බටහිර බොරුව තව දුරටත් ගෙන යා යුතු ද?
Posted on August 31st, 2015

නලින් ද සිල්වා

අප ජීවත්වන්නේ බොරු ලෝකවල ය. අපි එකිනෙකාගේ ලෝක නිර්මාණය කර ගනිමින් ඒවාහි ජීවත්වෙමු. එහෙත් අපට ඇත්තක් නිර්මාණය කර ගැනීමට නො හැකි ය. අප නිර්මාණය කරන්නේ ම බොරු ය. බොරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපි දනිමු. එපමණට ම නැතත් පට්ටපල් බොරු විද්‍යාව ගැන දනිමු. එහෙත් පට්ටපල් බොරු විිද්‍යාවෙන් වැඩ ගනිමු. බොරු ප්‍රජාතන්ත්‍රවාදයෙන් වැඩ ගත හැකි ද?

පසුගිය දා පැවති මැතිවරණයෙන් ජයගත් දේශපාලන පක්‍ෂයක් හෝ කණ්ඩායමක් හෝ නැත. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ය. අද ඊනියා ජාතික ආණ්ඩුව යන මැයෙන් හවුල් ආණ්ඩුවක් නිර්මාණය කෙරෙමින් පවතියි. එය හවුල් ආණ්ඩුවකටත් වඩා අවුල් ආණ්ඩුවකි. එහෙත් බොරු ජාතික ආණ්ඩු කතාවක් ජනමාධ්‍යයෙහි ද ආධාරයෙන් නිර්මාණය වෙමින් පවතියි. අද එ ජා ප හා ශ්‍රී ල නි ප අතර ඊනියා ජාතික ආණ්ඩුවක් නිර්මාණය වෙමින් පවතින්නේ යැයි කියැවෙයි. කාලය වෙබ් අඩවියෙන් පහත දැක්වෙන්න උපුටා දැක්වෙයි. කණින් කොණින් ඒ ගැන දැන ගන්නා ජනමාධ්‍යවේදීහු පු්‍රළුල් ප්‍රචාරයක් ලබා දෙති. එහෙත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පක්‍ෂ දෙකක් අතර ජාතික ආණ්ඩුවක් ගැන නො කියැවෙයි. පක්‍ෂ දෙකක් හෝ කිහිපයක් හෝ අතර ඇතිවිය හැක්කේ හවුල් (සභාග) ආණ්ඩුවක් පමණකි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ 46(5) ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා දේශපාලන පක්‍ෂය හෝ කණ්ඩායම හෝ අනෙක් දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම් සමග පිහිටුවන ආණ්ඩුවකි. මේ පිහිටුවීමට යන ආණ්ඩුවට දේශපාලන පක්‍ෂ කොපමණ අයත්විය යුතු ද? ජාතික ආණ්ඩුවකට විරුද්ධ පක්‍ෂයක් තිබිය හැකි ද? ඒ පිළිබඳ අර්ථනිරූපණයක් ලබා ගැනීමට අධිකරණයට යා යුතු ද? 46(5) ව්‍යවස්ථාවට ඊනියා වාස්තවික අර්ථකථනයක් නමටවත් දිය නො හැකි ය. එය ඒ තරමට ම දියාරු ලෙස කෙටුම්පත් කෙරී ඇත. ……….. ජාතික ආණ්ඩු සංකල්පය රනිල් මෛතී්‍ර යමපාලනයේ තවත් ව්‍යාජයක් පමණකි. එයින් සිදුවන්නේ හවුල් ආණ්ඩුවකට ඊනියා ජාතික ආණ්ඩු සංකල්පයක් පට බැඳී ඇමතිවරුන් සංඛ්‍යාව වැඩිකර යමපාවාදීමකට මග පෑදීම පමණකි. ඊනියා ජාතිවාදයකට විරුද්ධව කතා කිරීමට පටන්ගෙන ඇති මෛත්‍රිපාල සිරිසේන මහතා සාම්පූර් ඉඩම් බෙදීම දැනටමත් ආරම්භ කර ඇත. අපට මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ඊනියා මානව හිතවාදීන්ගෙන් අසන්නට ඇත්තේ එකම එක ප්‍රශ්නයක් පමණකි. එංගලන්තයේ ක්‍රිස්තියානි සංස්කෘතියට හිමි තැන ලංකාවේ කිනම් වුව බෞද්ධ සංස්කෘතියකට තිබේ ද? ඒ ප්‍රශ්නයට දෙන පිළිතුර අනුව අපි ජාතිවාදය ගැන සාකච්ඡාවක් ආරම්භ කරමු. ..…..මෙරට ප්‍රජාතන්ත්‍රවාදය විශිෂ්ට මට්ටමක පවතින බවට බටහිර රටවල් හා ඉන්දියාව ලවා සහතික නිකුත් කරවා ගැනීම රනිල්ට හා මෛත්‍රිපාලට අපහසු නොවන්නේ ඔවුන් ඒ ඒ රටවල ඉත්තන් හා ගැත්තන් බැවිනි. මහජනයා විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබූ අප්පච්චි මළා කණ්ඩායමේ (මහින්ද විරෝධී ශ්‍රී ල නි ප කණ්ඩායම ම එනමින් හඳුන්වමු) අය ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුවට පත්කිරීම ප්‍රජාතන්ත්‍රවදය, යහපාලනය නැත්නම් අහවල් එකදැයි සෝභිත හාමුදුරුවෝ අපට තේරුම් කර දෙන සේක් ද? හැමදාම කරන පරිදි බොරු පුවත්පත් ප්‍රකාශන මගින් සෝභිත හිමියන්ට රනිල් මෛත්‍රි දුස්සංයෝගය ආරක්‍ෂා කරගත නො හැකි ය. ඊනියා යහපාලනය වෙනුවෙන් සෝභිත හිමියන්ගේ අපවත්වීමාන්තික උපවාසය ඇරඹෙන්නේ කවදා ද?… .. 

මැතිවරණයේ අවසාන සතියේ දී මෛත්‍රිපාල මහින්දට යැවූ ලිපිය, ශ්‍රී ල නි ප මධ්‍යම කාරක සභාව තම හිතුමතයට වෙනස් කිරීම, වාරණ නියෝග ලබා ගැනීමට කටයුතු කිරීම, පක්‍ෂ හා සංධාන ලේකම්වරුන් වෙනස් කිරීම ආදී මෛත්‍රි සහගත නොවන ක්‍රියාමාර්ග මගින් රටේ ජනාධිපති ක්‍රියා කරද්දී මහානායක හිමිවරු යමපාලනය වෙනුවෙන් එක්කෝ මුනිවත රැක්කාහ. නැති්නම් ඒ අනුමත කළහ. සිංහල ථෙරවාද බුදුසසුන මහානාම හිමියන්ගෙන් අවුරුදු එක්දහස් පන්සියයකට පමණ පසුව තම ආයුකාලය අවසන් කරමින් සිටින බව ඊනියා යථාර්ථවාදී බෞද්ධයන්ට වැටහෙන විට ඒ ප්‍රමාද වැඩිවනු ඇත.”

සැප්තැම්බර් 2 වැනි දා කැබිනට් මණ්ඩලයෙහි ඊළඟ අදියර දිවුරුම් දෙන්නේ යැයි කියැවෙයි. ඒ කුමක් වුවත් සියල්ල ඉතා තාවකාලික පියවර පමණක් වෙයි. මෙරට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ව්‍යාජත්වය හෙළිදරවු වෙමින් පවතියි. 1948 ඇරඹී ව්‍යාජත්වය සිය ගමන් ගමෙහි  කෙළවරට පැමිණ ඇත. රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් 1931 රාජ්‍ය මණ්ත්‍රණ සභා බොරුව දෙසට හැරෙන්නේ එබැවිනි. එහි කාරක සභා බොරුවෙන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කරගත නො හැකි ය. අපට බොරුවෙන් තවත් වැඩ ගත හැකි ද?

ඇමරිකාවේ බිස්මාල් මහත්මිය ද රැවටීමක නිරත වෙයි. මෙරට දේශපාලනයෙහි ප්‍රධාන භූමිකා රඟ දැක්වෙන්නේ එංගලන්තය හා ඉන්දියාව මගිනි. එය අවසානයේ දී රනිල් මෛත්‍රිපාල ගැටුමක් ලෙස වර්ධනය වේ යැයි එක් බොරුවකට (ඊනියා ප්‍රවාදයකට) අනුව විස්තර කළ හැකි ය. අද තත්ත්වය අනුව නම් අපේ පට්ටපල් බොරු ප්‍රවාදයෙන් කියැවෙන්නේ ඉන්දියාවට වඩා වාසි බව ය. අප කල්පනාවෙන් වැඩ නොකළහොත් ඉන්දියාවේ ග්‍රහණයට හසුවිය හැකි ය. සැප්තැම්බර් 2 (4) වැනි දා දිවුරුම් දෙන්නේ කවුරුන් ද කිනම් අමාත්‍යාංශයක ද  යන්න රටට වැදගත් නො වේ. කිනම් ආකාරයකට බැලුව ද එය අවුලකි.

බිස්වාල් ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණයක් ගැන කෑගසන අතර දෙමළ සන්ධානය එයට විරුද්ධ වෙයි. මේ සියල්ල එක් අතෙකින් බැලූකල ඇස් බැන්දුම් පමණකි. අද බටහිරයන්ට මහින්ද රාජපක්‍ෂට විරුද්ධව අභ්‍යන්තර හෝ බාහිර හෝ පරීක්‍ෂණ අවශ්‍ය නැත. බටහිරයන්ට තමන්ගේ කාර්ය කෙරී ඇත. මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහකෙරී ඇත. ඉන්දියාවට තවමත් එහි  ගැටගැසිය යුතු තැන් කිහිපයක් තිබෙන්නට හැකි ය. එහෙත් ඒ සියල්ල මෛත්‍රිපාල තමාගේ ඉන්දීය උපදේශකයන් සමග තමාට වඩා වාසිසහගත අයුරින් විසඳනවා ඇත. බිස්වාල් තව කිහිප වාරයක් ලංකාවට පැමිණ යනු ඇත. කාරිය කරන ඉන්දීයයෝ අපට නො පෙනෙති. අපි ඇමරිකාව දෙස බලාගෙන සිටිමු.  

ජ වි පෙරමුණට හා වෙනත් බොහෝ දේශපාලන පක්‍ෂවලට කිසිදු ජනතා පදනමක් නැත. අද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ (විිද්‍යුත්) ජනමාධ්‍ය මගිනි. එයටත් වඩා ව්‍යාජත්වයක් තිබිය හැකි ද? මෛත්‍රිපාල සිරිසේන මහතා සංධානයේ ලේකම් මාරුකරන්නේ කවර නම් ව්‍යවස්ථාවකට එකඟව ද? මේ බොරු හෙළිදරවු කරගත හැක්කේ නිවන් අවබෝධයෙන් පමණක් ද? 

බටහිර බොරුවලින් ගැල වී අපට ආවේණික ක්‍රමයකට ලෝකයක් නිර්මාණය කර ගැනීමට ඉතා හොද ඉඩකඩක් මතුවෙමින් පවතියි. අද ඇති ලොකුම බොරුව ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය ය. බොහෝ අවුල්වලට මුල මේ බොරුව ය . ලංකාවේ සිංහල ජාතිවාදයක් නැත.  අපට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. පනස්හයේ වැරදුණු තැන් අපට නිවැරදි කර ගැනීමට සිදු වී ඇත. ඒ කළ හැක්කේ කෙසේ ද? කාගේ නායකත්වයෙන් ද? ශ්‍රී ල නි පක්‍ෂය මරා දමා ඇති නමුත් ථෙරවාදය තම  ආයු කාලය අවසන් කරමින් සිටින නමුත් සිංහල බුද්ධාගම මැරී නැත. අප නැවතත් චුල්ලහත්ථිපදොපම සූත්‍රයට (උගත් බෞද්ධයන්ගේ එනමින් හැඳින්වෙන සූත්‍රයට නොව) පමණක් නොව දම්සක් පැවතුම් සූත්‍රයටත් මධ්‍යම ප්‍රතිපදාවටත් ආපසු යා යුතු ය. 

ශ්‍රී ල නි පක්‍ෂය බණ්ඩාරනායක මහතාගේ කාලයෙහි සිට මධ්‍යම ප්‍රතිපදාව ගැන කතා කරයි. චන්ද්‍රිකාට හෝ මෛත්‍රිපාලට හෝ ඇති මධ්‍යම ප්‍රතිපදාවක් නැත. මහින්ද රාජපක්‍ෂ මහතාගේ කෙතරම් අඩුපාඩුකම් තිබුණත් සිංහල බුද්ධාගමකට වඩා සම්ප ඔහු ය. අද මහින්ද හැඳින්වීම සඳහා බටහිර ගැත්තන් නියෝෆැසිස්ට් බෞද්ධයා ආදී ප්‍රකාශන යොදා ගන්නේ නිකමට නො වේ. මේ ඊනියා ජාතික ආණ්ඩුව (අවුල් ආණ්ඩුව) සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුවක් මිස වෙනත් දෙයක් නො වේ. 

අවුරුදු දෙකක් කරගෙන යෑමට බලාපොරොත්තුවන නමුදු සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුවට එතරම් ආයුකාලයක් නැත. එකිනෙකා අවිශ්වාස කරන ගැතිකම පළිගැනීම හා ගසාකෑම මිස වෙනත් අරමුණු නැති ආණ්ඩුවකට පරස්පර විරෝධතා මත වැඩිකලක් පැවතිය නො හැකි ය. බටහිර හා ඉන්දියාව ලංකා වසන්තය මගින් ඉටුකර ගැනීමට බලාපොරොත්තුවන දේ සිංහල බුද්ධාගමට පරාජය කළ හැකි ය. එහෙත් අප ඒ සඳහා පළමුව සිංහල බෞද්ධ චින්තනය හඳුනාගෙන බටහිර  ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ගැලවිය යුතු ය. මේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බිහි වී ඇත්තේ ආත්මාර්ථකාමී කපටි රැළක් මිස මහාසම්මතය ගරු කරන පිරිසක් නො වේ.  මහාසම්මතය යනු කෙසේ නමුත් සියල්ලන් එකතු කිරීම නොවන බව මහින්ද රාජපක්‍ෂ මහතා තේරුම් ගැනීම මෙහි දී වැදගත් වෙයි. ඔහු සමග ශ්‍රී ල නි ප වටා හෝ වෙනත් පක්‍ෂයක් වටා හෝ මුල දී එකතුවන ශ්‍රී ල නි ප මන්ත්‍රීන් සංඛ්‍යාව සුළු විය හැකි ය. එහෙත් ඒ ප්‍රශ්නයක් නො වේ. සිංහල ජාතිකත්වයට දුර ගමනක් යෑමට ඇත. 

නලින් ද සිල්වා

2015 අගෝස්තු 30

  

7 Responses to “බටහිර බොරුව තව දුරටත් ගෙන යා යුතු ද?”

  1. ranjit Says:

    I would like to see Prof Nalin to be in this forum and continue his writings for the good people to read and understand the contents of it very carefully. We as Sinhala Buddhists should not take side of any party and argue whole day long on party policies but argue and find answers how to save our homeland and the Sinhala race which was threatened by evil forces within and outside.

    We are witnessing again the same situation we had in the North during the war time. Tamils are openly challenging the Singala Govt and demanding separate rule for themselves which we Sinhalese cannot accept. Every dick and Harry should understand that this country belongs only to Sinhalese.This is Sinhala land and the Sinhala people are the majority in this blessed country. Other races which was there for thousands of years living side by side can live with us peacefully respecting the laws of the land same as before not by demanding this and that. This is a small country with 20 odd million people so they should learn to live as one peoples in harmony and in peace without making unnecessary demands and make our lives miserable.

    We have one leader who will stand up to these evil forces and that is our great President Mahinda Rajapksa no one else. He should take the lead and fight for the rights of the Sinhala people and help to promote and save our religion Buddhism. We must have the right to build Temples in any part of the island and we should have the freedom to live any part of the island. We should have the freedom than any person in this land as Sinhalese. Anyone who will not respect our laws and work against the country and it’s citizens must be prosecuted and brought to justice and punish without any hesitation. If any situation arises like in 1983 again I will stand with the patriots to Motherlanka like Prof Nalin and others and fight to death without any fear to save my Motherland. Long live Sinhala race and the Sinhala land Sri Lanka.

  2. Ananda-USA Says:

    Facebook LORENZO the TREACHEROUS HYPOCRITE screams that 13A should be REPEALED while he UNDERMINED and HELPED to OUST the one man ….. President Mahinda Rajapaksa …. who led the Patriotic Forces that could DO IT!

    Such is the DEVIOUS NATURE of this EELAMIST AGITATOR!

    LORENZO KNOWS VERY WELL that REPEALING the 13A is now BEYOND REACH, now that the Yamapalanaya GoSL led by the man Somarama Sirisena that he helped to ride into the Presidency!

    So, LORENZO WRAPS himself in the Lion Flag YELLING “REPEAL the 13th Amendment” and “I am the ONLY ONE who DEMANDS it”, knowing VERY WELL WHAT the rest of us PATRIOTS have long ago realized: that although we Patriots too want the 13A to be REPEALED, that is achievable only with a PATRIOTIC PRESIDENT and a PATRIOTIC POLITICAL PARTY in POWER, which this TREACHEROUS EELAMIST Facebook Lorenzo HELPED TO OUST in his QUEST for his EELAM!

    WHO AMONG the Patriots STILL FAILS TO REALIZE this MACHIAVELLIAN STRATEGY of this REPROBATE Facebook LORENZO desperately seeking to stitch together his tattered “Patriotic” sheepskin under which he hopes to engage in more MISCHIEF? Hello …. Any Gullible Lorenzo Fans STILL out there among the Patriots?? Helloooo …….??

  3. dhane Says:

    Prof Nalin I was reading all your articles before elections. I remember very well in one of the article you warn MR not to contest under SLFP but to contest any other friendly party. Nalin pointed what Maru Sira going to do before elections. Exactly MS did his dirty job. Now we can see MS & RW are worst than MR from every aspect. This only the start after 100 Plus days program. Let see what going to happen during next 24 months. By 60 months they will ruin SL.

  4. Kumari Says:

    The election itself was a fraud. How come a no hoper RW for January 8th become the most popular politician in the land. Was that miracle as a result of the CB robbery and close association with the underworld? Why did over hundred thousand UNP ers vote for Patali Champika? Why did UNP ers vote for Hirunika over Rosy? How come JVP win so many seats and not Sarath Fonseka?

    I don’t know what other means are left for democracy under the current commissioner Deshapriya?

  5. charithsls Says:

    If it were a head to head clash between UPFA & UNP,UPFA would have won hands down so RW is not the issue. It is the enmity within the SLFP between MR & Chandrika that has brought this chaos. Chandrika should have been the one to instigate MS to defect to become the Common candidate. India, the US & West all ganged up to give Chandrika the plan which she carried out.MS now will run for the second term so SLFP MPs will be supporting him over MR.MR’s future depends on what he wants, to lie low to protect the family if these allegations carry some substance which he only knows, otherwise the best plan may be to form a new party as you say. However should never forget the Tamils,Muslims & most Christians will vote as a block against him so the only way to get a sizeable majority is to be the centre figure to unite the Buddhist forces.See this time around all the Buddhist forces,be Ven Mahanayakas,JHU,Ven Sobitha etc were against him.
    Tell me which other Buddhist party supported MR at the election ,none! You talk of Buddhists winning!You all should come up with strategies to UNITE rather than continue to sling mud on JHU etc,we will go nowhere.MS working as a dictator worse than MR so slowly get JHU,JVP & Ven Sobitha etc on board.Pointless talking of Buddhists will win if you do not propose ways to unite the Buddhists.

  6. Christie Says:

    මේ චන්දෙත් ජනවාරි චන්දෙත් එකම විදියට තමයි චන්දෙ දීල තියෙන්නෙ. හැබැයි එකකින් එකෙක් තෝරන්නයි අනිකෙන් දෙසිය විසි පහක්. ඒක ඔබ හොඳින්ම දන්නවා. ඉන්දියානු අදිරදයින්ට ඕන උනේ සින්හලයින්ට තුනෙන් දෙක නැතිකරන්න විතරයි. ඔබ දන්නවාද ජනවාරි ඉන්දියානු සෙල්ලම ගැන ඔබ පිටරටක කතාකල රැස්වීම ඉන්දියානු අදිරද පරපෝසිතියකු විසින් පිලිවෙල කලබව?

  7. Christie Says:

    Please note above is in reference to an Article by Sir Hettige.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress