අතේ පත්තු වූ මෛත්‍රිපාල ගේ පක්‍ෂ විරෝධී ව්‍යවස්ථා විරෝධී ලිපිය
Posted on August 14th, 2015

නලින් ද සිල්වා 

මෛත්‍රිපාල සිරිසේන මැතිවරණය ඔන්න මෙන්න තියාගෙන මහින්ද රාජපක්‍ෂට ලිපියක් යවමින් තමා මහින්දට අගමැති කම නොදෙන බව ප්‍රකාශ කර ඇත. එයට හේතු ලෙස ඔහු දක්වා ඇත්තේ මහින්ද ශ්‍රී ල නි පක්‍ෂයට කර ඇතැයි කියන වැරදි ය. මේ ලිපිය සාධාරණ වශයෙන් ගත්කල සිංහලයන්ගේ තර්ක ඥානය විදහා දක්වන්නක් මිස අනෙකක් නො වේ. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේ්න්තුවේ වැඩි බලයක් හිමි තැනැත්තා අගමැති ලෙස පත්කළ හැකි ය. මට නම් එහි අවුලක් නැත. මෙහි දී වැදගත් වනුයේ ජනාධිපතිට තම මතය අනුව යන වචන කිහිපය ය. එහෙත් ව්‍යවස්ථාවෙහි කිසිම තැනක යමකු පක්‍ෂයකට යම් වරදක් කර ඇතැයි යන චෝදනාව මත ජනාධිපතිට යමකු අගමැති පදවියට පත්කළ නොහැකි යැයි සඳහන් නො වේ. මෛත්‍රිපාල ව්‍යවස්ථාවට පටහැණි ව ක්‍රියා කරයි. එය ම ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට නිමිත්තකි!

අනෙක් අතට මෛත්‍රිපාල එකි මහින්දගෙන් ම වෙනත් ශ්‍රී ල නි ප ජ්‍යෙෂඨයකු පත්කිරීම සඳහා ආශිර්වාදය බලාපොරොත්තු වෙයි. වරද කළ අයගේ ආශිර්වාදය ලබාගන්නේ අහවල්  දෙයකට ද? අප මෛත්‍රිපාලගේ ලිපියේ වචනාර්ථය පමණක් නොගත යුතු ය. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු නොව රනිල් ම අගමැති ලෙස පත්කිරීමට අවශ්‍ය වෙයි. එහෙත් ඔහුට එ බව දැනට කිව හැකි නො වේ. අද ශ්‍රී ල නි ප ජ්‍යෙෂ්ඨයන් උපායශීලීව කටයුතු නොකළහොත් මැතිවරණයෙන් පසු ඔවුන් අමාරුවේ වැටීමට ඉඩ ඇත. 

මෛත්‍රිපාල තවදුරටත් ජ්‍යෙෂ්ඨයන් නොමග යැවීමට කියන්නේ සංධානයට 113ට එකක් දෙකක් අඩුවෙන් ආසන ලැබුණහොත් විධායක ජනාධිපති ලෙස මැදිහත්වී ඒ අඩුව පිරවිය හැකි බව ය. එහෙත් සිදුවනු ඇත්තේ අනෙක් පැත්ත ය. රනිල්ට අආසන එකක් දෙකක් අඩු වුවහොත් මෛත්‍රිපාල ජනාධිපති ලෙස මැදිහත් වී ඒ අඩුව පුරවනු ඇත.

මහින්ද කළැයි කියන වැරදි අතර මෛත්‍රිපාල කියන්නේ මහින්ද ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්කිරීමට කටයුතු කළ බව ය. මෛත්‍රිපාල නොදනිතත් 1951 දී ශ්‍රී ල නි ප පිහිටුවන ලද්දේ ලිබරල් පක්‍ෂයක් ලෙස ය. එය ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වීම ඇරඹුයේ ඒ ආසන්නයේ පැවති මින්නේරිය අතුරු මැතිවරණයත් සමග ය. දත්දොස්තරලා, වික්ටර් අයිවන්ලා ආදීන් චන්ද්‍රිකා මගින් පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ කළ ද ඒ අසාර්ථක විය. අද ද බටහිරයෝ ද ඉන්දියාව ද දත්දොස්තරලා ද මෛත්‍රිපාල මගින් පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ කරති. මහින්ද එයට කිසිසේත් ඉඩදිය යුතු නො වේ. 

මෛත්‍රිපාල දැනටමත් පක්‍ෂ ව්‍යවස්ථාව මෙන් ම රටේ ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත. අද ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආයුතු ය. ජනතාව මහින්දට ආසන 120ක් පමණක් නොදී දෝෂාභියෝගය සඳහා 150ක් ලබා දිය යුතු ය. මහින්දට අගමැතිකම නොදෙන මෛත්‍රිපාල ජනාධිපතිධුරයෙන් ඉවත් කළ යුතු ය. අප ඒ සඳහා සූදානම් විය යුතු ය.

මා අසනීපයෙන් බැවින් ලිපිය මෙතෙකින් අවසන් කරමි.

නලින් ද සිල්වා 

2015 අගොස්තු 14   

 

12 Responses to “අතේ පත්තු වූ මෛත්‍රිපාල ගේ පක්‍ෂ විරෝධී ව්‍යවස්ථා විරෝධී ලිපිය”

  1. Dr.K Says:

    පක්ෂයට ද්‍රෝහී වුයේ මෛත්‍රී ද මහින්දද ? රාත්‍රී ආප්ප භෝජනයටත් සහභාගී වී එලිවෙන ජාමයේ නරි හු කියන හෝරාවේ පැනල ගිහින් වෙනත් කණ්ඩායමකින් චන්දය ඉල්ලා බලයට ආව දවසේ ඉඳලා තම පක්ෂයට කෙනහිලි කම් කරන්නේ කවුද? තම පක්ෂයට පරාජය අත්වෙන්ද්ට යැයි ප්‍රසිද්දියේ ප්‍රකාශ කලේ කවුද?

  2. Ratanapala Says:

    Dr Nalin,

    We wish you a fast recovery from your illness and back to serve our motherland.

    May the Triple Gems Bless you and May All Gods protect you in every way!

    Best regards,

    Ratanapala

  3. Asanga Says:

    Dr. Nalin,

    Our prayers are with you for a speedy recovery. May the Gods who keep our little land and buddhism safe keep you safe and healthy.

  4. Senevirath Says:

    නලින් ඔබට ධීර්ඝා යු වේවා මගෙත් ආයු ගෙන දිගුකල් ජීවත්වෙවා රටට ඔබ අවශ්ශය්

  5. Christie Says:

    Nalin: Wish you quick recovery.

    When Mahinda becomes the PM Ranil the Kankani will be no more. But Empire may still employ him in other capacity to genocide the Sinhalese. Chandrika will still be paid by the Indian Empire but may be in Rs not Pounds or US$s.

  6. Charles Says:

    Nalin

    May the blessings and protection of triple gem be with you. May you recover well and soon and come back to be with us . We have few patriots and we want them all. They are precious.

  7. Geeth Says:

    Dear Prof. Nalin,
    We wish you a very fast recovery to serve the nation and people as usual.
    Thank you for everything you have done so far and I know that the entire nation is grateful for it.

  8. Indrajith Says:

    Get well soon, Professor! We need your services today than ever before!!
    Theruwan Saranai!!!

  9. Ananda-USA Says:

    To the ALWAYS FAITHFUL Patriots,

    A Heartfelt Tribute in Gratitude!

    Semper Fidelis, Patriots of Lanka

    By Ananda-USA

    Our Motherland, resplendent Sri Lanka,
    Hallowed be thy name!
    Thy children flock today to vote,
    To preserve thy immortal flame!

    The Lion Flag flutters proudly aloft,
    To remind us this freedom’s day!
    Our duty to keep thee, safe and strong,
    As our forefathers did yesterday!

    A Mahinda Rajapaksa by deed and word,
    Strode forth boldly to eternal fame!
    To lead his people to a safer world,
    When all others retreated in shame!

  10. Christie Says:

    ඉන්දියානු ජඩයින්ට සින්හල අපි සක්කිලි (Dalit)යන්ය . උන් එදාත් අදත් අපේ සතුරාය. එක්වන්න මහින්ද වටා රොක්වන්න ඉන්දියානු ජඩයන්ට හා ජඩවාදයට එරෙහිව නැගී සිටින්න
    For Indian Imperialists we are Dalits. Indians are our enemies todaya and yesterday. Unite with Mahinda and stand up to Indian Empire and Indian imperialism.

  11. sarathk Says:

    මහාචාර්ය නලින් මහතාණෙනි , තෙරුවන් සරණින්, සියලු දෙවිදේවතාවන්ගේ ගේ පිහිටෙන් ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රර්ථනා කරමි. අපරට රැකීමට ඔබතුමාට දීර්ගයුෂ අත්වේවා !!.

  12. sarathk Says:

    ලංකා දු පුතුනි අප මෙය දත යුතුය
    නිමකළ යුතුය යමපාලන පර රජය
    රැක ගන්නට අපේ හෙලබොදු රට සමය
    සෙන් පති මහින්දට චන්දය දිය යුතුය

    උපතින් මෝඩයෙකු බඳු වූ රනිල් හොරා
    මහ බැංකුවට කල මගඩිය මුදල් ගරා
    නිමකරවන්න සිංහල ජාතියම මරා
    අර අදිනවා පරගැති ගති හිසින් දරා

    නැණවත් සියලු ලක් වැසියනි දැනගන්න
    රනිල්- චන්ද්‍රිකා උගුලෙන් ගැලවෙන්න
    එක්සත් සිහල බොදු ගති රට රැක ගන්න
    රට රැකි මහින්දට යලි චන්දය දෙන්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress