සන්ධාන ජාතික ලැයිස්තුව ගැන ඡන්ද දායකයෙකුගෙන් මැ.කොට ලිපියක්!
Posted on August 19th, 2015

Adaderana

එජනිස වැඩබලන මහලේකම් මහාචාර්ය විශ්ව වර්ණපාල  මහතා  විසින්  ජාතික ලැයිස්තු නාම යෝජනා ලබා දුනහොත්  තමා විසින් ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන්  සහනයක් ලබා ගන්නා තෙක් අදාළ නම් ගැසට් කිරීමෙන් වලකින ලෙස නීතීඥවරයෙකු වන අරුණ ලක්සිරි මහතා  මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ලිපියක් බාරදී තිබේ.

අදාළ ලිපියෙහි නීතීඥ අරුණ ලක්සිරි මහතා විසින් පෙන්වා දී  ඇත්තේ ජාතික ලැයිස්තුව  ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ  සන්ධාන මහලේකම්වරයා නොවන, පිළිගත් නීතිමය ප්‍රතිපාදනවලින් බැහැරව පත්කළ වෙනත් අයෙකු ජාතික ලැයිස්තුවක් නම් කිරීමෙන් ඡන්ද දායකයාගේ අයිතිවාසිකම් කඩවීමත් සර්ව ජන ඡන්ද බලය උල්ලංඝණය වීමත් සිදු වන බවයි

 එ‍බැවින් ඒය වැලැක්වීමට   ශ්‍රී ලාංකික  පුරවැසි ඡන්දදායකයෙකු ලෙස අධිකරණයෙන් තමා සහනයක් අපේක්ෂා කරන බව ඔහු සඳහන් කර තිබේ.

එම සහනය ලබාගන්නා  තෙක්  මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා විසින් ජාතික ලැයිස්තු නාමයෝජනා ලබාදුනහොත් එම නම් ගැසට් කිරීමෙන් වලකින ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත නීතීඥ අරුණ ලක්සිරි මහතා විසින් යොමුකරන ලද ලිපියෙන් ඉල්ලා ඇත.

3 Responses to “සන්ධාන ජාතික ලැයිස්තුව ගැන ඡන්ද දායකයෙකුගෙන් මැ.කොට ලිපියක්!”

  1. Christie Says:

    ඉන්දියානු අදිරදය වැඩේ දුන්නෙ ජනපතිට ඉන්දියානු පරපෝසිත චන්දයෙන් ඉන්දියානු ඉත්තකු වසයෙන් සිරිසේන තෝරාගැනීමෙන්ය. ඉන්දියානු අදිරදයෝ 1951දී සොලොමොන් ගෙනල්ල කරපුවැඩේ එයාගෙ දෝනියැන්දගෙන් වැඩේ දුන්න. මේ චන්දයෙන් සින්හලයින්ට තුනෙන් දෙකක බලය නොදීම තමයි ඉන්දියානු අදිරද සැලසුම. සින්හල චන්ද කෑලි කිරීම ඉන්දියානු අදිරද මුදල්වලින් කරල ඉවරයි. ඉන්දියානු පරපෝසිතයෝ වෙනම උතුර නැගෙනහිර බලය අල්ලගෙන ඉවරයි. උතුර නැගෙනහිරට පිටින් ඉන්න ඉන්දියානු පරපෝසිතයෝ සිරිසේන හා රනිල් හරහා උන්ගේ බලය තහවුරු කරගෙන ඇත. සින්හලය ඉන්දියානු අදිරදයේ තෙවන යටත් විජිතය බවට පත්වෙමින් පවතී. මොරිසිය හා ගුයානා දෙස බලන්න.ඉන්දියානු අදිරද පුවත් හා උන්ගේ පුවත් පත් කියවන්න.

  2. Christie Says:

    Definitely there are some vote rigging. The worst is buying votes with money and goods. For the first time I have heard votes have been bought with a promise to pay later. This is a new development in Sri Lanka and d may have been the result of economic cultural change within the Sinhala culture where debt is the norm.

  3. NAK Says:

    A strange democracy this is! Our people vote to please the Amaricans and the Indians!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress