හිල්වුන යහපාලන ප්‍රතිපත්ති හා අගෝස්තු 17දා ජනතා පිලිතුර
Posted on July 28th, 2015

තිස්ස ගුණතිලක සිඞ්නි නුවර සිට

එක් එක් සංධානවල ප්‍රතිපත්ති ප්‍රකාශ එලිදකින සමයයි මේ. පසුගිය ජනවාරි  අටවනදා සිරිසේනගේ යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් රටේ ඒකියභාවය හැලුන පසු රනිල්ගේ යහපාලන සංධානයේ ප්‍රතිපත්තීන් වල වලංගුභාවක් තිබිය හැකිද?

සංවර්ධන ව්‍යාපෘති පනස් දහසකටත් වඞා ප්‍රමාණයක් නවතා පහලොස් ලක්‍ෂයකගේ රැකියාවලට තට්ටුකල රනිල් ප්‍රමුඛ යහපාලනය රැකියා දස ලක්‍ෂයක් ඇතිකරන බවට පොරොන්දු වෙයි. එවිට රැකියා නැතිවුන ඉතිරි ලක්‍ෂ පහට දෙන්නේ කුමක්ද? ඔවුන්ට යහපාලනය කවදාහෝ අවසන්වනතුරැම හූල්ල හූල්ලා සිටින්නට සිදුවන්නේද? (යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශය 1 වැනි පිට) 

දේශීය භාණ්ඞ සදහා ලෝක වෙළදපොල විවෘතකරන්නේලු (යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශය  1 වැනි පිට). මෙතෙක්කලක් අපේ භාණ්ඞ වෙළදාම් කලේ ලෝකවෙළදපලේ නොවේනම් වෙනත් ගුබ්බෑයමකද? යහපාලනයේ ආර්ථික දැනුම ගැන මීටත්වඞා සාධක අවශ්‍යද? මොවුන් මේ හදන්නේ සංවර්ධිත රටකට හිමි මාවතේ බොහෝදුර පියනගා ඇති අපව නැවතත් GSP + මත්තේ හිරකර,  බටහිරයින්ට අවශ්‍ය පරිදි සමමුතිවලට අත්සන්කර මහින්ද හා ගෝඨාභය රාජපක්‍ෂයන් ඇතුඵ රණවිරැවන් හේග් වල යුද අපරාධ අධිකරණයට කුදලා බාරදීමටයි. උතුරේ හා ලොව පුරා විසිරැන බෙදුම්වාදීන්ගේ ඉල්ලීම ඉටුකර දීම මෙසේ  යූ ඇන් පි ය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයටද ඇතුලත්කර ඇත. රටම බටහිරට උගස්කිරීමට පිඹුරැපත් සකසා අවසන්ය.

මහනුවර ඇතුඵ සංස්කෘතික ත්‍රිකෝණය තුල ගැබ්වී ඇති සංස්කෘතික වටිනාකම මිලකල නොහැකිය. අනුරාධපුරය, පොලොන්නරැව, අවුකන, සීගිරිය, දඹල්ල හා මහනුවර අයත්වන මේ භූමිය තුල අන්තර්ගතවන පුරාවිද්‍යාත්මක  වටිනාකමත්, පරම්පාරාගත දැනුමත්, ශාසනික වටිනාකමත් චීනයේ හෝ අග්නිදිග ආසියාවේ අදටත් සංරක්‍ෂණය වී ඇති ඥාණ සම්භාරය මෙන් කිප ගුණයකටත් වඞා වැඞිය. යහපාලනය යටතේ ලබන අගෝස්තු දහහත්වනදායින් පසු මහනුවර ඇතුඵ මේ සංස්කෘතික ත්‍රිකෝණය ‘සංචාරක කලාපයක්’ වීමට නියමිතය. (යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශය 3 වන පිට). එවිට මෙම ප්‍රදේශයේ මත්කුඞු මෙන්ම අනෙකුත් සංචාරක අවශ්‍යතා පිරිමැහෙන සේවාද නොඅඞුව සැපයෙන අතර කන්ද උඞරටින් හා ජයශ්‍රී මහ බෝසමිඳුන් වැඞසිටින පිහිටි රටින් අප ලක්දිව ආරක්‍ෂාකරන දෙවි දේවතාවුන් වහන්සේලාද නික්මයාමට නියමිතය. දැනටමත් ඉතාමත් දැඞි පාලනයකට යටත්ව සංචාරකයින් විශාලලෙස පැමිනෙන මෙම ප්‍රදේශය කෘෂිකර්මාන්තය ප්‍රධාන ආදායම  කොටගත් ලක්දිවට අභිමානයක් වූ භූමියයි. යහපාලනය යටතේ සංචාරක කලාපයක්වන මෙම ප්‍රදේශයේ සාරධර්ම පිරිහිම කොතනින් කෙලවරවන්නේදැයි කාට කිව හැකිද? සංස්කෘතිය පාඵකර අබෙෳද්ධ යහපාලනය නටන්න ලෑස්තිවන්නේ කුමන නැටුමක්දැයි අප තේරැම්ගතයුතු කාලයයි.

මෙම යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඞංගු සෑම වගන්තියක්ම  වෙනවෙනම විශ්ලේෂණය කලහොත් එය සමස්තයක් ලෙස බටහිර ගැති, රටටත් සමාජයටත්, අපගේ සංස්කෘතිටත් හානිකර ප්‍රකාශයක් බව වටහාගැනීමට එතරම් අපහසු නොවනු ඇත. සෑම ප්‍රතිපත්තියක් හා වගන්තියක් තුලම දේශීයත්වය පාවාදී ඇති අතර බටහිර හා බෙදුම්වාදි ගැතිබව මොනවට පැහැදිලිවෙයි. කල්මුනේ නගරය විශාලකර සියඵ යටිතල පහසුකම් සම්පූරණ කරනේනේලු (යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශය  11 වන පිට). අන්ධවී ඇති යහපලනයට වෙනත්  අඞු සංවර්ධිත නගර කොතෙකුත් ඇති මේ රටේ කල්මුනය පමනක්ම පෙනීම ගැන පුදුමවිය යුතු නැත. යහපාලනය කරලියට පැමිනියහොත් රටට වන දේ මේ තනි වගන්තිය තුල වක්‍රෝක්තියෙන් අන්තර්ගතව නැත්ද?

පාරේ ඇතිවන මරණ හා අනතුරැවලට ප්‍රධාන වශයෙන් වහකිවයුතුවන්නේ රියදුරැ නොසැලකිල්ල නැතහොත් රියදුරැ දෝෂයයි. මෙය  රියදුරාගේ පලපුරැදුනොමැති කමත්, බීමත්ව හෝ මත්ද්‍රව්‍යවල අනුබලය නිසාත් ඇතිවන අධික වේගයත් හෝ සරල අනවධානයත් ලෙස ලඝුකල හැක. මාර්ග අනතුරැවල ඉතිරිය ලඝුවන්නේ  නිරැපද්‍රිත මහාමාර්ග තැනීමට හෝ නිරමාණයකිරීමට තරම් නිර්මාණක ශක්තියක් අදාල නිලධාරින්ට නොමැතිවීමටය. මේ සියල්ලටම නිසි පිලිතුරැ නම් පාරේ ධාවන අධ්‍යාපනය (road traffic education), නීතිය ක්‍රියාත්මක කීරීම  (enforcement), වාහන හා රියදුරැ බලපත්‍ර නියාමනය කිරීම (vehicle registration and diver licence regulation) හා නිරාපද සාධක මත පාර (safe roads) නිර්මාණය කිරීමතුලින් පාරේ මරණ හා අනතුරැ අවම කිරීමයි. මේවා රටක පාලන තන්ත්‍රය මෙහෙයවන්නන්ගේ යුතුකම් හා වගකිම්වන අතර එම කාරනා එකක් කෙරෙහිවත් නිසි අවධානයක් යොමුනොකර පාරේ අනතුරකින් මල පසු පදිකයන්ට රැපියල් ලක්‍ෂදහයක වන්දියක් දීම ප්‍රමානවත් යැයි සිතනා යහපාලනය ගැන ජනතාව වරක් නොව කිපවරක් සිතිය යුතුය (යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශය  11 වන පිට).

සවසට බීමත්ව ගෙදර පැමින බිරිඳට පහරදෙන සැමියා රෑට මහපාරේ සිටුවා ඒමෙන් ආර්ථික ප්‍රශ්ණයත් තැඵම්වලට තෙල් ගාන ප්‍රශ්ණයත් යන දෙකම  එකවර විසදාගැනීමට අවස්ථාවක් රනිල්ගේ යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ගෘහනියට ලැබෙයි.

පාරේ ආරක්‍ෂාව සැලසීමට උපක්‍රමනැති යහපාලනය යටතේ මහපාරේ සිදුවන මරණ  හා අනතුරැ සංඛ්‍යාව එසේම පවතිනු ඇත්ද?

මෙවන් යහපාලන ප්‍රතිපත්තීන් අනුමතකරන එමගින් දේශපාලන වැලිකතරින් එතරවීමට බලාසිටින අනෙකුත් යහපාලන සංධාන පක්‍ෂ ගැනද ජනතාව ඉතාමත් කලපනාකාරීවිය යුතුය. කොටඵවෙක්වත් අසනීපයකට වතුරටිකක් ගන්න ඇතුඵ නොවන යහපාලන කූඞාරමට මේ ඔටුවන් ඇතුඵවී එහිතුල නිදිවැදීඇත. එල්ලෙන්න නිසිතැනක් නොමැතිව සිටි මොවුන් යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශය දෑතින්ම බදාගන්නේ ජනපතිවරණයේද එලිදැක්වු යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙන් මෙහිද ජනතාවට  හෝ රටට වන සෙතක් නොමැතිබව හොදින්ම දැනගෙනය. මොවුන් දන්නා එකම දේශපාලනය නම් ජනතාව රැවටීමය. එහෙත් ජනතාව දැන් මේ අවීනීත යහපාලකයින්ට වඞා නැණවත් බව අගෝස්තු දහහත්වනදා අපි ඔවුන්ට පෙන්වාදෙමු.

අනගාරික ධර්මපාල තුමාගෙන් පසුව අපට බටහිර වහල් මානසිකත්වයෙන් මිදෙන්නට මාර්ගෝපදේශකත්වය දෙනු ලැබුවේ මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂයි. ඒ සඳහා මහින්දගේත් ගෝඨාභයගේත් ජාතික හැඟීම් එදා ජනතාව වැලඳගත්තේ හඳ බැදි සෙනෙහසිනි.

එදා එක අඬබෙර හඞකට එක හූවකට මුලු ජාතියම සතුරාට එරෙහිව සංවිධානය වූවා සේ පසුගිය රැලිවලදී ඇසුන මහින්දයන්ගේ හඬ දැයටම අඬබෙරයක්වී මේ යහපාලන කරැමය හෙල දෙරනින් තුරන් කීරීමට අගෝස්තු මස දහහත්වනදා පෙල ගැසෙමු.  අප අතින් ජාතියටත් දේශයටත් සිදුවූ වරද නිවැරදි කිරීමට අපට ලැබෙන එකම හා අවසාන අවස්ථාවද මෙයයි. එදින සියඵම ඥාතිමිත්‍රාදීන් ‍සමග ඡන්ද පොලට පියනගමු. පසුගිය ජනවාරි අටවනදා ඡන්ද පොලට යාමට නොහැකිවූ සියඵ දෙනාවම කැදවාගෙන ගොස් මහින්ද අගමැතිකරවා අප සියඵදෙනාම රජවන දින දහසක් හිරැ පායා මේ ස්වර්ණ භූමිය ඒකාලෝකවන බවනම් සහතිකය.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක සිඞ්නි නුවර සිට

2015 ජූලි මස 29 වන දා

3 Responses to “හිල්වුන යහපාලන ප්‍රතිපත්ති හා අගෝස්තු 17දා ජනතා පිලිතුර”

  1. Indrajith Says:

    Sri Lanka opposition says no autonomy for Tamils World News Tue, 28 Jul 2015 AFP
    Tue, Jul 28, 2015, 07:33 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    July 28 (AFP) Colombo- Sri Lanka’s main opposition party Tuesday scrapped a longstanding promise to give greater autonomy to minority Tamils, as it tries to win over hardline sections of the Sinhalese majority before a general election.

    In its manifesto launched in Colombo, former strongman Mahinda Rajapakse’s United People’s Freedom Alliance (UPFA) said it would refuse to grant more powers to a local council in the Tamils’ northern heartland if it won the August 17 election.

    Before he was toppled in presidential polls in January, Rajapakse had promised to build on a law passed in 1987 giving some autonomy to ethnic Tamils.

    The law was brokered by neighbouring India to try to end a decades-long conflict between Sri Lanka’s military and Tamil rebels fighting for a separate homeland.

    Rajapakse, an ethnic Sinhalese, remains popular among big sections of the island’s largest community for overseeing the defeat of the rebels in 2009.

    Rajapakse said he was contesting a seat in the upcoming parliamentary poll to ensure Tamil-dominated areas did not slip back into conflict.

    “Criminal activity has increased in the north… it is becoming a dangerous situation. If things were all right, there would be no need for me to come back and contest elections,” he said at the launch.

    The manifesto did not say why the party was withdrawing the autonomy promise, but political observers said it was aimed at winning over hardline Sinhalese who oppose power-sharing with Tamils.

    Rajapakse’s defeat in January was blamed on allegations of corruption and nepotism during his decade-long rule, as well as a failure to achieve post-war reconciliation.

    President Maithripala Sirisena, who defeated his one-time mentor, has pledged to bring about reconciliation with Tamils.

    The UPFA manifesto also pledged to double the minimum wage and give tax-free cars to wide sections of society and extend generous subsidies to farmers.

  2. Kumari Says:

    Those who have even an ounce of brains will know that Ranil and the West (including India) will tell anything to retain power. They could not prove a single corruption charge against the Rajapakse regime. When the West (the so called International community) obtained approval for a No Fly Zone over Bengazi in Libya, it resulted as dropping bombs on all Libyan Military Facilities.

    Thissa, You are correct, in reading behind the lines of what is written on the manifesto. They tell one thing, but actually mean something sinister.

    When Sri Lankan Rajapakse says something, he means it. We don’t have to second guess what he talks about. This traitor lot is all out to wipe out the Sinhalese Buddhist heritage from the island. Before the Portuguese, Dutch and British invasions people of different faiths lived in harmony. They always created trouble for themselves by trying to destroy our Buddhist heritage (eg: King Gemunu fighting Elara).

    It is up to all communities, who got the chance of living in harmony and developing themselves and the country to elect Rajapakse once more as he has a lot more to offer to the country. IT WASN’T RAJAPAKSE WHO LOST THE COUNTRY ON 08/01, BUT THE COUNTRY THAT LOST RAJAPAKSE.

  3. ranjit Says:

    When Mahinda comes on stage people cry,shout and laugh with joy because they know a true leader stands in front of them who can deliver the goods as promised. You don’t feel the same when you see that old haggard Ranil and his henchmen because people knows that these are cheaters,liars and traitors to the Motherland.

    We need to see the country back on track same like we saw during Mahinda’s time. We need to see the development continues as before. We need to see people moving freely in any part of the country without any harassment or intimidation. We need to see a smile in every citizens face and helping each other like a family.We see fear in people’s faces nowadays because of the tension between different groups of people and hardline comments by politicians. Think first of your country and decide wisely on Aug 17th. Do not be misled by bogus promises and well organized lies of the UNP. Read more about these western Jackals in lankaweb to know them better.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress