ෆොටෝනයේ ස්‌කන්ධය සහ මොළය නැත්තන් ගේ මොළයේ ස්‌කන්ධය
Posted on July 24th, 2015

බෝධි ධනපාල කිබෙක්‌, කැනඩාව.

අපි පොඩි කාලේ ගමේ පාසලට ගොස්‌ ඉගෙනගත්තේ පැරැණි පෙළේ ගුරුවරුන් ගෙනි. වේවැල් පහර සහ ටොකු දෙමින් ගුරුවරයා “මූට මොළේ නැහැ. මං කොච්චර තැත් කරල ඉගැන්නුවත් මුගේ මොළේ වෙනස්‌ වෙන්නේ නැහැ” යෑයි නොපැකිළව පැවසුවේ අවවාද මුඛයකින් ම ය. අද නම් සමහර මවුපියන් ගුරුවරයා ළමයාට පරිභව කළා ය, අඩන්තේට්‌ටම් කළා ය වැනි වචන කියනු ඇත. උසාවි යැමට පවා කටයුතු කරනු ඇත.
මෙහි දී ගුරුවරයා “මූට මොළය නැත” යෑයි කිව් මුත්, එය සිසුවාට යථාර්ථයෙන් “මොළයක්‌” නැති බව නො ව, එක්‌තරා වියුක්‌ත ආකාරයකින් මොළයක්‌ නැතැයි කීමක්‌ පමණකි. ගුරුවරයා සිසුවා කෙරෙහි යොමු කරන ප්‍රයත්නය P නම්, එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් D නමැති, දැනීමේ වෙනසක්‌ ඇති වේ යෑයි ඔහු බලාපොරොත්තු වේ. එනම් Dහි අගය අවම වශයෙන් Pහි අගයට අනුපාතික වේ යෑයි ගුරුවරයා සලකයි. එහෙයින්, m නමැති අනුපාතික අචල සංඛ්‍යාවක්‌ පාවිච්චි කරමින් අපට සරල සමීකරණයක්‌ දැක්‌විය හැකි ය.

D= mP —– (1)

එය මෙහි දැක්‌වූ පළමු සමීකරණය හෙයින් එයට (1) යොදා ඇත.මෙහි Pහි අගය කොපමණ විශාල කළත් D වෙනස්‌ නො වන හෙයින් mහි අගය බිංදුව (ශුන්‍යය) විය යුතු හෙයින් සිසුවාට මොළයක්‌ නැතැයි කීම නිවැරැදි ය.

ගුරුත්වයේ බලය මනින්නේ තරාදියක කටුවෙන් දැක්‌වෙන කිලෝග්රෑම් ප්‍රමාණයක්‌ ලෙස ය. එය, එම දර්ශක කටුවකින් දැක්‌වෙන අංකයකි. මේ ගුරුත්වය වියුක්‌ත ගුරුත්වයක්‌ යෑයි නම් කරන්නන් විකාරභූතවාදීන් විය යුතු ය. එසේ ම, ත්වරණය මනින්නේ වේගය සහ කාලය මැනීමට යොදන උපකරණවලිනි. කාලය මනින්නේ ඔරලෝසු කටුවෙන් දැක්‌වෙන අංකයකිනි. රථයක වේගය පැයට සැතපුම් 20ක්‌ යෑයි වේගමානයේ කටුවෙන් දැක්‌වී, මිනිත්තු 10කින් පසු රථයේ වේගය පැයට සැතපුම් 30 වූ විට, රථයෙහි ත්වරණය (30-20) x (60/10), එනම්, පැයකට සැ. 60ක ත්වරණයක්‌ ලෙස දැක්‌වේ.

මේ අන්දමට, විද්‍යා පරීක්‌ෂණවල දී සියලු දත්ත හැකිතාක්‌ දුරට දර්ශක කටුවලින් දැක්‌වෙන නිරීක්‌ෂණ ලෙස සටහන් කරගෙන, එම දත්ත අතර ඇති සම්බන්ධය නීතියක්‌ වශයෙන් ප්‍රකාශ කෙරෙනු ඇත. නීතිය එන්නේ කපුටන් සියයක්‌ බැලූ විට ඔවුන් සියය ම කළුපාට වූ හෙයින් සැම කපුටකු ම කළු පාට යෑයි තීරණය කිරීමකින් නො වේ. නීතිය ඉදිරිපත් කරන්නේ ප්‍රතිභාපූර්ණ විද්‍යාඥයකු ගේ අත්දැකීමෙන් බිහි වූ වාදයක්‌ ලෙස ය. එසේ ඉදිරිපත් කෙරෙන අලුත් වාදය, පැරැණි වාදයන්ට වඩා පුළුල් විය යුතු මුත්, අලුත් වාදය ද එයට අදාළ අවම දිගු පරිමාණයන් සහ උපරිම ශක්‌ති පරිමාණයන්ට සීමිත වෙයි. එම සීමාවන් ඇතුළ තිබෙන සියලු නිරීක්‌ෂණ අලුත් වාදයෙන් නිවැරැදිව ලබා දිය යුතු ය.

ගැලීලියෝ සහ නිව්ටන් ගේ නමින් අප දන්නා සම්භාව්‍ය යාන්ත්‍රණයෙහි ඇති නියමයක්‌ ගැන අපි හිත් යොමු කරමු. වස්‌තුවක්‌ කෙරෙහි යොදවන බලය F නම්, එයින් ඇති වන ත්වරණය A නම්, එම ත්වරණය වස්‌තුවට යෙදූ බලයට අනුපාතික බව එම නීතියේ ප්‍රධාන ප්‍රකාශයයි. ඊට අදාළ අනුපාතික අචල සංඛ්‍යාව m යනුවෙන් ගත හොත්, නිව්ටන් ගේ දෙවැනි නියමය සරල සමීකරණයක්‌ ලෙස දැක්‌විය හැකි ය. එනම්,

F=mA —– (2)
මෙහි F බලයක්‌ හෙයින් එය යම් නිශ්චිත දිසාවකට යෙදවේ. එනම්, එය දෛශිකයකි. එසේ ම, ත්වරණය ද යම් දිසාවකට ම ඇති වන හෙයින් A ද දෛශිකයකි. එහෙයින් මේ දෛශිකභාවය දැක්‌වීම සඳහා අකුර වරහන් තුළ ලියමු. එනම්, (F)=((m)) (A) යනුවෙන් දෙවැනි සමීකරණය වඩා නිවැරැදිව ලිවිය යුතු ය. මේ අනුව ((m)) ගණිත විද්‍යාව අනුව ආතානකයක්‌ විය යුතු හෙයින් ප රාශිය වරහන් යුගල දෙකක්‌ තුළ දක්‌වා ඇත. එනමුත් මෙහි තවත් සරල කිරීමක්‌ ඇත. නිව්ටන් ගේ දෙවැනි නියමයෙන් (F) සහ (A) අතර ඇති අනුපාතිකභාවය පමණක්‌ නො ව, වස්‌තුව හිස්‌ මාධ්‍යයක පවතින්නේ නම් (F)හි දිශාවම (A) ගත යුතු බව ද කියයි. එහෙයින් ((m)) එහි අදිශ අගය වන m  වන අගයෙන් ම ((m)) දැක්‌වීම සරල සාකච්ඡාවල දී ප්‍රමාණවත් වෙයි.
මොළය නැත්තාට කොපමණ ටොකු දුන්නත් වෙනසක්‌ නො වෙයි. ඔහු ගේ මොළයෙහි ස්‌කන්ධය m=0 යෑයි එහෙයින් තීරණය කළ යුතු ය. එමෙන් ම, ෆොaටෝනයට කුමන බලයක්‌ යෙදුවත්, කොයි ආකාරයෙන් ත්වරණය කිරීමට තැත් කළත්, එහි වේගය C නමැති අචල සංඛ්‍යාවක්‌ ලෙස සිටී. එහෙයින් නිව්ටන් ගේ දෙවැනි නියමය අනුව ෆොaටෝනයේ ස්‌කන්ධයට ශුන්‍ය අගයක්‌ හිමි වෙයි.

F=mA, වේගය C අචල හෙයින් A=0. එහෙයින්

m=0 —– (3)

මෙය කෙතරම් පැහැදිලි කළත් එයින් ඵලක්‌ නො ලැබෙන, මොළය නැති සෙයක්‌ පෙන්නුම් කෙරෙන පුද්ගලයන් එමට ඇත. එසේ මොළය නැත්තාක්‌ මෙන් පෙනෙන පුද්ගලයන් තෙවර්ගයක්‌ ඇත. සමහරුන්ට ඇත්ත වශයෙන් ම එම වියුක්‌ත මොළය නොමැත. තවත් සමහරුන් ගේ මහන්තත්වය නිසා මොළය ඉදිමී ගොස්‌ ඇති හෙයින් ඇත්ත බොරු පිළිගැනීමට ඔවුන්ට නොහැකි ය. කෙසේ කරුණු දැක්‌වුවත් තම මතයෙහි ම එල්බගෙන ඉන්නේ ඔවුන් ගේ මොළයෙහි ස්‌කන්ධය වන m ශුන්‍ය වූ නිසා ම නො ව, මහන්තත්වයෙන් පිරී ගොස්‌ ඇති නිසා වියුක්‌ත මොළයට ඉඩක්‌ නොමැති ව ශුන්‍ය වී ඇති නිසා ය. එවැනි සිසුන් හමු වූ පැරැණි පෙළේ ගුරුවරුන් ගත් පියවර දැන් සමාජයේ පාවිච්චි කරන්නේ නැත. තුන්වැනි ගණයේ අය මහලු වී ඇති නිසා මොළයෙහි අලුත් දෙයකට ඉඩ නොමැත්තෝ වෙති.

මොළය වැඩ කරන්නේ යම් කිසි ශක්‌තියකින් හෙයින්, එම ශක්‌තිය E නම්, අයින්ස්‌ටයින් ගේ E=mC2 නැමැති නියමය යොදාගෙන, තමාට මොළයක්‌ තිබිය යුතු බවත්, එම මොළයෙහි ස්‌කන්ධය ප=E/C2 යෑයි කියා ස්‌කන්ධයක්‌ පනවාගැනීමට තැත් කරන්නන් ස්‌කන්ධය යන්නට නිව්ටන් ගේ දෙවැනි නියමයෙන් දෙන අර්ථය ද දූෂ්‍ය කර මහා මඩ වළක වැටෙනු ඇත. ෆොaටෝනයේ ස්‌කන්ධය ගැන කතාවන් ද එවැනි ම විකාර දුර්මතයන් මිස නවීන විද්‍යාවට අයත් කරුණු නො වේ.

මොළය ශුන්‍ය අවස්‌ථාවක ඉන්නා අයකුට ඕනෑ ම දෙයක්‌ පනවාගැනීමට හැකි ය. ඉතිහාසය පවා නොපිට හරවා පනවාගැනීමට හැකි ය. එක්‌ දහස්‌ නව සිය විසි පහේ දැක්‌වූ ශ්‍රොaඩින්ගර් සමීකරණය 1927 දී සිදු වූ සම්මන්ත්‍රණයකින් බීජ වී ඉන් පසු ඇති වී යෑයි ඉතිහාසය පවා නොපිට පැනවීමට හැකි ය. එහෙත්, කරුණු දන්නා අයට මෙය ඉතිහාසයක්‌ නො ව හුදු හාස්‍යයක්‌ පමණකි. මෙවැනි කරුණු ගැන ප්‍රසිද්ධ වාදයක්‌ කිරීම කෝලම් මඩුවක්‌ පැවැත්වීමක්‌ විය හැකි ය. කෝලම් මඩුවල වෙස්‌මූණු බැඳගෙන ආවේශ වූ අය, දෙවියන්, භූතයන් සහ යක්‌ෂයන් ගෙන්වීම ද සමහර මහ ඇදුරන්ට සාමාන්‍ය කටයුත්තකි. එහෙත්, එසේ එන දෙවිවරුන් වියුක්‌ත ප්‍රාණීන් ද සැබෑ ප්‍රාණීන් ද යෑයි අපි නො විමසමු.

කෝලම් මඩුවක්‌ පැවැත්වීමට ඉදිරිපත් වූ අය ඩොලර් 1500ක්‌ වියදම් කිරීමේ ඇමක්‌ ද බිලී පිත්තට යෙදූ මුත් වැඩය හරි නො ගියේ ය. මිදි වල්ල ඇඹුල් යෑයි පවසා මිදි වල්ල සත පහක්‌ වත් වටින්නේ නැතැයි කටමැත දොඩා ගිය සිවලා ගේ කථාව අපි කවුරුත් දනිමු.

එහෙත්, කෝලම් මඩු අවශ්‍ය නො වූවත්, විද්‍යාව උගන්වන ගුරුවරයකු ලෙස මගේ අත්දැකීම වන්නේ මේ අන්දමින් හාස්‍යය විද්‍යා පන්තිවලට මිශ්‍ර කිරීමෙන් මොළය නැති සිසුන්ටත් ටොකු නො දී, පැරැණි ක්‍රමය අත හැර, කරුණා පූර්වකව විද්‍යාව ඉගැන්වීමට අවස්‌ථාවක්‌ ලැබෙන බව ය. එහෙයින්, ස්‌කන්ධය, ෆොaටෝනය, E=mC2 වැනි මූලික දේවල් සිසුන්ට ඉගැන්වීමේ දී මොළය නැත්තන් ගේ මොළයේ ස්‌කන්ධය ශුන්‍ය වීමේ කතාව ඉදිරිපත් කිරීම අධ්‍යයන ආධාරයක්‌ ලෙස සැලකිය හැකි ය.
 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress