අගමැති මහින්දද රනිල්ද?
Posted on August 7th, 2015

සඳුන් ජීවන්ත Courtesy Mawbima

මම ටැක්සිකාරයා
මම කොළඹ හාදයා
මම ඇරලා යන්න
හරිම සූරයා…

එම්. එස්. ප්‍රනාන්දු කියපු මේ සින්දුවෙන් ‘ඇත්ත’ පටන් ගත්තේ රනිල්ට අගමැති වෙන්න පුළුවන්ද බැරිද කියන එකට මේ සින්දුවෙන්ම උත්තරයක් දෙන්න පුළුවන් නිසාය.
පහුගිය ජනාධිපතිවරණයේදී මහින්දව පරද්දන්න හිරුණිකාත් එක්ක රනිල්ගේ වේදිකාවට නැඟපු අය අතර කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි ඉදිරියෙන්ම සිටියේය. එදා මහින්දව පරද්දලා රනිල්ව අගමැති කරන්න දර දිය ඇදපු මේ සෝලංගආරච්චි අද බුලත් කොළයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලයි. සෝලංගආරච්චිගේ මැතිවරණ තේමා පාඨය වෙලා තියෙන්නේ ‘කොළඹ හාදයා’ කියන එකය. කොළඹ හාදයා දිනවමු කියලා ගහපු පෝස්ටර් කොළඹ දිස්ත්‍රික්කයේ තැන තැන ගහලා තියෙනවා මේ දවස්වල දකින්න පුළුවන්ය.

මා මුලින් සඳහන් කළ සින්දුවේ තියෙන විදියටම මේ ‘කොළඹ හාදයන්’ ‘ඇරලා යන්න’ හරිම සූරයන්ය. පහුගිය ජනාධිපතිවරණයේදී මහින්දට ‘ඇරලා ගිය’ මේ ‘කොළඹ හාදයන්’ මේ පාර බුලත් කොළයෙන් පාර්ලිමේන්තු ගියොත් මොකක් වෙයිද? එහෙම වුණොත් වෙන්නේ මහින්ද අගමැති කරනවාට විරුද්ධ වී රනිල් එක්ක එකතු වීමය. ඉතින් රනිල්ව අගමැති කරන්න අකැමැති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඇරලා යන්න සූර කොළඹ හාදයන්ට මනාප නොදී ගෙදර යවන්න ඕනෑය.
පහුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල අධ්‍යයනය කරලා බැලුවාම මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට නිශ්චිතවම දිස්ත්‍රික්ක 12ක් ජයග්‍රහණය කළ හැකි බවත්, එක්සත් ජාතික පක්ෂයට නිශ්චිතවම දිස්ත්‍රික්ක 4ක් ජයග්‍රහණය කළ හැකි බවත්, දෙමළ ජාතික සන්ධානයට නිශ්චිතවම දිස්ත්‍රික්ක 3ක් ජයග්‍රහණය කළ හැකි බවත් දිස්ත්‍රික්ක 3ක ගල උඩ සටනක් තියෙන බවත් පහුගිය සතියේ ඇත්ත සටහනෙන් පෙන්වා දුන්නෙමි. ඉතින් මේ තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයට වඩා වැඩි ආසන ගණනක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට දිනා ගන්න පුළුවන්ය. එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ආසන ගණනක් දිනා ගත්තාම අගමැතිකමට පත්වෙන්න ඕනෑ මහින්දය. හැබැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්තත් රනිල්ට අගමැති වෙන්න චාන්ස් එකක් තිබේ.
‘ඒක පුදුම කතාවක්නේ. සන්ධානෙට වැඩිපුර ආසන ලැබුණොත් රනිල් කොහොමද අගමැති වෙන්නේ? ‘කවුරු හරි එහෙම ඇහුවොත් ඒකට දෙන්න තියෙන උත්තරය මෙන්න මේකය. ‘එදාට රනිල්ට අගමැති වෙන්න චාන්ස් එකක් ලැබෙන්නේත් අද රනිල්ට අගමැති වෙන්න චාන්ස් එකක් ලැබුණු විදියටම තමයි.’ හැබැයි රනිල්ට එහෙම පිනා චාන්ස් එකක් ලැබෙන එක වළක්වන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයන්ට පුළුවන්ය.

රනිල් අද අගමැති වෙලා ඉන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ලැබිලා නොවේ. රනිල් අද අගමැති වෙලා ඉන්නේ මහින්ද පැරැදුණු ගමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිලා සෙට් එකක් අප්පච්චි මළෝ කියාගෙන ගිහින් යූ.එන්.පී. ආණ්ඩුවේ ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම් ගත්ත නිසාය. රනිල් අගමැතිකම දරන යූ.එන්.පී. ආණ්ඩුවේ ඇමැති කටු සූප්පු කරන්න මේ අය නොගියා නම් රනිල්ට වැඩි දවසක් අගමැතිකම් කරන්න ලැබෙන්නේ නැත. රනිල්ගෙන් ඇමැති කටු අරගෙන ඒවා සූප්පු කර කර ඉන්නේ නැතිව මේ අයට කරන්න තිබුණේ රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙනැල්ලා රනිල්ව ගෙදර යවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයකු අගමැති විදියට පත් කර ගන්න එකය. හැබැයි අප්පොච්චි මළා නිකායේ කට්ටිය කළේ ඇමැතිකම්වලට, නියෝජ්‍ය ඇමැතිකම්වලට පෙරේතකමේ රනිල්ගේ ආණ්ඩුවට සක්ක ගැහීමය. ඇත්තම කිව්වොත් රනිල් අගමැති වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් පාවා දීලා යූ.එන්.පී. ආණ්ඩුවේ ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම් ගත් මෙන්න මේ අය නිසාය. රනිල්ට ආණ්ඩුවක් හදලා දෙන්න, රනිල්ව අගමැති කරන්න උදවු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ලිස්ට් එක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හා සන්ධාන පාක්ෂිකයන් මේ වෙලාවේ හොඳින් හිතේ ධාරණය කර ගන්න ඕනෑය.

හම්බන්තොට දිස්ත්‍රික්කය – මහින්ද අමරවීර (ධීවර අමාත්‍ය), මාතර දිස්ත්‍රික්කය – ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන (පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය / සිවිල් ගුවන් සේවා නි. අමාත්‍ය), හේමාල් ගුණසේකර (නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය), විජය දහනායක (ක්‍රිස්තියානි කටයුතු නි. අමාත්‍ය), ගාල්ල දිස්ත්‍රික්කය – පියසේන ගමගේ (නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය), කළුතර දිස්ත්‍රික්කය – මහින්ද සමරසිංහ (මුදල් රාජ්‍ය අමාත්‍ය), රෙජිනෝල්ඩ් කුරේ (සිවිල් ගුවන් සේවා අමාත්‍ය), කොළඹ දිස්ත්‍රික්කය – තිලංග සුමතිපාල (නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නි. අමාත්‍ය), ඒ. එච්. එම්. ෆවුසි (ආපදා කළමනාකරණ අමාත්‍ය), ජීවන් කුමාරණතුංග (කම්කරු රාජ්‍ය අමාත්‍ය), ගම්පහ දිස්ත්‍රික්කය – ෆීලික්ස් පෙරේරා (විශේෂ ව්‍යාපෘති අමාත්‍ය), සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (උසස් අධ්‍යාපන නි. අමාත්‍ය), ලසන්ත අලගියවන්න (ග්‍රාමීය ආර්ථික කටයුතු නි. අමාත්‍ය), පණ්ඩු බණ්ඩාරනායක (මහජන පරිපාලන හා ප්‍රජාතාන්ත්‍රිය පාලන රාජ්‍ය අමාත්‍ය), කුරුණෑගල දිස්ත්‍රික්කය – ශාන්ත බණ්ඩාර (ජනමාධ්‍ය නි. අමාත්‍ය), පුත්තලම දිස්ත්‍රික්කය – වික්ටර් ඇන්තනි (පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නි. අමාත්‍ය), දයාශ්‍රිත තිසේරා (ධීවර නි. අමාත්‍ය), අනුරාධපුර දිස්ත්‍රික්කය – දුමින්ද දිසානායක (වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය), මහනුවර දිස්ත්‍රික්කය – එස්. බී. දිසානායක (ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය), එරික් වීරවර්ධන (වරාය හා නාවික නි. අමාත්‍ය), සරත් අමුණුගම (උසස් අධ්‍යාපන අමාත්‍ය), මාතලේ දිස්ත්‍රික්කය – ජනක බණ්ඩාර තෙන්නකෝන් (පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය), නන්දිමිත්‍ර ඒකනායක (සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය), මොනරාගල දිස්ත්‍රික්කය – විජිත් විජයමුණි සොයිසා (වාරිමාර්ග අමාත්‍ය), ජගත් පුෂ්පකුමාර (වැවිලි කර්මාන්ත නි. අමාත්‍ය), කෑගල්ල දිස්ත්‍රික්කය – රංජිත් සියඹලාපිටිය (පරිසර රාජ්‍ය අමාත්‍ය, / ස්වදේශ කටයුතු නි. අමාත්‍ය), ලලිත් දිසානායක (වාරිමාර්ග නි. අමාත්‍ය), බදුල්ල දිස්ත්‍රික්කය – ලක්‍ෂ්මන් සෙනෙවිරත්න (ආපදා කළමනාකරණ නි. අමාත්‍ය),

එදා රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිකම් ගත්ත මේ අය අද තමන්ගේ ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම්වලින් ඉල්ලා අස්වෙන්නේ ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මුහුණ දෙන්න බැරි නිසාය. රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම් ගත්ත මේ අය ඡන්දය ඉල්ලන්න ගමට එනතුරු ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයන් බලන් ඉන්නේ ඉලපතයි, මඩුවල්ගෙයි අතේ තියාගෙනය.
එක පාරක් යූ.එන්.පී. ආණ්ඩුවක් හදන්න, රනිල්ව අගමැති කරන්න උදවු කළ අය තව පාරක් යූ.එන්.පී. ආණ්ඩුවක් හදන්න, රනිල්ව අගමැති කරන්න උදවු නොකරයි කියලා කාටවත් කියන්න බැරිය. ලබ්බට තියපු අත පුහුලට නොතියයි කියලා කියන්න බැරිය.
ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම් දීලා තමන්ගේ පැත්තට බාගන්න පුළුවන් අය ඊළඟ පාර්ලිමේන්තුවට බුලත් කොළයෙන් පත්වෙලා ආවොත් රනිල්ගේ කල්ල මරේය. රනිල්ට කරන්න තියෙන්නේ එවැනි අයට ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම් ටිකක් දෙන එක විතරය. ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම් ටිකක් දීලා එවැනි අයගේ සහයෝගය අරගෙන යූ.එන්.පී. ආණ්ඩුවක් හදලා අගමැති වෙන්න රනිල්ට ලේසියෙන්ම පුළුවන්ය.

මහින්දට විරුද්ධව එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බැස්ස අනුරාධපුරේ දුමින්ද දිසානායකලා, මාතලේ නන්දිමිත්‍ර ඒකනායකලා, කොළඹ ප්‍රසන්න සෝලංගආරච්චිලා මහින්දව අගමැති කරන්න අත උස්සයිද කියන සැකය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තිබේ. දුමින්ද දිසානායක අනුරාධපුරේ මහින්දගේ රැස්වීමටවත් ආවේ නැත.
ඒ වාගේම මහින්ද ජනාධිපතිවරණයෙන් පැරැදුණු ගමන් මහින්දව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පන්නන්න මෛත්‍රිපාලගේ ගෙදරදී මධ්‍යම කාරක සභා කැඳවලා මාධ්‍ය සාකච්ඡා තැබූ දයාසිරි ජයසේකරලා, විජිතමුණි සොයිසලා, ජගත් පුෂ්පකුමාරලා, අතාවුද සෙනෙවිරත්නලා, පියසේන ගමගේලා, ජනක බණ්ඩාර තෙන්නකෝන්ලා මහින්ද අගමැති කරන්න අත උස්සයිද කියන සැකය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තිබේ.
ඒ වගේම රනිල්ට එරෙහිව ගෙනා විශ්වාසභංගයට අස්සන් කරන්න බෑ කියූ නිරූපමා රාජපක්ෂලා, මිල්රෝයි ප්‍රනාන්දුලා මහින්දව අගමැති කරන්න අත උස්සයිද කියන සැකය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තිබේ.

ඒ වගේම මහින්දට සන්ධානයෙන්් නාම යෝජනා දෙනාවට දැඩිව විරුද්ධ වූ තිලංග සුමතිපාලලා වගේම මහින්දට විරුද්ධව පොත් ලියූ එස්. බී. දිසානායකලා මහින්දව අගමැති කරන්න අත උස්සයිද කියන සැකය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තිබේ.
බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලන සමහර අය ගැන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට සැකයක් තියෙනවා වාගේ අලියාගෙන් ඡන්දය ඉල්ලන සමහර අය ගැන එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් සැකයක් තිබේ. මේ අය නම් වෙන කවුරුත් නොව බැඳුම්කර වංචාව ගැන කියමින් පහුගිය දවස්වල රනිල්ට පළු යන්න බැන්න පා. ච. රණවක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, රාජිත සේනාරත්න, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අර්ජුන රණතුංග, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, අතුරලියේ රතන හිමි ආදීන්ය. පා.ච. රණවකලා යූ.ඇන්.පී. කාරයන්ගේ ඡන්දවලින් පාර්ලිමේන්තුවට පත්වෙලා ආවොත් හැරෙන තැපෑලෙන් ෂොට් එක දෙන්නේ රනිල්ටත්, යූ.ඇන්.පී. එකටත්ය. ඉතින් මහින්දව අගමැති කරන්න කැමැති සන්ධාන පාක්ෂිකයන් මහින්දත් එක්ක ඉන්න අපේක්ෂකයන්ට මනාප ගහලා පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ වාගේ රනිල්ව අගමැති කරන්න කැමැති යූ.ඇන්.පී. පාක්ෂිකයන් රනිල් එක්ක ඉන්න, කැපුවත් කොළ අපේක්ෂකයන්ට මනාප ගහලා පාර්ලිමේන්තු යවන්න ඕනෑය. එහාට මෙහාට පනින ගෙම්බන්ට මනාප නොදී විශ්වාසය තියන්න පුළුවන් අපේක්ෂකයන්ට මනාප දෙන්න සන්ධාන පාක්ෂිකයන් වාගේම එක්සත් ජාතික පාක්ෂිකයනුත් හොඳින් හිතට ගන්න ඕනෑය. පා.ච. රණවකලා, හිරුණිකා ප්‍රේමචන්ද්‍රලා වෙනුවට මරික්කාර්ලා, ආචාර්ය හර්ෂ ද සිල්වලා, ඉරාන් වික්‍රමරත්නලා, සන්නස්ගලලා වාගේ කැපුවත් කොළ යූ.එන්.පී. කාරයන්ට ඡන්දය දෙන්න කොළඹ යූ.ඇන්.පී. කාරයන් විශේෂයෙන් මතක තියා ගන්න ඕනෑය.
මේ පාර අලියාගෙන් පාර්ලිමේන්තු යන්න ඕනෑ සන්ධාන ආණ්ඩුවකට සක්ක ගහන්නේ නැති, මහින්දව අගමැති කරන්න අත උස්සන්නේ නැති, ඇමැතිකම්වලට, නි. ඇමැතිකම්වලට එක්සත් ජාතික පක්ෂය පාවා දෙන්නේ නැති, යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදන්න බොක්කෙන්ම කැපවෙන, අවංක මන්ත්‍රිවරුන් පිරිසකි.
මෙදා පාර බුලත් කොළයෙන් පාර්ලිමේන්තු යවන්න ඕනෑ යූ. ඇන්. පී. ආණ්ඩුවකට සක්ක ගහන්නේ නැති, රනිල්ව අගමැති කරන්න අත උස්සන්නේ නැති, ඇමැතිකම් – නි. ඇමැතිකම්වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය පාවා දෙන්නේ නැති, ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න, සන්ධාන ආණ්ඩුවක් හදන්න, බොක්කෙන්ම කැපවෙන අවංක මන්ත්‍රිවරුන් පිරිසකි.

ඒ වගේම මහින්දට සන්ධානයෙන්් නාම යෝජනා දෙනාවට දැඩිව විරුද්ධ වූ තිලංග සුමතිපාලලා වගේම මහින්දට විරුද්ධව පොත් ලියූ එස්. බී. දිසානායකලා මහින්දව අගමැති කරන්න අත උස්සයිද කියන සැකය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තිබේ.
බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලන සමහර අය ගැන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට සැකයක් තියෙනවා වාගේ අලියාගෙන් ඡන්දය ඉල්ලන සමහර අය ගැන එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් සැකයක් තිබේ. මේ අය නම් වෙන කවුරුත් නොව බැඳුම්කර වංචාව ගැන කියමින් පහුගිය දවස්වල රනිල්ට පළු යන්න බැන්න පා. ච. රණවක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, රාජිත සේනාරත්න, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අර්ජුන රණතුංග, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, අතුරලියේ රතන හිමි ආදීන්ය. පා.ච. රණවකලා යූ.එන්.පී.කාරයන්ගේ ඡන්දවලින් පාර්ලිමේන්තුවට පත්වෙලා ආවොත් හැරෙන තැපෑලෙන් ෂොට් එක දෙන්නේ රනිල්ටත්, යූ.එන්.පී. එකටත්ය. ඉතින් මහින්දව අගමැති කරන්න කැමැති සන්ධාන පාක්ෂිකයන් මහින්දත් එක්ක ඉන්න අපේක්ෂකයන්ට මනාප ගහලා පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ වාගේ රනිල්ව අගමැති කරන්න කැමැති යූ.ඇන්.පී. පාක්ෂිකයන් රනිල් එක්ක ඉන්න, කැපුවත් කොළ අපේක්ෂකයන්ට මනාප ගහලා පාර්ලිමේන්තු යවන්න ඕනෑය.

එහාට මෙහාට පනින ගෙම්බන්ට මනාප නොදී විශ්වාසය තියන්න පුළුවන් අපේක්ෂකයන්ට මනාප දෙන්න සන්ධාන පාක්ෂිකයන් වාගේම එක්සත් ජාතික පාක්ෂිකයනුත් හොඳින් හිතට ගන්න ඕනෑය. පා.ච. රණවකලා, හිරුණිකා ප්‍රේමචන්ද්‍රලා වෙනුවට ආචාර්ය හර්ෂ ද සිල්වලා, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂලා, මරික්කාර්ලා, ඉරාන් වික්‍රමරත්නලා, සන්නස්ගලලා, ලෙනාඩ් කරුණාරත්නලා වාගේ කැපුවත් කොළ යූ.එන්.පී.කාරයන්ට ඡන්දය දෙන්න කොළඹ යූ.ඇන්.පී.කාරයන් විශේෂයෙන් මතක තියා ගන්න ඕනෑය.මේ පාර අලියාගෙන් පාර්ලිමේන්තු යන්න ඕනෑ සන්ධාන ආණ්ඩුවකට සක්ක ගහන්නේ නැති, මහින්දව අගමැති කරන්න අත උස්සන්නේ නැති, ඇමැතිකම්වලට, නි. ඇමැතිකම්වලට එක්සත් ජාතික පක්ෂය පාවා දෙන්නේ නැති, යූ.එන්.පී. ආණ්ඩුවක් හදන්න බොක්කෙන්ම කැපවෙන, අවංක මන්ත්‍රිවරුන් පිරිසකි.
මෙදා පාර බුලත් කොළයෙන් පාර්ලිමේන්තු යවන්න ඕනෑ යූ. ඇන්. පී. ආණ්ඩුවකට සක්ක ගහන්නේ නැති, රනිල්ව අගමැති කරන්න අත උස්සන්නේ නැති, ඇමැතිකම් – නි. ඇමැතිකම්වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය පාවා දෙන්නේ නැති, ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න, සන්ධාන ආණ්ඩුවක් හදන්න බොක්කෙන්ම කැපවෙන අවංක මන්ත්‍රිවරුන් පිරිසකි.

සඳුන් ජීවන්ත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress