රත්නපුර, කුරුණෑගල, මාතර රැලිවලදී සුළි සුළඟක් වී එය නතර වන්නේ මැදමුලනෙනි. දැන් එම සුළඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ රැලි වශයෙන් රටපුරා හමා යයි.
පසුගිය ජනාධිපතිරණයේ ප්‍රතිඵල අනුව හම්බන්තොට, මාතර, ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මොනරාගල, මාතලේ, අනුරාධපුරය දිස්ත්‍රික්ක ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්‍ෂය.

මෛත්‍රිපාල සිරිසේන ජයගන්නේ කොළඹ, ගම්පහ, පුත්තලම, මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක පමණි. (උතුරු නැඟෙනහිර පළාත් නොසලකා බැලූ විට)
ජනතා විමුක්ති පෙරමුණ වෙනම තරග කරන නිසා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන පක්‍ෂය වෙනම තරග කරන නිසා ඉහත සඳහන් කළ සියලු දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රතිඵල පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී සැකසෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වාසිසහගත වන ආකාරයෙනි.
පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතිඵල අනුව මැතිවරණ කොට්ඨාස මට්ටමින් එය ගතහොත් මහින්ද රාජපක්‍ෂ මැතිවරණ කොට්ඨාස 88ක් ජයග්‍රහණය කර තිබේ. මෛත්‍රිපාල ජයග්‍රහණය කර ඇත්තේ මැතිවරණ කොට්ඨාස 48ක් පමණය. උතුරු – නැඟෙනහිර පළාත් දෙක නොසලකා හැරියොත් මෛත්‍රිපාලට වඩා සෑම අතින්ම ඉදිරියෙන් ඉන්නේ මහින්දය.

මෙම ප්‍රතිඵල අනුව රටේ බහුතරයේ බහුතරයකට අත්වූ ඉරණම මැනවින් විද්‍යමාන වෙයි. මහින්දට ඡන්දය ලබාදුන් ලක්‍ෂ 58 පමණක් නොව හංසයාට කතිරය ගසා අන්දමන්ද වී සිටින සැලකිය යුතු ප්‍රමාණයක් දතකට මැදගෙන සිටින්නේ ජනවාරි 8 වැනිදා සිදුවූ වරද නිවැරැදි කරගැනීමටය.
රටේ රාජ්‍ය නායකයා තෝරා ගැනීමේදී තීරණාත්මක බලය වීමට නොහැකි වූ මේ රටේ බහුතරයකට අවශ්‍ය වී ඇත්තේ බහුතරයේ බලය පෙන්වීමටය. මාස 8ක් වැනි කෙටි කාලයකදී නැවැත මෙය උරගා බැලීමට අවස්ථාවක් පැමිණෙන බව ඇතැමුන් නොසිතන්නට ඇත. දැන් අවස්ථාවක් පැමිණ තිබේ. ඒ අගෝස්තු 17 වැනිදා පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමටය.

“උතුරු පළාතේ ඇතැම් ප්‍රදේශවල ඡන්ද ප්‍රතිඵල අහනකොට අපිට ලැජ්ජයි. දහ දහස් ගණනින් හංසයා දිනවන්න ඒ පැත්තේ මිනිස්සු වැඩේ කළා. ඒත් අපේ අය කරන්නේ මොකක්ද” කියා ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන විටම හංසයාට කතිරය ගැසූ පිරිසක් පසුතැවුණු බව රහසක් නොවේ.
හංසයාට ඡන්දය ලබාදුන් දෙමළ ජාතික සන්ධානය මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන්නේ වෙනම දේශපාලන පක්‍ෂයක් ලෙසය. ඊට අමතරව මෙවර කැපී පෙනෙන සිදුවීමක් වී තිබෙන්නේ පුනරුත්ථාපනය වුණු කොටි සාමාජිකයන් පිරිසක් වෙනම තරග කිරීමයි. මේ නිසා උතුරු පළාතේ මේ දක්වා දෙමළ ජාතික සන්ධානය පවත්වාගෙන ගිය ඒකාධිකාරය අවසන් වන්නේය. උතුරේ තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දැනටමත් දිනාගැනීමට පුනරුත්ථාපනය වී තරග වදින කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් දැනටමත් සමත් වී සිටී. ජනතා විමුක්ති පෙරමුණ මීට වසර කිහිපයකට පෙර දකුණේ ජනතාවගේ දිනාගත් ආකර්ෂණය දිනාගැනීමට මෙම පුනරුත්ථාපනය වී සිටින කොටි සාමාජිකයන් දැනටමත් සමත් වී තිබේ. එක්සත් ජාතික පක්‍ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් උතුර, නැඟෙනහිර පළාත් සඳහා මෙවරද දෙමළ, මුස්ලිම් නියෝජිතයන් ඉදිරිපත් කර ඇත. එම නිසා මෙවර උතුර, නැඟෙනහිර පළාත්වල හංසයාගේ එක ඡන්ද පෙට්ටියකට වැටුණු ඡන්ද මෙවර ඡන්ද පෙට්ටි කිහිපයකට වැටීමෙන් එහි යම් වාසියක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවන බව නොරහසකි.

මහින්ද අවශ්‍ය බව මුලින්ම ඉල්ලා සිටියේ මෙරට සිංහල බෞද්ධ බහුතරයයි. උතුරු, නැඟෙනහිර පළාත්වලින් පැමිණි දෙමළ, මුස්ලිම් ජනතාවද මහින්ද දැකබලා ගැනීමට පැමිණ ඉල්ලා සිටියේ යළි දේශපාලනයට පැමිණෙන ලෙසයි. ග්‍රාමීය ජනතාවගේ මෙම ඉල්ලීම කෙතරම් ප්‍රබලද කියනවා නම් ගම්වල සෑම පන්සලකම ආගමික උත්සව සංවිධානය කෙරුණේ මහින්දට ආශීර්වාද කිරීමටය. මේ නිසා රනිල් ඡන්ද ව්‍යාපාරය මහනුවරින් ආරම්භ කරන විට මහින්ද රටෙන් බාගයකට වඩා පන්සල්වලට ගොස් ජනතාව මුණගැසී තිබිණි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනාවල හුටපට නිසා මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම යම් ප්‍රමාදයක් වුවද මහින්ද කල්තියාම පන්සල් ගිය නිසා ඒ ප්‍රමාදය එක් පැත්තකින් මඟහැරී ගොස් තිබිණි.

මේ රටේ බහුතරයේ බහුතරයක් බොහෝ අවස්ථාවලදී පෙනී සිටියේ මහින්ද දිනවීමටය. එසේ රනිල් දිනුවේ 2001දී එක් වතාවක් පමණි. එහිදී රනිල්ගේ ප්‍රතිවාදියා වූයේ රත්නසිරි වික්‍රමනායකය. නමුත් මහින්ද – රනිල් වසර 10කට පසු මුහුණට මුහුණ යළිත් දේශපාලන කරළියට පැමිණ ඇත. ජනවාරි 8 වැනිදා මේ රටේ බහුතරයට තමන්ගේ බහුතර කැමැත්ත දිනාගැනීමට නොහැකි විය. නමුත් මාස 8ක් ඇතුළත ඒ කැමැත්ත දිනාගැනීම සඳහා අවස්ථාවක් රටේ බහුතරයට හිමිව තිබේ.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

3 Responses to “බහුතරයේ බහුතරය”

  1. Kumari Says:

    I am looking forward to 18th August to see a victory for the Majority of the Majority. It is high time the Sinhalese Buddhist look for the achievements of the two candidates. UNP has now become the party of the minorities and the party that rob the majority.

  2. Ratanapala Says:

    A simple win is not enough. What the country needs is a massive win for Mahinda Rajapakse. This can only be done by Sinhala Buddhists in the first place. It is they who can realise the clear and present danger to the unity and territorial integrity of Sri Lanka as well as for the security of the country in the immediate future and in the coming years. For this reason all who are of voting age from youngsters to the elderly should make it a point to go to the polling stations and vote. So the voting percentage must increase from what it was on 8 Jan to much higher figure. Those who did not vote on 8 Jan and will not vote on 17 Aug will have to repent for the rest of their lives for not doing their duty by their motherland. It is a must for all those who voted against Mahinda Rajapakse believing in all the mud slinging, to compulsorily go and correct their mistake. They would do a favour if at least some could come on Mahinda platforms and make their confessions so that others may at least go to the polling station and do their confession in silent by voting for Mahinda Rajapakse.

    In the second place the minorities should realise that they will be able live and prosper in the island of Sri Lanka from Point Pedro in the North to the Dondra heads in the South only by coexisting with the Sinhalese. Sinhalese have not practiced the kind of Apartheid that is allowed to practiced in the North. Sinhalese have not declared a Bhoomi Putra doctrine to deprive rights to minorities. Therefore it is in their best interest to come and vote for a strong Sinhala Buddhist led stable government led by Mahinda Rajapakse than to a Christian led Western friendly government led by serial looser and mega fraudster – Ranil Wickramasinghe.

    A stable government will see that Sri Lanka prosper in the years ahead. There is much to be shared in the commonwealth of Sri Lanka. It is a win win situation for all rather than a few who favour enclaves and feeding on the unsuspecting majority nation of the country. Those who favour division, dismemberment and balkanisation of Sri Lanka will see that they will be the ultimate losers while taking Sri Lanka in the same direction that the country had been up to 2005 and later after 8 Jan 2015.

    Mahinda Rajapakse has laid the foundation by initiating to lay the necessary infrastructure for the nation and he will continue to do so in the future. This can happen only if he is given a clear victory at the coming parliamentary elections on 17 August, that will enable him to do run a trouble free administration.

    Mahinda Rajapakse has learnt the lessons of 8 Jan and is now poised to run an effective administration with the able assistance of his brother – Gotabhaya Rajapakse. We hope and pray that he will once again come to lead the Defence Establishment and provide the necessary security for the nation that is a sine quoi non for future prosperity of our island nation.

  3. Christie Says:

    බහුතර සින්හල ජනතාව දෙකට බෙදුවේ 1951දී ඉන්දියානු අදිරදය හා අප රටේ සිටින ඉන්දියානු පරපෝසිතයන් එකතුව සින්හල වචනයක්වත් බැරුව දේසපාලනයට පැමිනි බන්ඩරනයක ලවාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress