ලිච්චවී දේශයේ අඳුරේ සැරිසරන බැලුන් අරින යහපාලනය
Posted on July 30th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

එක ඡන්දයකි. සංධාන දෙකකි. ප්‍රතිපත්තීන්ද දෙකකි. එක් සංධානයක් රට බටහිරට හා බෙදුම්වාදයට පාවාදෙන පංච කර්ම (කරැම පහක) යහපාලන ප්‍රතිපත්තියකුත් අනෙක් සංධානය පසුගිය මාස හය තුල ආර්ථිකව හා සමාජියකව විනාශවුන අප මවුබිම නැවත ජවසම්පන්න කිරිමට ‘අඵතින්ම පටන් ගන්නා’ ප්‍රතිපත්තිකුත් ඉදිරිපත්කර ඇත. තෝරාගැනීම බුද්ධිමත්වු ජනතාව සතුය.

ලිච්චවීන් බෙෳද්ධයන්ය. බුදුන්වහන්සේ වෛශාලි නුවර විසූ වජ්ජීන්ගෙන් පැවතෙන ලිච්චවීන් හා ඔවුන්ගේ ඇවතුම් හා පැවතුම් සම්බන්දව විවිධ ස්ථානවල උදාහරණ ලෙස දක්වා ඇත. ලිචචවි සූත්‍රය, රතන සූත්‍රය, මහාපරිනිබ්බාන සූත්‍රය, පේතවත්තු සූත්‍රය සමහරක් නිදසුන්ය. ඒ සෑම තැනකම ඔවුන් ඉතාමත් ප්‍රබුද්ධ ලෙස රාජ්‍යපාලනයක යෙදුන බව සඳහන්ය. මාස හයක සුඵතර රජයක් බලහත්කාරයෙන් පිහිටුවා ජනතාව මුලාකර සමස්ත ශ්‍රී ලංකාවේ එදාමෙදා තුර සිදුවූ මහා බැංකු සුරැකුම් පත් මංකොලේලයට සෘජුවම සහභාගීවූවන් ලිච්චවී පාලනයක් ගැන පැවසීමම විහිඵවක් බව ජනනාවට දැන් හොදින් අවබෝධවී ඇතුවාට සැකයක් නැත. ලිච්චවී පාලනයක් ඇතිකරන බව පැවසීම එක්කෝ මොහු අනවබෝධයෙන් පස්දුන් කෝරලේ අහල පහල අනෙකුත් කෝරලවලට පස්දුන්  නිසා ඇතිවුවක්සේ කල මන්දබුද්ධික මුග්ධ කතාවක්ද? නැතහොත් ජනතාවගේ බුද්ධිය තුට්ටු දෙකට දමා කල සමප්‍රප්ප්‍රලාපයක්දැයි විමසිලිමත් විය යුතුය. යහපාලනය හඳන්වාදුන්දා සිට අදවනතෙක් මොවුන් මැතිවරණ වේදිකාවලත් ඉන්පිටතත් මොරදෙන්නේ බේගල්මය. ලිච්චවීන් රට  ජාතිය ත්‍රස්තවාදයෙන් මුදවාගත් ජනනායකයින්ට අපහාස උපහාස කලබවක් කොතැනකහෝ සඳහන්ද? උදේ සිට රෑ වනතුරැ මොවුන් පතුරැගසන්නේ ජනතාව තුන් බියෙන් මුදාගෙන සත්‍ය නිදහස ලබාදුන් ජනහඳවත් දිනූ ජනනායකත්වයයි. අප රටේ තිස් අවුරැද්දක් පුරා පැවති, යහපාලකයින් ඇතුඵ බටහිරයන් පෝෂණයකල ත්‍රස්තවාදය විසින් මුදාහල භීතිය මහින්ද හා ගෝඨාභය රාජපක්‍ෂයන් අපේ වීර රණවිරැවන් හා එක්ව අවසන්කලේ බුදුන්වහන්සේ ඇතුඵ මහා සංඝරත්නය රතන සූත්‍ර දේශනාවෙන් වෛශාලි නුවර එවකට පැවති තුන්බිය දුරැකලාසේය.

ඉතාමත් පිරිසිදුව හා අලංකාරව තිබූ කොළොම් පුරවරය නැවත කැලිකසලින් පිරවූ යහපාලනය හා එහි නියමුවා අලංකාර වෛශාලි නුවරක් පවත්වාගෙන ගිය ලිචචවීන් සමග කෙසේ නම් සසදන්නද?

යමපාලනය බෙෳද්ධ ලිච්චවී පාලනයට සමකරනා පාපතර ක්‍රියාවට අමතක නොවන පාඞමක් ඉගැන්වීම අගෝස්තු දහහත්වනදා අපට යෙදී ඇති ප්‍රධානතම කටයුත්තයි.

මොන ක්‍රමයකට අන්තර්ජාල පහසුකම් ලබාදුන්නත් අවසානයේ එය අප නිවසට ලඟාවන්නේ මහපාරේ පිහිටුවා ඇති ටෙලිෆෝන් තඹ කම්බි ජාලය හෝ රේඞියෝ  තරංග සංඥා හරහා ජංගම දුරකතන ඔස්සේය.  මුදල්ගෙවා ලබාගතයුතු ගූගල් බැලුම් අන්තර්ජාලයද අවසානයේ නිවසට  හෝ ජංගම දුරකතනයට සම්බන්ධවන්නේ මෙසේය. අව්වට වැස්සට,සුලඟට හෝ අකුණු සැරයට ටෙලිෆෝන් ජාල බිදවැටෙන සෑම මොහොතකම අන්තර්ජාලය විසන්ධිවී එය නැවත යතාතත්වයට පත්වීමට දින ගනන් බලා සිටින අපේ මාස්පතා ගෙවන මුදල්වලින් කොපමනක් අපතේ යයිද? අවශ්‍යවන්නේ ගූගල් බැලුම් නොව නිවසතුලටම අන්තර්ජාලය රැගෙන පැමිනෙන කාලගුනික තත්ව අනුව විසන්ධි නොවන ෆයිබර් ඔප්ටික් (fibre optic) ජාලයකි. අද උපරිම වේගයෙන් දත්ත සමිප්‍රේෂණය කරනා දියුණු බටහිර රටවල භාවිතාවන ෆයිබර් ඔප්ටික් අන්තර්ජාලය අපට අහිමි කිරීමටද මේ බැලුන් දෙන්න හදන්නේ? අනාගතයේ යහපාලන රජයක් යටතේ අකුණු සැර වැඞිවැඞියෙන් පහත්වීමට නියමිත අතර ජාල විසන්ධිය බහුලවන රටකට අවශ්‍යවන්නේ බැලුම් තාක්‍ෂණයට වඞා එහායන විශ්වාසණීය අන්තර්ජාලයකි.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 ජූලි මස 30වන දා

 

One Response to “ලිච්චවී දේශයේ අඳුරේ සැරිසරන බැලුන් අරින යහපාලනය”

  1. Indrajith Says:

    Today’s Divaina reports:

    ‘බැඳුම්කර මගඩිය’ අනිද්දා එළිදකී

    රට තුළ ඉමහත් ආන්දොaලනයට තුඩු දී තිබෙන මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව ‘බැඳුම්කර මගඩිය’ නමින් ලියෑවුණු නවතම ග්‍රන්ථය එළිදැක්‌වීම අනිද්දා (03 වැනි සඳුදා) සවස 3.30 ට කොළඹ 07, නිදහස්‌ මාවතේ, ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී සම්භාවනීය ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.

    මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත මේ ග්‍රන්ථය ඔහු විසින් රචනා කරනු ලබන ආර්ථික ග්‍රන්ථ මාලාවේ හත්වැනි ග්‍රන්ථයයි. මෙතෙක්‌ රජයට විශාලතම මූල්‍ය පාඩුව සිදු කළ බවට චෝදනා එල්ල වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ඇතුල් කතාව ලෙස හඳුන්වාදී ඇති මේ ග්‍රන්ථය මගින්, එම බැඳුම්කර නිකුතුවට අදාළ ආර්ථිකමය කරුණු රැසක්‌ ඉතා සරළව විවරණය කර ඇත.

    මෙම ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත දෙසුම පවත්වනු ලබන්නේ හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා ය. හිටපු කෝප් සභාපති ඩිව් ගුණසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කෝප් කමිටු සාමාජික මහාචාර්ය රජීව විඡේසිංහ සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ද මෙහිදී අදහස්‌ දක්‌වනු ලබයි. මේ සම්බන්ධයෙන් උනන්දුවක්‌ දක්‌වන ඔබ සැමට මේ උළෙලට සහභාගි වන ලෙස ආරාධනා කෙරේ. සියලු විමසීම් 0714834627 දුරකථන අංකයෙනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress