අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවට, විශේෂයෙන්ම  බෞද්ධ ඉන්දියානුවන්ට වැදගත් වන්නේ ඇයි?
Posted on July 30th, 2015

චානක බණ්ඩාරගේ

(ඉන්දියාවේ New Buddhist සඟරාව ඇසුරුණි, ජුලි 2015 ප්‍රකාශය.  මෙම සිංහළ පරිවර්තනය, මුල් ඉංග්‍රීසි ලිපිය ලිවූ ලේඛකයාම විසින්ම කරන ලද්දකි)

ධර්මපාලතුමා ශ්‍රී ලංකාවේ මහත්මා ගාන්ධිද?  මෙහි සත්‍යතාවක් ඇත.

ධර්මපාලතුමා වැඩියෙන්ම සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කළ බව ඇත්තය. නමුත්, ගාන්ධි තුමා මෙන් ඔහුද  බ්‍රිතාන්‍ය යටත්විදිතවාදීන්ට විරුද්ධව තදින්ම සටන් කළේය. බ්‍රිතාන්‍යයෝ එවකට, ධර්මපාලතුමා ජීවත්ව සිටි කාලයේ (1864 – 1933), අනවසරන්යෙන්, ශ්‍රී ලංකාව පාලනය කළහ.

එබැවින්, ධර්මපාලතුමා සෑම ශ්‍රීලාංකිකයෙක් වෙනුවෙන්ම සටන් කළේය.

ධර්මපාලතුමා ඔහු විසින් පළ කරන ලද ලිපිවලින් ලංකාවේ ළඟම අසල්වැසියා වන ඉන්දියාව (දඹදිව), ලංකාවට ඉතාම වැදගත් වන්නේ මන්දැයි පැහැදිලිව විස්තරකර දුන්නේය.

ශ්‍රීලංකාව සිංහල, බෞද්ධ අඩිතාලමක් (foundation) ඇති රටකි.  අද දින, ශ්‍රීලංකාව ලොව තිබෙන සැම ප්‍රධානම ආගමක්ම (යුදෙව් ආගම හැරුනුකොට) අදහන ජනතාවක් සිටින රටකි. මෙම රටේ ජනතාව ඉතා මිත්‍රශීලීව සහ සහයෝගීතාවෙන් ජිවත් වෙත්.  ශ්‍රී ලංකාව වනාහි එකමුතු, සහජීවී සමාජයක් පවත්නා  රටක් සඳහා වූ  කදිම උදාහරණයකි.  ශ්‍රී ලංකාව ඉදිරියටත් ලොව ඉතා සාර්ථක බහු ජාතික/ආගමික රටක් ලෙස වැජභෙනු ඇත.

ශ්‍රී ලංකා දේශය බිහි වූයේ  බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් සමග (මෙයට වසර 2498කට පෙර – ක්‍රි පු 498) උතුරු ඉන්දියාවේ සිංහපුර, වංග දේශයේ, ලාට රටේ (අද උතුරු බෙංගාලයේ)  සිටි විජය කුමරුගේ ශ්‍රී ලංකාවට (තම්බපන්නිය) වූ ආගමනයත් සමගිනි.  මහාවංශයට (ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලියැවී ඇති මහා ග්‍රන්ථය) අනුව, විජය කුමරුගේ පියා වුයේ සිංහබාහු රජතුමායි. සිංහබාහුගේ පියා වුයේ ‘සිංහයෙකි’ (ඔහුට සිංහයකුගේ මෙන් අතැඟිලි සහ පාඇඟිලි තිබුණි බැව් ඇතැම් ග්‍රන්ථ වල සඳහන් වේ).  සිංහබාහුගේ මව වුයේ එම ප්‍රදේශයේම විසු කුමාරිකාවකි (කාලිංග ප්‍රදේශයේ).

ධර්මපාලතුමා, මහාවංශය සහ වෙනත් අටුවා පොත් පදනම් කර ගෙන සිංහලයන් බුදු බුදුරජානන් වහන්සේට ඥාති සම්බන්ධතාවක් ඇති බව පෙන්වා දුන්නේය.  ලංකාවේ දෙවන රජ වූ පඬුවස්දේව (ඔහුට විජය කුමරු තම මාමණ්ඩිය විය) විවාහ වුයේ බුදු රජාණන් වහන්සේගේ  සමීපතම ලේ ඥාතියෙක් වූ බද්ධ කච්චානා (කපිලාවාස්තුහි, ශාක්‍ය වංශයේ) කුමරිය සමඟයි.

ලොව පුරා බෞද්ධයන් සලකන්නේ බුදු රජාණන් වහන්සේමේ ලොව පහළ වූ ශ්‍රේෂ්ටතම පුද්ගලයාලෙසයි.   උන්වහන්සේ ඉන්දීය (දඹදිව) ජාතිකයෙක් විය.

ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන්ම බෞද්ධ රටක් පත් වුයේ ක්‍රි පූ 307 BC සිට 267BC වකවානුවේ ශ්‍රී ලංකාව රජ කල දේවානම්පියතිස්ස රජ සමයේයි.  ඔහු ශ්‍රී ලංකාවේ 8වැනි රජතුමායි. එතුමාගේ සමයේ ඉන්දියාව (දඹදිව) පාලනය කලේ ඉන්දියාවේ මයුර අධිරාජ්‍යය පාලනය කල ධර්මාශෝක රජතුමායි. තම පුතුණුවන් (මිහිඳු හිමි ) සහ දියණිය (සංගමිත්තා මෙහෙණිය) ශ්‍රී ලංකාවේ  බෞද්ධ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ධර්මාශෝක රජතුමා පුද්ගලිකවම යෙදවිය.  ඒ කටයුතු ඔවුහු ඉතා සාර්ථකව ඉටු කළහ.

තම ලිපිවලින් සිංහලුන් ශ්‍රී ලංකාවේ එවකට විසු සුළු ජාතින් මෙන් (ඉන්දියාවෙන් පැවත එන) ධෛර්යමත්ව වැඩ කල යුතු බව ඔහු පෙන්වා දුන්නේය.  සුළු ජාතින්ට වෙළඳ සහ වාණිජ ක්ෂේත්‍රයේ ඉහලටම් ඒමට හැකිනම් සිංහලයන්ට එසේ නොහැකි මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.  එවැනි උපදෙස් දීම වැරදි නොවේ. 

ධර්මපාලතුමාට අවශ්‍යවූයේ සුළු ජාතින් මෙන් (ද්‍රවිඩ, මුස්ලිම්, බෝරා, සින්ද්හි, පාසි වැනි) සිංහලයන්ද අලස නොවී ධෛර්යමත්ව වැඩ කිරීමයි. ධර්මපාලතුමා කිසිවිටකත් සුළු ජාතින් පහත් කොට කථා කලේ නැත. ඔහු ‘පර’ යන වදන ඔවුන් වෙනුවෙන් නොයෙදුවේය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමඟ තිබු දැඩි තරහ නිසා ඔවුනට පමණක් ‘පර’ භාවිතා කර, පර සුද්දා කියා කිවේය. 

ස්වකීය සිංහළ ජනතාවටද ධර්මපාලතුමා ඉතා තද වචනවලින් ආමන්ත්‍රණය කළේය. ඔහු එසේ කීවේ කිසිවෙකුටවත් පුද්ගලිකව අපහාස කිරීමේ චේතනාවෙන් නොවේ. සමහරවිටක එතුමාගේ ඔවදන් මිනිසුන් බැරෑරුම්කොට සැලකුවේ එවැනි තද වදන් පාවිච්චි කිරීම නිසා විය හැකයි.  ධර්මපාලතුමාගේ ඔවදන් මිනිසුන් කිසිම ද්වේශයක් නොමැතිව පිළිගෙන, පිළිපැද්දහ.  සාමාන්‍ය මිනිසුන් එතුමාව ඉතා ප්‍රිය කළහ.

වර්තමාන සමාජය අනුව බලනවිට ධර්මපාලතුමා එදා භාවිතා කළ ඇතැම් වදන් අදට සුදුසු නැති බව සත්‍යයකි.  නමුත්, උවමනාවෙන්ම අනුන් නිගාවට පත් කර කරනලද ප්‍රකාශයන් එතුමා කළාය කියා පෙන්වීමට එතුමාව විවේචනය කරණ අයට  මේ දක්වා හැකි වී නොමැත.

ධර්මපාලතුමා තද වචන භාවිතා කලත් එතුමා ජාතිවාදියෙකු නොවීය. නමුත්, ගාන්ධිතුමා මෙන් අනිවාර්යයෙන්ම උග්‍ර අධිරාජ්‍ය විරෝධියෙක් විය.

ධර්මපාලතුමාගේ උපදෙස්  අසා බොහෝ සිං හළයෝ සාර්ථක ව්‍යාපාරිකයෝ බවට පත්වුහ. එතුමා පැවත ආවේද රටේ එදා තිබු කීර්තිමක් සිංහල බෞද්ධ ව්යාපරීක පවුලකිනිනි (ඔහුගේ පියා සුප්‍රසිද්ධ ගෘහ භාණ්ඩ සැපයුම්කරු, එච්. දොන්. කරෝලිස් විය). මෙ ම ව්‍යාපාරය අදද ශ්‍රී ලංකාවේ පැවැත්වේ.

සිය අධිරාජ්‍ය විරෝධී සටනේදී, සිංහළ, බෞද්ධ නායකයෙකු වූ ධර්මපාලතුමා සිං හළ  බෞද්ධ අයිතීන් පිලිබඳව මුලිකවම සටන් කලේ ය.

ශ්‍රී ලංකාවෙන් සිංහල බෞද්ධයන් හැර අන් අය ඉවත්විය යුතු වැනි කලහකාරී වදන් ධර්මපාලතුමා කිසිදා ප්‍රකාශ නොකළේය.

එදා ඉතා නිවට, නියාලු තත්වයේ සිටි සිංහලයන්ට එවැනි තත්වයන්ගෙන්  එලියට එන ලෙස එතුමා උපදෙස්/වීර්යය දුන්නේය.  හැකි සැම විටම ඔවුන්ව  උනන්දු/ධ්‍යාර්යමත්  කළේය. ඉංග්‍රීසින්ට කත් ඇද සිංහළ. බෞද්ධත්වය දුර්වල කිරීමට කටයුතු කළ සිංහලයන්ව එතුමා ඉතා තදින්ම විවේචනය කළේය.  මේ නිසා එතුමාට සතුරන් විය.

බටහිර අදිරජ්‍යවාදීන් විසින් මේ රටට හදුන්වා දුන් සත්ව මාංශ අ නුභවය හා මත්පැන්  පානයට විරුද්ධව ධර්මපාලතුමා දැවැන්ත සංග්‍රාමයක් ඇති කළේය.  මේ  ආදීනව පිලිබඳව මෝටර් රථයක් සරසා (සෝබන මන්දිරය නමින් ජනතාව ආදරයෙන් එම රථය හැඳින්වූහ) රට වටා ගොස් මාංශ අ නුභවය හා මත්පැන්  පානයට එරෙහිව ජනතාවට කරුණු දැක්විය. සමහර විට එතුමා ජනතාවට තද භාෂාවෙන් කතා කලේය. ඔහුට සාවධානව  සවන්දුන් ජනතාව ඔහුගේ මත පිළිගෙන මාංශ අනුබවයෙන් හා මත්පැන් පානයෙන් වැළකුණහ .1505 බටහිර  අදිරජ්‍යවාදයට පෙර සිංහළ මිනිසුන් මාං. ශ අනුභවය හා මත්පැන් පානයෙහි තොරව ජීවත්වූහ.

ධර්මපාලතුමා ස්වකිය ජනතාවගෙන් සියලු සතුන් මැරීමෙන් වළකින ලෙසට ඉල්ලා සිටියේය . ඔහු ඔවුන්ගෙන්, විශේෂයෙන්ම දරුවන්ගෙන් ඉල්ලා සිටියේ බෞද්ධ පන්සිල් පද පහ (5) සුරකින ලෙසයි. ජනතාව විශාල ලෙසින්  ධර්මපාල ඔවදන් පිළිගත්හ.

පෘතුගීසි හා ඉංග්‍රීසි වැනි බටහිර නම් භාවිතා නොකරන මෙන් ධර්මපාලතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. තමාට උපතින් ලැබුණු ‘ඩේවිඩ්’ යන ඉංග්‍රීසි නාමය් ඉවත් කර ධර්මපාල යන නාමය ගත්තේය. සිය පවුලේ සමාජිකයන් හටද ඔවුනට දී තිබුණු ඉංග්‍රීසි නම් ඉවත්කර සිංහළ නම් යොදා ගන්න ලෙස ඉල්විය. ඔවුන් එසේ කළහ, ඔහුගේ මෑණියන්ද ඇතුළුව. එකල රටේ බහුතරය භාවිතා කලේ පෘථුග්‍රීසි/ඉංග්‍රීසි  නම්ය. ලාංකික දරුවන්ට ඉදිරියට එවැනි නම් නොදමන මෙන් ඔහු ඉල්ලා සිටියේය.මේ පිලිබද කදිම උදාහරණයක්  වනුයේ – ධර්මපාලතුමා ඉදිරියේ වරක් කවි කථනයකට පෙනී සිටි 14 හැවිදිරි පේදිරිස් සිල්වා දරුවාව එකෙනෙහිම (දෙමව්පිය කැමැත්ත පරිදි) පියදාස සිරිසේන (පසුකාලයේ මහා ගත් කතුවරෙයෙකු වූ ) යනුවෙන් නම් කිරීමය. ධර්මපාල ආභාෂය නිසා දස දහස් ගණන් ශ්‍රී ලාංකිකයෝ සිංහළ නම් ලබාගත්හ.  මේ පිළිවෙත අදටද පැවැත්වේ.

ධර්මපාලතුමාගේ තවත් අති සාර්ථක වැයමක් වුයේ සිංහලයන්ට (පිරිමි හා ගැහැණු දෙපාර්ශවයටම ) බටහිර ඇදුම් නොඇඳ  සිංහල බෞද්ධ (ආර්ය) ඇදුම් ඇදීමට යොමු කරවීමයි.

තමන්ගේ උපදේශක සහ කලක් හාම්පුතාවූ  H.S ඕල්කට්ගේ බෞද්ධ පාටශාල ඇරබිමේ ව්‍යාපෘතියට ධර්මපාලතුමා සෘජුවම සම්බන්ධ විය. මොවුන් එක්ව  බිහිකළ පාසල් ගණන 300ට වැඩිය.(ලංකාවේ ප්‍රධානම බෞද්ධ පාසල වූ කොළඹ ආනන්ද විද්‍යාලය ඇතුළුව).

ධර්මපාලතුමා සිය පුවත්පත් වන The Buddhist”හා සිංහළ බෞද්ධයා”මගින් ඉතා හොද අවවාද අනුසාසනා ජනතාවට නිති පරිදි ලබාදුන්නේය. ජනතාවට දැහැමි,උසස්වූ  ජීවිත ගතකිරීම පිළිබඳව එතුමා උපදෙස්, අනුශාසනා පළ  කළේය.

බෞද්ධ නායයෙකු වශයෙන් ධර්මපාලතුමා බෞද්ධ දරුවන් ඉරිදා දහම් පාසල් යායුතු  බව කිවේය..එම දහම් පාසල් මගින් බුදු දහම හා වැඩිහිටියන්ට සැලකීම වැනි උතුම් ගුණාංග දරුවන්ට පුරුදු පුහුණු වන බව එතුමා පෙන්වා දුන්නේය. දෙමව්පියන් හා දරුවන් එතුමාගේ ඉල්ලීමට අවනත වුයෙන් රට පුරා  මහත් වූ දහම් පාසල්  පුනරුදයක් ඇතිවිය.ඒ  පුනරුදය අද දවස දක්වා සිදුවෙමින් පවතී.

ත්‍රිපිටකය පාලි බසින් සිංහලට පරිවර්තනය කිරීමට ධර්මපාලතුමාට ඉතා අවශ්‍යතාවක් තිබුණේය.ඔහු මෙම කාර්ය ස්වකියවෛද්‍ය වුර්තික සහෝදරයාවෙත පවරන ලදී.

බුද්ධසාසනයට ධර්මපාලතුමාගෙන් සිදුවූ මහාර්ගතම සේවාව නම් දබදිව වූ බුද්ධගයාව බෞද්ධයන් වෙත බේරාදීමය.බුද්ධගයාව වනාහි බුදුරදුන්ගේ උතුම් වූ බුද්ධත්වය ලැබූ, අතිශය  පුජනීයවූ ස්ථානයි. මෙයට උතුම් ස්ථානයක් ලොව වෙසෙන බෞද්ධයිනට නැත. ධර්මපාලතුමා එහි ස්තූපය ප්‍රතිසංස්කරනය කර විය.

මෙම දිනාගැනීම වූ කලි අතිශය විශාල වූවකි.

ධර්මපාලතුමා නොසිටියේ නම් බුද්ධගයාව අද හින්දු පුජස්ථානයක් බවට පත් වී තිබෙනවා නොඅනුමානය.

ධර්මපාලතුමා සාරානාත්හි (සැවැත් නුවර) මුලගන්ධ කුටි විහාරය බෞද්ධයන්ට ආරක්ෂා කර දුන්නේය. එතුමා එහි ස්තුප ගොඩනැගිය.(1930 ජවහල්ලල්නේරු විසින් මේවා විවුර්ත විය).  මුලගන්ධ කුටි යනු බුදුරදුන් ප්‍රථම ධර්ම දේශනය පස්වග මහනුන්ට  පවත්වන ලද ස්ථානයයි.  බරනැස් නුවර  ඉසිපතමාරාමය (අද වරනාසි) පිහිටියේ මේ ආසන්නයේය.

ධර්මපාලතුමා දඹදිව ඉතා වැදගත් බෞද්ධ සිද්ධස්ථාන රාශියක් ස්ථාපනය කළේය. එතුමා කල්කටාවේ දැවැන්ත වූ ධර්මරාජික පන්සල පිහිටවිය. ඉන්දියාවේ නගර කිහිපයකම වන්දනා කරුවන් වෙනුවෙන් නේවාසිකාඝාර පිහිට විය.(චෙන්නායි  සහ කල්කටා ). ධර්මපාලතුමාගේ ප්‍රධාන අරමුණක් වූයේ එතුමඉතා ප්‍රියකල දඹදිව (ඉන්දියාව ) යලි බුදු දහම ස්ථාපිත කිරීමය. මේ සදහා  අවශ්‍ය අඩිතාලම  ඔහු දැමුවේය.  ඔහුගේ අනුගාමිකයෙකු  වූ අම්බෙඩ් කාර් මෙම වැයම ඉතා සාර්ථකව ඉදිරියට ගෙන ගියේය. 

ඉන්දියාවේ තිබු ඉතා වැදගත් බෞද්ධ සිද්ධස්ථාන පරිහානියට සහ අභාවයට යාමගැන  ධර්මපාලතුමා ඉමහත් කම්පාවට පත්විය.  ඒවා ආරක්ෂා කිරීමට සහ ඉතා යථා තත්වයට පත් කිරීමට හැකි සෑම දෙයක්ම කිරීමට එතුමා කැප විය.  මහාබෝධි සමාගම මුලිකවම බිහි කලේ ඒ මහඟු පරමාර්ථයෙනි (අද ඉන්දීය මහාබෝධි සමාගම, පාලනාධිකාරි කිහිපයක් මඟින් පාලනය වන, අති විශාල ව්‍යාපාරයකි).

මුලුමනිම වාගේ හින්දු භක්තික රටක් බවට පත්ව තිබු ඉන්දියාවේ බුද්ධාගම නගා සිටුවීමේ කටයුතු ධර්මපාලතුමා ඉතා මැනවින්, ප්‍රවේශමින් කළේය. මෙය අතිශය විශිෂ්ටතමවූ  කාර්යයකි,නිහඩ විප්ලවයකි.  ධර්මපාලතුමාට  ද්වේශකිරීම වෙනුවට ඉන්දියානුවන් කලේ එතුමාට ඇල්ම කිරීමය. අදත් ඉන්දීය ජාතිකයෝ එතුමාට ඇල්ම කරත්. ධර්මපාලතුමාගේ 150වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඉන්දියානු රජය තැපැල් මුල්දින කවරයක් සහ තැපැල් මුද්දරයක් නිකුත් කලේ මේ වසරේ මුල් භාගයෙයි. ඉන්දීය ජනපතිතු ප්‍රනාභ් මුකර්ජී මැතිතුමා මේ උත්සවයට සහභාගී විය. මෙය අතිශය සුවිශේෂමය වූ සිද්ධියකි. ඉන්දියානු රජය විදේශිකයකු සමරා තැපැල් මුද්දරයක් නිකුත් කරන්නේ ඉතාම කලාතුරකිනි. කල්කටාවේ ප්‍රධාන මාර්ගයක් අදත් එතුමාගේ නමින්  ඇත (මහාබෝධි විහාරය ඇති පාර විය යුතුයි).  ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ  ගොල්ප් ක්‍රීඩක, ටය්ගර් වූඩ්ස්  ධර්මපාලතුමා සමරණ කෙනෙකි. ඔහුගේ කාමරයේ ධර්මපාලතුමාගේ රුපයක් තබා ඇතැයි වාර්තා  විය.  ටය්ගර් වූඩ්ස්ගේ   මව තායිලන්ත කාන්තාවකි . ඉන්දියාවේ වෙසෙන අති පුජනිය දලයි ලාමා තුමා ධර්මපාලතුමා ගැන නිතර ගුණ කථනයේ යෙදෙයි. මේවායින් යින් පෙනෙනුයේ ධර්මපාලතුමා ජාත්‍යන්තරවම  පිළිගන්නා කෙනෙක් බවයි.

1915 සිංහළ මුස්ලිම් කෝලාහලයට ධර්මපාලතුමා සම්බන්ධය  කියා බ්‍රිතාන්න්යන් ඔහුව සිරගතකළහ.  මෙම කෝලාහලයට ධර්මපාලතුමාගේ කිසිම සම්බන්දයක් තිබුනේ නැත. ඒ සදහා සාක්ෂි කිසිත් නොවිය. මේ සිද්ධිය හට ගන්නා  විට එතුමා සිටියේ කල්කාටාවේය. මේ මඟින්ම ධර්මපාලතුමාගේ අහිංසකභාවය සනාථ වේ. ධර්මපාලතුමා  කිසිදා  හිංසාව පැතිර නොවිය.මෙම කෝළාහලයට සම්බන්දයක් නොවූ මෙතුමාව  බ්‍රිතාන්‍ය අදිජජ්‍ය වාදීහු වසර 6 සිර (නිවාස) අඩස්සියේ කල්කටා හි තැබුහ.ජාතික නායකයන් වූ DS සේනානායක ,FR සේනානායක හා වෙනත් අය මෙම කෝලාහලය මුල්කරගෙන  සිර අඩස්සියට දැමු අයයි. විලියම් පේදිරිස් විරෝදාර තරුණයාව  අමානුෂික ලෙෂ වැලිකඩ සිර ගෙදරදී වෙඩි තබා මරාදමන ලදී.  EW පෙරේරා  තම පාවහන් අඩියේ ලිපියක් සකසා බ්‍රිතාන්‍ය මහා රජාණන්ට එය ලැබීමට සලස්විමෙන් DS සේනානායක හා FR සේනානායක වැන්නවුන් නිදහස ලෑබුහ. නමුත් ධර්මපාලතුමා  තවදුරටත් ඔවුහු  සිරගත කළහ. වාසනාවකට, විලියම් පේදිරිස් මෙන් ධර්මපාලතුමාව  ඔවුහු ඝාථනය නොකළහ.  මේ කාලයේ  එතුමා 50 වන වසර ගත කරමින් තිබුණි.  ධර්මපාලතුමා සිරගත වීම නිසා මහත්වූ මානසික පීඩනයෙන්  බැට කෑවේය. බ්‍රිතාන්‍යයන් එතුමාට දඩුවම්  කලේ එතුමා කෙරෙහි තිබු ද්වේශය නිසායි.  බ්‍රිතාන්‍යන් එතුමාගෙන් පළි  ගන්න ලදැයි ඇතැමුන් කියත්. 

වසර ගණනාවක අධිරාජ්‍යවාදී ආක්‍රමණ නිසා ධර්මපාලතුමා ජීවත්වූ 19 වන ශත වර්ෂය අග භාගයේ සහ 20න ශත වර්ෂය මුල් භාගයේ ශ්‍රී ලාංකිකයෝ  ඉතා යටහත්, හීනවූ  මානසික තත්වයකින් පසු වුහ.  මේ තත්වය නැති කර ජනතාවගේ ආත්ම විශ්වාසය සහ පෙර රජ සමයේ පැවති ආත්ම අභිමානය  යළි ගොඩ නැගීම සඳහා ධර්මපාල තුමා බොහෝ දේ කළේය.  සමාජයේ  ‘උසස් යයි’ සම්මත පවුලකින් පැවත ආ එතුමා මනා පෞරෂවයකින් හෙබි විය.  අඩි  හයකට කිට්ටු වූ උසකින්,  මනාවූ  කාළ  වාර්ණ දේහයකින් යුක්තවූ  එතුමා, කැපී පෙනෙන කහ පැහැති ආර්ය සිංහළ වස්ත්‍රයක්  ඇන්දේය.  ඔහුගේ පැවැත්ම කාගේත් ඇසට ප්‍රසන්න වූ  දසුනක් විය.  ධර්මපාලතුමා අති දක්ෂ සන්නිවෙදියකු (communicator)  විය. චතුර ලෙස ඉංග්‍රීසි බස කතා කල ඔහු ඉංගිරිසි බස ලිවීමේහිද අති දක්ෂයෙකු විය.  ධර්මපාලතුමා ඉතා හොඳින් අධ්‍යාපනය හදාරා තිබුණි (කොළඹ 12 සාන්ත බෙනඩික්ට් පාසලේ උගත් ඔහු එම පාසලේ ක්‍රිස්තියානු පුජකවරයෙකු විසින් කුරුල්ලෙකු වෙඩි තබා මරා දමනු දැක එහි පාලන අධිකාරිය සමඟ නොමනාපකමක්  ඇති කර ගත්තේය) . ඕල්කට්තුමා සමඟ සම්ම්බන්ධ වන විට එතුමා ලංකා පරිපාලන (සිවිල්) සේවයේ නිලධාරියෙක් ලෙස කටයුතු කළේය.  බෞද්ධ භික්ෂුන් සහ ක්‍රිස්තියානි පුජකයන් අතරේ වූ පානදුරා වාදය එතුමා ඇසින් දුටුවේය. ඕල්කට්තුමා බෞද්ධයෙකු වුයේද පානදුරා වාදයේ ප්‍රතිපලයක් වශයෙනි.

ආත්ම විශ්වාසයෙන් පරිපුන් වූ ධර්මපාලයෝ අසාධාරණයට සහ අයුක්තියට විරුද්ධව සටන් කිරීමට සිය ජීවිතය කැප කළේය.  සැම විටම නැති බැරි අයට පිහිටවීමට සහ ඔවුන් වෙනුවෙන් සැමවිටම කැපවීමට වැඩ කලේය.  එතුමා සමානාත්මතාවය සහ යුක්තිය සැමවිටම සෙවීය.  සැමවිටම සිය ජීවිතය අන්‍යයන්ට ආදර්ශයක් වනසේ ගත කළේය. එතුමාගේ බිය නැති, එඩිතර නායකතත්වයේ උදාහරණ කිහිපයකි මේ (මෙවැනි උදාහරණ බොහෝය) :

අ).වරක් රොබට් චාමස් ආණ්ඩුකාරයා ධර්මපාලතුමාට ස්වකිය කාර්යාලයට පැමිණෙන මෙන් ඇරයුම් කළේය. එතුමා එහි ගිය පසු ඔහු එතුමාව  පැය 2ක් පමණ උවමනාවෙන්ම රැඳව්වේය.  මේ ගැන උරණ වූ ධර්මපාලතුමා  ආපසු ගියේ චාමස් ආණ්ඩුකාරයාගේ මුහුනටම් දොස් නැගිමෙනි.  සිදුවූ වරදට සමාව ඇයද සිටි චාමස් ආණ්ඩුකාරයාට  ධර්මපාලතුමා තුමා කිවේ ඔහු තමාගේ විශ්වාසය කඩ කළ බවත්, ඔහු සමඟින් කටයුතු කිරීමෙන් පළක් නොවන බවත්ය.  චාමස් ආණ්ඩුකාරවරයාගේ සේවකයන් ඉදිරියේ ඔහුට ධර්මපාලතුමා තුමා කථා කළ එඩිතර විලාශය ඔවුනටම අදහා ගත නොහැකි විය -චාමස්ට මෙය දැනුනේ ඔහුගේ කම්මුලට ගැසුවාක් මෙනි. මෙකළ ලංකාවේ විසු ඇතැම් ඉංග්‍රිසියානුවන් සිතුවේ ශ්‍රී ලාංකිකයන් මිනිසුන්ට වඩා පහත් වූ, තිරිසන් වැනි ජන කොටසක් කියායි. එවැනි පසුබිමක්‌ තිබියදී ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි මහා රජුන්ගේ දූතයාට ධර්මපාලතුමා මෙලෙසින් කිසුදු බියක් නොමැතිව කථා කිරීම එකල සුද්දන්ට  ඇදහිය නොහැකි සිද්දියක් විය (ධර්මපාලතුමාව සිර අඩස්සියට පත් කරනවිට රටේ ආණ්ඩුකාරයා වී සිටියේ චාමස්ය).

ආ). 1920 අග භාගයේදී කල්කටාවේ පිහිටි මහාබෝධි සමිති මුලස්ථානය  විවුර්ත කිරීමේ උත්සවයට මහත්මා ගාන්ධිතුමාද එක්විය. එහිදී කතාවක් කල ගාන්ධි තුමා කිවේ ඉංග්‍රීසි ජාතික ශ්‍රීමත් එඩ්වින් ආනොල්ඩ්ගේ ‘Light of Asia’ පොත කියවීමෙන් තමා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ටයෙක් බව දැනගත් බවය. උත්සවයේ අවසන් (ස්තුති) කතාව නියමව තිබුනේ ධර්මපාලතුමා තුමාටයි. එහිදී එතුමා කිවේ දඹදිව පමණක් නොව මුළු ලොවම පහලවූ ශ්‍රේෂ්ටතම පුද්ගලයා වන බුදුරජාණන් වහන්සේගේ  ශ්‍රේෂ්ටත්වය  දැනගැනීමට ගාන්ධි තුමාට ඉංග්‍රීසි ජාතික ශ්‍රීමත් එඩ්වින් ආනොල්ඩ්ගේ ‘Light of Asia’ ග්‍රන්ථය කියවනතුරු ඉඳීමට සිදුවීම කනගාටුවට කරුණක් බවයි.  තමන්ට කල සරදම ගාන්ධිතුමා සතුටින් භාරගෙන ධර්මපාල තුමාගේ කතාවට සිය හිස වනමින් එකඟතාවය  දැක්විය. ධර්මපාලතුමාගෙන් ඉගෙනීමට ගාන්ධිතුමා සතුටුවිය.  එම සභාවේම සිටි ගාන්ධිතුමා  සහ ධර්මපාලයන්ගේ මිතුරකු වූ රබින්ද්‍රනාත් තාගෝර් සිනාසෙමින් ධර්මපාලතුමා තුමාට සුභ පැතිය. මේ කාලයේ ඉන්දියාවේ නිදහස් සටනේ නායකයාවූ ගාන්ධි තුමාව විවේචනය කිරීමට කිසිවෙක් එකළ සිහිනෙන්වත් සිතුවේ වත් නැත. නමුත් බුද්ධාගම සහ බුදු රජාණන්වහන්සේට සිය ජීවතය කැප කර සිටි ධර්මපාලතුමාට ගාන්ධිතුමාගේ වරද නිවැරදි කිරීම අවශ්‍යම බව තේරී ගියේය. ධර්මපාලතුමා ගන්ධිතුමට ඉතාමත් ගරු කළ කෙනෙකි. ඒ කෙසේවෙතත් ඒ අවස්ථාවේදී  කිවයුතු දෙය කිව යුතුය යන්න එතුමාගේ  ප්‍රතිපත්තිය විය. මෙහි තිබෙන විශ්මය නම් ලාංකිකයවූ ධර්මපාලතුමා ඉන්දියාවේ දේවත්වයෙන් මෙන් සැලකු ගාන්ධිතුමාට, ගාන්ධිතුමාගේ ඉන්දියාවේදීම,  කිසිදු ඉන්දියානුවෙක්වත්   අමනාපද  නොකර ගාන්ධිතුමාගේ වරද නිවැරදි කර පෙන්වීමයි. 1933දී වූ ධර්මපාලතුමාගේ අභාවය පිළිබඳව ගාන්ධිතුමා ඉතා කණගාටුවූ බව වාර්තා වී තිබුණි.

ඇ).ඉන්දියාවේ සහ ලංකාවේ දුමිර්යෙන් ගමන් කරද්දී (සිද්ධීන් 2කි) ධර්මපාලතුමාට එතුමා ගමන් කළ 1වැනි පන්තියේ මැදිරියන්හි සිටි සුදු ජාතික මහත්වරු දෙදෙනෙකුගෙන් ප්‍රශ්න ඇති විය (ලංකාවේදී හමු වුයේ වතුපාලක සුද්දෙකි). අමුතු ඇඳුමක් ඇඳ තමන් යන දුම්රිය මැදිරිය තුල සිටින, දුම්රිය තුල තමන්ගේ මත්පැන් (විස්කි) පානයට විරුද්ධ වූ මේ කළු මිනිහාට මැදිරියෙන් බැස යන ලෙස සුද්දෝ ඉල්ලුහ. නමුත් ධර්මපාලතුමා ඔවුනට අවනත නොවිය.  ඔවුන්ට වඩා වැඩි වූ, තදබල පෞරෂයක් ධර්මපාලතුමාට තිබුණි.  අවසානයේදී, අවස්ථා දෙකෙහිදීම, සුද්දෝ දුම්රිය මැදිරියෙන් බැස  ධර්මපාලතුමාට පමනක්  මැදිරියේ ගමන් කිරීමට ඉඩ සලස්වා ගියහ. ගාන්ධි තුමාටද මෙවැනි තත්වයක් දකුනු අප්‍රිකාවේ ප්රීටෝරියා නගරයේදී අත්විඳීමට සිදු විය. දුම්රියේ පළවැනි පන්තියේ මැදිරියක ගමන් කල ඔහුව ඉංග්‍රීසි ජාතිකයෙකුගේ ඉල්ලීමට දුම්රිය බලධාරීන් විසින් එම මැදිරියෙන් ඇද එලියට විසි කළහ. මෙය ගාන්ධි තුමා මුහුණ දුන් ප්‍රථම ජාතිවාදී සිදුවීමයි.  ධර්මපාලතුමාව දුම්රියෙන්  ඈද දැමීමට සුද්දන්ට පුළුවන් වුයේ නැත.

ධර්මපාලතුමා විශාල වශයෙන් දේශ සංචාරය කළේය. එකළ විදේශ ගමන් සිදු කළේ නැවෙනි.  සිය බුද්ධ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ධර්මපාලතුමා බොහෝ රටවලට් ගියේය. 1893දී ඇමරිකාවේ චිකාගෝ නුවර පැවතී ලෝක ආගමික සහ ප්‍රජා නායකයන්ගේ සමුළුවට සහභාගී විය.  එහිදී එතුමා බෞද්ධාගම සහ බුදු රජාණන්වහන්සේ අළලා වේගවත්, විචිත්‍රවත් කථාවක් කළේය. සමුළුවට පැමිණි 6,000 ට නොවැඩි ආගමික සහ ප්‍රජා නායකයෝ සිය අසුන් වළින් නැගිට එතුමාගේ කතාවෙන් පසු විනාඩි ගණනක් අත්පොලොසන් ගැසුහ.  කහ පැහැති ආර්ය ඇඳුමෙන් සැරසුණු, ඉතා දැකුම්කලු මේ කාළ වර්ණ තරුණයා එදා එම සමුළුවේ සිටි ජනප්‍රියතම පුද්ගලයා විය.  ඔහුට සමුළුව ඇමතීමට වාර ගණනාවක් ලබා දුණි. ධර්මපාලතුමා හමුවීමට  සමුළු සාමාජිකයන් උත්සුක වුයේ ‘හොලිවූඩ් නළුවෙක්’ හමුවෙන තරම් වූ ආසාවකිනි. සමුළුවට සහභාගිවුවන්ගෙන් වැඩි දෙනෙක් ක්‍රිස්තියානු භක්තිකයෝ වුහ. සමුළුවට ඉන්දියාවේ හින්දු භක්තිකයන්ව  නියෝජනය කළේ එවකට ඉන්දියාවේ සිටි ප්‍රසිද්ධතම හින්දු පූජක නායකයෙකුවූ විවේකානන්ද ස්වාමි තුමායි. එතුමා ප්‍රසිද්ධියේම  ධර්මපාලතුමා වැළඳගෙන එතුමාට තම භක්ත්‍යාදරය පෙන්විය. චිකාගෝ සමුළුව ධර්මපාලතුමාගේ ජීවන් ගමන් මග වෙනස්කළ ප්‍රධාන සංදිස්ථානයක් විය.

ධර්මපාලතුමා ලොවේ වෙනත් බෞද්ධ රටවල් සමඟ ඉතා කිට්ටු මිත්‍රත්ව පැවැත්වූයේය. එවකට අන් රටවල් (බටහිර) මඟින් පෑගීමට ලක්ව තිබු ජපානය කෙරෙහි සාධාරණවූ සැලකිල්ලක් ලැබිය යුතු බව එතුමා  කියා සිටියේය.  ධර්මපාලතුමාට ජපානයෙන් යම් තරම්වූ  මුල්‍ය ආධාර ලැබුණි.  එතුමාට ජපන් ජාතික ව්‍යාපාරික මිත්‍රයෝ සිටිහ.  ධර්මපාලතුමා බුරුමයට ගිය අවස්ථාවන්හිදී ඒ රටේ රජ මැදුරේදී එරට ඔටුනු පලන් කුමරු බැහැ දැකිය. ධර්මපාලතුමාගේ ධර්මදූත කටයුතුවලට විශේෂයෙන්ම  දඹදිව බුද්ධගයාව බේරාගැනීමේ කටයුතුවලට එම කුමරා යම් ප්‍රමාණයකින්  මුල්‍ය ආධාර එතුමාට දුන්නේය. ධර්මපාලතුමා තායිලන්තයේ රජ පවුල සමගද සම්භන්ධතා පැවැත්විය.  ධර්මපාලතුමා චීනයේ ෂැන්හයි නුවර කීප වරක් සංචාරය කළේය. එතුමා වෙනත් ආසියාතික සහ යුරෝපිය රටවලද  සංචාරය කළේය.

ධර්මපාලතුමාට  ජාත්‍යන්තර කටයුතු සහ ලෝක ආගම් පිළිබඳව ඉතා උසස්වූ දැනුමක් තිබුනේය.

ධර්මපාලතුමා බටහිර  ‘පොහොසත් සමාජ’ සංකල්පය (ධනවාදය ) ප්‍රතික්ෂේප නොකළේය.  ධර්මපාලතුමා විශිෂ්ටවූ දැහැමි, ව්‍යාපාරික ඥානයෙන් හෙබි අයෙක් විය.  ස්වකිය වැඩකටයුතු සඳහා එතුමා දස දහස් ගණනින් මුදල් සෙව්වේය  බොහෝවිට ඒවා විදේශ මුදල් විය.  එතුමාගේ ‘බුද්ධගයාව බේරා ගැනීමේ’ සටනට පමණක්  අති මහත් මුදලක් අවශ්‍ය විය.  එම නඩු හබ දීර්ග කාලයක්  ඉන්දියාවේ උසාවි  වල ඇසුනි.  බුද්ධගයාව අත් පත් කර සිටි හින්දු මහන්තයාව එතනින් එළවීමට විශාල වන්දි මුදලක් ගෙවීමටද සිදු විය.  හින්දු ආගමික රටක් වූ ඉන්දියාවේ ඉතා බලසම්පන්න හින්දු ආගමික නායකයෙකුවූ මහන්තා ලැගුම්ගෙන සිටි සිද්ධස්ථානයෙන් (බුද්ධගයාවෙන්)  ඔහුව ඉවත් කිරීම ලෙහෙසි පහසු කාර්යක් නොවන බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත.  විශේෂයෙන්ම, විදේශ රටකින් (ශ්‍රී ලංකාවෙන්) ඉන්දියාවට ගොස් සිටි  විදේශිකයෙකුට. එවැනි කර්තව්‍යක් කළ හැකි වේයැයි කිසිවෙක් සිතන්නෙන් නම් ඒ ධර්මපාලතුමා විසින්ම පමණක්ම විය යුතුය්. සැබවින්ම, ධර්මපාලතුමා ඒ කාර්යය ඉෂ්ට කළේය. ධර්මපාලතුමා විසින් ලංකාවේ බෞද්ධ සහ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති රාශියක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කළේය. ඇතැම් ව්‍යාපෘති අදටත් ක්‍රියාත්මක වේ.  ධර්මපාලතුමා ඉන්දියාව සහ බටහිර රටවලද (විශේෂයෙන්ම ඇමරිකාව සහ එංගලන්තය) බෞද්ධ ප්‍රචාර ව්‍යාපෘති ක්‍රියාත්මක කළේය.  ඒ වෙනුවෙන් ඔහු බොහෝ අරමුදල් සෙව්වේය.  අද පවත්නා එංගලන්තයේ,  ලන්ඩන් නුවර බෞද්ධ විහාරය ධර්මපාලතුමාගේ  වැයමක සාර්ථක ප්‍රතිපලයකි.  අද, මෙම ස්ථානය (ලන්ඩන් නුවර සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය), එංගලන්තයේ ථෙරවාද බෞද්ධාගමේ ප්‍රධානතම ස්ථානයයි.  ධර්මපාලතුමා ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ, බොස්ටන්, නිව්යෝක් යන නගරවල බෞද්ධ සම්බන්ධතා ඇති කළේය.  මුදලින් සපිරිණු සිය පවුලෙන් තම බුද්ධ ප්‍රචාරක කටයුතුවලට නොමසරු ආධාර ලබා ගැනීමට ධර්මපාලතුමා සමත්විය.  එතුමාගේ ධර්ම දුත සහ ප්‍රජා සංවර්ධන කාර්යයන් සඳහා මුලිකවම දායකත්වය සැලසුවේ ඇමරිකන් ජාතික මේරි ෆොස්ටර් රොබින්සන් මැතිණියයි. ධර්මපාලතුමාගේ චිකාගෝ දේශනය ගැන අසා, ඉතා පැහැදී, මැරෙනතුරු (වසර 25 ට කිට්ටු කාලයක්) ධර්මපාලතුමා සරණ ගිය කෙනෙකි මෙතුමිය.  ඉතා ධනවත් කාන්තාවක් වූ ඇය `විසින් ධර්මපාල තුමාට එවන ලද මුදල් සම්භාරය ඩොලර් ලක්ෂ හෝ  කෝටි ගණනකි (ධර්මපාලතුමා තුලින් තමන්ගේ මියගිය  ආදරණීය පුතා සිහිපත්වෙන බව ඇය වරක් පවසා තිබුණි) .  ධර්මපාලතුමා ගාල්ලේ හිනිදුම අක්කර සිය ගණනක කෘෂිකාර්මික ව්‍යාපෘතියක් ඉතා සාර්ථවක පවත්වාගෙන ගියේය. ගාන්ධිතුමා අනුකරණය කරමින් ලංකාවේ ප්‍රථම අත් යන්ත්‍ර පේෂකර්මාන්ත පුහුණු පාසැල රාජගිරියේ පණ ගැන්විය. ඒ, හේවාවිතාරණ අත් යන්ත්‍ර පුහුණු පාසලයි.  ශ්‍රී ලාංකිකයනට විදේශ රෙදි අත්හැර මෙරට වියු අත් යන්ත්‍ර රෙදි අඳින මෙන් ඉල්ලා සිටියේය.  හෙතෙමද එවන් වස්ත්‍ර ඇන්දේය.මේරි ෆොස්ටර් රොබින්සන් මැතිණිය මියගිය පසු එතුමිය සිහිවීම පිණිස එතුමියගේ නමින් නොමිලේ ප්‍රතිකාර කරන ආරෝග්‍යශාලාවක් එතුමා මරදානේ ඩීන්ස් පාරේ පිහිටවිය. ධර්මපාලතුමාගේ  ‘දිනපොත් කියවනවිට පෙනී යන්නේ කොතරම් මුදල් රැස් කලත් ධර්මපාලතුමා ‘ඒ මුදල් වියදම් කලේ ඉතා සැකසුරුවම්ව, ප්‍රවේශමින් බවයි.  මුල්‍ය පරිහරණයේදී ධර්මපාලතුමා ‘100%ක් අවංක විය.  මුල්‍ය කටයුතු පිලිබඳ ලිපිගොනු, පොත් තැබීම් නොපිරිහෙලා අකුරටම ඉටු කළේය.  මේරි ෆොස්ටර් රොබින්සන් වැන්නන් එතුමා වෙත බිය සැක නැතුව මුදල් එව්වේ එබැවිනි.  ධර්මපාලතුමාගේ මුදල් සෙවීම සහ සම්බන්ධතා ගොඩ නගා ගැනීමේ තිබු මහා හැකියාව ගැන ඊර්ශ්යාවෙන් පෙළුනවුන් එතුමා ජීවත්ව සිටියදී එතුමාට ‘උඩින්, පහලින් සහ මැදින්’ පහර දුන්හ.

ධර්මපාලතුමා අති විශිෂ්ටවූ බෞද්ධයෙක් විය.  බුදු රජාණන්වහන්සේ  ගිහියන්ට දෙසු දහම් ඒ අයුරින්ම අනුගමනය කිරීමට එතුමා සැමවිටම උත්සහ කළේය.  අන් අයටද ඒවා අවබෝධ කරවිය.  සිය මුළු වැඩිහිටි දිවියම බුදු දහම සහ බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් කැප කළේය.  එතුමා ‘අනගාරික’ වුයේ එබැවිනි.  දිනපතා බුදුන් ඇදහු එතුමාගේ සැම දේශනයකම බුදු දහමේ කරණා අඩංගු විය.

ස්වකිය මැනියන්ට එතුමා ඉමහත් ආදරය කළේය.  ඇය මිය යාමට කලින් ඔහු මිය ගියේය.

නැවත නැවතත් දඹදිව ඉපදීවා යනුවෙන් එතුමා ප්‍රාර්ථනය කළේය. එසේ කලේ තමන් උපන් ශ්‍රී ලංකාවට ආදරය නැති නිසා නොවේ.  ධර්මපාලතුමා ලංකාවට ආදරය කළේය. මෙම ලිපියේ දක්වා ඇති පරිදි ශ්‍රී ලංකාවේ උන්නතිය උදෙසා බොහෝ දේ එතුමා කළේය.  එතුමා ඉන්දියානුවන්ටද ආදරය කළේය. 

තම නායකයා වූ බුදු රජාණන්වහන්සේ උප්පතිය ලැබූ සහ තමන් විසින් ලෝක බෞද්ධයන්ට බේරා දුන්,  බුදු රජාණන්වහන්සේ බුද්ධත්වය ලැබූ  බුද්ධගයාව පිහිටි දඹදිවම  නැවත නැවත ඉපදීමට එතුමාට උවමනා විය. ජීවතයේ සැඳා සමයේදී  සිරි දේවමිත්ත ධම්මපාල  නමින් ලංකාවේදී මහණ වී දඹදිවදී උපසම්පදාව ලැබුහ.  ධම්මපාල  ස්ථවිරයෝ අපවත් වුයේ සැවැත්නුවර මුලගන්ධකුටි විහාරයේ, තමන් විසින්ම  නිම කරනලද ස්ථුපයන් දෙස බලා වන්දනා මාන කරමිනි. උන් වහන්සේට එවන් ස්ථුපයන් දැක බලා ගනු වස් සහෝදර භික්ෂුන්වහන්සේලා  විසින් උන්වහන්සේගේ ඇඳ පන්සලෙන් එලියට ගෙනවිත්  මුලගන්ධකුටි ස්ථුපයන් පෙනෙන අයුරින් සකස් කර තැබුහ.

අපවත් වූ පසු උන්වහන්සේගේ භාෂ්මවශ්ස කොටසක් විශේෂ වූ ‘බෞද්ධ දුම්රියකින්’ ඉන්දියාවේ සිට ලංකාවට (කොළඹට) වැඩම කරවන ලදී.  දුමිර්ය මාර්ගය දෙපස සිටි ලක්ෂ සංඛ්‍යාතක්  වැසියෝ එම දුමිරියේ වැඩම කරවන ලද භෂ්මවශේශයන්ට සාධු නාද දෙමින්, සුවඳ පුෂ්පයෙන් පූජෝපහාර කළහ. දුම්රිය පිළිගැනීමට කොටුව දුම්රිය ස්ථානයේ පමණක් සිටි ජනතාව 50,000 නොවැඩි  විය. තවත් විශාල ජනකායක් දුම්රිය ස්ථානයෙන් පිටත සිටියහ.  අති දැවැන්ත වූ ගුනානුස්මරණ උත්සවයක් මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන් භූමියේදී පැවැත්වුවේ අතිගරු මහා නායක මාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙනි. ගාන්ධිතුමා, තාගෝර් තුමා, ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා, සහ දෙස් විදෙස් නායකනන් බොහෝ දෙනෙක් ගුණ වර්ණනා පණිවුඩ ඒවා තිබුණි. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ  රජයයේ සහ පෞද්ගලික ගොඩනැගිලි රාශියක එතුමාගේ අභාවය වෙනුවෙන් සුදු කොඩි ඇද තිබුණි.

ජාත්‍යාන්තර නීතිඥවරයෙක්  වන මෙම  මුල් ලිපියේ කතුවරයා (සිංහළ පරිවර්තකයාද ඔහුම වේ) , ශ්‍රී ලංකා සහයෝගිතා කණ්ඩායමේ (ලෝකව්‍යාප්ත) නායකයාවේ.

One Response to “අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවට, විශේෂයෙන්ම  බෞද්ධ ඉන්දියානුවන්ට වැදගත් වන්නේ ඇයි?”

  1. Christie Says:

    “ධර්මපාලතුමා ශ්‍රී ලංකාවේ මහත්මා ගාන්ධිද? මෙහි සත්‍යතාවක් ඇත”?

    මහත්මා ගාන්ධි නැමති ලමා අපචාරකයා, ඉන්දියානු පරපෝසිතයා, අප්‍රිකාවේ කලුවන් හූරාගෙන පොහොසතකවූ, සුද්දන් සමග එකතුව වීර සූලුන් සමග යුද වැදුන ඉන්දියානු ජඩයෙකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress