යාපනයේ යන සිංහලයන්ට වන්දනා නඩවලට පහර දීම් සහ තර්ජන – ආරක්‍ෂාව අවදානමේ
Posted on August 4th, 2015

යාපනයේ යන සිංහලයන්ට වන්දනා නඩවලට පහර දීම් සහ තර්ජන – ආරක්‍ෂාව අවදානමේ

උතුරු පළාත තුල රාජපක්ෂ මහතා දිනාදුන් නිදහස සාමය අද වන විට බිද වැටෙමින් පවතින බවත් යාපනයට පැමිණෙන වන්දනා නඩවලටද පහර දෙන තත්ත්වයක් උදා වී ඇති බවත් ආරක්ෂාව බරපතල ලෙස බිද වැටෙමින් පවතින බවත් මෙන්ම යාපනයේ සිංහල ව්‍යාපාරිකයන් විවිධ තර්ජනවලට මුහුණ පෑමට සිදුව ඇති බවත්  යාපනය නාග විහාරාධිපති නවදගල පදුමකිත්ති හිමියෝ පවසති.

තිස් වසරක් පුර කුරිරු ත‍්‍රස්තවාදයේ අත්දැකීම්වලට තමන් තරම් මුහුණ දුන් වෙනත් භික්ෂූන් වහන්සේ නමක් යාපනයේ නැති බවද කී එහිමියෝ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නොමැති වෙන්නට සියලූ දෙනා තවමත් එල්.ටී.ටී.ඊ යේ ගොදුරු බවද පැවැසූහ.

මේ දිනවද නොයෙක් නායකයන් උතුරට පැමිණ උතුරේ දෙමළ නායකයන් සමග සාකච්ඡ කරන බවත් පැවසූ උන් වහන්සේ මේ තත්වය මත  රටේ අනාගතය අදුරකට ඇද වැටෙමින් තිබෙන බවත් පැවසූහ.

 

 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress