ඉන්දු-ලංකා ගිවිසුමට අදට වසර 28යි
Posted on July 29th, 2015

ධර්මන් වික‍්‍රමරත්න

ඉන්දියාව බලහත්කාරයෙන් දේශසීමා නීති උල්ලංඝණය කරමින් ගුවනින් යාපනයට පරිප්පු දමා ආණ්ඩුව සහ ජනාධිපති ජයවර්ධන අත්සන් කරගත් ඉන්දු ලංකා ගිවිසුමට 2015 ජුලි 29වැනිදාට වසර 28ක් සපිරේ.

උතුරේ වඩමාරච්චි ප‍්‍රදේශය දෙමළ බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන් ගෙන් මුදවා ගැනීම සඳහා විමුක්ති මෙහෙයුම 1987 මැද භාගයේදී ආරම්භ කොට සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබිණි. ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලිගේ දේශපාලන නායකත්වයෙන් සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න සහ ජෙරී ද සිල්වා යුධ හමුදා අණ දෙන නිළධාරින්ගේ දායකත්වයෙන් ඇරඹුණු වඩමාරච්චි සටනට සෙබළුන් 4,300ක් එක්ව සිටියහ. ඔබරේෂන් ලිබරේෂන් නැමති මෙම මෙහෙයුම 1987 ජුනි 3 වැනිදා ජයග‍්‍රාහීව නිමකිරීමට ආණ්ඩුවට හැකිවිය.

Dharman Wickremaratne

ධර්මන් වික‍්‍රමරත්න විසිනි.

වසර 1987 ජුනි 2 රාත‍්‍රී ටෙලෙක්ස් පණිවුඩ යන්ත‍්‍රයෙන් ලැබුණ රොයිටර් පුවතින් කියවුණේ තමිල්නාඩු රජය ශ‍්‍රී ලංකාවේ උතුරේ ජනයා සඳහා සහල්, පරිප්පු ඇතුළු ධන්‍ය වර්ග ඇතුළත් බෝට්ටු 25ක් විදේශීය මාධ්‍යවේදීන් සහ රතු කුරුස නිරීක්ෂකයින් 94 දෙනෙකු සමඟ ශ‍්‍රී ලංකාවට එවන බවය. රාමේෂ්වරම් තොටුපලේ සිට 1987 ජුනි 3 වැනිදා පැමිණි බෝට්ටු 19ක් පස්වරු 6 උතුරේ ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු විය. උතුරු නාවික ආඥාපති අද්මිරාල් මොහාන් සමරසේකර‍ගේ උපදෙස් පරිදි එඩිතර නැවේ සිටි අණදෙන නිළධාරි කපිතාන් සුරාජ් මුණසිංහ ඇතුළු නාවික භටයෝ එම බෝට්ටු ඉදිරියට ඒම නැවැත්තුවෝය. ඇමති ලලත් ඇතුලත්මුදලි සහ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සිරිල් රණතුංග එම මෙහෙයුමට රේඩියෝ පණිවිඩ මගින් නායකත්වය දුන්හ. පැය තුනහමාරක කාලයක් මුහුදේ නතරවී සිටි ඉන්දිය බෝට්ටු රාත‍්‍රී 9.30ට යළි ඉන්දියාව බලා ආපසු ගියහ.

dhar02.යාපනයට ගුවනින් පරිප්පු ඇතුළු සහනාධාර දැමූ ගුවන් යානයක්.

ඉන්දියාවේ සිටින ශ‍්‍රී ලංකාවේ මහ කොමසාරිස් බර්නාඞ් තිලකරත්නව 1987 ජුනි 4වැනිදා පස්වරු 2.30ට ඉන්දිය විදේශ අමාත්‍යාංශයට කැඳවූ ඉන්දිය රජය එදින පස්වරු 3.30ට ගුවන් මගින් උතුරේ ජනතාවට ආධාර භාණ්ඩ හෙළීමට තීරණය කර ඇතැයි දැනුම් දුන්නේය. මහ කොමසාරිස් තිලකරත්න එදිනම පස්වරු 2.55ට කොළඹ සිටින විදේශ ඇමති ඒ.සී.එස්. හමීඞ්ට දැනුම් දුන්නේය. පණිවිඩය සැලවූ විගස ජනාධිපති ජයවර්ධන මහතා කියා සිටියේ ගුවන් සීමාව ආක‍්‍රමණය කර භාණ්ඩ ගුවනින් හෙළීමට එරෙහිව කිසිදු කියාමාර්ගයක් නොගැනීමට එජාප ආණ්ඩුව තීරණය කර ඇති බවය.

ජුනි 4 වැනිදා පස්වරු 3.55ට ඉන්දියාවේ බැං‍ගලෝරයේ පිහිටි යෙලංකා හමුදා ගුවන් තොටුපොළෙන් භාණ්ඩ ප‍්‍රවාහනය කරන ගුවන් යානා 5ක් ටොන් 25ක වියළි ආහාර ද්‍රව්‍යද රැගෙන ශ‍්‍රී ලංකාවට පියාසර කළහ. එදින පස්වරු 5ට යාපන අර්ධද්වීපයේ ඉහළ අහසේ සිට එම ගුවන් යානා මගින් පැරෂුට්වල සවිකරන ලද භාණ්ඩ පෙට්ටි බිම හෙළන ලදී. මෙසේ ඉන්දිය රජය ගුවන් සීමාව ආක‍්‍රමණය කළේ උතුරේ වඩමාරච්චි ප‍්‍රදේශයේ විමුක්ති මෙහෙයුම තවදුරටත් කරගෙනයෑම නතර කිරීමට ශ‍්‍රී ලංකා රජයට බල කිරීමටය. ඒ අනුව ඉන්දිය රජයේ විරෝධතා හේතුවෙන් යාපනය අල්ලා ගැනීම සදහා ආරක්ෂක හමුදාව විසින් ජුනි මස මැදදී ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙහෙයුම නතර කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ජනාධිපති ජයවර්ධන දැනුම් දුන්හ.

dhar03.

ඉන්දියාවේ ගුවන් ආක‍්‍රමණයට එරෙහිව ජවිපෙ මගින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ අවි පැහැර ගැනීමෙන් පසු මෝටර් රථයකින් පලායෑමට කල උත්සාහයේදී වෙඩි වැදී මරණයට පත්වූ දේශපේ‍්‍රමි ශිෂ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සභාපති රොනී (ඉහළ ඡායාරූපය) සහ ප‍්‍රහාරය මෙහෙයවූ නායකයින් කිහිපදෙනෙක්. පහළ වමේ සිට(ප‍්‍රධාන සැලසුම්කරුවූ සමන් පියසිරි, ෂෙල්ටන් රාජපක්ෂ , ගුවන් හමුදා කාර්මිකයෙකු වූ සිරිපාල)

නීති විරෝධී දේශදෝහි එජාප ආණ්ඩුවටත්, සන්නද්ධ දෙමළ බෙදුම්වාදයටත්, ඉන්දියානු ආක‍්‍රමණයටත් එරෙහිව සටන් කලහැකි එකම බලවේගය තමන් බව ජනතා විමුක්ති පෙරමුණ සිය දෙවන කැරැුල්ල 1986දී බෞතීස්ම කරමින් කියා සිටියහ. ජවිපෙ සන්නද්ධ අංශය වන දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය ඉන්දියාව ගුවනින් පරිප්පු දමා දින 3කට පසු 1987 ජුනි 7 වැනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ රත්මලාන ජෝන් කොතලාවල ආරක්ෂක පීඨයට කඩා වැද ටී 56 ප‍්‍රහාරක රයිෆල් 14ක්, උප යාන්ත‍්‍රික තුවක්කු 53ක්, සැහැල්ලූ‍ යාන්ත‍්‍රික තුවක්කු 2ක්, පිස්තෝල 6ක්, වෙඩි උණ්ඩ 3,300ක් පැහැර ගත්හ. මෙහිදී කැරළිකරුවන්වන රාගම සුමිත් රණසිංහ, ජයවර්ධනපුර සරසවියේ සිසු රොනී මිය ගියේය. ජවිපෙ සන්නද්ධ අංශය 1987 ජුනි 7 වැනිදා ප‍්‍රහාරයේ වගකීම භාරගනිමින් කියාසිටියේ ඉන්දිය ගුවන් ආක‍්‍රමණිකයා හමුවේ මව්බිමේ ආරක්ෂාවට එජාප ආණ්ඩුව නොයෙක් ගුවන් ප‍්‍රහාරක අවි පැහැරගත් අතර ඒවා ඉන්දීය ආක‍්‍රමණයට එරෙහිව ඉදිරියේදී යොදවන බවය.

ඉන්දිය ගුවන් ආක‍්‍රමණයට එරෙහිව ඉන්දීය තානාපති කාර්යාලය සහ මහ කොමසාරිස් ගේ කොළඹ නිල නිවස ඉදිරිපිට දිනපතා විරෝධතා ව්‍යාපාර පැවැත්විණි. එවකට ශ‍්‍රී ලංකා‍වේ සිටි ඉන්දිය මහ කොමසාරිස් ජෝතීන්ද්‍රනාත් ඩික්සිත් ඉන්දිය ජාතිකයින්ට නිවෙස්වලින් ඉවත්ව හෝටල්වල නතරවන ලෙසටද උපදෙස් දුන්හ. ශ‍්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ජේ.එන්.ඩික්සිත්, ඉන්දියාවේ හින්දු පුවත්පතේ සම කර්තෘ එම්.රාම් සහ එජාප ඇමති ගාමිණී දිසානායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රහස් සාකච්ඡා පවත්වමින් ආණ්ඩුව සමඟ ගිවිසුමක් ඇතිකර ගැනීමට ඉන්දියානු රජයේ රෝ රහස් තොරතුරු සංවිධානයේ මෙහෙයවීමෙන් පිඹුරුපත් සැකසෙමින් පැවතිනි.

dhar04.

ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව 1987 ජුලි 28වැනිදා පැවති විරෝධයේදී ප‍්‍රථම වරට මියගිය මොරටු සරසවියේ ඉංජිනේරු සිසු ක්ලිෆඞ් පෙරේරා අවසන් හුස්ම හෙළු අන්දම(පහළ) සහ ඔහුගේ ඡායාරූපය(ඉහළ)

ඒ අනුව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් එච්. එස්. ජුරි යාපනයට ගොස් එල්.ටී.ටී.ඊ නායක වේලූ‍පිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු දෙමළ සටන්කාමී කණ්ඩායම්වල නායකයින් හමුවී සාකච්ඡුා කෙරෙනි. මහ කොමසාරිස් ඩික්සිත් මදුරාසියට ගොස් ශ‍්‍රී ලංකාවේ දෙමළ සංවිධානවල නායකයින්ද හමුවිය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයෝ එහිදී කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධකර වෙනම පළාත් සභාවක් පිහිටුවිය යුතු බවය. ඩික්සිත් එම යෝජනා නවදිල්ලියට රැුගෙන ගොස් ඉන්දිය රජයට සහ අගමැති රජිව් ගාන්ධිට දැනුම් දුන්නේය. ජනාධිපති ජයවර්ධන 1987 ජුලි 23 වැනිදා එජාප ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් කැඳවූ අතර ඉන්දියාව සමඟ සහයෝගයෙන් ප‍්‍රශ්නය විසදීමට කටයුතු කරන බව කියා සිටියේය. එජාප මන්ත‍්‍රීවරුන් එය අනුමත කළෝය.

ඉන්දියා‍ව මදුරෙයි සිට 1987 ජුලි 24වැනිදා පස්වරු‍වේ යාපනයට පැමිණි ඉන්දිය හමුදා හෙළිකොප්ටර් යානා දෙකක් මගින් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ප‍්‍රථමයෙන් මදුරාසියට සහ පසුව නවදිල්ලියට කැඳවාගෙන ගොස් ඉන්දීය අගමැති රජීව් ගාන්ධිද මුණ ගස්සා ඉන්දු ලංකා ගිවිසුමකට ඔහු එකඟ කරවා ගැනීමට උත්සාහ දැරීය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහ අනිකුත් දෙමළ සන්නද්ධ සංවිධාන එයට එකඟ විය. නවදිල්ලියේ අශෝක් හෝටලයේ එම සාකච්ඡා පැවැත්විණි. එල්.ටී.ටී.ඊ සංවිධානයට අතුරු පාලනයේ වැඩි බලයක් ලබාදීමටද එහි සාමාජිකයින් එහි නව පාලනයට අන්තර්ග‍්‍රහණය වන තෙක් ඔවුන් නඩත්තු කිරීමට ඉන්දිය රුපියල් ලක්ෂ 50ක් මාසිකව ගෙවීමටද ඉන්දිය අගමැති රජිව් ගාන්ධි විසින් ප‍්‍රභාකරන් හමුවේදී එකඟ විය.

dhar05.

ද්‍රවිඩ කොටි නායක ප‍්‍රභාකරන්, ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජේ.එන්. ඩික්සිත්, සහ ඉන්දීය හමුදාවේ මේජර් ජනරාල් හරිකිරාන් සිං(වමේ සිට) ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු යාපනයේදී

ජපානයේ නිල සංචාරයකට ගොස් සිටි අගමැති රණසිංහ පේ‍්‍රමදාස ගිවිසුම ගැන ආරංචි වී 1987 ජුලි 26 වැනිදා පෙරළා ශ‍්‍රී ලංකාවට පැමිණියේය. අගමැතිවරයාටද නොදන්වා ජනාධිපති ජයවර්ධන එකඟවූ ඉන්දු ලංකා ගිවිසුම පිලිබඳව පේ‍්‍රමදාස සිය නොසතුට පළ කළේය. යෝජිත රහස් ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවද 1987 ජුලි 24වැනිදා රැුස්වූ අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර දිනේෂ් ගුණවර්ධන, රිචඞ් පතිරණ යන විපක්ෂ මන්ත‍්‍රීවරුන් එයට ප‍්‍රබල විරෝධයක් දැක්වූහ. ආණ්ඩුව සිදුකළේ පාර්ලිමේන්තුවේ මීලඟ රැස්වීම අගොස්තු 18 දක්වා කල් තැබීමේ යෝජනාවක් වැඩි ඡුන්ද 65කින් සම්මතකර ගැනීමය.

යෝජිත ගිවිසුමට එරෙහිව 1987 ජුලි 28වැනිදා කොටුව බෝගහ අසළදී විරෝධතා ව්‍යාපාරයක් උදෑසන 8ට ආරම්භ විණි. එදින උදෑසන 6.30ට පමණ ලියුම්කරු එය වාර්තා කිරීමට කොටුවට ගිය අවස්ථාවේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින් වන එච්.බී හේරත්, ගුණරත්න වණසිංහද මධ්‍යම කාරක සභිකයින් වන ගාමිණී විජේගුණසේකර, තංගරාජා ඇතුළු කිහිප දෙනෙක්ද ජවිපෙ ඉහළ පෙළේ ක‍්‍රියාකාරිකයින් සිය ගණනක්ද පැමිණි තිබිණි. එදින එළිවන විට ඉන්දු ලංකා ගිවිසුමට, දෙමළ බෙදුම්වාදයට සහ එජාප ආණ්ඩුවට එරෙහිව කොළඹ පමණක් නොව මුළු රටේම බොහෝ ප‍්‍රධාන නගරයන් රත්ත වර්ණ පෝස්ටර් වලින්ද සටන් වැකි වලින්ද කළු කොඩිවලින්ද සරසා තිබුණු බව දැනගන්නට ලැබිණි.

dhar06.

ඉන්දීය අගමැති සහ ශ‍්‍රී ලංකා ජනාධිපති ඉන්දු ලංකා ගිවිසුමට කොළඹදී අත්සන් තැබූ මොහොත. අමාත්‍යවරුන් වන ඒ.සී.එස්. හමීඞ්, ගාමිණී දිසානායක, දේවනායගම්, හුරුල්ලේ, ජනාධිපති ලේකම් මැණික්දිවෙල, ඉන්දීය රජයේ අමාත්‍යවරුන් වන නරසිංහ රාවෝ, එන්.ඞී තිවාරි, රාජ්‍ය අමාත්‍ය නට්වාර් සිං යන මහත්වරුන්ද මෙහි වෙති.

විරෝධතා ව්‍යාපාරය මව්බිම සුරකිමේ සංවිධානය වෙනුවෙන් හැඩිගල්ලේ පඥ්ඤාතිස්ස හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රින්ස් ගුණසේකර යන අය විසින් කැඳවා තිබිණි. එම විරෝධතා ව්‍යාපාරයට සහාය දක්වමින් මව්බිම සුරකීමේ සංවිධානය නැමති ශ‍්‍රිලනිපයට හිතවත් සංවිධානය වෙනුවෙන් විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක, ජිනදාස නියතපාල, බෙංගමුවේ නාලක හිමි, ගාමිණී ඊරියගොල්ලද අනුර බණ්ඩාරනායක ඇතුළු ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරු රැසක්ද විය. සියළු සංවිධාන කටයුතු සිදුකළේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ භික්ෂු පෙරමුණ මගිනි. විරෝධතා ව්‍යාපාරයට රටපුරා අදිසි නායකත්වය දුන්නේ ජවිපෙ මගිනි.

dhar07.

ඉන්දීය අගමැතිවරයා යළි ඉන්දියාවට යැමට පෙර හමුදා පෙළපාලිය පිරික්සීම සඳහා ශ‍්‍රී ලංකාවේ නාවික හමුදාවේ ප‍්‍රධානියෙකු සමඟ පෙළෙන් පෙළට ගමන් කරමින් සිටිය දී පෙළපාලියේ සිටි නාවික සෙබළ විජිත රෝහණ විජේමුණි රයිෆල් බදෙන් ඉන්දීය අගමැතිවරයාට පහර දුන් අවස්ථාව

එදින එනම් 1987 ජුලි 28වැනිදා පෙරවරු 11.30වන විට 20,000කට ආසන්න පිරිසක් කොටුව බෝගහ ලඟට එක්වීමෙන් අවට මංමාවත් සියල්ලම වැසී ගියේය. සෙත් පිරිත් හඬ දසතින් පැතිර ගියේය. පොලිසිය මගින් කඳුළු ගෑස් එල්ල කර සිදුකල බැටන් ප‍්‍රහාරයත් සමඟම ජනගඟ කැළඹිණි. වෙඩි පිට වෙඩි හඬ ඇසිණි. පිරිස් සංවිධානාත්මකව සතර දිසාවට පෙළපාලි 10ක්  පමණ ගමන් කල අතර එක් පෙළපාලියකට දහසකට අධික පිරිසක් අයත් වූහ. විරෝධතාකරුවන් බස්රථ ඇතුළු රජයේ දෙපල ගිනි තැබූහ. කළු දුම්රොඩු අහසට නැගිණි.

ඉන්දු ලංකා ගිවිසුම් විරෝධී අරගලයේ ප‍්‍රථමයෙන්ම වෙඩි තැබීමෙන් මියගියේ මොරටු සරසවියේ ඉංජිනේරු සිසු ක්ලිෆඞ් පෙරේරාය. එහිදී ලියුම්කරු ඔහුගේ සිරැුර හඳුනාගත් අතර ක්ලිෆඞ්ගේ පියා සේවය කරන කොටුව මිලර්ස් ආයතනයට පණිවියක් යැවීය. එම ස්ථානයේදීම වෙඩි තැබිමෙන් ඝාතනයට ලක්වූ පිරිස 21කි. මියගිය සහ තුවාලකරුවන් අවට සිටි අය විසින් රෝහළට ගෙන යන ලදී. බෝගහ අසළින් ඇරඹූ ගිවිසුම් විරෝධී ප‍්‍රචණ්ඩ ක‍්‍රියා රටපුරාම පැතිර ගිය අතර 1987 ජුලි 27 සිට අගොස්තු 2 දක්වා ගිවිසුමට එරෙහි විරෝධතාවන්හිදී විරෝධතාකරුවන් 132ක් මිය ගිය බවද භික්ෂූන් 56ක් ඇතුළු 712ක් අත්අඩංගුවට ගෙන තිබූ බවද එම දින පහ තුළ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිද්ධීන් 2,527ක් සිදුවූ බව රජයේ නිල වාර්තාවල සදහන් විය. විරෝධතාකරුවන් විසින් තංගල්ල එජාප මන්ත‍්‍රී ජිනදාස වීරසිංහ 1987 අගෝස්තු 1වැනිදා වෙඩිතබා ඝාතනය කර තිබිණි.

dhar08.ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු ඝාතනයට ලක්වූ සරසවි සිසුන් දෙදෙනෙකුගේ මළසිරුරු සහ ඒ අභියස සිටින සිසුන් පිරිසක්.

එජාප ආණ්ඩුව 1987 ජුලි 28වැනිදා රාත‍්‍රී සිට මුළු රටේම ඇදිරි නීතිය පැනවීය. රට පුරා විරෝධතා පෙළපාලි අගෝස්තු 2වැනිදා දක්වා පැවැත්වූයේ එම ඇදිරිනීතියද බිඳගෙනය. ජනාධිපති ජයවර්ධනට අමතරව ගිවිසුමේදී ප‍්‍රධාන භූමිකාවක් සිදුකළේ ඇමති ගාමිණී දිසානායකය. ඇමති ඇතුලත්මුදලි සහ අගමැති පේ‍්‍රමදාස නිහඬ පිලිවෙතක් අනුගමනය කළෝය. රජිව් ගාන්ධි සිය බිරිඳ සෝනියා සමඟින් ලංකාවට පැමිණියේ 1987 ජුලි 29වැනිදා පෙරවරු 10.30ටය. කටුනායක ගුවන්තොටු පොලෙන් ඔවූහු ගුවන්යානා හෙළිකොප්ටර්වල නැගී ගාලූ‍මෝදරට පැමිණියෝය.

ජනාධිපති ජයවර්ධන සහ ඉන්දීය අගමැතිවරයා අතර නිල නොවන සාකච්ඡා එදිනම පෙරවරු 11.30ට ආරම්භ විණි. එදින මධ්‍යම රත‍්‍රීය තෙක් සාකච්ඡුා තුනක්ද ජුලි 30 වැනිදා උදෑසන අවසාන සාකච්ඡුාවද පැවැත්විණි. රටපුරාම ලක්ෂ ගණන් ජනයා ඇදිරිනීති‍ය නොතකා වීදිවලට බැස විරෝධතා ව්‍යාපාර පවත්වන ලදී. ඉන්දු ලංකා ගිවිසුම දෙරටේ නායකයෝ විසින් 1987 ජුලි 29 වැනිදා පස්වරු 3.37ට අත්සන් තැබූහ. අගමැති රජිව් ගාන්ධි නික්ම යෑමට පෙර 1987 ජුලි 30 වැනිදා ජනාධිපති මන්දිරය ඉදිරිපට ආචාර පෙළපාලියක්ද පැවැත්විණි. උදෑසන 9.30 ට ආරම්භ වූ උත්සවයේදී නාවික හමුදාවේ ‍ප‍්‍රධානියෙකු සමඟ ඉන්දිය අගමැතිවරයා පෙළින් පෙළට ගමන් කරමින් සිටියදී සම්මාන මුරයට සහභාගි වූ විජිත රෝහණ විජේමුණි සිය රයිෆල් බදෙන් ඉන්දිය අගමැතිවරයාට පහර දෙනු ලැබීය. ඉන්දීය අගමැතිවරයාගේ උරහිසට එම පහර වැදිණි. නාවික බටයා පහරදුන් ඓතිහාසික අවස්ථාව සේයාරුවේ සටහන් කිරීමට හැකිවූ එකම ඡායාරූප ශිල්පියා වන්නේ ලේක්හවුසියේ සේන විදානගමය. ආචාර පෙළපාලිය වාර්තා කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදීන් අතර ලියුම්කරුද විය. ඉන්දීය අගමැතිවරයා කලින් යොදාගත් පරිදිම පෙරවරු 11.30ට කටුනායකින් දිල්ලි නුවර බලා පිටත් විය.

රජීව් ගාන්ධිට පහරදුන් බලනැවි ගුවන් විදුලි කාර්මික ශිල්පි විජිත විජේමුණි රත්ගම බූස්සේ උපන් අතර එවකට 22 වියේ පසුවිය. රජීව් මැරීමේ චේතනාවක් නොවූ බවද ඉන්දීය අගමැතිවරයා කල එම බලහත්කාර ක‍්‍රියාව පිළිබදව ජාත්‍යන්තර අපහාසයක් ලබාදීමට එය සිදුකල බවද හෙතෙම යුධ අධිකරණයේ කියා සිටියේය. ස්ටැන්ලි තිලකරත්න, ඩොනල් හේවාගම, සරත් විජේසිංහ, සුසිල් පේ‍්‍රමජයන්ත ඇතුළු නීතිඥයින් රැසක්ම ඔහු‍ වෙනුවෙන් ස්වෙච්ඡුාවෙන් පෙනී සිටියහ. අනියම් මිනීමැරීමට බරපතල වැඩ සහිත වසර 6ක සිරදඬුවමක් යුධ අධිකණයෙන් විජිත විජේමුණිට නියම විය. පසුව සමාවක් යටතේ 1990 අපේ‍්‍රල් 3 වැනිදා ඔහු නිදහස් විය.

dhar09.ඉන්දීය හමුදාවේ අවසාන සේනාංකය 1990 මාර්තු 24වැනිදා ත‍්‍රිකුණාමලයෙන් ඉන්දියාව බලා පිටත්වූ අවස්ථාව.

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර අගමැති ගාන්ධි යන්නට පෙරදීම 1987 ජුලි 29 වැනිදා පස්වරු වන විට ඉන්දීය හමුදා ලංකාවට පැමිණ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ස්ථාන ගත වී සිය කටයුතු ඇරඹුහ. ඉන්දීය හමුදා සේනාංක ලක්ෂයකට ආසන්න පිරිසක් එම වකවානුව තුළ ශ‍්‍රී ලංකාවට පැමිණි අතර උතුරු නැගෙනහිර යුද්ධයේ මියගිය ඉන්දීය නිලධාරින් සහ භටයන් සංඛ්‍යාව 1,500ක් පමණ වේ. දෙමළ බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන් ඇතුළු 8,000ක් පමණ ඉන්දීය හමුදාව මගින් ඝාතනයට ලක්විය. ඉන්දීය හමුදා සේනාංක ශ‍්‍රී ලංකාවෙන් ඉවත්කර ගැනීම 1989 ඔක්තෝබර් 25වැනිදා අම්පාර දිස්ත‍්‍රික්කයෙන් ඇරඹූ අතර  ඉන්දීය හමුදාවේ අන්තිම සේනාංකය 1990 මාර්තු 13 වැනිදා ත‍්‍රිකුණාමලයෙන් සමුගෙන ඉන්දියාව බලා පිටත් විය.

ඉන්දු-ලංකා ගිවිසුම, 13 වැනි සංශෝධනය සහ පළාත් සභා වූ කලී දම්වැලක පුරුක් මෙන් එකනෙකට බැදී පවතින්නකි. වර්තමානයේ සුදු අලියෙක් බවට පත්වී ඇතැයි චෝදනාවට ලක්වී ඇති පළාත් සභා  ඇතිකල 13වැනි ව්‍යවස්ථා සංශෝධනය උපන්‍නේ ඉන්දු ලංකා ගිවිසුම තිඹිරිගෙය කරමිනි. ජවිපෙ දෙවැනි කැරැුල්ලේ ප‍්‍රධාන අරමුණක්ද වූයේ ඉන්දීය ආක‍්‍රමණයට එරෙහිව සටන් කිරීම වන අතර එම කැරැල්ලේදි ඝාතනයට සහ අතුරුදහන්වූ සංඛ්‍යාව 41,813කි.

දෙමළ බෙදුම්වාදී සටන නතර කිරීමට 1987 ඉන්දු ලංකා ගිවිසුමටද නොහැකි වීමෙන් පසු එජාප ආණ්ඩුව 2002දී බලයට පත්වීමෙන් පසු දෙමළ බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන් සමඟ නොර්වේ රාජ්‍ය හරහා ප‍්‍රභාකරන් සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ අතර අත්සන් කල සටන් විරාම ගිවිසුමක් දෙපාර්ෂවය අතර ඇතිකර ගනු ලැබූවද එයද සාර්ථක නොවීය. දෙමළ බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන් විසින් ගෙනගිය 30 වසරක යුද්ධය සහමුළින්ම පරදවා 2009 මැයි 18වැනිදා විජයග‍්‍රහණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත්විය.

ධර්මන් වික‍්‍රමරත්න

 

One Response to “ඉන්දු-ලංකා ගිවිසුමට අදට වසර 28යි”

  1. Ananda-USA Says:

    And HERE is why India is IMPORTANT for Sri Lanka: we can LEARN from the Indian Federal Model of PUNISHING BOMB THROWERS!

    This is the ONLY PART of the Indian Model of Governance Sri Lanka should adopt: EXECUTE ALL LTTE Bomb Throwers previously “Rehabilitated and Released”!

    SA Kumar, old chap, don’t you AGREE as an uncritical admirer of the Indian Model of Governance? Touche’!

    ………………………
    India executes Mumbai bomb plotter Yakub Memon

    BBC.com
    July 30, 2015

    India has carried out the execution of Yakub Memon, the man convicted of financing the deadly 1993 Mumbai bombings.

    Memon was hanged at a prison in Nagpur in the western state of Maharashtra.

    The serial blasts killed 257 people, and were allegedly to avenge the killing of Muslims in riots a few months earlier.

    India rarely carries out death sentences – only three other people have been executed since 2004.

    There was tight security around the Nagpur prison on Thursday morning, and in parts of the state capital, Mumbai.

    The March 1993 blasts targeted a dozen sites, including the Bombay Stock Exchange, the offices of national carrier Air India and a luxury hotel.

    Memon was sentenced to death in 2007 after being convicted of providing financial and logistical support for the bombings.

    Memon was hanged hours after the Supreme Court dismissed a final plea to stay the sentence.

    His lawyers had argued that executions can only be carried out after seven days have passed following the rejection of a mercy petition.

    The court opened its doors in the dead of the night to hear his last appeal for mercy, but rejected it just before dawn.

    The court ruled that because his first mercy petition had been rejected last year, the execution met the required rules, said media reports.

    History of Mumbai attacks

    March 1993: Series of explosions kill 257 people and injure 713
    August 2003: Four bomb attacks kill 52 people
    July 2006: Seven bombs go off on crowded trains within 11 minutes, killing more than 180 people and wounding hundreds
    November 2008: Gunmen carry out a series of co-ordinated attacks across seven high-profile locations, including two luxury hotels, city’s main commuter train station, a hospital, a restaurant and a Jewish centre, killing 165 people. Pakistan-based militants blamed for the attacks and peace efforts between the two countries derailed. Nine of the attackers also killed. Pakistani national Mohammad Ajmal Amir Qasab, who was captured alive, hanged in November 2012
    July 2011: Three near-simultaneous explosions during Mumbai’s evening rush hour kill 18 people and injure 131

    Memon, a chartered accountant, was sentenced to death in 2007 by a special court in Mumbai after being convicted of providing financial and logistical support for the bombings.
    The bombings killed at least 257 people in Mumbai

    He was the only one of 11 people convicted for the bombings to have his death sentence upheld on appeal. The sentences on the others were commuted to life imprisonment.

    The additional chief secretary of the state government confirmed to the BBC that Memon’s body would not be buried inside the prison compound, and would be handed over to his family once a post-mortem had been carried out.
    The Yakub Memon case

    05 August 1994: Yakub Memon is picked up from the New Delhi railway station; he claims he gave himself up in Nepal eight days earlier.
    27 July 2007: Twelve including Memon sentenced to death, 20 given life sentences.
    21 March 2013: Supreme court commutes sentences of 10 but confirms death penalty for Memon, saying “his commanding position and the crime of utmost gravity” warranted no less.
    May 2014: President Pranab Mukherjee rejects Yakub’s mercy petition.
    9 April 2015: Supreme Court rejects mercy plea, confirms death for Yakub.
    30 July 2015: Supreme Court rejects final petition filed by Memon – he is executed hours later.

    Memon’s case has divided opinion in India, with many calling for the suspension of the death sentence.

    Yakub Memon’s brother, Tiger, is widely seen as having been the mastermind behind the attacks, alongside gangland boss Dawood Ibrahim. Both remain in hiding.

    Several influential journalists, politicians and members of civil society had sent a letter to the president asking for him to “spare him from the noose of the death for a crime that was master-minded by someone else to communally divide India”.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress