රාජපක්ෂවරුන්ට එරෙහි ලැම්බෝගිණි චෝදනාව ගැන ඇත්ත හෙළිදරව්ව!
Posted on July 27th, 2015

 උපුටාගැණීම www.mahinda.info

[1]. මීට කලකට ඉහතදී රන්ජන් රාමනායක විසින් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ලැම්බෝගිනි කාර් ගැන චෝදනාවක් කරනු ලැබුවා. පහත වීඩියෝවේ දැක්වෙන පරිදි ඔහු පවසන්නේ රාජපක්ෂ පුත්තු විසින් තීරු බදු නොගෙවා ලැම්බෝගිණි 3 ක් මෙරටට ගෙන්වා ඇති බවයි.

රන්ජන් රාමනායක එලෙස පවසන්නේ බොරැල්ල ප්‍රදර්ශනාගාරයක ඇති ලැම්බෝගිණි 3 පිළිබඳවයි. නමුත් එය මයික්‍රෝ සමාගම විසින් නීත්‍යානුකූලවම අප රටේ ප්‍රදර්ශනය සඳහා මෙරටට ගෙන්වූ ඒවා. පහත වීඩියෝව බලන්න.

මයික්‍රෝ අධිපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා එදා ප්‍රදර්ශනය සඳහා ගෙන්වූ ලැම්බෝගිණි 3 හේතු කොටගෙන මේ වන විට මීගමුවේ ව්‍යාපාරිකයෙක් විසින් පාවිච්චි කරන ලද ලැම්බෝගිණි මෝටර් රථයක් මිලදී ගෙන තිබෙනවා. එහිදී රජයට පමණක් ලැබුණ බදු ආදායම රුපියල් ලක්ෂ 580 ක්. (Rs. 58,000,000.00)

[2]. මෑතකදී රවි කරුණානායක සඳහන් කළේ නියමිත බදු ගෙවීම් පැහැර හරිමින් පසුගිය රජය සමයේ ආනයනය කළ ලැම්බෝගිනි මෝටර් රථ 3ක් යළි මෙරටින් පිට කිරීමේ සැලසුමක් පැවැති බවයි.

නමුත් රවි කරුණානායක විසින් සත්‍යය විකෘති කරමින් සඳහන් කරන්නේත් ඉහත දැක්වූ පරිදි මයික්‍රෝ සමාගමෙන් මේරටට ප්‍රදර්ශනය සඳහා ගෙන්වන ලද ලැම්බෝගිණි කාර් 3 පිළිබඳවයි. ඒවා ප්‍රදර්ශනය කිරීම සඳහා ගෙන්වූ බැවින් තීරු බදු ගෙවීමට අනවශ්‍ය වූ අතර, නැවත සැපයුම්කරුට යැවූ පසුව රජයට ගෙවිය යුතු ලක්ෂ 2700ක මුදල නිසි පරිදි මයික්‍රෝ සමාගමෙන් ගෙවා තිබෙනවා. මේ කිසිවකට රාජපක්ෂවරුන්ගේ සම්බන්ධයක් නැහැ. රාජපක්ෂවරුන් කෙරෙහි වෛරයෙන් රවි කරුණානායක එලෙස මඩ ගැසීමෙන් හානි සිදුවන්නේ ශ්‍රී ලංකවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය දේශීය ව්‍යාපාරිකයෙකුටයි.

[3]. මේ වන විට ලංකාවේ දෙදෙනෙකුට ලැම්බෝගිණි මෝටර් රථ තිබෙනවා. එක් අයෙක් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව. අනෙක් කෙනානම් ඉහත දෙවැනි වීඩියෝවේ ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා සඳහන් කළ මීගමුවේ ව්‍යාපාරිකයායි. මූලාශ්‍රය සහ වැඩිදුර කියවීමට: http://www.adaderana.lk/biz/lambo/

මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කිරීම සඳහාම එජාපය සිදුකළ මඩ ගැසීම නිසා සිදු වූයේ , ලැම්බෝගිණි මෝටර් රථ පමණක් නොව ඒ හා සමාන සුඛෝපභෝගී මෝටර් රථ පවා මිලදී ගෙන රජයට විශාල බදු මුදල් ගෙවීමට හැකියාව තිබූ උදවියත් අධෛර්යයට පත් වීමයි. මඩ ප්‍රචාරණය නොවන්නට මේ වන විට අප රටේ ලැම්බොගිණි මෝටර් රථ දුසිම් ගණනක් තිබෙන්නට ඉඩ තිබුණා. එසේ වූවානම් රජයට අය වෙන බදු ආදයම විතරක් ලක්ෂ දසදහස් ගණනක්… එසේ වූවානම් යහපාලන ආණ්ඩුවට වයෝවෘද්ධ ජේෂ්ඨ පුරවැසියන්ට රුපියල් 2000 දීමනාව ගෙවාගන්න බැරි වෙන්නේ නෑ.

[4]. පසුගිය ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙරදී එජාපයේ සුජීව සේනසිංහගේ ෆේස්බුක් පිටුවේ පහත පින්තූර පළ වුණා. පින්තූර 5 ක් පමණ පළ කර තිබුණත් 3 ක්ම අතේ මාට්ටු වූ බැවින් ඒවා ඉවත් කරලා. මූලාශ්‍ර 1 , 2 සුජීව සේනසිංහ පැවසූයේ ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී නාමල් රාජපක්ෂ මහතා තම ලැම්බෝගිණි මෝටර් රථ කිහිපය රහසේම රට පටවන බවයි. මෙම පින්තූර යොදාගනිමින් තවමත් එක්සත් ජාතික පක්ෂයේ මඩකරුවන් විසින් මඩ ගැසීම සිදුකරනවා.

sri-lanka-lamborghini

නමුත් ඉහත දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ මහතාට අයත් වාහන නොව ශ්‍රී ලංකන් එයාර්ලයින් එක විසින් ප්‍රති අපනයනය සඳහා මෙරටට ගෙන්වූ වාහනයි. එම පින්තූර ජනාධිපතිවරණ සමයේ ගත් ඒවා නොව ඊට වසර 2 කට පෙර එනම් 2012 තරම් ඈතකදී සිදුවූ ප්‍රති අපනයනය කිරීමකුයි. මූලාශ්‍ර 1 , 2 , 3 , 4

පහත දැක්වෙන්නේ එම පින්තූර වල සැබෑ අයිතිකරුවා විසින් ෆේස්බුක් එකේ පළ කළ සටහනක්.
10898208_10152568780778085_43751910082500473_n[1]

කට උත්තර නැති වූ මඩ බලකාය ඊළඟට පැවසූයේ Dhanushka Pradeep මහතා එම ෆේස්බුක් ඇල්බම් වල දින වෙනස් කර ඇති බවයි. නමුත් ෆේස්බුක් කොමෙන්ට් වල දින කෙසේ වත් වෙනස් කළ නොහැකියි. මෙම පින්තූරයේ සමහර කොමෙන්ට් 2012 තරම් ඈත කාලයේ වන අතර එමගින් එම පින්තූරත් 2012 ඒවා බව තහවුරු කරනවා.

sri-lanka-lamborghinijpg
පහත දැක්වෙන්නේ ලැම්බෝගිනි මඩ සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණය කාලය තුළ අපගේ සහෝදර ෆේස්බුක් පිටු විසින් ෆේස්බුක් එකේ කරන ලද දැනුවත් කිරීම්.

namal-rajapaksa-lamborghini

namal-rajapaksa-lamboghini

 

[5]. නාමල් රාජපක්ෂ මහතා සතුව තීරු බදු නොගෙවූ එකදු ලැම්බෝගිනි මෝටර් රථයක්වත් තිබුණානම් ඒවා සොයාගෙන රට ඉදිරියේ පෙන්වීමට තිබුණා. එසේම ඔහු වරදක් කර තිබේනම් ඔහුට එරෙහිව නඩු දැමීමට හැකියාව තිබුණා. ඒ සඳහා ගෙවුණ මාස 6 හොඳටම ප්‍රමාණවත්. එසේ නොකිරීමෙන් එක්සත් ජාතික පක්ෂය මේ තාක් කල් කරන ලද ලැම්බෝගිණි චෝදනා පට්ට පල් බේගල් බවට ජනතාව ඉදිරියේ ඔප්පු වුණා.

එදා නාමල් රාජපක්ෂ මහතාට ලැම්බෝගිණි වාහන ගැන චෝදනා එල්ල කළ අයගේ සැබෑ ස්වරූපය කෙසේදැයි තවම ජනතාව දැනුවත් වී නෑ. මේ බලන්න අධි සුඛෝපභෝගී ලිමොසීන්. එක්සත් ජාතික පක්ෂයේ චෝදනා මෙන් මේවා කටකතා හෝ චම්පිකගේ මෙන් ෆොටෝශොප් හෝ නොව අප පල කරන්නේ ජාතික පුවත්පත් වල පල වූ ඒවායි. මූලාශ්‍රය: http://nation.lk/online/2015/07/22/in-yahapalanaya-luxury/

limousine

ඉහත අප ඔප්පු කර පෙන්වූයේ පසුගිය කාලය පුරාවටම එජාපයෙන් එල්ල කළ ලැම්බොගිණි මඩ ප්‍රහාරයේ පදනම් විරහිත බවයි. ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර දී, නොදියුණු ලොවක සිට සංවර්ධිත ලොවක් කරා අප රට ගෙන යාමට සිටි මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තව කොතරම් බොරු බේගල් ඇද බාන්න ඇත්ද… තවත් එවන් ව්‍යාජ මඩ අවලාද චෝදනා සිය ගණනක් ඇති අතර ඒවායින් බොහෝමයකට mahinda.info වෙබ් අඩවිය පුරාවටම පිළිතුරු දී තිබෙනවා.

තවමත් රාජපක්ෂවරුන්ගේ ලැම්බෝගිනි හොයන යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

2 Responses to “රාජපක්ෂවරුන්ට එරෙහි ලැම්බෝගිණි චෝදනාව ගැන ඇත්ත හෙළිදරව්ව!”

  1. Sarath W Says:

    These two morons are blatant liars and are insulting all the decent voters for taking them for fools. The election observers should take note of these false allegations during the election campaign. Now most of the people know who the real crooks are, namely Mahendran, Ravi and Ranil for protecting them.

  2. NAK Says:

    Ranil Wickremasinghe never liked Sujeewa and on innumerable occations illtreated him. We have heard Sujeewa lamenting on many occations.Probably Ranil conciders sujeewa to be a threat to Ruwan.W.The latest backstab on Sujeewa was the restraining order taken against the COPE report, on Ranils advice, which later he himself was forced to recall exposing Sujeewa’s immaturity and idiocy.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress