සාමකාමි, සමෘද්ධිමත්, ධාර්මික දේශයක් සඳහා. ශී්‍ර ලංකාවේ සියලූම දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කෙරෙන විවෘත සංදේශයක්
Posted on August 5th, 2015

මහනුවර සිංහල බෞද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානය

මහනුවර සිංහල- බෞද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානය විසින් 2014 දෙසැම්බර් 2 දින ඉදිරිපත් කරන ලද සිය (100) පනත සංදේශයේ ඇතුළත් කරුණු සාරාංශ කර මෙහි දැක්වේ. අදාල සමස්ථ සංදේශය වෙබ් අඩවියෙන් යන ඊමේල් ලිපිනයෙන් ද මෙම පති්‍රකාව අවසානයේ දැක්වෙන ලිපිනයෙන් ද ලබාගත හැකිය.

1. එක් රටක්, එක් රාජ්‍යයක් හා එක් ජාතියක්
2. එක් නීතියක් / මේ යටතේ තේස වලමෙයි සහ මුස්ලිම් නීතිය අහෝසි කිරීම.
3. එක් රාජ්‍ය භාෂාවක් – සිංහල (උතුරු නැගෙනහිර බහුතරය දෙමළ වන තන්හි දෙමළ භාෂාව සාධාරණය භාවිතය)
4. බුද්ධාගම රාජ්‍ය ආගම
5. පක්ෂ දේශපාලනයෙන් විනිර් මුක්ත උත්තරීතර ජාතික උපදේශක මණ්ඩලයක්
6. ජනතා ඡන්දයෙන් පත් වන ජනාධිපතිවරයෙකු සහිත ජනරජයක්
7. මහජන මන්තී්‍රවරුන් 150 කට හා අමාත්‍යවතුරුන් 20 කට නොවැඩි අමාත්‍ය මණ්ඩලයක් සහිත රජයක්
8. උත්තර මන්තී්‍ර මණ්ඩලයක්
9. ජාතික සැලසුම් මණ්ඩලයක්
10. පළාත් සභා අහෝසි කොට රුහුණු, පිහිටි, මායා තුන් රට නැවත පිහිටුවා රට, දිශාව, කෝලරය සහ ගම පදනම යටතේ රටේ පාලනය ප්‍රතිව්‍යුහ ගත කිරීම.
11. නීතියේ ස්වාධීනත්වය රකින ස්වාධීන අධිකරණයක්
12. ජනතා ශ=භ-සෙත මුල් තන්හිලා කි්‍රයා කරන නිර්දේශ – පාලනීයකරණය වු ස්වාධීන රාජ්‍ය සේවයක්
13. ජාති හා ආගම් පදනම් කොට ඇති දේශපාලන පක්ෂ සියල්ල අහෝසි කොට ජාතික දේශපාලන පක්ෂ පමණක් නීතිගත කිරීම සහ දිස්ති්‍රක් සහ අනුපාත ඡන්ද ක්‍රමය අහෝසි කොට සෑම මැතිවරණ කොට්ඨාශයකටම ජනතාවට සමීප මහජන නියෝජීතයෙකු ඇති වන පරිදි මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම.

14. රටේ ඉතිහාසය සහ සම්ප්‍රදායට ගැළපෙන හා ජාතියේ අනාගත අපේක්ෂාවන් සාක්ෂාත් කරගත හැකි නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම.
15. 1954 නේරු / කොතලාවල ගිවිසුම කි්‍රයාත්මක කොට, මේ රටට පමණක් ආදරය හා බැඳීමක් ඇති පුරවැසියන් කිරිමේ පදනමක් සකස් කිරීම.
16. මුහුදු මට්ටමේ සිට අඩි 5000 කට ඉහළ සියළු ප්‍රදේශ අධි රක්ෂිත කලාපයක් වශයෙන් ප්‍රකාශ කොට කඳුරටින් ගලා බස්නා ගංගා සහ එම භූමිය ආරක්ෂා කිරීමේ ජාතික වැඩ පිළිවෙලක්
17. 1951 උඩරට ගැමි කොමිෂමෙන් නිර්දේශිත උඩරට ප්‍රදේශ සංවර්ධනය කිරීමේ පුර්ණ බලැති සංවර්ධන අධිකාරිය පිහිටුවා උඩරට ගැමි ජනතාවගේ ප්‍රශ්න විසදීමට පියවර ගැනීම.
18. රජයේ අයවැය පිළිබඳ සියළු කටයුතු භාණ්ඩාගාරය හා රාජ්‍ය තන්ත්‍රය හරහා පමණක් සිදු කිරීම යලිත් අරඹා මහජන මන්තී්‍රවරුන් හරහා ප්‍රතිපාදන වෙන් කිරිම වහාම අහෝසි කිරීම.
19. සියලූම දේශපාලඥයන් සහ රාජ්‍ය සේවකයින් සඳහා දැඩි ආචාර ධර්ම පද්ධතියක් කි්‍රයාත්මක කිරීම සහ ඔවුන්ගේ අසීතිම වරප්‍රසාද සීමා කිරීම.
20. පුරාවස්තු හා රාජ්‍ය දේපළ, ස්තී්‍ර දුෂණ, ළමා අපචාර සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ වලට දැඩි දඩුවම් දීම සහ මරණ දඩුවම වහාම නැවත කි්‍රයාත්මක කිරීම.
21. සෑම පුරවැසියෙකුටම කුසට අහරක්, හිසට වහළක්, කයට සවියක් හා හිසට ජාතිකාභිමානි ගැම්මක් ලබා දෙන වැඩපිළිවෙලක්
22. සියළුම අනවශ්‍ය රාජ්‍ය ආයතන වසා දමා දේශපාලකයින් හා රාජ්‍ය සේවකයින් සියලූ දෙනගේද කාර්ය සාධනය මැනිමේ වැඩපිළිවෙලක්
23. වෘත්තීකයින් හා නිපුණතා ඇත්තවුන් පමණක් විදේශ රැකියා වලට යැවීමේ පුළුල් අධ්‍යාපන වැඩපිළිවෙලක්
24ග කෘෂිකර්මය, කර්මාන්ත, ධීවර, නාවික හා වානිඡ අංශ දියුණු කොට දේශිය රැකියා සුලභ කොට ගෘහ සේවිකාවන් පිටරට වහල් සේවයට යැවෙන ආර්ථීකයෙන් රට නිදහස් කර ගැනිම.
25. ත්‍රයිනිකායික මහානායක හිමිවරුන් හා ප්‍රබුද්ධ බෞද්ධ භික්ෂුන්ගේ අනුශාසනා යටතේ ශාසනික කථීකාවතක් පවත්වා ලංකා සම්බුද්ධ ශාසනය හා සංස්කෘතිය ආරක්ෂා කොට ගැනීමේ පුළුල් වැඩපිළිවෙලක්.
ආචාර්ය සුදත් ගුණසේකර
සභාපති
මහනුවර සිංහල බෞද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානය
අංක 21, ගැමුණු මාවත, හන්තාන පෙදෙස, මහනුවර.
දු.අං: 081-2232744

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress