රණ විරුවන් එල්ලා මරන්න එජාපය සහ මානව හිමිකම් කවුන්සිලය ගිවිස ගනිති
Posted on August 11th, 2015
දිල්රුක් කන්නන්ගර
වසර හතරක යුධ අපරාධ මගඩිය දැන් අවසන් අදියරට පැමිණ ඇත. දකුණු අප්‍රිකානු දෙමළියක යටතේ පැවැති ලෝක මානව හිමිකම් කවුන්සිලය 2011 දී පටන්ගත් යුධ අපරාධ මගඩිය මහින්දගේ දඩබ්බර දේශප්‍රේමී ක්‍රියා තුලින් යටපත් විය. එනමුදු 2015 දෙමළ ඡන්දයෙන් බලය ඇල්ලූ එජාප ආණ්ඩුව ඒ සියල්ල කණපිට හරවා ශ්‍රී ලංකාව ලෝක මානව හිමිකම් කවුන්සිලයට යටපත් කෙළේය.
දැන් රණ විරු ඔබත් එල්ලුම් ගසත් අතර ඇත්තේ ඡන්දයක් පමණි.
පළමුව 41 ක් හමුදා නිලදාරීන් එජාප ආණ්ඩුව මගින් අත්අඩංගුවට ගනු ඇත. ඔවුන්ගේ නම්, ගම් දැනටමත් ප්‍රසිද්ධ කර අවසානය. සියලු හමුදා ප්‍රධානීන්, මාණ්ඩලික ප්‍රධානීන්, නාවුක සහ ගුවන් හමුදා ප්‍රධානීන් සහ සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානීන් ද මේ අතර සිටියි.
පළමුව ඔවුන් අල්ලන්නේ පසුව දෙවන, තෙවන සහ සියලු සොල්දාදුවන් අල්ලා ගැනීමට පහසු වන බැවිනි. එජාපය මෙම ඡන්දය දිනුවොත්, රණ විරුවනුත්, ඔවුන්ගේ දෙමාපියනුත්, අඹු දරුවනුත් මහා පාරට ඇදවැටෙණු නියතය.
මෙම මහා පාප කර්මයට වැට බඳිනු. රණවිරුවන් එල්ලා මරන්න දඟලන එජාපය පරාජය කරනු. මහින්ද මහතා ඔබ සුරකින බවට පොරොන්දුවක් දී ඇත. හෙට දින ඔබ වෙනුවෙන් ඉදිරිපත් වන්නේද මහින්ද පමණි. මහින්දගේ පිලට ඡන්දය දැමීමෙන් මෙම විනාසය වළකා ගත හැකිය.
දැන් රණ විරු ඔබ හා රටත්, එල්ලුම් ගසත් අතර ඇත්තේ ඡන්දයක් පමණි.
August 11th, 2015 at 2:11 pm
Aadaraneeya RANA VIRUWENI!
Neecha Eksath Jathika Pakshya, obey weera divi parithyaga amathaka kara, videshiya balawega walata oba bili kara, demala elam bedumvaadinta aadara illa sitiyi!
Mey dushta papakarmaya valakweemata Mahindagey pilay Eksath Janata Nidahas Sandhayanayata (UPFA) obey chandaya denna!
August 11th, 2015 at 6:27 pm
Thank you Dilrook.