අළුත් පරපුර
Posted on August 11th, 2015

වංශපුර දේවගේ ජානක

වයස අවුරුදු විස්ස තිහ පමණ වෙන තරුණ තරුණියන් වයස මත පදනම්ව අවශ්‍ය නම් අළුත් පරපුරක් ලෙස වෙන් කල හැකිය. මේ ඊනියා අළුත් පරපුරට ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්‍ෂය විසින් අසූවේ දශකයේ මෙරට ඇතිකල භීශණය පිළිබඳව පුද්ගලික අත්දැකීමක් නැත. ඔවුන්ට කොටි ත්‍රස්තවාදය විසින් ඇති කල භීශණය පිළිබඳ යම් අත්දැකීමක් තිබුනද එය වර්ධනය වූ ආකාරය පිළිබඳවද පුද්ගලික අත්දැකීමක් නැත. නමුත් මේ කිසිවක් ඔවුන්ගේ වරද නොවේ.

තනි පුද්ගලයින්ට නැතිවනුද ජාතියකට මතකයක් ඇත. පොදුවේ ගත්විට මෑත ඉතිහාසයේ ඉහත කී අත්දැකීම් පමණක් නොව ජාතියක් වශයෙන් අත්විඳි දෙදහස් වසරක දේශපාලන අත්දැකීම් සිංහල ජාතිය සතුව තිබේ. ජාතියේ මතකය නොමැරී පවතින්නේ එය පරම්පරාවෙන් පරම්පරාවට ගලායාම තුලය. නමුත් අද විජාතික බලවේග ඊනියා අළුත් පරපුරෙන් ඒ මතකය ඉවත් කිරීම සඳහා කටයුතු කරමින් සිටියි. එහි කාර්යය ජාතියේ ඓතිහාසික දේශපාලන මතකය අවැදගත් ලෙස සැලකීමට අළුත් පරපුරට ඉගැන්වීමය. එය එක් ආකාරයට කුඩු ගැහීමට පුරුදු කිරීමක් වැනිය. කුඩු ගැසූවා මෙන් රඟපාන තරුණයින් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සඳහා යොදා ගැනීමෙන් පිළිබිඹු කෙරෙන්නේ එය විය හැකියි.

කොටි භීශණය තිස් වසරක් තිස්සේ පැවතුනද විජාතික බලවේග වැදගත් කොට සලකන්නේ ත්‍රස්තවාදයට එරෙහි මානූශීය මෙහෙයුමේ අවසාන සති දෙකෙහි සිදුවීම් පමණය. ඉතිරි කොටස අමතක කරති. එසේ අමතක කරන්නේ අතීතය අත්හල විට අවසන් සති දෙක ඔවුන්ට වාසිදායක ලෙස යොදාගත හැකි නිසාය. එපරිදිම ඊනියා අළුත් පරපුරේ මතකයද විජාතික බලවේග විසින් අතුගා දමන්නට ක්‍රියා කරන්නේත් අළුත් පරපුරේ දේශපාලන විභවය විජාතික බලවේග වලට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීම සඳහාය.

පැහැදිලිවම මේ මොළ සේදීමේ මෙහෙයුමේ කෙටි අරමුණ එන මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ දිනවීමය. ඒ හරහා රනිල් වික්‍රමසිංහ යනු කවුද? රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණ මෑත ඉතිහාසයේ මෙරටට කර ඇත්තේ කුමක්ද? ඔවුන්ට කල හැක්කේ කුමක්ද? වැනි ප්‍රශ්ණ ඇසීම වැලකෙයි. නමුත් මොළ සේදීමේ මෙහෙයුම එතැනින් නිම නොවේ.

සෞභාග්‍යමත් නිවහල් රටක් ගොඩනැඟිය හැක්කේ දේශපාලනමය වශයෙන් ස්ථාවර රාජ්‍යයකය. ස්ථාවර රාජ්‍යයක පදනම ආණ්ඩු වෙනස් වෙද්දීත් රාජ්‍යයේ දේශපාලන ගමන වෙනස් වෙමින් නමුත් කඩ නොවී ගලායාමය. ගලායාම දෙවිදිහකට අත්කරගත හැකිය. පළමු විදිහ නම් රටේ සාමාන්‍ය ජනතාව තමන්ගේ අතීත අත්දැකීම් පදනම් කරගෙන රටේ අනාගතය පිළිබඳව දේශපාලන තීරණ ගැනීමය. එවිට අතීතයත් අනාගතයත් අතර යම් ගලායාමක් ස්ථාපිත වේ. දෙවෙන ආකාරය රටේ වැදගත් ආයතන තුල (විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්‍ෂක අමාත්‍යාංශය, රජයේ ඔත්තු සේවාව, වෙනත් ආර්ථික වශයෙන් වැදගත් ආයතන) ප්‍රතිපත්තිමය වශයෙන් ස්ථාවර භාවයක් ඇති කිරීමය. එවිට ඒ ආයතන වලට කුමණ රජයක් යටතේ වුවද කෙටි කාලීන හැල හැප්පීම් වලට ඔරොත්තු දීමට හැකියාවක් ලැබෙනු ඇත. රාජ්‍යයක දේශපාලන ගමන ස්ථාවර කල හැක්කේ එහි ගලායාම පහල මට්ටමේත් ඉහල මට්ටමේත් මෙලෙස පවත්වාගැනීම තුලය.

නමුත් ඇමෙරිකාවට මෙන් අපට දේශපාලණික වශයෙන් ශක්තිමත් රාජ්‍ය ආයතන නොමැත. ඉංග්‍රීසීහු අපට තිබූ ආයතන මෙන්ම අපේ දේශපාලන ක්‍රමයද ආර්ථික රටාවද බිඳ හෙලූහ. ඉන් පසු ඒ ගොඩනඟා ගැනීමට තවමත් අපට හැකිවී නැත. අපට ඇති එකම ශක්තිය මෙරට සාමාන්‍ය සිංහල මිනිස්සු තමන්ගේ ඓතිහාසික දේශපාලන මතකය මත පිහිටමින් අනාගතය පිළිබඳව තීරණ ගැනීම පමණි. අද විජාතික බලවේග විසින් අළුත් පරපුර යොදවාගෙන කරන්නට උත්සාහ කරන්නේ ඒ ක්‍රියාදාමය බිඳ දැමීමටය. එහිදී මෙරට තරුණයින් ඊනියා අළුත් පරපුරක් යැයි වෙන් කර හඳුන්වාගෙන ඔවුන්ට මෙරට සංස්කෘතියට එරෙහි වන්නට උපදෙස් දෙයි. දැහමෙන් සෙමෙන් කෙරෙන පාලනය වෙනුවට ඊනියා යහපාලනයක් ගැන කියා දෙයි. යුතුකම් වෙනුවට අයිතීන් ගැන ඔවුන්ට කියා දෙයි. තමාට පෙර රට වෙනුවට රටට පෙර තමා වැදගත් යැයි කියා දෙයි. ඒ සියල්ලෙන්ම සිදු කෙරෙන්නේ මෙරට තරුණ පරපුර නොමඟ යවා සිංහලුන්ගේ දේශපාලන ගමන නැවතීමය.

2009 දී බරක් ඔබාමා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට පත්වූයේ මෙවැනිම අළුත් පරපුරක් විසින් නිර්මාණය කරන ලද යුධ විරෝධී රැල්ලක් මතිනි. (රනිල් වික්‍රමසිංහට ඔබාමා රජයෙන් මැතිවරණ උපදෙස් ලැබෙන්නේද මේ අත්දැකීම මත විය යුතුය). නමුත් අවසානයේ බරක් ඔබාමාගේ රජය බුෂ් රජයටත් වඩා යුධකාමී විය. ඒ බවට එරට ප්‍රධාන රාජ්‍ය ආයතන වග බලා ගත්තේය. ඇමෙරිකා එක්සත් ජනපදය පැත්තෙන් සැලකුවිට ඔබාමාගේ අළුත් පරපුර විසින් දැරූ වැරදි දේශපාලන ආකල්ප එරට රාජ්‍ය ආයතන මඟින් නිවැරදි කර ඇමෙරිකානු රාජ්‍යයේ ගලායාම ස්ථාපිත කරන ලදී.

නමුත් අපේ රාජ්‍යය ප්‍රබල නොවේ. අපට ඇමෙරිකාවට මෙන් බලවත් නොසැලෙන රාජ්‍ය ආයතන නැත. ඒ නිසා අපේ අළුත් පරපුර විසින් ගනු ලබන වැරදි තීරණ නිවැරදි කල හැක්කේ අපටමය. එලඹෙන මැතිවරණයේදී මෙරට සිංහලුන් තමන්ගේ ඓතිහාසික වගකීම ඉටු කරමින් රට නැවතත් නිවැරදි මඟට ගනු ඇත.

වංශපුර දේවගේ ජානක

One Response to “අළුත් පරපුර”

  1. Christie Says:

    VOTE MAHINDA FRONT or the Indian jadawaadhaya will go on until we become another Guyana or Mauritius.

    How it happened? Another Indian job. The former President called an early election. The Indian imperialists (India) were ready to correct its mistake in 2005 when it backed Mahinda Rajapaksa over Ranil Wickramasinge. Then, Indian imperialists advised Indian block vote in the island to abstain from voting. The reason for the preference was Indian imperialists thought it will be easier to negotiate with Mahinda an unknown matter for India. Unfortunately for India, Mahinda did not follow Indian directions as former Sri Lankan leaders did since 1956. In 2010 India enrolled General Sarath Fonseka as a presidential candidate against Mahinda and failed. So behind the scene as Indian imperialist always do they were planning for years and got former governor Chandrika Bandaranayake-Kumaranatunge to do the job and succeeded with doing a repeat of what India did with her father Solomon West Ridgeway Dias Bandaranayake in 1951. India did not have to wait for four year this time. India managed to divide the non-Indian vote and got the Indian block vote for Maithripala Sirisena the new governor of Sri Lanka who may be the proxy for the real governor Chandrika.
    any comments to : nalinibandara@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress