තුන්වන වරටත් ආප්ප කෑම: විදේශ බලවේග කලබල වේ.
Posted on August 6th, 2015

ආචාර්ය සුසන්ත ගුණතිලක

අතීතයේ ජනාධිපති ඡන්දවලදී මෙන් නොව මෑතකදී අනුරාධපුරයේ පවත්වන ලද එක්සත් ජනතා නිදහස් සංධාන රැස්වීමේද ලංගම බස්වලින්් පාක‍ෂිකයන් ඇදීමක් දක්නට නොවීය. එසේ වුවද මහ නුවර පවත්වන ලද යූඇන්පී රැස්වීමට පැමිණි සිටි පිරිසට වඩා සංධාන රැස්වීමට පැමිණි පිරිස අති මහත් විය. මෙම සිද්ධිය වූයේ මෛත්‍රීපාල සිරිසේන තෙවරක්ම තමාගේ පක‍ෂයට ද්‍රෝහි වීමෙන් පසුව තමා අවලංගු කාසියක් බවට පත් වීම නිසාය.

තෙවරක්ම තම පක‍ෂයට ද්‍රෝහිවූ සිරිසේනගේ මානසික තත්වය හොදින්ම අනාවරණය වූයේ ඡන්දයට ඉදිරිපත්වීමට මහින්ද රාජපක‍ෂට නාමයෝජනා ලැබීමෙන් පසුවය. තම පක‍ෂයෙන් ඡන්දයට ඉදිරිපත්වන අපේක‍ෂකයන්ට තම සහයෝගය නොදෙන බව කීමෙන් තමාගේ පක‍ෂයට සහාය නොදෙන ලෝකයේ එකම පක‍ෂ නායකයා බවට ඔහු පත් විය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ තමා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාව මග හැරීමට බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ සාමාජිකයන් බහුතරයකගේ ඉල්ලීම පරිදි රාජපක‍ෂට අපේක‍ෂකත්වය දීම ගැන තමා විරුද්ධ වු බවත් ය. තම පක‍ෂයට ඔහු හිතවත් නැති බව මෙයින් මනාව පැහැදිළි විය. තත්වය එසේ නම් ඔහුගේ නියම අණදෙන්නෝ කවුද?

සිරිසේන බලයට ගෙන ආ දේශීය හා විදේශීය බලවේග ඒවායේ පරස්පරතාවන් නිසා මේ මොහොත වන විට තරමක් පිපිරී ඇත. මහින්දගේ වැරදි කොතරම් තිබුණද එක්සත් ජනතා නිදහස් සංධානයේ හා ශ්‍රී ලංකා නිදිහස් පක‍ෂයේ බහුතරයෙන් ආ බලපෑම කෙතරම්ද යත් යූඇන්පීයේ සහයෝගයෙන් යෝජනා ලැබූ සිරිසේනගේ මෙන්ම චන්ද්‍රිකාගේද විදේශීය ඔත්තු සේවා සහිත එන්ජීඕවලද අපේක‍ෂා මේ වන විට පලූදු වී ඇත. සිරිසේන බලයට ගෙන ආ විදේශීය බලවේගවලට තාවකාලිකව ද්‍රෝහිවීම ඔහුගේ දෙවන ද්‍රෝහිවීම විය. පාර්ලිමේන්තුව විසුරුවීම ගැන යූඇන්පියට නොදැන්වූ නිසා ඔවූහු උරණවූහ. ඒ ගැන කෝපයට පත් චන්ද්‍රිකා ලන්ඩනයට පසු බැස්සාය. ජාතික හෙළ උරුමය සිරිසේනගෙන් අයින් විය. රතන හිමිගේ නිලධාරියෙක් මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට පත් විය. සංධානයේ භාණ්ඩාගාරික එජාපයට එක් විය. සිරිසේනගේ ඡන්දයට සහාය දුන් සමාජ වෙබ් අඩවි කුපිත විය. සිරිසේන සමග බොහෝ දෙනෙක් යූඇන්පියේ එකතුවට බැදුනහ. මේ අතර වඩාත්ම සුන්දර නගරය ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් වූ කොළඹ නගරය තුළ පදික වෙළෙන්දෝ නැවත මගින්ගේ ගමන්මග අවහිර කළහ. මේ අතර මහින්දට අපේක‍ෂකත්වය ලබා දීමට ගත් තීරණය ගැන රජයේ මාධ්‍යයෙන් විවේචන එල්ල විය.

සිරිසේනගේ දින සියය දික්වී ඇත. මෙය උපමා කළ හැක්කේ ත්‍රාසජනක ඇමරිකානු චිත්‍ර පටයක ඇමරිකානු ඔත්තුකාරයින් දේශප්‍රේමීන් සමග සටන්කරන ජවනිකාවක් ලෙසය. සීඅයිඒ, ඉන්දියන් රෝ (RAW) මෙන්ම බි්‍රතාන්‍ය ඔත්තුසේවාව මගින් රාජ්‍ය පාලනය වෙනස් කිරීමට දරන උත්සාහයක් ගැන කතා බහට ලක් වේ. මෙම අරගලය තුළ උප ජවනිකා කිහිපයක් විය. දෛවඥයෙකුගේ අනාවැකියක් අනුව වසර දෙකක් ඉතිරිව තිබිය දී ජනාධිපතිවරණයට රාජක‍ෂ සූදානම්වූ විට ඔහු පරාජයට පත්වන බව කිසිවකු සිතුවේ නැත. අවසානයේ තමාට ද්‍රෝහිවන තුරු රාජපක‍ෂ ගත් සෑම තීරණයකටම තම කැබිනට් මණ්ඩලය එහෙයි කීවේ ය. නියම මහරජාණන්, කෙනෙකු බවට රාජපක‍ෂ හැදින්වු සිරිසේන රාජපක‍ෂ සමග අවසාන ආප්ප සංග්‍රහය විද ඔහුට පිටුපා ගොස් ජනාධිපති ලෙස තරග කරන බව නිවේදනය කළේ ය. රාජපක‍ෂගේ පවුලට හෙලිකොප්ටර් තිබූ බවත් රාජපක‍ෂ පුතුන් බකින්හැම් මාළිගයේ සිටි අශ්වයෙකු මිළ දී ගෙන ගුවනින් නුවර එළියට ගෙන ගිය බවත් ඔවුන්ට ලැම්බෝගිනි කාර් ඇති බවත් සිරිසේන කියා සිටියේ ය. මේවා මුළුමුනින්ම සාවද්‍ය බව ඔප්පු වී ඇත.

යූඇන්පී සුළුතර රජය යටතේ රාජපක‍ෂ විරෝධී ලෙස පත්කොට ගත් විධායක සභාවක් විසින් නීතිය ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නා ලදී. සිරිසේන ජනාධිපති ලෙස ඡන්දයෙන් තේරී පත් වූ විගස ඔහුගේ පක‍ෂය තුළම ඩී.එම්. ජයරත්න ඇතුලූ කිහිපදෙනෙකු සිටිය දී සුළුතර යූඇන්පීයේ රනිල් අගමැති වශයෙන් පත්කර ගන්නා ලදී. ජයරත්න අගමැතිධූරයේ සිටිය දීම මෙවැන්නක් කිරීම නීති විරෝධී බව නීතිඥවරු කියති. ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් ඉවත් කිරීමෙන් පසු අගවිනිසුරු ලෙස පත්වූ මොහාන් පීරිස් යූඇන්පී පාක‍ෂික නීතිඥ සංගමයේ උද්ඝෝෂණ මධ්‍යයෙහි ඉවත් කරන ලදී. රාජපක‍ෂ රෙජිමය මගින් අස්කරනු ලැබුවද එසේ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ නියෝගයකින් පසුවය. එතුමිය ආපසු ගෙන එනු ලැබුවද ඇය වෙනුවට අගවිනිසුරු වරයෙකු පත්කරන ලද්දේ නීතිමය ප්‍රශ්න මධ්‍යයෙහිය.

දින සියයේ, රජය ප්‍රතිවිරෝධතා රැසකට මුහුණ දුන්නේ ය. ආර්ථීකය කඩා වැටී ඇත. ගොඩනැගිලි ඉදි කිරීම අඩාල වී ඇත. අපද්‍රව්‍ය එකතු කිරීම වැනි සේවාවන් අතපසු වී ඇත. (මා පදිංචි වී ඉන්නේ සිරිසේනගේ අලූත් මාළිගයට යාර තුන්සීයයක් දුරින්වුවද අපද්‍රව්‍ය ගෙනයාම අක්‍රමවත් වි ඇත.) මගේ නිවස උඩින් යන හෙලිකොප්ටර් ප්‍රමාණය රාජපක‍ෂ යුගයේ දී තරම් බව පෙනේ. සිරිසේන සහ ඔහුගේ පාක‍ෂිකයන් මැතිවරණ සමයේ කියා සිටියේ පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය නැවත ප්‍රතිෂ්ඨාපනය කරන බවය. එහෙත් පසුගිය මාසවල පාර්ලිමේන්තුව අක්‍රිය වු බව පෙනිණ.
සිරිසේනගේ ඉතාම කුළුපග සගයන් වන චම්පික රණවක සහ රාජිත සේනාරත්න පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බව දැනගත්තේ ඉන්දියානු සහ බටහිර තානාපතිවරුන්ට පසුව වීමෙන් අනාවරණය වන්නේ ජාත්‍යන්තර බලවේග මගින් සිරිසේන හසුරුවන ආකාරයයි. මාක්ස්වාදී ලෙස සැලකෙන එමෙන්ම බටහිර අධිරාජ්‍යවාදයට සහ ඉන්දියානු උපඅධිරාජ්‍යවාදයට විරුද්ධ ජවිපෙ ද බටහිර මතවාදයට යටවී ඇති සේය. වරක් ආසන 41 ක් ජයගත් ජ.වි.පෙ දැන් එයින් ඉතා දුරස්ථවී ඇති බවක් පෙනේ. මෙයින් අප මතකයට එන්නේ ලතින් හා මධ්‍යම ඇමරිකාවේ රජයන් ඇමරිකා එක්සත් ජනපදය මගින් වෙනස් කළ ආකාරයත් එමෙන්ම වියට්නාමයේ සහ ඉරානයේ බහුතරයේ පාලනය ඇමරිකානු කුමන්ත්‍රණ මගින් වලක්වන ලද ආකාරයත් ය. මීට සමාන සිද්ධියක් ලංකාවේ සිදුවූයේ 1962 දී ය. එනම් 1950 ගණන් වල දේශමාමක පිරිස් විසින් දියත් කරන ලද තත්වය නොඉවසූ හමුදාවේ කතෝලික නිලධාරීන් විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයයි.

රාජපක‍ෂ විසින් තමාගේම ප්‍රපාතය සැළසුම් කරන ලද බවක් පෙනේ. ලංකාවේ විදේශ සේවය සදහා ඔහු පත්කර ගත්තේ කිසිදු හැකියාවන් නැති නෑදෑයින් සහ හෙන්චයියන්ය. හොදම නිදර්ශනය නම් ඩුබායි නගරයේ සුළු රැකියාවක් කළ රාජපක‍ෂ සමග මිත්‍රත්වයක් ගොඩනගා ගත් සජින් වාස් ගුණවර්ධනය. රාජපක‍ෂ විසින් විදේශ සේවය සදහා යවන ලද අය ඒ ඒ රටවල විශ්වවිද්‍යාල හෝ විදේශ ප්‍රතිපත්ති ගැන අවබෝධයක් තිබු අය නොවෙති.

ජිනීවා හි අපේ දක‍ෂතම තානාපතිවරියක වූ තමාරා කුනනායකම් කියා සිටියේ ඇමරිකාවට අවශ්‍ය වන්නේ ලංකාව කවදා හෝ දෙකඩ කිරීමටය යන්නයි. එතුමියට කිසිදා RAW විදේශ ඔත්තු සේවා සමග සම්බන්ධයක් නොතිබූ බව අප සිහිපත් කළ යුතුය. විදේශ සම්බන්ධතා ගැන රාජපක‍ෂගේ නොසැලකිල්ල මුල්වරට මනාව පෙනී ගියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාවාරයට සහභාගීවීම සඳහා අහස්යානාවක් පිරිය හැකි තරම් හෙන්චයියන් පිරිසක් රැගෙන යාමෙනි.

රාජපක‍ෂ බලයට ආවේ නොර්වීජියානු/එල්ටීටීඊ මගින් දියත් කරන ලද සටන්විරාම ගිවිසුම කි්‍රයාත්මක වූ 2001-2003 චන්ද්‍රිකා රනිල් පාලන සමයේ ය. එමෙන්ම එල්ටීටීඊයට පක‍ෂපාතීව චන්ද්‍රිකා විසින් දියත් කරන ලද පීටොම් සහ ISGA යොජනා වලින් පසුවය. (මීට පෙර දස වසරක පාලනයක් එල්ටීටීඊයට දෙන බවට චන්ද්‍රිකා පොරොන්දුවී තිබිණ.) සටන්විරාම ගිවිසුම මගින් එල්ටීටීඊයේ පාලනයට රටේ විශාල ප්‍රදේශයක් අයත් වූ අතර පොලිසිය වැනි රජයේ ප්‍රධාන ආයතන වලට පවා ඒ ප්‍රදේශවල නියම ආකාරයෙන් සේවය කිරීමට නොහැකි විය. මේ කාලය තුළදී වෙනම රාජ්‍යයක් ගොඩ නැගීමට අවශ්‍ය සෑම ආයතනයක්ම බිහිවෙමින් පැවතිණ. රටේ ආරක‍ෂාව ගැන චන්ද්‍රිකාට තිබූ කැක්කුම හොදින්ම පෙනුනේ ඇය කටුනායකට යද්දී එල්ටීටීඊය විසින් කොළොන්නාවේ තෙල් ටැංකිවලට පහර දුන් බව අසා ආපසු හැරී නොපැමිණීමෙන්ය.  ලගදී රාජපක‍ෂට අපේක‍ෂත්වය ලැබීමෙන් පසු එසේම ඈ කටුනායක බලා පිටත් විය.
2009 යුධ ජයග්‍රහණය හේතු කොට ගෙන රාජපක‍ෂ ලැබූ ජනප්‍රියතාව නිසා 2010 දී ජනාධිපති ජන්දයෙන් ඔහු ජයග්‍රහණය කළේ ය. දුටුගැමුණු චරිතයක් විමට ඔහුට ඉඩ තිබුණි. එහෙත් 18 වන සංශෝධනය සම්මත කර ගැනිමෙන් තුන්වන වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබූ තහනම ඉවත් වීම නිසා ඒක පාක‍ෂික පාලනයකට මග පෑදිණි. ඔහුගේ ජනාධිපති කාර්යාංශයට ලැබුණු අති විශාල මුදල් ප්‍රමාණයේ විස්තර රහසක් විය. බොදු ප්‍රතිපත්ති රහිත බොදු බල සේනා සංවිධානය ගෙන ගිය මුස්ලිම් විරෝධී ක්‍රියා දාමයන් ගැන විරෝධය පළ නොකිරීම නිසා එල්ටීටීඊය පරාජය කිරීමට සහාය දුන් එමෙන්ම පලස්තීන ප්‍රශ්නයට රාජපක‍ෂ දැක්වූ සහයෝගය නිසා පැහැදී සිටි මුස්ලිම් ජනතාවගේ ඡන්දය රාජපක‍ෂට ලැබුණේ නැත.

එසේ වූවද පසුතල පහසුකම් සැපයිම නිසා රටේ විශාල සංවර්ධනයක් දියත් විය. මේ තත්ත්වය සමකළ හැක්කේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකා එක්සත් ජනපදයේ මහා මාර්ග තැනීමත් පළමුවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ අවුටොබාන් මහාමාර්ග තැනීමත් නිසා ඇති වු ආර්ථීක සංවර්ධනයට ය. චීන රජයෙන් ලැබු ආධාර මේ කි්‍රයාදාමයට උදව්වක් විය.

රාජපක‍ෂගෙන් ඉස්මතු වූ බාහිර පෙනුම එසේ තිබියදී ඔහුගේම පාක‍ෂිකයන් විසින් ඔහු පෙරලා දැමීමට කුමන්ත්‍රණ කරන ලදී. මෙම ,පිහියෙන් ඇණීමේ, ක්‍රියාදාමය ආරම්භ කරන ලද්දේ 2013 ජනවාරියේ දී බව ජාතික හෙළ උරුමයේ හිතවතකු වන ආශෝක අබේගුණවර්ධන කියා ඇත. එකල රජය පෙරළා දැමීම සදහා දෙමළ ජනතාවගේ සහාය ලබා ගැනිමට 2013 දී සිංගප්පූරුවේ පැවති රැස්වීමක දී මංගල සමරවීර යාචකයෙකු ලෙස ඇයදිමෙන් පසු එක්තරා අවබෝධයකට පැමිණි බව එල්ටීටීඊ හඩක් වන ටැමිල්නෙට් වෙබ් අඩවියේ සදහන් විය. සිංගප්පූරුවේ මෙම රැස්විමට සහභාගීවූ අන් පිරිස වූයේ දෙමළ ඩයස්පෝරාවේ ග්ලෝබල් ටැමිල් ෆෝරම්, ලංකාවේ දෙමළ ජනතාව සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සමහර පිරිස්ය. කොළඹ විශ්ව විද්‍යාලයේ තවත් පිරිසක් එකල රජය පෙරළීමට දායක වූ බව පසුව කියා සිටියේ ය. එම කුමන්ත්‍රණය ජය ගැනීමට තමා දුන් සහය ගැන චන්ද්‍රිකා ජයග්‍රාහී විලාශයකින් උදම් ඇනුවාය.

චන්ද්‍රිකා බලයට ආ පසු ,ආසියාව ඇමරිකාවට ලංවිම, යන සංකල්පය ප්‍රචලිත කිරීමට ක්ලිංටන් පදනමේ හිලරි ක්ලිංටන් හා එක් වීම නිසා චන්ද්‍රිකාට බටහිර සම්බන්ධතා ගොඩ නැගීමට හැකිවූ බව ප්‍රවෘත්තිවල පළ විය. මෙම ප්‍රවෘත්ති ගැන කියවන විට මට මතකයට ආවේ මීට වසර 15 කට 20 කට පෙර දෙමළ ජනතාව සදහා චන්ද්‍රිකා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය කියවීමට කැමති දැයි දැනට ඇමරිකාවේ වංචාවලට අසුවී සිටින රාජ් රාජරත්නම්ගේ පියා නිව්යෝර්ක් නගරයේ දී මගෙන් විමසා සිටිමයි. ඒවා කියවීමට මා අකමැත්ත පළ කළේ එම යෝජනාවලිය ඔහු අතට පත්විය හැක්කේ ඛෙදුම්වාදී කොටස් සමග එක් වී එවැන්නක් චන්ද්‍රිකා විසින් ලියන ලද්දක් බවට සැකයක් පහළ වූ හෙයිනි. චන්ද්‍රිකා බලයට ආ පසු එල්ටීටීඊ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීම නිසා මගේ එම සැකය තහවුරු විය.

සිරිසේන බලයට පැමිණීමෙන් පසු රනිල්ගේ කැබිනට් මණ්ඩලය මගින් පත් කරන ලද FCID  (ඊනියා මූල්‍ය වංචා විමර්ශන කමිටුව) නම් අලූත් සංවිධානය කියන අන්දමට රාජපක‍ෂ යුගයේ සිදුවූ මුදල් වංචා චෝදනා සහ අත් අඩංගුවට ගැණීම් ආරම්භ විය. මෙම සංවිධානයේ බලපෑම මත ගත් තීරණ වලට යොමු වු නිසා ඒවා නීති විරෝධීයැයි පැවසූ සමහරු අධිකරණ ක්‍රියා මාර්ග වලට අවතීර්ණ වූහ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු එම FCID ආයතනය නීත්‍යානුකූල කිරිම සඳහා අගෝස්තු මාසයෙන් පසුව නීති සම්පාදනය කරන බව රනිල් දැන් කියයි. රනිල් යටතේ මහ බැංකුවේ සිදුවු බැදුම් කර වංචාව ගැන මෙම ආයතනය විමර්ශනය කළේ නැත. රාජපක‍ෂ පවුල විසින් ඇමරිකානු ඩොලර් දස ලක‍ෂ ගණනක් විදේශ බැංකුවල තැන්පත් කොට ඇති බවට යූඇන්පීය චෝදනා කළේය. මෙම ගණන ලංකාවේම මුළු ආදායමට වඩා වැඩි නිසා මෙය අසත්‍ය බව පෙනේ. මෙම පුවත මුලින්ම පළ වු විට විශ්වාස කළ හැකි වුයේ රාජපක‍ෂ යුගයේ
ගත් බොහොමයක් තීරණ එම පවුල හා හිතවතුන් කිහිප දෙනෙකුගේ පාලනය යටතේ සිදුවූ බවට ඇති වූ සැකය නිසාය. ඉදිරියේ දී මේ චෝදනාවලින් සමහරක් ඔප්පුවීමට ද ඉඩ ඇත. මෙවැනි කතා විශ්වාස කිරීමට එක හේතුවක් වූයේ ඡන්ද දායකයන් බිලී බා ගැනීමේ අපේක‍ෂාවෙන් අරලිය ගහ මන්දිරයේ පවත්වන ලද “දන්සැල්” ය. ඒවායින් ප්‍රයෝජනයක් නොලැබුණි. (මේ චෝදනා එල්ලකරණූ ලැබූවේ රාජපක‍ෂගේ එකල කැබිනට් මණ්ඩලයේ සිටි සිරිසේන, චම්පික, රතන, රාජිත යන අය විසිනි. එසේ නම් එම චෝදනාවට සාමූහික වගකීම ගත යුතු නිසා ඔවුන් සියල්ල විසින් භාර ගත යුතුය.) යටිතල පහසුකම් ව්‍යාපෘති, විශේෂයෙන්ම චින රජයෙන් කරන ලද ඒවා නැවතිණි.

විදේශිකයන් ගැන සිරිසේන තුළ තිබූ ආකල්පය මනාව පැහැදිලි වූයේ ඔහුගේ බි්‍රතාන්‍ය සංචාරයෙන් පසුවය. රැජින තමාට අතට අත දුන්නේ අත් මේස් නැතිව බව ඔහු ශ්‍රී ලංකා නිදහස් පාක‍ෂිකයන්ට කීවේ ය. රැජින අතට අත දෙන්නේ අත් මේස් නැතිව බව මම දෙවරක් සමීපව දුටුවෙමි. ඒ මාගේ පවුලේ දෙදෙනෙකු රැජින විසින් පිළිගනු ලැබූ අවස්ථාවේ දීය. එසේම බි්‍රතාන්‍ය අගමැති තුමා තමා පිළිගැනීමට තම වාහනය අසලට ආ බව ද කීවේය. රාජ්‍ය නායකයන් පිළිගැනීමට අගමැති කැමරන් එම නායකයන්ගේ වාහනය අසලට පැමිණිම ඔහුගේ සිරිතකි. සිරිසේනගේ මේ කතා අසා අපේ රට ගැන මම ලැජ්ජාවෙන් මිරිකුනෙමි.

දින සියයේ අඩංගු වූ සමහර ප්‍රතිඥා දැනට ඉටු කර ඇත. මේවා අතර ආර්ථීක වශයෙන් වැඩියෙන්ම වැදගත් වූයේ පෙට්‍රල් මිල අඩු කිරීමය. ලෝක වෙළද පොළේ පෙට්‍රල් මිල අඩු වූ නිසා සෑම රටකම මිල අඩු විය. කලක් ගිය විට මහා මාර්ග වැනි පසුතල පහසුකම් සහ කොළඹ වරායනගරය පිළිබඳ කී වැරදි නොතිබූ නිසා සිරිසේන/රනිල් රජය නැවත ඒවා ආරම්භ කළේ ය. පාර්ලිමේන්තුව විසුරුවූ විගසම සිරිසේන සහ මංගල මාතර-හම්බන්තොට අධිවේගී මාර්ගයේ වැඩ නැවත ආරම්භ කළහ. 19 වන සංශෝධනය සම්මත වීමෙන් පසු 18 වන සංශෝධනය ශ+න්‍ය විය. එහෙත් ස්වාධීන කොමිසන් සභා වලට සාමාජිකයන් පත් කිරීම සිදුවූයේ නැත. සිරිසේන විසින් යෝජනා කරන ලද නම් වලින් චම්පිකගේ නමට විරෝධය පළ විය. දේශපාලන ෙක‍ෂ්ත්‍රයට අයත් නොවන නාම යෝජනාවලින් එකම සුදුස්සා වූයේ සලීම්ය. අනෙක් දෙදෙනා අතර වූ රධිකා කුමාරස්වාමි ගැන කිව යුත්තේ ඇගේ එන්ජිඕ විසින් බටහිරින් ආයුධ සංන්නද්ධව ලංකාවට මැදිහත් වීම ගැන ආවඩන ලදී. අනෙක් තැනැත්තා වූයේ සර්වෝදයේ ආරියරත්න ය. තමා විසින් කරන ලද මුදල් වංචා නිසා ප්‍රේමදාස පත් කරන ලද එන්ජීඕ කොමිසන් සභාව ඉදිරියේ සාක්කි නොදුන්් ආරියරත්න විනිවිද භාවයට විරුද්ධ පුද්ගලයෙකි. තවද ඔහුගේ ආයතනය විසින් සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමෙන් ඉන්දියාවට ආපසු යවන කට්ටිය නීති විරෝධී ලෙස වන්නියේ පදිංචි කරන ලදී.

ඉදිරි සති කිහිපය තුළ විදේශ පිටපතක් මත රචිත මෙම නාට්‍යය තිරගත වනු ඇත. බොදු බල සේනාව මෙන්ම වෙනත් කරණු ගැනද තමා පාඩම් ඉගෙනගත් බව රාජපක‍ෂ කියා ඇත. මීට අමතරව බලය අතළොස්සක් වෙත තබා ගැනීම ගැනත් විදේශ ප්‍රතිපත්ති ගැන සැලකිලිමත් නොවීම ගැනත් ඔහු පාඩම් ඉගන ගත යුතුය.

ඔහු පරාජ වූ විගසම විශාල ජනතාවක් ඔහු වෙත ඇදී ගියේ ය. මා කළ විමසීම් වලින් පෙනී ගියේ මේ ජනකාය එකල මෙන් බස් දමා ඇදගත් පිරිසක් නොවන බවය. ඔහු ආපසු ගෙන්වා ගැනීමට පාක‍ෂිකයන් ගත් ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙස මාතර පවත්වන ලද රැස්වීමට විශාල ජනකායක් එකතු විය. ඔහුගේ මැයි දින රැස්වීමද එවැන්නක් විය. සිරිසේනගේ මැයි දින රැස්වීමට සහභාගි වුයේ ඉතා සුළු පිරිසකි. දැන් දැන් රාජපක‍ෂට වැඩි වාසියක් ලැඛෙන ලකුණු පෙනේ.

එහෙත් මෙම වෑයමේ දී ඉතාම වැදගත් වන්නේ ලංකාවේ දැනුම් සම්භාරයේ දැනට ඇති දුර්වල තත්ත්වය ශක්තිමත් කිරිමය. මෙම දුර්වල තත්ත්වය නිසා විදේශ බලවේග වලින් අපේ බුද්ධිමතුන් ඩැහැ ගැනීමට ඇති ඉඩ කඩ වැඩි විය. ඒ නිසා කළයුත්තේ දන්සැල් සංග්‍රහය නොව අපේ විද්වතුන්ට ජාත්‍යන්තරයට පිවිසීමට අවස්ථා ලබා දීමෙන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීමය.
අද මැතිවරණ ව්‍යාපාරයෙන් හෙළිවන්නේ සංධානයේ නායකයන් දෙදෙනා වන සිරිසේන සහ රාජපක‍ෂ අතර ඇති ප්‍රතිවිරෝධතාවන්ය. යූඇන්පීයට ගිය රාජපක‍ෂ විරෝධී පිරිස එසේ කළේ සිරිසේනගේ ආශිර්වාදය ලබා බව ඉන්දියානු මාධ්‍ය හෙළි කර තිබුණි. සංධානයේ අපේක‍ෂකයන්ට තම සහාය නොදෙන බව ඔහු දැන් කියා සිටී. සංධාන අපේක‍ෂකයන් ආසන බහුතරයක් දිනා ගත හොත් ඔවූහු රනිල්ට හා සිරිසේනට විරුද්ධ වෙති. සිරිසේන තම පක‍ෂයෙන් තනිවී ඇත. දුෂ්ටයා,ද්‍රෝහියා,, ,පාවාදෙන්නා, යනුවෙන් තමා විවේචනයට භාජනය වී ඇති බව ඔහුම ප්‍රකාශ කළේය. එමෙන්ම තමා තරම් ගැරහීමට ලක් වූ ජනාධිපතිවරයකු මෙතෙක් නොසිටි බව ප්‍රසිද්ධියේ කියා සිටියේ ය. මීළග පාර්ලිමේන්තුව ස්ථාවර එකක් නොවනු ඇත. සිරිසේන මෙන්ම රටද ඇත්තේ අසීරු තත්්වයක ය.

2 Responses to “තුන්වන වරටත් ආප්ප කෑම: විදේශ බලවේග කලබල වේ.”

  1. Christie Says:

    ඉන්දියානු ජඩයෝ සිරිසේන අල්ල ගත්තෙත් 1951දී සොලොමොන් අල්ලගත්ත වගෙමයි

  2. Ananda-USA Says:

    MAKE NO MISTAKE … If the UNP wins, the ABOVE SCENARIO of DIVISION of Sri Lanka into a PATCHWORK of Ethno-Religious Bantustans will be INEVITABLE within the FIRST TERM of government by the UNPatriotic Party!

    That is DEFINITELY, beyond a SHADOW OF DOUBT, what is AT STAKE in this General Election!

    EMBALA SINHALAYENI … AWADIWAWU!

    Mey DUSHTA DARUNU kriyakalapaya sampoornayenma uduradamawu!

    Apey maubimey ekiya bhawaya than randhi athtney obey atheyei!

    Maubimey sathuranta chandaya dunnoth, aniwareyen heta obta walapenna, kandulusalanna, wevi!

    EMBALA SINHALAYENI … EVANI ANDURU ANAGATHAK BIHIWENNA EDA NOTHABAU!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress