ගෞරවණීය මහත්වරුණි, ජාතික බලවේගය අතරමං කරනු එපා.
Posted on August 21st, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

මැතිවරණ උණුසුමින් ගිනියම්ව තිබූ භූමිය, මතු පිට අළු තට්ටුවෙන් වැසී ගොස් ඇත. වර්ෂ 1815 න් අවුරුදු 200 කට පසුව, එදා උන් ලද ජයග්රහණය උත්සව ශ්රීයෙන් සමරමින් සතුරා ජයපැන් බොමින් සිටී. උන් විසින්, ලොව පුරාම දෙසන ප්රජාතන්ත්රවාදය, අපක්ෂපාතී භාවය, යුක්තිය හා සාධාරණය කාණු සේදීමට තරම්වත් නොවටිනා දෙයක් බව පසක් කරමින්, මීයෙක් මරාගත් පූසෙක් සේ, උඩ දමමින් එහාට මෙහාට විසි කරමින්, ප්රජාතන්ත්රවාදය හා යුක්තිය සමග සතුරා සෙල්ලම් කරමින් සිටී. මෙරට ජාතික බලවේගය නම්වූ ජීවමාන මහා සත්වයාගේ ශරීරයේ කුඩා ශෙෙල වන අපට කලහැකි කාර්ය ඉතා අල්ප වූවත් ඒ ශෙෙලයන්ගේ  නිර්මාණයට සිදු කල හැකි කාර්යය අති ප්රභලය. 2015 අගෝස්තු මස 17 වෙනිදා ඒ මහා බලවත් නිර්මාණය උදෑසනින් අවදිව, චන්ද මධ්යස්ථානයට ගොස් සිය යුතු කම මනාව අකුරටම ඉටු කලහ. 2015 ජනවාරි මස 8 වෙනිදා චන්දය භාවිතා කල ලක්ෂ 57කට මදක් වැඩි ජනතාව හා අත්වැල් බැදගත් නව චන්දදායක පරපුරක් මහින්ද රාාජපක්ෂ මහතාගේ ජයග්රහණය උදෙසා භාවිතා කලහ. ජයග්රහායී සටන පරාජයෙන් නිම විය. ඒ ඇයි. මේ සම්බන්ධව පැහැදිලි ස්වයං විවේචනයක අවශ්යතාවය ජන සමාජය තුල මතුව තිබේ.

ජාතික බලවේගයේම කොටසක් වන අප දුටුදේ අප එදා පැවසුවෙමු. අප එක්තරා අවස්ථාවකදී, අප සතු සීමාවන් ඉක්මවා යමින්, “අන්‍ත්‍රාවයි! මහින්ද රාජපක්‍මහතාණෙනි, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින්න එපා.” යනුවෙන් හඩගා කීවෙමු. නමුත් අප සිතූ ආකාරය හා එතුමන්ලා සිතන ආකාරය තුල මහා පරස්පර භාවයක් තිබුණ බැවින් එතුමන්ලා “එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්” තරග වැදීමට තීරණය කලහ. අද එහි පලයන් අප බුක්ති විදින්නෙමු.

එදා අප මෙසේ පැවසුවෙමු. පසුගිය ජනාධිපතිවරණයේදී 57 ලක්ෂයකට මදක් වැඩි ඡන්ද සංඛ්යාවක් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත් කිරීමේ අරමුණින්  චන්දය පාවිච්චි කලහ. මේ පිරිසගේ කැමත්ත මහින්ද රාජපක්ෂ මහතා සදහාද නැත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය සදහාද යන ප්රශ්නයට අප දෙන පිලිතුර කුමක්ද? අප දන්නා දේශපාලනයට අනුව මේ සියලුම චන්දදායකයින් එදා සිය චන්දය භාවිත කලේ මහින්ද රාජපක්ෂ මහතා උදෙසා මිස, එක්සත් ජනතා නිදහස් සන්ධානය සදහා නොවේ. එබැවින් වටිනාකම ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට මිස,  එක්සත් ජනතා නිදහස් සන්ධානය නොවේ. දැන් ගැටලුව ඇත්තේ මේ වටිනාකමක් නැති එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදීමට වලිකන්නේ ඇයිද යන ගැටලුවයි. අප ජීවත්වන්නේ උපාය උපක්රම වලින් බරිත දේශපාලන ලෝකයකයි. මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීම තුලින් එතුමා ලබන කිසිදු දේශපාලන වාසියක් නැති බව අපට අකමැත්තෙන් වුවද ප්රකාශ කිරීමට සිදුවේ. එසේ තරග කරන්නේ නම් එතුමාට සිදුවන අවාසිය අති ප්රභල බවද පැවසීමට සිදුවේ. ඒවා මොනවාදැයි අප සලකා බලමු.”

තවද අප මෙසේද පැවසුවෙමු.

පසුගිය ජනවාරි මස 18 වෙනිදා මේ රටේ ජනතාව පැහැදිලි පිල් දෙකකට බෙදුණ දිනයයි. එය රටට හිතැති බලවේගය හා රටට අහිතකර බලවේගය වශයෙන් පැහැදිලිවම වෙන්කල යුතුය. එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුන මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහර මැති ඇමතිවරැ පමණක් නොව, එම පවුල්වල සාමාජිකයින්ද චන්දය පාවිච්චි කලහ. සමහර ඇමතිවරු සෘජුවම තම හිතවතුන්ටද පැවසුවේ; මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව චන්දය පාවිච්චි ලෙසයි. සියල්ලේම ඵලය වූයේ එතුමාගේ පරාජයයි. එතෙක් මෙතෙක් කාලය තුල මෙරට තුල වූ සියලු දේශපාලන සිදුවීම් තුලින් වඩ වඩාත් සතුරු පිල් දෙක හා ඒවායේ ස්වරූපය විදහා දක්වන ලදී.

පරාජයත් සමග ගොඩනැංවුන දේශප්රේමී ජන මානසිකත්වය වහ වහා ක්රියාත්මකව; පරාජයට පත්වුණ ජන නායකයා වටා මහා පවුරක් සේ සිට ගත්තේ සිය ශක්තිය මත මහා බලාපොරොත්තුවක් තබමිණි. මහජන බලය අද ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා, දිනේශ් ගුණවර්ධන මහතා, වාසුදේව නානායක්කාර මහතා, විමල් වීරවංශ මහතා හා උදය ගම්මන්පිල මහතා ඇතුලු බලවේගය මතයි. බලවේගය අද හසුරවන්නේ මේ ජන නායක කණ්ඩායම මිස, එක්සත් ජනතා නිදහස් සන්ධානය නොවේ. අද සිදු කල යුත්තේ, මේ බලවේගයේ නියෝජිතයින් අතරින් සුදුස්සන් තෝරා ගෙන මහා මැතිවරණය සදහා තරග කිරීමට නම් කිරීමයි. එය සිදුකල යුත්තේ මේ නායක මණ්ඩලය මිස තීරණාත්මක අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතාව අත්හැර ගිය මිනිසුන්ගේ අත බලය රදා පවතින එක්සත් ජනතා නිදහස් සන්ධානය නොවේ.

යම් හෙයකින් සතුරු බල මෙහෙයවුමකින් එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් මහා මැතිවරණයට තරග වදින කණ්ඩායම තේරීමේ බලය අත්පත් කර ගත්තොත් සිදුවන්නේ, මේ රටේ තම පවුලේ අයගේ හා හිතවතුන්ගේ චන්ද හැර වෙන කිසිදු චන්දයක උරුමයක් නැති මෙෙත්රීපාල සිරිසේන හිතවාදීන්ටද ආසන්න වශයෙන් 50%ආසන සංඛ්යාවක් උරුම වීමයි. මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගන්නා අතර, ජය ගන්නා අයගෙන් අඩක් මෙෙත්රීගේ බවත් අය සෘජුවම රනිල් අගමැති කිරීමට පාර්ලිමේන්තුවේදී පෙල ගැගෙන බවත් වටහා ගන්න. වැරදි තීරණයක් ගෙන ඉතිහාසයේ තවත් වරක් මේ ජනතා පෙල ගැස්ම විනාශ කරන්න එපා. එක්සත් ජනතා නිදහස් සන්ධානය එපා නව පෙරමුණකින් තරග වදින්න. නිවැරදි තීරණය එයයි. ඔබ සැමට බුදු සරණයි! සියලු දෙවි රැකවරණයි!”

එදා අප පල කල දේ දශමයකින්වත් අඩුවක් නැතිව ආකාරයෙන්ම දකින්නෙමු  ඉදිරියේ ඇත්තේ මීට වඩා අසීරු ගමනකි.  ගෞරවණීය මහත්වරුණි, ජාතික බලවේගය නිවැ රදි මාවතේ ගෙන යන්න. සදහා ඔබ සියළු ශක්තිය හා ධෙෙර්යය ලැබේවා!  බුදු සරණ හා දෙව් රැක වරණද ලැබේවායි පතමු.

 

2 Responses to “ගෞරවණීය මහත්වරුණි, ජාතික බලවේගය අතරමං කරනු එපා.”

  1. Kumari Says:

    Mr. Pandithage, as long as there is a fox in Yahapalana clothes heading the SLFP/UPFA do not expect the rights of the ordinary citizen will be respected. To add to that we have Deshapriya as the EC. So, the peoples aspirations will never be respected by these traitors. Deshapriya is an addition to the troika of MS/RW/CBK.

  2. chandrasena Pandithage Says:

    Kumari Thank you very much for your comment. We need to exchange our ideas on the on going crisis in Sri Lanka.. We should understand the reality of so called Democracy.. Democracy is Election Commissioner’s wishes. God is Election Commissioner and God save Queen Elizabeth
    .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress