මහින්ද ඕන කියන මතය දැන් සමාජගත වී හමාරයි – මනුෂ නානායක්කාර
Posted on July 28th, 2015

මනුෂ නානායක්කාර

මිනිස්සු මහින්ද රාජපක්ෂ මැතිතුමාව පරංජය කළේ   වෙනස සංකල්පය ඉදිරියට ආපු නිසා.මිනින්සුන්ට නිදහස්  රටක් තිබුනා. අතේහොදින්  සල්ලලි ගැවසුනා ඉතින් මිනිස්සු වෙනසක් බලාගෙන හන්සයාට ඡන්දය දුන්න.දැන් ඔවුන් මේ වෙනස හරහා වුනේ රටට විනාශය කියල ඔවුන්ම පිළිගන්නවා. ඔවුන් පසුගිය කාලේ හිටපු ජනාධිපතිතුමා හා එම පවුල ඉලක්ක කරගෙන දැවැන්ත මඩ ප්‍රචාර එල්ල කලා.ලැම්බෝගිනි,රත්තරං අශ්වයො,හෙලිකොප්ටර් ගැන කිවුවා. නමුන් පසුගිය මාස 6 ඇතුලත ඒ කිසිම දෙයක් ඔප්පුකරගන්න බැරිවුනා.අවසානයේ මේ රටේ විශාල වන්චාවක් වෙච්ච බැදුම්කර වන්චාව සිදුකරා.

දවසින් දවස ආර්ථිකය පිරිහුනා.තේ මිළ රබර්මිළ විශාල වශයෙන් අඩුකළා.අද ග්‍රාමීය ආර්ථිකය කඩා වැටිලා.රට පුරාම කෙරෙමින් පැවතුන සංවර්ධන ව්‍යාපෘති නැවතුන නිසා මේ වන විටත් රටේ රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වෙලා.

ආපස්සට යමින් තියෙන රට යලි ගොඩ ගැනීමට අපට  තිබෙන  එකම සාදකය තමා මහින්ද රාජපක්ෂ මහතා  නැවත බලයට ගෙන ඒම.ඒකට අපිට විශාල කැප කිරීමක් කරන්න සිදු වුනා.අපි පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිට විරෝධතා සංවිධානය කළා. මේ අතර අපි විශ්වාසභංගය අත්සන් කරන්න පටන් ගත්තා.එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව විශ්වාසභංගය ගෙන ඒද්දී ඒකට අත්සන් නොකරපු අපේ සංධාන මන්ත්‍රීවරු සිටියා.අප කල සියලු සටන්වල ප්‍රතිඵලයක් හැටියට  අපට හැකි වුනා මහින්ද රාජපක්ෂ  මහතාට නිකරුනේ එල්ල වන චෝදනා වලින් නිදහස් කරන්න.

ඒත් එක්කම  අපට හැකි වුනා ගතවුන මාස 6 තුළ ලංකාවේ සිදුකල විශාලතම මූල්‍ය වංචාව සිදුකල බව ඔප්පු කර පෙන්වන්න.

අපි බල මණ්ඩල රැස්වීම් සංවිධානය කරල ජනතාවට කිවුව අපේ මන්ත්‍රීවරුන්ට බලපෑම්  කරන්න මහින්ද රැල්ලට එක්වන්න කියල.අවසානයේ අපිට අපිට පුලුවන් වුනා මන්ත්‍රීවරු 86ක් මාතර වේදිකාවට නංවා ගන්න.

දැන් මහින්ද ඕන කියන මතය සමාජගත වී අවසානයි.මහින්ද අගමැති කරවන එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක්  අගෝස්තු 18 වැනිදයින් පසු වැනිදායි පසු අපි අනිවාර්යෙන් පිහිටුවනවා.

One Response to “මහින්ද ඕන කියන මතය දැන් සමාජගත වී හමාරයි – මනුෂ නානායක්කාර”

  1. Indrajith Says:

    දොළොස්‌ වැදෑරුම්
    ප්‍රතිපත්ති මාලාවකින් යුත් එජනිස ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

    Divaina – 28/7/15

    අනුර බාලසූරිය

    සම්ප්‍රදායික දේශපාලන පොරොන්දු මාලාවකින් ඔබ්බට ගිය බුද්ධිමත් කථිකාවක ප්‍රතිඵලයක්‌ වශයෙන් සකස්‌ කරන ලද එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ “අනාගතයට සහතිකයක්‌” නම් වූ නව ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (28 දා) පෙරවරුවේදී කොළඹ හෙන්රි පේද්‍රිස්‌ උද්‍යානයේදී මහත් උත්සවාකාරයෙන් එළිදක්‌වනු ලැබීය.

    ශ්‍රී ලංකාවේ පිළිගත් වියතුන් විශාල පිරිසකගේ උපදෙස්‌ පරිදි අදාළ ක්‍ෂේත්‍රයන් පිළිබඳ හසල අත්දැකීම් සහිත ප්‍රවීණයන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස්‌ කර ඇත.

    දිවිහිමියෙන් රැකගෙන ආ මව්බිමේ අභිමානය, ඒකීයත්වය, භෞමික අඛණ්‌ඩතාව දිවිහිමියෙන් සුරකිමින් රට ඉදිරියට ගෙනයැමට කැපවන බවට ද එමගින් පොරොන්දු වී ඇත.

    මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රථමයෙන් මහා සංඝරත්නය වෙනුවෙන් දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති නාහිමිපාණන්ට හා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ වෙත හිටපු ජනාධිපති මහින්ද රාජක්‍ෂ මහතා විසින් පිළිගන්වන ලදී.

    සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත එම ප්‍රකාශය පිළිගැන්වීමෙන් අනතුරුව මහා සංඝරත්නය වෙත ද හින්දු, ඉස්‌ලාම්, ක්‍රිස්‌තියානි පූජකතුමන්ලා වෙත ද සන්ධානයට අයත් පක්‍ෂ නායකයන්, නියෝජිතයන් ඇතුළු පැමිණ සිටි ආරාධිතයන් වෙත ද පිළිගන්වනු ලැබිණි.

    අදීන ජාතියක්‌, නවීන දේශයක්‌, සුහද සමාජයක්‌ සඳහා දොළොස්‌ වැදැරුම් ප්‍රතිපත්ති මාලාවකින් යුත් ජාතික ඒකාග්‍රතාව සහ තිරසාර සංහිඳියාව, දූෂණය පිටුදැකීම සහ අධිකරණයේ ස්‌වාධිපත්‍යය සුරැකීම, ආර්ථික කළමනාකරණ, විදේශ, නිවාස සහ ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය, පරිසර හා වනජීවී, සංස්‌කෘතික කලා සහ සන්නිවේදන කටයුතු ප්‍රවර්ධන, ක්‍රීඩා සහ තරුණ කටයුතු, කාන්තා හා ළමා, ආයෝජන හා යටිතල පහසුකම්, ප්‍රවර්ධන යන අංශ කෙරෙහි විශේෂ අවධානය යොමුකර ඇත.

    මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු අනිවාර්යයෙන්ම නියමිත කාලසීමාවක්‌ තුළ ක්‍රියාත්මක කරුණුවලින් යුත් ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ බවත් කඩිනම් වැඩසටහන සන්ධාන රජය පත්වී දින 30 ක්‌ ඇතුළත අරඹන බවත් එහි සඳහන් කර තිබේ.

    මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්‌වීමේ අවස්‌ථාවට හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ රත්නසිරි වික්‍රමනාක, පක්‍ෂ නායකයන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්‌කාර, විමල් වීරවංශ ඇතුළු සන්ධානයට අයත් දේශපාලන පක්‍ෂ 15 ක නායකයෝ ඇතුළු හිටපු සන්ධාන මන්ත්‍රීවරු පිරිසක්‌ එක්‌වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress