මහින්ද කොටින්ට සල්ලි දුන්නාද? විශේෂ හෙළිදරව්ව!
Posted on July 27th, 2015

උපුටාගැණීමwww.mahinda.info

මහින්ද රාජපක්ෂ මහතා කොටි සංවිධානයට මුදල් දුන් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා. හිරු නිවුස් පුවත මෙලෙසයි.

මහින්ද රාජපක්ෂ එල්.ටී.ටී.ඊ. යට මුදල් දුන්නා – ජවිපෙන් යළි චෝදනා.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ නිමා වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොටු වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඊයේ ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

හුදු දේශපාලන මඩ ප්‍රහාරයක් වන එම චෝදනාවට පදනම් වූ කිසිදු මූලාශ්‍රයක් අනුර කුමාර දිසානායක මහතා විසින් ගෙනහැර දක්වා නැහැ. අප මූලාශ්‍ර සහිතවම ඒ චෝදනාවේ පදනම් විරහිත භාවය ඔබට පෙන්වා දෙන්නම්.

[1]. මේ ඇත්තේ 1994 සිට 2015 දක්වා ජනාධිපතිවරණ වලදී යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක වල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයි.

වර්ෂය යාපනය වන්නි
(i). 1994 2.97 % 22.41 %
(ii). 1999 19.18 % 31.22 %
(iii). 2005 1.21 % 34.30 %
(iv-1). 2010 25.66 % 40.33 %
(iv-2). 2015 66.28 % 72.57 %

යාපනය මූලාශ්‍රය wikipedia.org/wiki/Jaffna_Electoral_District
වන්නි මූලාශ්‍රය wikipedia.org/wiki/Vanni_Electoral_District

(i). 1994 වන විට උතුර සම්පූර්ණයෙන්ම කොටි ග්‍රහණයේ වූ අතර ඡන්දය ප්‍රකාශ කිරීම ඉතාමත් අඩු මට්ටමක පැවතුණා.

(ii). 1999 වන විට යාපනය අර්ධද්වීපයේ බටහිර කොටස හමුදාව විසින් මුදාගත් අතර, ඒ නිසාම ඡන්දය ප්‍රකාශ කිරීම තරමක් වැඩි වුණා. වන්නි දිස්ත්‍රික්කයේ ද හමුදා පාලන ප්‍රදේශ වල ඉහළ යාමක් තිබුණු අතර, ඡන්දය ප්‍රකාශ කිරීමද තරමක් වැඩි වුණා.

(iii). 2005 දී ඊනියා සටන් විරාම ගිවිසුම යටතේ යාපනය නැවතත් කොටි ග්‍රහණයට ලක් වූ නිසා ඡන්දය ප්‍රකාශ කිරීම නැවතත් අඩු වුණා.

(iv). ත්‍රස්තවාදය අවසන් වූ පසු 2010 සිට ඡන්දය ප්‍රකාශ කිරීම ක්‍රමයෙන් සාමාන්‍යය අගයන් කරා පැමිණියා.

(v). ඉහත තොරතුරු අනුව ඔබට ඉතාම පැහැදිලිව පෙනෙන කරුණ නම් උතුරේ දමිළ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය LTTE සංවිධානයේ බලයට ප්‍රතිලෝමව සමානුපාතික බවයි. 1994 දී සහ 1999 දීත් කොටි සංවිධානය ඡන්දය වර්ජනය කර තිබෙනවා. මෙය 2005 ට සුවිශේෂී තත්වයක් නෙමෙයි.

(vi). ඒ අනුව 2005 දී ජනාධිපතිවරණය වර්ජනය කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කොටින්ට මුදල් දුන්නා යන කතාව කිසිදු පදනමක් නොමැති මඩ ප්‍රහාරයක් බව පැහැදිළියි.

(vii). කොටින් ඡන්දය වර්ජනය කළේ උතුරේ ජනතාව දකුණේ නායකයන් පිළිනොගනී” යන පණිවිඩය ජාත්‍යන්තරයට දෙමින් වෙනම රාජ්‍යකක් දිනා ගැනීමට මිසක් වෙන දේකට නොවෙයි. අනුර කුමාර දිසානායක මහතා හදන්නේ කොටින්ගේ බෙදුම්වාදී ඉතිහාසයට සුදු හුණු ගෑමට බවත් මින් පෙනී යයි.

[2]. මෙලෙස සංඛ්‍යාලේඛන මගින්ම ඔප්පු කර තිබියදීත් අනුර කුමාර දිසානායක මහතා පවසන කතාව ඇත්ත යැයි තවමත් කවුරු හරි කියනවානම් පහත නිගමන වලට ඔහුට ඒමට සිදුවෙයි…

(i). අනුර කුමාර දිසානායක මහතා පවසන කතාව ඇත්ත නම් 1994 දී සහ 1999 දීත් කවුරුන් හෝ ඡන්දය වර්ජනය කිරීමට කොටින්ට සල්ලි දී තිබෙනවා.

(ii). අනුර කුමාර දිසානායක මහතා පවසන කතාව ඇත්ත නම් ත්‍රස්තවාදී සංවිධානයක් පීචං” වෙන්නටම අන්දවා බලයට පැමිණ, ඒ සංවිධානයම කුඩුපට්ටම් කර දැමීමේ ගෞරවය වඩාත් ලොකුවට මහින්ද රාජපක්ෂ මහතාට හිමි විය යුතුයි. එවන් ගේමක් ගැසීමේ හැකියාවට හිස නමා ආචාර කළ යුතුයි.

[3]. කොටින්ට සල්ලි දුන්න කතාව සෑම විට කරලියට එන්නෙ ඡන්දයක් එනකොට පමණයි. 2010 ජනාධිපතිවරණයේදී මෙන්ම 2015 ජනාධිපතිවරණයේදීත් එජාපයේ සමහරුන් ඔය කතාව කී අතර, ඉන් පසු මාස 6 ක් ම ගිහිල්ලත් ඒ වෙනුවෙන් කළ නීතිමය ක්‍රියාමාර්ගයක් නෑ. සමහරුන් ගාව තිබුණා කියූ ඊනියා සාක්ෂි එලියට දැම්මේත් නෑ.

[4]. කොටි සංවිධානයට ආධාර දී ඇත්තේ එජාපයේ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් බවත් ඔබ අසා ඇති. මෙන්න විකීපීඩියා එකෙන්ම…

President Premadasa ordered the Sri Lanka Army to clandestine handed over arms consignments to the LTTE to fight the IPKF and its proxy, the Tamil National Army (TNA). These consignments include RPG guns, mortars, self-loading rifles, T81 automatic rifles, T56 automatic rifles, pistols, hand grenades, ammunition, and communications sets.[63] Moreover, millions of dollars was also passed on to the LTTE. – source: wikipedia

ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාගේ ඊනියා සාම කාලය තුල ප්‍රභාකරන්ට අවි ආයුධ සැපයුණු බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.

during Ranil Wickremesinghe’s regime that the LTTE dragged the peace talks to smuggle weapons and ammunition including aircraft. source: wikipedia

එකී චෝදනාව සනාථ කරමින් සහ රනිල්-ප්‍රභා මිතුදම පෙන්වමින් කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ රනිල් වික්‍රමසිංහ මහතා එකට සිටින ඔරලෝසු , රණවිරුවන්ට මානුෂික මෙහෙයුම අතරතුරදී හමුවී තිබෙනවා.

 

අප ඉහත සෑම කරුනක්ම දක්වා ඇත්තේ මූලාශ්‍ර සහිතවයි. නමුත් 88/89 භීෂණය කාලයේදීත් ඉන් පසුවත් ජවිපෙ වෙනුවෙන් නොමිලේ පෙනී හිටපු ආදරණීය නීතීඥයා මෙන්ම, ත්‍රස්තවාදයෙන් රට බෙරා දුන් අභීත නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු පදනමකින් තොරව ජවිපෙ නායක මඩ ගසයි. එහෙම කරන අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ මිය ගිය සහෝදරවරුන්වත් පාවා දෙමින් අද සුද්ද කරන්නේ කවුරු කවුරුන්වදැයි ජවිපෙ බුද්ධිමත් සහෝදරවරුන්ට පැහැදිළි වීමට ඉහත මූලාශ්‍ර ප්‍රමාණවත් වේවි.

යාලුවන්ටත් ඇත්ත දැනගැනීමට Share කරන්න.

2 Responses to “මහින්ද කොටින්ට සල්ලි දුන්නාද? විශේෂ හෙළිදරව්ව!”

  1. Ancient Sinhalaya Says:

    Hope patriotic Sinhalese will dump this traitor red elephant and his henchmen on 17th.
    Your darling batalande butcher is a saint to you now?

    You are an absolute disgrace! You are insulting all those youth who suffered untold torture and death in the hands of
    those butchers. Now you want MR’s blood who saved the country from the ruthless terrorists and treacherous west who
    is hell bent on dividing Sri Lanka. AK low life is a traitor just like the batalande butcher. No wonder they get on well.
    Hope you will be put in the political dust bin on 17th along with your darling butcher of batalande.

  2. Dr.K Says:

    මහින්ද රාජපක්ෂ රජය LTTE යට මුදල් දීම සිදුවුනායයි සිතමු.
    එදා ප්‍රේමදාස යුගයේ ආයුද දීම , චන්ද්‍රිකා යුගයේ සාම ගිවිසුම , රනිල් යුගයේ උතුරේ පාලන බලය ගිවිසුමක් යටතේ දීම ආදී වශයෙන් එක් එක් නායකයන් විවිදාකාරයේ උපක්‍රම යොදා එදා රටට මහා විනාශයක් වගේම ශාපයක්ව තිබූ ත්‍රස්තවාදය නැතිකිරීමේ උපක්ක්‍රම යෙදු බව අපි දනිමු. ඒ අනුව මහින්ද රාජපක්ෂ බලයට එනවිට චන්ද්‍රිකා එවකට අත්සන්කරතිබු සමගිවිසුම බලවත්ව තිබු අතර මහින්ද රාජපක්ෂ LTTEය හා සාකච්චා මේසයකට පිවිසීමේ උත්ත්සාහයක් ගත් බව අපි දනිමු. එවැනි මොහොතක මුදල් ප්පරිත්‍යාගයක් කලේනම් එහි අරුමයක්ද නැත.

    අපි මෙහීදී තර්ක කල යුත්තේ එහි අවසාන ප්‍රතිපලය පිලිබඳවය. සාම මේසය ප්‍රතික්ෂේප කල LTTE ය නැතිකරන තැනට මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළේය. මේ අනුව අවසාන ප්‍රතිපලය රටේ ජනතාවට හිතවාදීනම් එය ලඟාකර ගැනීමට කටයුතු කල ආකාරය පිලිබඳව ප්‍රශ්න කිරීම තුල ගත යුත්තක් නැත.

    අපට ප්‍රශ්නයක් වී ඇත්තේ අද ත්‍රස්ත වාදයෙන් නිදහස්වී ඇති රට නැවතත් ත්‍රස්තයන්ටම බාරදීමට කටයුතු කරණ රනිල් සමග එක්වී අනුර කුමාර දිසානායක මේ විදියේ ප්‍රශ්න කිරීමෙන් බලා පොරොත්තු වන්නේ කුමක්ද යන්නය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress