ගෝඨාභය මහතාව යළිත් ආරක්ෂක ලේකම් ලෙස ගැසට් පත්‍රයේ පළවෙයි.
Posted on July 24th, 2015

  උපුටාගැණීම www.mahinda.info

සැයු:: අප මෙය පල කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරමින් අදාල සිද්ධියට ප්‍රතිචාර දැක්වීම උදෙසා නොව, ඒ ආකාරයේම වෙනත් සිදුවීමක් ගැන පැහැදිළි කිරීමට ප්‍රස්තුතයක් වශයෙනුයි.

[1]. 2015-06-19 වන සිකුරාදා රජයේ ගැසට් පත්‍රයේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වශයෙන් දක්වා තිබුණා. මූලාශ්‍රය: නෙත් එෆ් එම්. පහත දැක්වෙන්නේ එම ගැසට් පත්‍රයේ අදාල කොටසයි.

gotaa[1]

[2]. ඉන් දින 2 කට පසුව, එලෙස ගැසට් පත්‍රයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම පළ වීම මුද්‍රණ දෝෂයක් හේතුවෙන්” බවට රජය ප්‍රකාශ කර තිබෙනවා. මූලාශ්‍රය: දෙරණ. මුද්‍රණ දෝශ” නැමැති පුළුල් වපසරියක් ආවරණය වෙන කොටසට එය ලඝු කළත්, එය මුද්‍රණ යන්ත්‍රයේ හෝ මුද්‍රණය කළ පරිගණක පද්ධතියේ දෝශයක් නොව, එම ගැසට් පත්‍රය සකස් කළ හෝ මුද්‍රණය කළ නිලධාරීන් විසින් සිදුවූ අතපසුවීමක්” බව පැහැදිළියි.

[3]. එලෙස පත්වීමක් ලබාදීම සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක හෝ වේවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම පළකිරීම මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් නීතිමය වශයෙන් වගකීමකට ලක් වෙනවා. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියේම මෙලෙස අදාල නීති පනත සඳහන්.
Act-S[1]
[4]. ඒ අනුව මාගේ නම අයථා ලෙස යොදා ගනිමින් කූඨ ලෙස ගැසට් පත්‍රය සකසා මාව අපහසුතාවයට පත් කළා” කියමින් අවශ්‍යනම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාල යහපාලන අමාත්‍යවරයාට සහ ඔහු පත්කළ යහපාලන නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාව තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය කාලයේ යහපාලකයින් විසින් ගෙන ගිය මඩ අවලාද ව්‍යාපාරයට (ඒවා මෙතනින්) පිළිතුරක් හැටියට එවැන්නක් කළ යුතු බව බොහෝ අය පවසන්නත් ඇති. අප දන්නා අයුරින් ගැසට් වැරදීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා තියා මාධ්‍ය වෙත කිසිදු ප්‍රතිචාරයක්වත් දක්වා නැහැ. එය පැහැදිළිවම කා අතින් හෝ සිදුවූ අතපසුවීමක් බව පෙනී යන නිසා, වැරදි සිදුවීම මනුස්ස කම…” නිසාත් එතුමා එය නොසලකා හැරියා.

[5]. එහෙත් මෛත්‍රීය පදනම් කරගත්තායැයි කියන යහපාලන ආණ්ඩුව පසුගිය මාස 6 තුළ හැසිරුණේ කෙසේදැයි ඔබ දන්නවා. උදාහරණයක් ගතහොත් සිරිලිය සවිය ගිණුමේ භාරකරුවන්ගේ හැඳුනුම්පත් අංක අදාල බැංකුව විසින් නිවැරදි ලෙස ඇතුළත් කර නොතිබීම යොදාගනිමින් පසුගිය මාස කිහිපයක් පුරාවටම ශිරන්ති රාජපක්ෂ මහත්මියව දඩයම් කිරීමට යහපාලකයින් උත්සාහ ගත්තා. එය බැංකු නිලධාරීන්ගේ අතින් සිදුවූ අතපසුවීමක් බව අප පවසද්දීත් එජාපය ඊට ඇහුම්කන් දුන්නේ නෑ. මාස 6 ක් තිස්සේ කොතරම් උත්සාහ දරලත් එතුමියව අත් අඩංගුවට ගැනීමට හේතුවක් හොයාගන්නට යහපාලකයින්ට නොහැකි වුණා, සිරිලිය සවිය ගැන කෑ ගැසූ යහපාලකයින් ජනතාව ඉදිරියේ නිරුවත් වුණා.

[6]. අදාල ලේඛන මුද්‍රණය කළ නිලධාරීන් අතින් සිදුවූ වැරදීම් නිසා එම ගැටළු හටගත් බව අප කොතෙකුත් කිව්වත් එජාපය පිළිගන්න සූදානම් වුණේ නෑ. අපි අද අහනවා… රජ‍යේ ප්‍රධානතම ලේඛනය වන සතියකට වරක් පමණක් මුද්‍රණය කරන ගැසට් පත්‍රයත් වරදිනවානම් , දවස පුරාම වෙහෙසෙමින් එක දිගටම බැංකු ගිණුම් වලට ඩේටා එන්ටර් කරන නිලධාරීන්ට වරදින්න බැරිද?

යාලුවන් අතරේ Share කරන්න.

One Response to “ගෝඨාභය මහතාව යළිත් ආරක්ෂක ලේකම් ලෙස ගැසට් පත්‍රයේ පළවෙයි.”

  1. Kumari Says:

    I am not surprised. The present regime cannot even sweep the roads of Colombo, so what more can you expect.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress