රගර් ක්‍රීඩකයාගේ මියයාම ගැන ගහන මඩ අතේ මාට්ටු… සම්පූර්ණ සිද්ධිය මෙන්න.
Posted on August 7th, 2015

උපුටාගැණීම www.mahinda.info

[1]. සිදුවීම.

(i). 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා රාත්‍රියේ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල තාප්පයක සිය මෝටර් රථය ගැටීමෙන් මොහොමඩ් වසීම් තජුඩීන් නමැති ජනප්‍රිය රගර් ක්‍රීඩකයා සිය මෝටර් රථය තුළදීම අවාසනාවන්ත ලෙස පිළිස්සී මිය ගියා.

(ii). පරීක්ෂණ වලින් අනතුරුව පොලීසියත් තීරණය කළේ වසීම් තජුඩීන් පදවාගෙන ආ වාහනය පාලනය කරගත නොහැකි වී තාප්පයක ගැටීමෙන් පසුව එක විටම ගිණි ගත් බවත් එමගින් ඔහුගේ ජීවිතක්ෂය සිදුවූ බවයි. පහත දැක්වෙන්නේ සිරස ටීවී එකේ ඒ ගැන වාර්තාවයි.

 

[2]. වෙබ් අඩවි මඩ.

(i). ඉන් අනතුරුව ටික කලක් යත්ම එය හදිසි අනතුරක් නොව ඝාතනයක් බව කියමින් පුවත් මැව්වේ lankaleaks.com නැමැති වෙබ් අඩවිය විසිනුයි. මඩ ගැසීම සඳහාම ආරම්භ කළ එකක් බව ඔප්පු කරමින් මේ වන විට එම වෙබ් අඩවිය අන්තර්ජාලයේ ඇත්තේත් නෑ.

(ii). එහිදී එම වෙබ් අඩවියෙන් කියා සිටියේ තජුඩීන්ගේ මරණය පසුපස යෝෂිත රාජපක්ෂ මහතා සිටින බවත්, ඊට හේතු වූයේ යෝෂිතගේත් පෙම්වතිය තජුඩීන් සමග සම්බන්ධතාවයක් පවත්වා ගැනීම නිසා යෝෂිත කළ පළි ගැනීමක් කියලයි. පසුව තවත් මඩ වෙබ් අඩවි ගණනාවකින් එකම පුවත වචන පමණක් වෙනස් කරමින් දිගින් දිගටම පළ කරමින් ගොබෙල්ස්කරනය කළේ තාජුඩීන්ව ඝාතනය කිරීමක් ගැන යෝෂිත මහතාගේ පෙම්වතිය වන යසාරා අබේනායක මෙනෙවිය විසිනුත් චෝදනා කළ බවයි.

(iii). එම මඩ මූලාශ්‍ර කරගනිමින් ඉතාමත් සංවිධානාත්මක ලෙස එජාපයට සම්බන්ධ අනෙකුත් ලියාපදිංචි ජනමාධ්‍ය මාධ්‍ය හරහාත් එම මඩ ප්‍රචාරණය සිදුවුණා.

 

[3]. මඩ අතේ මාට්ටු.

(i). තජුඩීන්ගේ මිය යාමට යෝෂිත රාජපක්ෂ මහතාව සම්බන්ධ කිරීමට මඩකරුවන් යොදාගත් එකම මූලාශ්‍රය වුයේ යසාරා අබේනායක මෙනෙවිය ඒ ගැන යෝෂිතට එරෙහිව චෝදනා කළ බව කීමයි.

(ii). නමුත් යසාරා අබේනායක මෙනෙවිය, මොහොමඩ් වසීම් තජුඩීන් නැමැත්තෙක්ව කිසිදා දැන නොසිටි බවටත්, එවැන්නෙක් සමග කිසිදු සම්බන්ධතාවයක් නොතිබුණ බවටත් ප්‍රකාශ කර තිබුණා. පහත දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයටම සම්බන්ධ asianmirror.lk වෙබ් අඩවියේ පළ වූ එම පුවතයි. (එජාප වෙබ් අඩවියකින්ම පළ කරන්නේ එජාප පාක්ෂිකයින්ට මධ්‍යස්ථ වෙබ් අඩවි වන්නේ එජාප වෙබ අඩවි පමණක් නිසයි)

Yasara Speaks Up: I Had No Connection With Wasim Thajudeen”
Thursday, 15 January 2015 19:22

Yasara Abeynayake, who was dubbed in certain media reports as the ex-girlfriend of Yoshitha Rajapaksa, told Asian Mirror that she did not even know nor did she have any connection with Wasim Thajudeen, the Rugby player who was killed in a road accident in 2012.

Abeynayake, who was formerly the Channel head of CSN, is now attached to a Sri Lankan diplomatic mission in Australia. She made these remarks responding to reports that the Rugby player’s sudden death was linked to an alleged affair” she had with him.

Why can’t they let the innocent departed rest in peace? Why are they tarnishing his memory and my reputation by coupling me with a person I have never met in my life?” she asked while asserting that she was not even aware as to how her name had been connected to the death of the Rugby player.

Abeynayake also urged news websites to refrain from publishing unsubstantiated and baseless” reports involving her name.

Meanwhile, Asfan Thajudeen, the brother of Wasim Thajudeen, said on his Facebook profile a few days ago that his family did not believe there was any foul play” in connection with the tragic accident which led to the Rugby player’s death. So far not a single proof of evidence has come up to proof otherwise,” he also added.

Wasim Thajudeen, a Sri Lankan ruggerite and former Havelock SC captain, was killed in a road accident in Colombo, in May 2012. According to Police, Thajudeen had been driving to the airport when he had lost control of the car and crashed into the wall of Shalika grounds on park road. The car had exploded within seconds of the crash burning the whole car.

(iii). එම ලිපියේ සඳහන් පරිදි වසීම් තජුඩීන්ගේ සහෝදරයා වන අස්ෆාන් තජුඩීන් මහතාත් ප්‍රකාශ කර ඇත්තේ එකී අවාසනාවන්ත මරණය පසුපස අපරාධයක් සිදුවී ඇති බව ඔහුගේ පවුලේ අයවත් විශ්වාස නොකරන බවයි. පහත දැක්වෙන්නේ තාජුඩීන්ගේ සහෝදරයාගේ ෆේස්බුක් පෝස්ට් එක. මූලාශ්‍රය

asfan-thajudeen

එසේම රජයට අයත් (වර්තමානයේදීනම් එජාප ආණ්ඩුවේ පාලනයට යටත්ව ඇති) සන්ඩේ ඔබ්සවර් වෙබ් අඩවියේත් එලෙස තාජුඩීන්ගේ සහෝදරයා විසින් මඩ චෝදනා ප්‍රතික්ෂේප කිරීම ගැන පළ වී තිබුණා.

Meanwhile, Asfan Thajudeen, the brother of Wasim Thajudeen, said on his Facebook profile a few days ago that his family did not believe there was any foul play” in connection with the tragic accident which led to the Rugby player’s death. So far not a single proof of evidence has come up to proof otherwise,” he also added. source: sundayobserver.lk/2015/08/02

(iv). asianmirror.lk පුවත සනාථ කරමින් යසාරා අබේනායක මෙනෙවිය තම ෆේස්බුක් ගිණුමේත් පළ කළා.

yasara

(v). ඊට අමතරව යසාරා අබේනායක මෙනෙවියගේ ෆේස්බුක් ගිණුමේ පළ වූ ස්ටේටස් එකක ස්ක්‍රීන් ශොට් එකක් ලෙස සඳහන් එකක් ෆේස්බුක් පිටුවක තිබී අපට හමු වුණා.
10924750_1392678747700381_5293969308468405952_n[1]

(vi). යසාරා අබේනායක මෙනෙවියගේ සහ අස්ෆාන් තජුඩීන් මහතාගේ එම ප්‍රකාශ සමගම, යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව එජාප මඩකරුවන්ට තිබූ එකම චෝදනාවත් පුස්සක් බවට පත් වී තිබෙනවා.

 

[4]. තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක්ද නැතහොත් ඝාතනයක් ද?

(i). එය හදිසි අනතුරක් නොව ඝාතනයක් බව කියමින් කෑ ගසන්නේ එජාපයේ සමහර දේශපාලඥයින් සහ ඔවුන්ගේ මඩ වෙබ් අඩවි විසිනුයි. නමුත් වසීම් තාජුඩීන්ගේ සහෝදරයා පවසා ඇත්තේ මෙලෙසයි. සන්ඩේ ඔබ්සවර් හි අදාල ලිපි කොටසේ සිංහල පරිවර්තනය.

ඒ අතර, වසීම් තාජුඩීන්ගේ සහෝදරයා වන අස්ෆාන් තාජුඩීන් දින කිහිපයකට පෙරදී සිය ෆේස්බුක් ප්‍රොෆයිලයෙන් පවසා ඇත්තේ , රගර් ක්‍රීඩකයාගේ අවාසනාවන්ත හදිසි අනතුර සම්බන්ධයෙන් අපරාධයක් සිදුව ඇති බවක් ඔහුගේ පවුලේ අය විශ්වාස නොකරන බවයි. ඊට අමතරව ඔහු පවසන්නේ මේ දක්වා එකදු සාක්ෂියක්වත් ඔප්පු කිරීමට හැකි පරදි පැමිණ නැති බවයි.

(ii). තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක් නොව ඝාතනයක් බව මෑතකදී පවසනවා. නමුත් මීට අවුරුදු 3 කට පෙර අදාල පරීක්ෂණ කළේ දේහය පරීක්ෂා කිරීමෙන් පසුවයි. එහිදී තීන්දුව ගැන කිසිදු හෝ සැකයක් තිබුණානම් පවුලේ අය ඉහත ආකාරයෙන් එය ඝාතනයක් නොවන බව පවසන්නේ නෑ.

(iii). සෑම විටකම දෙවන වරට පරීක්ෂණයක් කරයිනම් එය කළ යුත්තේ මෘත දේහය ගොඩ ගැනීමෙන් පසුවයි. ඒ සඳහා පවුලේ අයෙක් පැමිණිලි කර තිබිය යුතු නමුත් එවැන්නක් වර්තා වන්නේත් නෑ. අවුරුදු 3 කට පසුව දේහය ගොඩ ගන්නත් කළින් මෙය එක පාරටම ඝාතනයක් බව ඔප්පු වුණා කියනවා. එනම් යහපාලනයට අනුව පරීක්ෂණ කරන්නේ තීන්දුව දීමෙන් පසුවයි.

(iv). මාස 6 ක් කිසිවක් නොකර ඡන්දයට ඔන්න මෙන්න තිබියදීම ලබන සඳුදා තජුඩීන්ගේ දේහය ගොඩ ගන්නවා. ඊට සතියකට පසු 17 වැනිදා මැතිවරණය පැවැත්වෙනවා.

(v). මෘත දේහ මතින් දේශපාලනය කිරීම එජාපයට අලුත් දෙයක් නොවෙයි. 88/89 කාලය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ, මෑතකදී කොටහේන බ්ලූමැන්ඩල් වෙඩිතැබීම ගත්තත් එහිදී රවි කරුණානායක උත්සාහ කළේ එම මරණය පාතාලයේම දෙපිරසක් අතර ගැටුමක් නොවන බව කීමට සහ එහි වගකීම මහින්ද රාජපක්ෂ මහතාට බැර කිරීමටයි. නමුත් එජාපයේම නීතීඥයින් දෙපළක් වන සුජීව සේනසිංහ සහ ශ්‍රීනාත් පෙරේරාම පවසන්නේ එය පාතාල පිරිස් අතර ගැටුමක් බව ත් ඊට මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ නැති බවයි. එජාපයේම තවත් මූලාශ්‍ර ඇසුරින් mahinda.info මගින් ඒ ගැන ඇත්ත හෙළිදරව් කළා. ඉතින් තාජුඩීන්ගේ දේහය විකුණමින් දේශපාලනය කරන එජාපයේ කෙරුවාව ඒ ආනුසාරයෙන් අපට වටහාගන්නට පුලුවන්.

Share කර යාලුවන්වත් දැනුවත් කරන්න.

 

3 Responses to “රගර් ක්‍රීඩකයාගේ මියයාම ගැන ගහන මඩ අතේ මාට්ටු… සම්පූර්ණ සිද්ධිය මෙන්න.”

  1. Hiranthe Says:

    This is still bit too late. Immediate denial and response is what our people need. We should learn from the mistakes.

    Every day delay will cement the Mud hard. Response should be given soon enough. MR should set up a task force to do that.. a separate intelligent and patriot unit to handle such things.

  2. Hiranthe Says:

    I suggest it to be given to Gota so he will do it methodically. Remember the Defense SL web site during the Ealam war?.. They did a classic job which no one in the world has done to date showing the maps and location of troops and much more details.

  3. Samanthi Says:

    Very good suggestions! I wholeheartedly agree with Hiranthe.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress