සුනිල් පෙරේරාලාට පේන්නේ නැති අමරදේව දුටු පින් කෙත සිංහල බෞද්ධයා නමැති මුව හමට තඩිබෑම
Posted on September 1st, 2015

චන්ද්‍රසිරි විජයවික්‍රම

සිංහල බෞද්ධ නායකයින් හා හාමුදුරුවරුන්ගේ එකමුතුවක් නැතිකම නිසා ඉන් ප්‍රයෝජන ගන්නා හබන් කුකුළන් අතර කලාකාරයින් සෙට් එකක් දැන් ලංකාවේ බිහිවී සිටී. මීට මාස ගණනකට පෙර “බෞද්ධයින් ඇයි මෙතරම්  ප්‍රචණ්ඩත්වයට ලොල්” යනුවෙන් ධර්‍මසිරි බණ්ඩාරනායක නම් චිත්‍රපටිකාරයෙක් කල ප්‍රකාශය “ලංකාවේ සිංහල බෞද්ධ පදනම විනාශ කලයුතුය” යන රට බෙදීමටද රුකුල් දෙන ඇන්ටි මහාවංශ ව්‍යාපාරයේම වලිග කොටසකි. බෞද්ධ සොල්දාදුවන් සිටිය හැකිද යන මාතෘකාව යටතේ පවා බටහිර සුදු ප්‍රොපෙසර්ලා ලිපි ලියති. මියගිය ස්ටැන්ලි තම්බයියාට ප්‍රශ්නයක් වූයේ බෞද්ධයින් මිනී මරන්නේ කොහොමද යන්නය (හව් කැන් බුඩිස්ට්ස් කිල්). යාපනයේ කුල භේදය වෙනුවට තායිලන්තයේ ථේරවාද බුද්ධාගම හැදෑරීමට ඔහු මුලින්ම පිටරට ගියේය. මේ ගැන මා කලකට පෙර ඉංගිරිසියෙන් ලියූ ලිපියක් තම්බයියාට යැව්වත් ඔහු පිළිතුරක් එව්වේ නැත. ඒ ලිපිය සිංහලට පෙරලා මෙම බ්ලොග් (හරිමග.බ්ලොග්ස්පොට්.කොම්) එකේ දමන්නට සිතා සිටිමි.

දැන් අළුතින්ම මා දැක්කේ බයිලා ගායක සුනිල් පෙරේරා විසින් අමරදේවගේ “පින් කෙත මේ ලක් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා” යන ගීතය හාස්‍යයට ලක්කිරීමේ සිද්ධියයි.  සුනිල් පෙරේරා ඒ ගැන හිරු ටී වී එකට කල මිනිත්තු 20 පැහැඳිළි කිරීම තමන් නොදැනම ඔහු විසින් කරන ලද ඇන්ටි මහාවංශ ව්‍යාපාරයට කඩේ යාමක් බව මගේ අදහසය. අවංක මෝඩයින්, වංක මෝඩයින්ට වඩා නාස්තිකාරීය. ධර්‍මසිරි වංක මෝඩයෙක් නම් සුනිල් අවංක මෝඩයෙකි.

සුනිල්ගේ කතෝලික පවුලේ දහ දෙනෙක් විය. ඒ අතරින් බෞද්ධ කෙනෙක් කසාද බැඳගත්තේ
සුනිල් පමණය. සුනිල්ගේ කාතාව අනුව සුනිල්ගේ නෝනා ඇගේ දුවට පල්ලියට යන කෙනෙක් සොයන සේය. සුනිල්ගේ ගෙදර ජේසු රූපය ලඟින් බුදු පිළිමයක් තබා ඇත. සුනිල්ගේ නෝනා ගෙනා අඟල් දෙකේ බුදු පිළිමය වෙනුවට සුනිල් ලොකු බුදු පිළිමයක් ගෙනාවේය. එය දුටු සුනිල්ගේ අම්මා “හ්ම්” කියා ගියේය. ඉස්ලාම් ආගමේ මෙන් රූප/පිළිම වන්දනාව ක්‍රිස්තියානි ආගමේදී අයිඩොල් වර්ෂිප් කියා මුලදී හැඳින්වුනත්, දැන් කාරණා වෙනස් වී ඇත.

සුනිල් අසන ප්‍රශ්නය නම් ලංකාව පින් කෙතක් නම් හැමෝම ලංකාව අතහැර පව්කාර රටවලට යන්නේ ඇයි කියාය. ඒ රටවල සුද්දන් ලංකාවට එන්න පොර කන්නේ නැත්තේ ඇයි? ලංකාව ටොප් නම් ලංකාවේ ඉස්පිරිතාල වෙනුවට අගමැතිලා ජනාධිපතිලා පිටරට ඉස්පිරිතාලවලට යන්නේ ඇයි? පිටරට ලමයි ලංකාවේ ඉස්කෝළවලට එන්නට පොර නොකන්නේ ඇයි? ලංකාවේ ලමයි පිටරට ඉස්කෝලවලට යවන්නේ ඇයි? මේ ප්‍රශ්න වලට බයිලා උත්තර නොසෑහේ.

සංගක්කාරට සිංදු කියන්නට හෝ තමන්ට ක්‍රිකට් ගහන්නට දීම සුනිල් සළකන්නේ නූගත් අය පාර්ලිමේන්තුවට යාම වගේය. ඔහුගේ ඕ ලෙවල් සාමාර්‍ථය ඒ සඳහා නොසෑහෙනවායයි සුනිල් පවසයි. සුනිල්ගේ පවුලට, පුතාගේ ඇමෙරිකා අධ්‍යාපනයට ප්‍රශ්න නැති රටේ ප්‍රශ්න ගැන නිහඬව ඉන්නැයි සුනිල්ගේ නෝනා කරන ඉල්ලීම සුනිල් තරයේම ප්‍රතික්‍ෂේප කරයි. සමාජයේ විෂමතාවන්ට බයිලා මගින් නිර්දය ලෙස පහරදීමේ සුනිල්ගේ මේ ප්‍රතිපත්තිය නිසා වරක් එක් තරුණ දේශපාලකයෙක් සුනිල්ට හිරිහැර කලේය. එහෙත් ඔහු හදිසියේ මිය ගියේය.

සුනිල් කියන්නේ දේශපාලකයින් මන්ත්‍රීකම් සඳහා යන්නේ ඔවුන් තමන් නොදන්නා බව නොදන්නා නිසාය කියාය. සුනිල්ගේ මේ කියමනෙන් පේන්නේ සුනිල්ට ඔහුම කියන යථාවාදී ලෙස සිතීම මඟහැරී ඇති බවය. දේශපාලකයින් මන්ත්‍රීකම් සඳහා දුවන්නේ ඒ මඟින් ලබාගත හැකි ධනය හා බලය නිසා මිස නොදන්නා බව නොදන්නා නිසා නොවේ. සුනිල් විසින් බයිලා හරහා රටේ ප්‍රශ්න ගැන කරන උපහාසාත්මක විවේචනය අපක්‍ෂපාති නොවේ කියා මම සිතමි. මහින්ද රාජපක්‍ෂ රෙජීමයට පමණක් නොව දේශපාලක කළු සුද්දන් 1948 ටේ සිටම ලංකාවට කල විනාශය සුනිල්ගේ තේමාව වියයුතුය. ඒ වෙනුවට පින් කෙත කතාවක් ඉදිරියට ගැනීමෙන් සුනිල් පෙන්වන්නේ ඔහුද ලංකාවේ ඉතිහාසය පටන් ගන්නේ 1505 න් පසුව කියා සලකන කෙනෙකු බවය. මඩු පල්ලිය දුටුවිට මෙන් නොව තිසා වැව හෝ රුවන් වැලි මහසෑය දකිනවිට මගේ ඇඟ කිලිපොළා යයි. සුනිල්ට වෙන්නේ මෙති අනිත් පැත්ත විය යුතුය.

ක්‍රිස්තියානි පසුබිමකින් හැදුන වැඩුන සුනිල්, ඔහු මියගියාට පසුව ඔහු බෞද්ධයෙක් ය කියා රට දැනගත් ගාමිනී පොන්සේකා මෙන් නොව, කැළනියේ ආර් එස් පෙරේරා (කතානායකව සිටි) පවුල් පවා බෞද්ධ ක්‍රමයට හැරවූ ඉන්දියානු ගායිකා  ජී එස් බී රානි (පෙරේරා පවුලට කසාදයෙන් එක්‌වූ) මෙන් වියයුතුය කියා මම නොකියමි (රේඩියෝ සිලෝන් එකේ බණ කීම ආරම්භකරවූයේ ඇයය). නමුත් සුනිල් තමන්ගේ සාමාජ සේවය සඳහා සිංහල බෞද්ධ පදනම හාස්‍යයට ලක් නොකල යුතුය. ඊට හේතුව සුනිල් නොදන්නා බොහෝ දේ ඇති නිසාය.

උදාහරණයක් වශයෙන් “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්‍මස්කන්දා” යන උපත අනුව ක්‍රිස්තියානිවූ ජෝන් ද සිල්වා ලියූ ගීතය 1948 ට පෙර හා පසුව ලංකාවේ ගම්වල ජාතික ගීය විය. ඒ අනුව අනුරාධ නගරය මිහිබට සුරපුරකි. සුනිල් මේ ගීතය දැන සිටියා නම් කොහොමට සිටීද?

සුනිල් පෙරේරලා විසින් දැනගතයුතු කරුණු:

1. ලංකාව ලෝකයේ බොහෝ රටවල් හා සසඳන විට පින් කෙතකි. ලංකාව විනාශ මුඛයට වැටුනේ යුරෝපීය ක්‍රිස්තියානි බලවේග නිසාය. අද වනවිට ලංකාව අධ්‍යාත්මක හා සදාචාරත්මක අතින් පිරිහී තිබෙන්නේ රටේ හෝ රටේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ වරදක් නිසා නොව 1832 න් පසුව සිට ක්‍රිස්තියානී සුද්දන් හා කළු සුද්දන් විසින් කල විනාශය නිසාය.
2. ලංකාව දකුණු ඉන්දියාවෙන් බේරී සිටියේ මුහුද නිසාය. ලංකාවේ සිට ඉන්දියාවට හා ඉන් ඔබ්බට භාෂාව පවා පැතිරී ගියා යයි සිතීමට ශාක්‍ෂි ඇත. උදාහරණයක් වශයෙන් වතුර යන වචනය සිංහල හා යුරෝපයේ ජර්‍මන් භාෂාවේ ඇත. මෙය සිදුවූයේ කෙසේද?
3. පෘථුවියේ කාන්දම් බලය දක්වන සිතියමක් ගත් විට ලංකාව එහි සුවිශේෂ ස්ථානයක් ගනී
භූමි කම්පා, සුලි සුලං, සාගත, වසංගත, ගංවතුර, නායයාම් ආදියෙන් ලංකාව ආරක්‍ෂාවී තිබුණේය. අද මෙම විනාශ ලංකාවට එන්නේ අධර්මිෂ්ට දේශපාලක ක්‍රියා නිසාය.
4. මිනිසුන් රට අතහැර යන්නේ රටේ වරදක් නිසා නොව රටේ පාලන ක්‍රමයේ වරද නිසාය. අමරදේව කිව්වේ රට ගැන මිස රටේ පාලක හොරුන් ගැන නොවේ.
5. මෙසේ රටහැර යන අය බොහෝ දෙනා සුද්දන්ගේ රටවල, සුද්දන් කරන්නට අකමැති පහල කම්කරු රක්‍ෂාවල් කරන්නේය. මෙය විශේෂයෙන් ශීතල යුරෝපයට හා කැනඩාවට යන දෙමළ ජනයාගේ ඉරණමය.
6. ඩුබායි හෝ කොරියාවට හෝ යන මිනිසුන් විඳින දුක දන්නේ ඔවුන් පමණය. තුවාලය කසන්නා වාගේ රටින් පිටට යාමට වලිකන මොවුන් වලේ වැටී සල්ලි ටිකක් හොයාගෙන ආපසු ලංකාවට ඒමට සිටින අයය.
7. ඇමෙරිකාවේ හෝ යුරෝපයේ හෝ මිනිසුන් මානසික වශයෙන් හෝ සෞඛ්‍ය අතින් හෝ ලංකාවේ මිනිසුන්ට වඩා දියුණුද? සල්ලි නැත්නම්, වයසට ගියවිට හෝ ලෙඩවූවිට ඇමෙරිකාවේ බොහෝ දෙනා දුක්බර ජීවිතයක් ගතකරයි.
8. සුනිල් නොදන්නා දෙයක් නම් සුදු රටවල් වල බුද්ධාගම පැතිරෙමින් පවත්නා වේගයය. පල්ලි වලට සෙනඟ නොපැමිණීම ලොකු ප්‍රශ්නයක් ව ඇත.
9. මේ රටවල මිනිසුන්ගේ ප්‍රශ්නවල තරම මේ දිනවල ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා ඇති ජනප්‍රිය බවෙන් එලි දරව්වේ. ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවී ඇමෙරිකාවේ සුළු පිරිසක් සෙසු ජනයා සූරාකන ආකාරය සුනිල්ට ඔහුගේ පුතාගෙන් විමසා දැනගතහැකිය.
10. ලෝකයේ මිනිසුන්ගේ අධ්‍යාත්මක පිරිහීමට විසඳුම් බුද්ධාගමේ චතුරාර්ය සත්‍යය අනුව ලබාගත හැකි බව දැන් ඉතාමත් පැහැදිලිය.  ඩොලර් බිලියන් ගණන් ක්‍රිස්තියානිකරණය සඳහා යොදවන ලෝක ක්‍රිස්තියාන් සංවිධානත්, ඉස්ලාම් තෙල් සල්ලිත් ඉදිරියේ බුද්ධාගම පැතිරී යන්නේ ලංකාව නමැති පින් කෙත ථේරවාදී බුද්ධාගම ලෝකයට රැක දුන් නිසා බව සුනිල්ට වැටහෙනවා නම් ඔහු මෙවැනි උපහාසාත්මක අපහාස නොකරන බව නිසැකය. ඉන්දියාව, පකිස්ථානය, බංගල දේශ්, කොරියාව, ඇෆ්ඝනිස්ථානය, ඉන්දුනීසියාව, පිලිපීනය යන මේ රටවල් කලින් බෞද්ධ රටවල් වුනත් අද සිැුවී ඇත්තේ කුමක්ද?

පෝප් ෆ්‌රැසිස් විසින් බුද්ධාගම ගැන කියන කතාව ඊට කලින් සිටි පෝප්ලාගේ කතාවට වඩා වෙනස් ය. බුද්ධාගමට ගරු කරන බව එය අධ්‍යාත්මික වශයෙන් ශ්‍රේෂ්ඨ බව ඔහු කියයි සුනිල් තම සමාජ සේවයට තම අධ්‍යාත්මික ගුණවගාවද ඇතුලත් කරගත යුතුය.

චන්ද්‍රසිරි විජයවික්‍රම

8 Responses to “සුනිල් පෙරේරාලාට පේන්නේ නැති අමරදේව දුටු පින් කෙත සිංහල බෞද්ධයා නමැති මුව හමට තඩිබෑම”

  1. Independent Says:

    We also know that this HONEST FOOL married his wife when she was under the legal age for marriage.

    “Pin Ketha” ( A field for meritorious work) is indeed appropriate for my country.

    This FOOL should know,
    1. Many foreigners form UK, USA, Australia, Israel have come to Sri Lanka in search of the TRUTH , Buddhism. Ven. Bikkhu Bodhi is a living example but we should not forget Olcott. Why they came ? because of “Pin Ketha”.
    2.On the other hand, even if you wanted to do a meritorious activity – it is harder in other countries where people may not even accept your DANA as they know you personally. Can a monk go “pindapatha” carrying his “begging bowl” without creating more “PAVU” ( papa or evil action) in other countries.
    3. Sunil FOOL should accept that is why I wish to be born again in my country even if I die in a foreign country – it is so easy to fall into to the noble path is Lanka than in any other country. Therefore it is “PIN KETHA”.

  2. Senevirath Says:

    සුනිල්

    නවතව් යකුනි ඔය ඔයේ ඔජායේ යනුවෙන් ” අතැඹුල” සාර සංග්‍රහයේ කවි පන්තියක් ඇත . එය ලිව්වේ පුනරුත්තාපනය වෙමින් සිටි ජවිපෙ තරුණයෙකි . සුනිල් අ ය ජාතියේම කරුමයට බිහිවූ කුණුහරුප බය්ලා ගහන අධමයින් බව ඒ තරුණයාගේ අදහස විය .

  3. helaya Says:

    This bugger is a THUPPAHI IDIOT. DHARMASIRI BANDARANAYAKE IS A NGO ASS LICKING BASTARD. IT IS WASTE OF TIME TALKING ABOUT THESE IDIOTS

  4. Lorenzo Says:

    He is just a BAILA SINGER.

    He was part of that DISGUSTING CABARE NIGHT of Royal College in 2002. What good can you expect from him!

    Guess what! Now he wants to enter into politics!! He will be a UNP candidate from Colombo district at the forthcoming WPC election.

    Learn from ROSY, Sunil. She insulted Buddhists and what happened? People voted her OUT. You have no freaking right to insult people who are different to you SU-NIL.

  5. Dr.K Says:

    සුනිල් පෙරේරා යනු ක්‍රිස්තියානි ආක්‍රමණිකයන් විසින් මේ රට දුෂණය කළාට පසු බිහිවූ ක්‍රිස්තියානි නිපැයුමකි. මෙවැනි නිපැයුම්වල කර්තව්‍ය වී ඇත්තේ මේ රටේ බවුද්ද අභාෂය හා මුසුව ඇති සිංහළ ප්‍රවුඩත්වය මොට කර ඊට සමච්චල් කර බට හිර රටවල් ඉහලින් ඔසවා තැබීමය.

    අද උගත් බටහිරයන් ක්‍රිස්තියානි පල්ලියෙන් එලියට පැන බවුද්ද දර්ෂණය නම්වූ ස්වභාව ධර්මයේ නීති පද්දතිය හදාරණ බව ඔහු දැනගත් දවසක, එවැනි වටිනා දර්මතාවයක් උරුමකොට පවතින ශ්‍රී ලංකාව පින් කෙතක් බව ඔහු තේරුම් ගනු ඇත. එතෙක් සිංහල බවුද්දයින් විසින් ඔහුට අනුකම්පාකළ යුතුය.

  6. Independent Says:

    කුමන නැටුම් කෙළි කවට සිනා දා , මරුට නොමැත කිසිදිනකදි බා දා
    ඔබට නොදන්නා මරු මෙහි ආ දා
    යන්නට සිදු වන්නේ
    ඉන්නට බැරි වන්නේ
    නො තිර සසර සාගරේ
    ඉපිද මැරේ යලි ඉපදේ

    මේ ටික කලට අපි අනුන්ට රිදවන්නෙ ඇයි ? අහෝ ඛේදයකි !

  7. NAK Says:

    He is just a baila singer and is not an artist of any standard.He does not seem to realize that he shouts more than sing!
    He has a mouth the size of a culvert and words simply flow out of it without any control. His utterences only expose his lowly upbringing and the lack proper or any education. His behaviour too complimentsis other traits.

  8. NAK Says:

    He is just a baila singer and is not an artist of any standard.He does not seem to realize that he shouts more than sing!
    He has a mouth the size of a culvert and words simply flow out of it without any control. His utterences only expose his lowly upbringing and the lack proper or any education. His behaviour too compliments his other traits.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress