මනො මැතිවරණ කොමසාරිස්තුමා සමග පවත්වන ලද මනෝ සාකච්ඡාව
Posted on August 30th, 2015

සමාජ සමීක්ෂණ විසිනි.

මනො මැතිවරණ කොමසාරිස්තුමා සමග පවත්වන ලද මනෝ සාකච්ඡාව

මහා මැතිවරණය අවසන්ව ඇත. මෙරට ජනතාව තුල මේ වනවිට මැතිවරණය සම්බන්ධව ගැටලු රාශියක් මතුව තිබේ. ගැටලු සම්බන්ධව ජන හදවත් තුල ඇති සැක සංකා සන්සිදවීමේ අරමුණින්  පැහැදිලිව, තර්කානුකූලව  පිලිතුරු ලබාගැනීමේ අපේක්ෂාවෙන් අපි මනෝ මැතිවරණ කොමසාරිස්තුමාව අද මනෝ සාකච්ඡාව සදහා කැදවන ලැබුවා.

නිවේදක; අපි ඔබතුමාව ආයුබෝවන් කියල පිලිගන්නවා.

මැකො ; ආයුබෝවන්!

නිවේදක; අපි කෙලින්ම අපේ සාකච්ඡාවට බහිමු. මේ රටේ මිනිස්සුන්ට තම රටේ පාලනය හා බැදෙන්නට ලැබෙන වැදගත්ම අවස්ථාව තමයි, මැතිවරණය. තම රටේ රාජ්ය පාලනය සදහා නායකයින් තෝරා ගැනීම සිදු කරන්නේ මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය තුලිනුයි. එම කටයුත්ත නිසි ලෙස කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔබතුමන්ටයි. ඉතින් ඔබතුමා කටයුත්ත නිසිලෙස කලායයි සෑහීමකට පත්වෙනවද?

මැකො; ඔව් මම මගේ වගකීම නිසි ලෙස කල බව ප්රකාශ  කරනවා. යම් යම් සලු සුලු අඩුපාඩුකම් තිබිය හැකියි, නමුත් සමස්තයක් වශයෙන් පිරිසිදු සාධාරණ මැතිවරණයක් පැවත්වුණා.

නිවේදක; ඔව් අපිත් පිලිගන්නවා පිරිසිදුව හා සාධාරණව ජනතාවට සිය චන්දය පාවිච්චි කිරීමට අවස්ථාව උදාකරල තිබුණ බව; ඊට පස්සෙ මොකද උනේ?

මැකො; ඔබ අදහස් කරන්නේ කුමක්ද?

නිවේදක; ඔව් ජනතාව තම චන්දය ඔබ දෙපාර්තමේන්තුවට අයත් චන්ද පෙට්ටියට දැමුවට පස්සේ එහි සම්පූර්ණ වගකීම තියෙන්නේ ඔබ සතුවයි. ඔබ වගකීම ඉටු කලාද කියලයි අප අසන්නේ? මේරට ජනතාවගේ මතයට අනුව ඔබ එ් එෙතිහාසික වගකීම ඉටු කරලා නැහැ.

මැකො; මම චෝදනාව තරයේ ප්රතික්ෂේප කරනවා.

නිවේදක; හොදයි. ඔබ විසින් මේ මැතිවරණය සදහා යොදා ගත්තේ, පසුගිය ජනාධිපතිවරණය සදහා යොදාගත් චන්ද හිමි නාම ලේඛණයයි කියල ඔබ ප්රකාශ කරල තිබුණ, ඒක සත්යක්ද?

මැකො; ඔව් ඒක සත්යක් මම යොදා ගත්තේ එම නාම ලේඛණයමයි.

නිවේදක; ලේඛණයට අනුව මුළු දිවයින පුරාම ඡන්දදායකයින් 15,044,490 ක් ලියා පදිංචි වෙලා තියෙනවා. ඒක නිවැරදිද?

මැකො; ඔබ හරි. ඒක නිවැරදියි

නිවේදක; හොදයි, අපි පසුගිය ජනාධිපතිවරය සම්බන්ධව කථා කරමු. ජනවාරි මස 8 වෙනිදා පවත්වන ලද ජනාධපතිවරණයේදී, මෙෙත්රීපාල සිරිසේන මහතාට චන්ද 6,217,162   ක් ලබා ගත්තා, අවස්ථාවේදී එතුමාට සහය දැක්වූයේ, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්රවිඩ සන්ධානය, හා මුස්ලිම් කොන්ග්රසය යන දේශපාලන පක්ෂයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී, එම පක්ෂ විසින් ලබාගත් චන්ද වල එකතුව 6,203,027 යි.  මේ චන්ද සංඛ්යාය මගින් මනාව මෙෙත්රීපාල සිරිසේන මහතා විසින් එදා ලබා ගන්නා ලද ජනාධිපතිවරණ චන්ද සම්බන්ධව ඉතා හොද  සාධාරණයක් ඉටුකරණවා. ලක්ෂ 62 කිසිදු ආකාරයකින් වෙනස් වී නැහැ.

ජනාධිපතිවරණයේදී, මහින්ද රාජපක්ෂ මහතා ලබා ගන්නා ලද්දේ, චන්ද 5,768,090 කි. එදා එතුමාට ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊ.පී.ඩී.පී. පක්ෂයේත් සහය ලැබුණා. මෙවර එක්සත් ජනතා නිදහස් සංධානයේ හා ඊ.පී.ඩී.පී. පක්ෂයේ චන්ද වල එකතුව 4,766,150 කි. අනුව මෙදා එක්සත් ජනතා නිදහස් සංධානයට හිමිවිය යුතුව තිබූ චන්ද 1,001,940 කට සිදුවූ දේ සම්බන්ධව සොයා බැලීමට මෙරට ජන සමාජය මාධ්යවේදීන් වන අපටද බල කරනවා. මේ මුළු ජන සමාජයම අසන ප්රශ්නයට ඔබතුමා දෙන උත්තරය මොකක්ද?

මැකො; මට ප්රශ්නය පැහැදිලි මදි.

නිවේදක;  මේ රටේ චන්ද දායකයො ඔබෙන් අහනවා, මහින්ද රාජපක්ෂ මහතාට ලැබිය යුතු ඒ 1,001,940 වන්ද වලට සිදුවුනේ කුමක්ද? සිදු කලේ කුමක්ද? කියල.            හැබෑටම සිදු කලේ කුමක්ද?

මැකො; ඇත්තටම ඔබ මට චෝදනා කරනවාද, මේ චන්ද 1,001,940 සම්බන්ධව?

නිවේදක; නැහැ මම ඔබතුමාට එරෙහිව කිසිම චෝදනාවක් කරන්නේ නැහැ. නමුත් සමාජය, ජනතාව මේ ප්රශ්නය දිගින් දිගටම අහනවා. ප්රශ්නයයි මම ඔබතුමා වෙත යොමු කලේ.

මැකො; හොදයි මම යෝජනා කරනවා ඡන්ද දායකයින් තමන්ගේ චන්දය පාවිච්චි කරන්නට ඡන්ද පොලට නොඑන්න ඇත කියා.

නිවේදක; හොදයි අපි එහෙම හිතමු. ඔබ කියන්නේ, “සියළුම විරුද්ධ පාක්ෂිකයින් එකාවන්ව එකතුව “මහින්ද හොරා, මහින්ද හොරා කියමින් හඩ නගන වේලේ; එතුමා වෙනුවෙන් පෙල ගැසුන මිනිස්සු, සොරෙක් නොවන බව දැනගත් විට එතුමාව අත්හැර ගිය බවද? එහෙම නැත්නම්  එතුමාව නොසලකා හැර සිටියා කියාද? “

මැකො; මම එහෙම කියන්නේ නැහැ. නමුත් මිනිසුන් එතුමාට චන්දය දී නැති බව නම් පැහැදිලියි.

නිවේදක; නමුත් ජනතාවගේ පලමු චෝදනාව; ඔබ මහින්ද රාජපක්ෂ මහතාට අයත්  චන්ද 1,001,940ක් සාපරාදී ලෙස අස්ථානගත කල බවයි.

 සම්බන්ධව ඔබට යමක් පැවසිය හැකිද?

මැකො; මම චෝදනාව තරයේ ප්රතික්ෂේප කරනවා. මම ඉතා පැහැදිලිව ගෙන හැර දක්වා ඇත්තේ මෙරට ජනමතයයි.

නිවේදක; හොදයි එසේනම් ඔබගේ අනුමැතිය ඇතිව මේ නිකුත් කර ඇති මැතිවරණ ප්රතිපල තුලින් ඔබ කියා සිටින්නේ;

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා චන්ද 5,768,090 ලබාගත්තද, ඊට දින 211කට පසුව, එම බලවේගයම නැවත ලබා ගත්තේ වන්ද 4,732,664ක් පමණක් ලබා ගත් බවයි.

මැකො; ඔව් ඒක තමයි සිදුවෙලා තියෙන්නේ.

නිවේදක; අපි දැක්කේ මිනිස්සු, මහින්ද රාජපක්ෂ මහතා සොයා ගලායන යන සමාජයක්. නමුත් ඔබ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා වෙතට ජනතාව ගලා යන සමාජයක් නොතිබුණ බවයි. වෙනුවට මෙහි තිබුණේ ඉතා වේගයෙන් ජනතාව මහින්ද රාජපක්ෂ මහතා වෙතින් ඉවත්ව යන සමාජයක් බවයි.

මැකො; මම එහෙම කියන්නේ නැහැ. වුනාට මේ මැතිවරණ ප්රති පල වලින් පෙන්නුම් කරන්නේ වගේ තත්වයක්.

නිවේදක; ඔබ පිලිගන්නවා; සමාජයේ නොතිබුණ තත්වයක් මේ මැතිවරණ ප්රතිපල තුලින් නිර්මාණය වෙනවා කියල?

මැකො; නැහැ. හැම විටම මැතිවරණ ප්රතිපල වලින් නිරූපනය කරන්නේ සමාජයේ ඇති යථා තත්වයයි.

නිවේදක; හොදයි, ඔබ ඉදිරිපත් කරන ප්රතිපල වලට අනුව, මේ දින 211 තුලදී, ජනතාව සෑම දිනකදීම 4750සංඛ්යාවක්මහින්ද රාජපක්ෂ මහතාව හා සන්ධානය හැර ගොස් තිබෙනවා.

අනුව සෑම මසකම මිනිසුන් 1,42,500 ජනතාවක් මහින්ද රාජපක්ෂ මහතාව හැර ගොස් තියෙනවා. පුදුම ජන ගංගාවක් ඔහුව හැර ගොස් ඇති බවක් පෙන්වනවා. මේ කථාව පිලිගන්න කියලද ඔබ මෙරට ජනතාවට කියන්නේ?

මැකො; මම ජනතාවට එසේ පිලිගන්නා ලෙස බල කරන්නේ නැහැ. නමුත් සිදුව ඇත්තේ එයයි.

නිවේදක; ඔබේ මැතිවරණ ප්රතිපල අනුව සිදුව ඇත්තේ එයයි. මේ මහින්ද රාජපක්ෂ මහතාව, හැරයෑමේ ප්රවාහය ආරම්භව ඇත්තේ, පසුගිය ජනාධිපතිවරණයෙන් පසුවයි. එය නිවැරදිද?

මැකො; ඔව් කෙසේ නමුත් ජනාධිපතිවරණයෙන් පසුව, චන්දදායකයින් 1,001,940 ක් එතුමාව හැරගොස් තිබෙනවා. ඒක තමයි මෙතන පෙන්නුම් කරන්නේ.

නිවේදක; හොදයි පැහැදිලි කරන්න මේ ඉවත්වූ මිනිසුන් කොහෙටද ගියේ කියලා.

මැකො මම කොහොමද සම්බන්ධව විග්රහ කරන්නේ? අය කැමති පැත්තකට යන්න ඇති. චන්දය කියන්නේ කැමැත්ත. අය තමන් කැමති දෙයක් කරන්න ඇති.

නිවේදක; ඔව් අය තමන් කැමති දේ කරලා තියෙනවා. ඔවුන් කැමති දේ ප්රකාශ වන්නේ කවර ආකාරයෙන්ද?

මැකො; මම දන්නේ නැහැ.

නිවේදක; ඔව්. ඔබ  ඉතාමත් හොදින් දන්න නමුත් සමාජය නොදන්නා සිදුවූ ඉතාම වැදගත්ම කාර්යයත් එයයි.  අප  එය සොයා ගත යුතුයි. මේ චන්ද 1,001,940සිදුකලේ කුමක්ද? මේ මහා මැතිවරණයේ ප්රතිපලය මුලුමනින්ම කණපිට පෙරලුවේ මේ චන්ද 1,001,94 යි. මේ ගැටලුව විසදා ගැනීමට ක්රමයක් ඔබ සතුද?

මැකො; මේක ඔබට ගැටලුවක් වුනාට මට ගැටලුවක් නොවෙයි. මට විසදගන්න දෙයක් මෙතන නැහැ.

නිවේදක; හොදයි අපි ජනතාව ඔබට එරෙහිව ගොනු කරන මීලග චෝදනාව වෙත යොමු වෙමු. ඊට  පෙර මට ඔබතුමාගෙන් දැනගන්න අවශ්යයි ඔබතුමාගේ ඉතිහාස දැනුම සම්බන්ධව. කොහොමද සම්බන්ධ දැනුම?

මැකො; මට හොද ඉතිහාස දැනුමක් තිහෙනවා. සම්බන්ධව අවබෝධයකුත් තියෙනවා.

නිවේදක; හොදයි එහෙනම් ඔබට මෙරට මැතිවරණ ඉතිහාසය සම්බන්ධවත් හොද අවබෝධයක් ඇති නේද?

මැකො; ඔව්, මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් මට මැතිවරණ ඉතිහාසයන් සම්බන්ධව හොද ගැඹුරු අවබෝධයක් තිහෙනවා

නිවේදක; හොදයි අපි මේ සාකච්ඡාව එෙතිහාසිකව ඉතා වැදගත් සාකච්ඡාවක් නිසා පැහැදිලිව නිවැරදිව මේ කටයුත්ත ඉටු කරමු. ඒක ජාතික වගකීමක් ලෙසයි අපි සලකන්නේ.


වර්ෂ 1947දී එක්සත් ජාතික පක්ෂය, චන්ද 751,432 ක් ලබාගෙන තමයි ම‌ැතිවරණ සටනට පිවිසෙන්නේ,. මේ පක්ෂය රටට මහා මෙහෙවරක් සිදුකල දේශපාලන පක්ෂයක්. මේ පක්ෂය වසර 63 කට පසු, එනම් 2010 මහා මැතිවරණයේදී චන්ද 2,357,057 ලබාගන්නවා. වසර 63 කාලයක් පුරා කල කටයුතු වල ප්රතිපලයක්.

එම එක්සත් ජාතික පක්ෂයම, මේ මැතිවරණ ප්රති පලයට අනුව, වර්ෂ 2014 සිට 2015 දක්වාවූ 1 අවුරුද්දක් වැනි කෙටි කලක් තුලදී චන්ද 2,741,859 අලුතින්ම එකතු කර ගෙන කිසිදා ස්වාභාවික තත්වයන් යටතේ සිදු කල නොහැකි ඉලක්කයක්  ලගා කරගෙන තියෙනවා.

මේ වැඩිවීම ප්රතිශතයක් වශයෙන්  116.33% කි. මෙවැනි චන්ද වැඩිවීමක් සිදුකර ගත නොහැකි ඉලක්කයකි. විශ්වකර්ම සිදුවීමේ නිර්මාතෘතුමා ඔබද? මේ සම්බන්ධව ඔබට කීමට ඇත්තේ කුමක්ද?

මැකො; ඔබ කියන්නේ මෙවැන්නක් සිදුවිය නොහැකි බවයි. නමුත් මට කීමට ඇත්තේ, ඇත්ත වශයෙන් එවැන්නක් සිදුව ඇති බවයි.

නිවේදක; අපි දන්නවා එවැන්නක් සිදුව තිබෙන බව. සිදුවිය නොහැක්කක් සිදුවුණේ කොහොමද යන පැනයයි අද අප ඉදිරියේ ඇත්තේ. ජනතාව එම පැනය පුල පුලා ප්රශ්න කරණවා.. කරුණාකර පැහැදිලි උත්තරයක් දෙන්න.

මැකො; මම මැතිවරණ කොමසාරිස් චන්දය දමන අයට පහසුකම් සපයා චන්ද සුරක්ෂිතව ගෙනවිත් ගනන් කර ප්රතිපල නිකුත් කිරීම මිස වෙන කාර්යයන් සම්බන්ධව මට වග කියන්න බැහැ.

නිවේදක; මේ මැතිවරණයේදී බරපතලම මැතිවරණ වංචාව සිදුව ඇත්තේ මේ ලක්ෂයේදීයි. මුළු මහත් මැතිවරණයම මහා චන්ද මංකොල්ලයක් බව මුළු රටම විශ්වාස  කරනවා. එම වංචාවේ පදනම ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට අලුතින් එකතු කරන ලද මේ චන්ද 2,741,859 මතයි. මේක බරපතලම වංචාවක් මේ සම්බන්ධව වහාම සොයා බැලීය යුතුමයි.

මැකො; මේක බරපතල චෝදනාවක් ඔබට එහෙම කියන්න ඉඩ දෙන්න බැහැ. මේක මැතිවරණ දෙපාර්තමේන්තුවට සිදු කරන බරපතලම නිගාවක්; මම ඔබේ චෝදනාව මුළුමනින්ම ප්රතික්ෂේප කරනවා.

නිවේදක; ඔබ හරියටම හරි මේක බරපතල චෝදනාවක්; මැතිවරණ දෙපාර්තමේන්තුවටම නිගාවක්. මේ නිගාව කඩා පාත් වන්නේ ඔබ මැතිවරණ කොමසාරිස් වශයෙන් සිටින මේ මොහොතෙයි. වහාම පුවත් පත් සාකච්ඡාවක් කැදවා මේ සම්බන්ධව ප්රකාශයක් නිකුත් කරන්න. සමගම ජනතාව අසන ප්රශ්න වලට න‌ිැරදිව පිලිතුරු දෙන්න. මැතිවරණ දෙපාර්තමේන්තුවේ පාරිශුද්ධභාවය සුරකින්න කටයුතු කරන්න. වැදගත් වන්නේ එයයි.

කරුණාකර පවසන්න එක්සත් ජාතික පක්ෂය ඇත්ත වශයෙන්ම 116.33%චන්ද වර්ධනයක් එනම් චන්ද 2,741,859 ක්ෂණිකව වර්ධනය කර ගත්තේ කෙසේද?

මැකො; ප්රශ්නය ඇසිය යුත්තේ එක්සත් ජාතික පක්ෂයෙනුයි. මගෙන් නොවෙයි.

නිවේදක; මේක මැතිවරණයේ චන්ද මංකොල්ලයේ පදනම නම්; අපිට තව කාලයක් මේ ලක්ෂයේම සැරිසරන්න වෙනවා

මැකො; ඔබට කැමති ආකාරයකට මේ කටයුත්ත කරන්න.

නිවේදක; එක්සත් ජාතික පක්ෂය මැතිවරණ ඉතිහාසයේ ලද විශිෂ්ඨතම වාර්තාව සටහන්ව ඇත්තේ 1977දීයි. ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් ලද විශාලම ජයග්රහණය එයයි. එම පක්ෂය සිය චන්ද ප්රමාණය 1970දී ලද චන්ද ප්රමාඞට වඩා වැඩි කරගත්තේ 68% කින් පමණයි. අනුව මේ 116.33% චන්ද ජර්ධනය නිර්මාණිත බොරුවක්. එවැන්නක් කවදාවත් සිදුවිය නොහැකියි. මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සිදුවිය හැකි උපරිම චන්ද වර්ධනය 68% පමණයි.

මැකො; ඔබ මෙහි සදහන් කරනවා, “මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සිදුවිය හැකි උපරිම චන්ද වර්ධනය 68% පමණයි.” කියලා. එසේ කියන්න ඔබට ඇති පදනම කුමක්ද?

නිවේදක; 1977 එක්සත් ජාතික පක්ෂයේ  විශිෂ්ඨ ජයග්රහණයට පදනම වූයේ ,


1. 1971
අප්රේල් කැරැල්ලේ තරුණ ඝාතනයන්ගේ පලයන්ද
2
හාල් පොලු හා මිරිස් පොලුද,
3.
උගතුන්ගේ විරැකියා ප්රශ්නය හා

  1. හදිසි නීතිය හටතේ පවත්වා ගෙන ගිය රාජ්ය පාලනයයි.

1977 එක්සත් ජාතික පක්ෂ මැතිවරණ වේදිකාවේ වූයේ කතරගම රූප සුන්දරියව ඝාතනය කරන ආකාරය පිලිඹු කරන සිතුවම්ය. අනුව එදා සමාජ තත්වයන්ට අනුව, එක්සත් ජාතික පක්ෂය 68%දැවැන්ත චන්ද වර්ධකයක් ලැබීම තුල සාධාරණයක් ඇත.

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ,

  1. 2009 සිට මෙරට යුද්ධය විසින් සිදුකල ඝාතන සියල්ලම නැවතී තිබුණි.

2.හදිසි නීතිය ඉවත් කරන ලදී.

  1. සියලුම උපාධිදාරීන්ට රැකියා ලබාදී තිබිණි.
  2. ඉතා වේගවත් සංවර්ධන ක්රියාවලියක් සිදුවෙමින් තිබිණි.

මේ සිදුව ඇත්තේ, 1970- 1977 දක්වා රටේ සිදුවූ දෙයට ප්රතිවිරුද්ධ ජනතා හිතවාදී කාර්යයන්. එදාට සාපපේක්ෂව මේ ප්රතිපලය විකෘතියක්. මේ සම්බන්ධව ඔබට කීමට ඇත්තේ කුමක්ද?

මැකො; මේ ආයතනය හා මැතිවරණ කොමසාරිස් වන මම, නිදහස් ස්වාධීන  විය යුතුයි. අනුව මට ඔබ කථා කරන දේශපාලනය කථා කල නොහැකියි.

නිවේදක; හොදයි. එදා සමාජ තත්වය හා සසදා බලන විට මෙදා 116.33%එක්සත් ජාතික පක්ෂ චන්ද වර්ධනය මහා ප්රෝඩාවක් බවයි ජනතා මතය වන්නේ එම කාර්යය, ඉතා සියුම්ව සැලසුම් සහගතව මැතිවරණ දෙපාර්තමේන්තුව තුලම සිදු කර ඇති බවට ජනතාව චෝදනා කරනවා

මැකො; කොහොමද?

නිවේදක; ප්රශ්නයට උත්තර සොයමින් තමයි අප මේ සැරිසරන්නේ. අනිවාර්යෙන්ම ඔබට වැටහෙන්න ඔ්නි , මේසා විශාල ප්රමාණයක චන්ද වර්ධනයක් වසරක් වැනි කෙටි කලෙකින් එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැක පදනමක් රටතුල නොතිබූ බව.

මැකො; මේ මැතිවරණ දෙක අතර කාලයෙ වෙනස අවුරුදු පහක් වෙනවා. 2010 සිට 2015 දක්වා; මෙ වර්ධනය වසර පහක් පුරා සිදුවුණ දෙයක්. වසරකින් සිදුවුණ වර්ධනයක් නොවෙයි.

නිවේදක; හොදයි ඔබත් හිතනවා මේ කාර්යය වසරක් වැනි කාලයකින් සිදුවෙන්න බැහැ කියලා?

මැකො; මම එහෙම කීවෙ නැහැ. මම කීවෙ මේ සිදුවීම වසර 5ක් පුරා සිදුවුණ කටයුත්තක් බවයි.

නිවේදක; හොදයි ඔබ කියන ආකාරයට 2010 සිට එක්සත් ජාතික පක්ෂයේ චනඅද පදනම වර්ධනය වූවා නම් 2014 බස්නාහිර පලාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය 2009 බස්නාහිර පලාත් සභා මැතිවරණයට වඩා අඩු චන්ද සංඛ්යාවක් ලබාගත්තේ ඇයි?
මේ ආකාරයට සන්සන්දනාත්මකව බලන විට, ඔබ දක්වන එක්සත් ජාතික පක්ෂයේ චන්ද වර්ධනය ආරම්භව ඇත්තේ, 2014 මාර්තු මස 29 වෙනිදාට පසුවයි. ආකාරයෙන් බලන විට මේ ආශ්චර්යය සිදුවීමට වසරක්වත් ගතව නැති බව ඔබට වැටහෙන්න ඕ්නි. මාස 10ක් වැනි කෙටි කාලයක් තුලදී, මෙරට කිසිදු පක්ෂයකට  චන්ද 2,741,859වර්ධනයක් කරා ලගා වෙන්න නම් බැහැ. මේක ඉතා පැහැදිලිව චන්ද වංචාවක්. මේ සම්බන්ධව ඔබතුමා ගන්නා පියවර සම්බන්ධව මුලු රටම බලා සිටිනවා.

මැකො ඔබ කියන ආකාරයේ කිසිම දෙයක් මම නම් දකින්නේ නැහැ.

නිවේදක; මේ වනවිට ඔබට හා ඔබ ආයතනයට එරෙහිව බරපතල චෝදනා දෙකක් මෙරට ජනතාව ඉදිරිපත් කරලා තියෙනවා.

1.පලමු චෝදනාව; ඔබ මහින්ද රාජපක්ෂ මහතාට අයත්  චන්ද 1,001,940ක් සාපරාදී ලෙස අස්ථානගත කල බවත්

  1. ඔබ සතු තාක්ෂණික ඥානය අපහරණය කරමින් එක්සත් ජාතික පක්ෂයට අයත් නැති චන්ද 2,741,859වර්ධනයක් සටහන් කරමින් ජනතා පරමාධිපත්ය බිද දැමීමට කටයුතු කර ඇති බවයි.

ඔබ ආයතනය විසින් මේ නිකුත් කර ඇති ප්රතිපල සාවද්යයි. ඔබ මේ රටට හා ජනතාවට කියන්නට උත්සහ කරන්නේ, පාර්ලිමේන්තු මැතිවරණ තලයේදී,

  1. 2010 සිට 2015 දක්වාවූ කාලය තුල අලුතින් ලියාපදිංචි වූ 955,990 ක් වූ චන්ද වලින්, එකද චන්දයක් වත් මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ සන්ධානයට නොලැබුණ බවයි.
  2. එපමණක්ද නොව, 2010 මැතිවරණයට වඩා චන්ද 113,724චන්ද ප්රමාණයක් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් සන්ධානයට අඩුවූ බවයි.
  3. මේ ජනතාවම ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ආකාරයක 2,741,859 චන්ද වර්ධකයක් මාස 10ක් තරම් වූ කෙටි කාලයක් තුල, එක්සත් ජාතික පක්ෂයට ලබා දුන් බවත් පවසයි.

    රටේ පවතින සැබෑ තත්වයන් යටතේ මේ කරුණු තුනින් එකද කරුණක්වත් සත්ය නොවේ. කිසිදු ජීවමය පදනමක් නැති මේ කරුණු පණ ලද පිල්ලියක්සේ සමාජය ග්රහණයට ගෙන ඇති බව ජනතාව විශ්වාස කරනවා.

මැකො; ජනතාවට ඔ්නෑම දෙයක් විශ්වාස කරන්න නිදහස තියෙනවා. ඒක ප්රජාතන්ත්රවාදී සමාජයක ලක්ෂණයක්.

නිවේදක; ඔව් ජනතාව සිතීමේ නිදහස හොදට පාවිච්චි කරනවා. අය කියනවා ජාතියේ සතුරන්ට පලමුව මහින්ද රාජපක්ෂ මහතාව බලයෙන් පහකිරීමට ඇවැසිව තිබූ බව. සදහා  එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණයේදීම චන්ද 2,741,859අසාමාන්ය චන්ද වර්ධකයක් අඩංගු කිරීමට සිදුවූ බව. එසේ කිරීම තුලින් වංචනිකව මහින්ද රාජපක්ෂ මහතාව බලයෙන් පලවා හැරිය බවත් පල කරනවා.

මැකො; මේ චෝදනාව මුසාවක් එවැන්නක් කවදාකවත් සිදුව නැහැ.

නිවේදක හොදයි. මේ ජනතාවම පවසනවා. 2015 මහා මැතිවණයේදී සන්ධානය පැරදවීමට නම් එක්සත් ජාතික පක්ෂයට බැර කල චන්ද 2,741,859 ප්රමාණවත් නොවූ බැවින් දහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් තවත් චන්ද 1,001,940 ඉවත් කර වංචනිකව මහා මැතිවරණ බලයද ලබාගත් බවයි. දැන් ජනතාවට බලවත්ම අවශ්යතාවය බවට පත්ව ඇත්තේ තමන්ගේ චන්දය තමන් සටහන් කල අපේක්ෂකයාට ලැබුණේද යන්න බලා ගැනීමේ උවමනාවයි. සදහා කල යුත්තේ,කුමක්ද?

මැකො; සදහා නීතිය ඉතා පැහැදිලිව තියෙනවා.

නිවේදක; හොදයි. අපිට තව කරුණු කාරනා රාශියක් ඔබ හා සාකච්ඡා කිරීමට තිබෙනවා නමුත් අප සතු කාලවේලාව නිමව ඇති බවයි සටහන් වන්නේ  ඉතිරි කරුණු සාකච්ඡා කිරීම සදහා යලි දිනයකදී මුණ ගැසෙන තෙක් අපි ඔබට ආයුබෝවන් කියනවා.

මැකො; ආයුබෝවන්!

සමාජ සමීක්ෂණ විසිනි.

2 Responses to “මනො මැතිවරණ කොමසාරිස්තුමා සමග පවත්වන ලද මනෝ සාකච්ඡාව”

  1. Independent Says:

    චමල් ගැන පැතිරෙන කතා කටකතා පමණයි
    ඇමැති ධුරයක්‌ හෝ විපක්‍ෂ නායක
    තනතුර ගැන නිල දැනුම් දීමක්‌ නෑ
    – මහින්ද රාජපක්‍ෂ

    නෝමන් පලිහවඩන

    හිටපු කථානායක චමල් රාජපක්‍ෂ මහතාට ඇමැති තනතුරක්‌ හෝ විපක්‍ෂ නායක තනතුර ලැබෙන්නට යන බවට පැතිරෙන කතා නිල වශයෙන් කළ දැනුම් දීම් නොවන බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට පැවැසීය.

    මෙම ආරංචි සත්‍ය දැයි හිටපු ජනපතිගෙන් අප විමසා සිටියදී හෙතෙම මෙසේ ද පැවැසීය.

    ඔය ආරංචිය මටත් ලැබුණා. ඊයේ මම චමල් රාජපක්‍ෂ මහතාගෙන් මේ ගැන විමසුවා. ඔහු මේ කතා ප්‍රතික්‍ෂේප කළා. කවුරුත් නිල වශයෙන් මේ ගැන කිසිම දැනුම් දීමක්‌ නොකළ බව ඔහු කිව්වා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඉදිරි තත්ත්වය පිළිබඳව අප විමසූ විටදී මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ පක්‍ෂය ලොකු ප්‍රශ්නයකට මුහුණදී තිබෙනවා. ඉදිරියේදී මොනවද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා. විපක්‍ෂ නායක තනතුරට කුමාර වෙල්ගම මහතා සුදුසු බවට පක්‍ෂයේ මන්ත්‍රීවරුන් හුඟදෙනෙක්‌ යෝජනා කර තිබෙනවා. අපි බලමු ඉදිරියේදී මොනවද වෙන්නේ කියලා.

    පසුගිය සතියේ කොළඹ තරු පහේ හෝටලයක මංගල උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්‍ෂ මහත්වරුන් අතර සිදුවූ කතා බහ පිළිබඳ අප විමසූ අවස්‌ථාවේ මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ ‘අපි එතන දේශපාලනය ගැන කතා කළේ නැහැ. මංගල උත්සවය පිළිබඳව පමණයි කතාබහ ඇති වුණේ යනුවෙනි.

  2. Cerberus Says:

    This is a very important article and it high lights some of the discrepancies of the last election. It is very important that this article is translated into English since many of the Embassies read all these materials. Can some one please do it. Thank you.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress