මෛත්‍රිගේ ප්‍රෝඩාතන්ත්‍රවාදය
Posted on August 3rd, 2015

නලින් ද සිල්වා

චම්පක රණවකට හා රනිල් වික්‍රමසිංහට අනුව මෛත්‍රිපාල සිරිසේන සියල්ල විසඳා ඇත. මැතිවරණයෙන් පසුව මහින්ද අගමැති නොවනු ඇත. ඒ බව කියා ඇත්තේ අන් කිසිවකු නොව මෛත්‍රිපාල සිරිසේන ය. රනිල් වික්‍රමසිංහට  හා ඔහුගේ ගෝලයා වූ චම්පක රණවකට අනුව දහනවවැනි සංශෝධනයෙන් පසුව ද අගමැති පත් කෙරෙන්නේ ජනාධිපති විසින් තම මතය පරිදි ය. ව්‍යවස්ථාවට අනුව ජනාධිපති තම මතය අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගත හැකි අයකු අගමැති ලෙස පත්කරයි. ජනාධිපති ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් කිරීමට බැඳී නැත. මෛත්‍රිපාල සිරිසේනගේ වචනවලින් ම කියන්නේ නම් මේ බම්බු ප්‍රජාතන්ත්‍රවාදයකි.

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු විධායක ජනාධිපති බලතල කැපී පාර්ලිමේන්තුවට බලය ලැබීණි යැයි සෝභිත හිමි ඇතුළු සාධාරණ සමාජයීය සාමාජිකයෝ රට දෙවනත් කළහ. එහෙත් තවමත් අගමැති පත්කරන්නේ ජනාධිපති මතය පරිදි ය. මෛත්‍රිපාලගේ කුප්‍රසිද්ධ ජඩ ජූලි ප්‍රකාශනයෙන් කියැවුණේ ඔහු කිසි දිනෙක මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස පත් නොකරන බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් ඔහු අගෝස්තු මැතිවරණයට ද පෙර පාර්ලිමේන්තුවේ වැඩි බලය ඇත්තේ කාහට ද යන්න පිළිබඳ තම මතය සකස් කර අවසන් ය. 

අගමැති පත් කිරීමේ දී බලපාන්නේ ජනාධිපතිගේ මතය බව පැහැදිලි ය. එහෙත් පෘථග්ජනයකු මන්ත්‍රිවරුන් තෝරා පත්කර ගැනීමටත් පෙර වැඩි දෙනාගේ කැමැත්ත ඇත්තේ (නැත්තේ) කාහට දැයි දැන ගත්තේ කෙසේ ද යන්න පැහැදිලි නැත. එය බම්බු ප්‍රජාතන්ත්‍රවාදයටවත් එකඟ නො වේ. පැහැදිලි ව ම මෛත්‍රීපාල සිරිසේනගේ මතයට අනුව මහින්දට නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්තක් නැත. ඒ බව මෛත්‍රිපාල දැනටමත් දනියි! 

මෙයින් කියැවෙන්නේ මෛත්‍රිපාල සිරිසේන වෙනත් අය (තමන් පොදු අපේක්‍ෂකයා බවට පත්කළ බටහිරයන් ඉන්දීයයන් ආදීන්) සමග මහින්ද අගමැති ලෙස පත් නොකිරීමට එකඟතාවකට දැනටමත් පැමිණ ඇති බව ය. මේ එකඟතාව දේව කැමැත්තක් ලෙස සැලකීමට රනිල් වික්‍රමසිංහ හා චම්පක රණවක අපට කියයි. ඔවුන් කියන්නේ මහින්දට ඡන්දය දීමෙන් පළක් නොවන බව ය. ඔවුන් නොකියා කියන්නේ මෛත්‍රිපාල සිරිසේන රනිල් හෝ මහින්ද රාජපක්‍ෂ නොවන වෙනත් අයකු අගමැති ලෙස පත්කරන බවත් එබැවින් සංධානයට ඡන්දය දීම ඵල රහිත බවත් ය. 

මෙරට අගමැති කවුද යන්න අවසාන වශයෙන් තීරණය කරන්නේ මෙරට ජනතාව මිස මෛත්‍රිපාල සිරිසේනවත්, රනිල් වික්‍රමසිංහවත්, විදේශීය රටවල ඔත්තු සේවාවල නිලධාරීන්වත් නො වේ. මෛත්‍රිපාල සිරිසේන යනු සත පහකට විශ්වාස නැති පුද්ගලයකු බව අපි මුල සිට ම කීවෙමු. මෛත්‍රිපාල සිරිසේනගේ හා මහින්ද රාජපක්‍ෂගේ ඊනියා සම්මුතිය ජයග්‍රහණයක් ලෙස සංධානයේ ඇතැම් නායකයන් පෙන්වද්දී අප කියා සිටියේ එයින් මුළා නොවිය යුතු බව ය. මෛත්‍රිපාල සිරිසේන අද එන්නේ මොකාටද යන්න දැනගැනීමට ඊනියා දේශපාලන විචාරකයකු වීම අවශ්‍ය නො වේ. 

මෛත්‍රිපාල හැකි කමක් ඇත්නම් ජනවාරි 9 වැනි දා කළ දේ අගොස්තු 18/19 වැනි දා ද කරනු ඇත. ඔහු හැකිනම් රනිල් පික්පොකට් අගමැති කරනු ඇත. එසේ නොහැකි නම් ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද නොවන අයකු අගමැති කරනු ඇත. එහි දී මුදල් ලබාදීම්  ශ්‍රී ල නි පක්‍ෂයෙන්් මන්ත්‍රීන් බා ගැනීම්, ආදිය සැලසුම් කෙරෙන බව රහසක් විය නො හැකි ය.  පික්පොකට් ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස සේවය කළ ශ්‍රී ල නි පාක්‍ෂිකයන් කිහිප දෙනකුගේ පක්‍ෂ සාමාජිකත්වය පසුගිය දා මෛත්‍රිපාල සිරිසේන අතින් තහනම් වීම ගැන ප්‍රමෝදයට පත්විය යුතු නො වේ. මෛත්‍රිපාල සිරිසේන එසේ කෙළේ එමගින් ශ්‍රී ල නි ප  මධ්‍යම කාරක සභාව රැස් නොකර සිටීමට ඔහුට අවස්ථාව ලැබෙන බැවිනි. යථාකාලයේ දී මේ සියළු දෙනා පික්පොකට් ආණ්ඩුවක සාමාජිකයන් වීමට නියමිත ය.  

ජනතාවට මෛත්‍රිපාල සිරිසේනගේ හා ඔහුගේ විජාතික උපදේශකයන්ගේ සැලසුම් පරදවා මහින්ද රාජපක්‍ෂ අගමැති කළ  හැකි ය. පළමුවෙන් ම කළ යුත්තේ සංධානයට මන්ත්‍රීවරුන් 125 දෙනකුට වැඩි සංඛ්‍යාවක් ලබා දී මන්ත්‍රින් බා ගැනීමට ඇති ඉඩකඩ අවම කිරීම ය. එවිට බොහෝ විට මෛත්‍රිපාල සිරිසේනට සංධානයෙන් අගමැති කෙනකු පත් නොකර සිටීමට නොහැකි වනු ඇත. දෙවනුව මනාප සටනේ දී මහින්ද සමග නොසැලී සිටින අයට පමණක් මනාප දීමට ඉටාගත යුතු ය. චන්ද්‍රිකා, මෛත්‍රිපාල ආදීන් සමග හොර රහසේ කටයුතු කරන සංධානයේ අපේක්‍ෂකයන්ට මනාපයක් නොදිය යුතු ය. ඔවුන්ට මනාප දී ඔවුන් මන්ත්‍රීවරුන් වුවහොත් ඔවුන් සමග ද එකතු වී මහින්ද රාජපක්‍ෂ අගමැති නොවන බවට මෛත්‍රිපාල සිරිසේන වග බලා ගනු ඇත. අද බටහිරයන්ට හා ඉන්දීයයන්ට අප රට ලේ විලක් බවට පත්කිරීමේ අවශ්‍යතාව ඇත. රට අස්ථාවර කිරීම ඔවුන්ගේ අරමුණ වෙයි. එහෙත් අපට කරුණු තේරුම් ගෙන කටයුතු කිරීමෙන් ඔවුන් පරාජය කළ හැකි ය. 

මෙය ශ්‍රී ල නි පක්‍ෂය කැඩීමක් නො වේ. පක්‍ෂයට ද්‍රොහිකම් කර පක්‍ෂය ඝාතනය කළ සෝමාරාම (මෛත්‍රිපාල) පරදවා ශී්‍රී ල නි පක්‍ෂය ශක්තිමත්ව යළි බිහිකර ගැනීමකි. එහි දී පක්‍ෂය යළි ඉපදෙනු ඇත්තේ මහින්ද රාජපක්‍ෂ සමග මිස ඝාතකයන් සමග නො වේ.  මෛත්‍රිපාල සිරිසේන හා ඔහුගේ උපදේශකයන් සැලසුම් කෙළේ මහින්ද රාජපක්‍ෂට නාම යෝජනා නොදී සිටීමට ය. එහෙත් මහජන බලය හමුවේ මෛත්‍රිපාල සිරිසේනට එසේ නොදී සිටිමට නො හැකි විය.

ජනතා අවශ්‍යතාව නිසා ම මහින්ද රාජපක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංධාන නායකත්වයට පත් විය. එය ද මෛත්‍රිපාල සිරිසේනගේ කැමැත්ත නිසා සිදු වූවක් නො වීය. මෛත්‍රිපාල සිරිසේනගේ අකමැත්ත තිබිය දීම ජනතාව මහින්ද රාජපක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංධාන ලැයිස්තුවේ නායකත්වයට පත් කර ගත්හ. 

සංධානයට ආසන 115ක් පමණ ලැබුණහොත් මෛත්‍රිපාලට ජනබලයට පිටුපා මහින්ද රාජපක්‍ෂ අගමැති නොකර සිටීමට නො හැකි වනු ඇත. අද කළ යුත්තේ මෛත්‍රිපාලලාගේ සැලසුම් ගැන කල්පනා කර ඔවුන්ට තම අපේක්‍ෂා මුදුන්පත් කර ගැනීමට අවස්ථාව ලබා නො දීම ය. ජනතා බලය හමුවේ අවසානයේ දී මෛත්‍රිපාලට යටවීමට සිදුවනු ඇත. එහෙත් එතෙක් ඔහු බටහිර හා ඉන්දීය සැලසුම් ක්‍රියාත්මක කර රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද නොවන වෙනත් ශ්‍රී ල නි ප නායකයකු හෝ  අගමැති ලෙස පත්කිරීමට හැකි සෑම උත්සාහයක් ම දරණු ඇත. 

අප සැම විට ම සතුරාගේ සැලසුම්   අධ්‍යයනය කර ඒ පරාජය කිරීමට ක්‍රියා කළ යුතු ය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස කටයුතු කරනතාක් මහින්ද රාජපක්‍ෂට විවිධ බාධක ඇති කරනු ඇත. අද කළ යුත්තේ අගොස්තු 19 වැනි දාට පසු මෛත්‍රිපාල සිරිසේන ආපසු පුලස්තිපුරයට යැවීමට ව්‍යවස්ථාදායක ක්‍රමයක් කල්පනා කිරීම ය.

නලින් ද සිල්වා 

2015 අගෝස්තු 02

3 Responses to “මෛත්‍රිගේ ප්‍රෝඩාතන්ත්‍රවාදය”

  1. Ananda-USA Says:

    As we saw in the defeat by the Minorities of the UPFA Government of Sri Lanka on January 8, 2015, these Minorities, EGGED ON & FUNDED by FOREIGN POWERS to serve Foreign Interests against the National Interest, NOW serve as FIFTH COLUMNS and PROXIES within the country.

    NOW, they have acquired to ability to OVERTURN popular governments supported by the Majority of the Citizens of a Country, by DOMINATING the MEDIA and INCESSANTLY DISSEMINATING False Anti-National Propaganda.

    We saw this not only in Sri Lanka, but in the so-called “Arab Spring” that destabilized, overturned and sowed UTTER CHAOS in a large number of TARGETED countries, PITTING CITIZENS AGAINST EACH OTHER. This is the NEW FACE of Neo-Colonialism … the Bible and the Sword of yesterday’s Colonialists, has now transformed into the Bible, the Internet and the UN/ICC of today!

    Patriotic Majority communities in third world nations have to BECOME ACUTELY AWARE of the NEW STRATEGIES & TOOLS being DEPLOYED by Foreigners to more effectively use their OLD TROJAN HORSES, and RESEARCH & DEVELOP new NATIONAL DEFENSES needed to COMBAT and FRUSTRATE these moves, moves which THREATEN to RE-ENSLAVE third world countries to the Neo-Colonial Yoke!

  2. Christie Says:

    සින්හල බොදු, කිතු. මුස්ලිම් එක්වන්න ජඩ ඉන්දියානු සතුරාට එරෙහිව නැගී සිටින්න.

  3. ranjit Says:

    Great article. All Die-hard S.L.F.Per’s should do is to get rid of Maru Sira from the party Boss position after the election. Every single member who worked for the Opposition UNP should be sacked from the party membership without any inquiry. Mahinda must keep strict discipline in the party. He should not repeat the same mistakes.People will not give him another chance after this if he play around with crooked politicians like in the past. We want a clean Govt which serves the people better than previous years. Police should be Independent and allow them to do the police work without any Govt interference.

    When our leader retires Gota must take the reins as he is the most respectable,fearless leader we have today at this moment. When Mahinda come back Sira is history. He is not worth a dud dime. He is a weak person with Robotic actions.Gutless,spineless,mindless,brainless leader we ever got after the Independence. Poor Sira should go back to cultivate mushroom with his co partners Ranil and Choura. No more place in the Sri Lankan politics.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress