මගේ අසනීප හා අයින්ස්ටයින්ගේ අසනීපය
Posted on September 3rd, 2015

නලින් ද සිල්වා  

 ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මා අසනීප ව සිටි කාලයෙහි වැදගත් ලිපියක් දෙකක් ලියා ඇත. ඒ ඊනියා යථාර්ථය සම්බන්ධයෙනි. මේ සාකච්ඡාවේ තේමාව වනුයේ ම ඊනියා යථාර්ථයක් නැතැයි යන්න ය. එබැවින් අමරතුංග මහතා යථාර්ථයක් ඇතැයි පෙන්වීම සඳහා ඉදිරිපත්වීම වැඩදායක ය. එහෙත් ඒ මහතා තවමත් සිටින්නේ ථෙරවාදයෙන් සකස්කරන ලද ඊනියා විද්‍යාත්මක මතවාදයක බැවින් මේ සාකච්ඡාවෙන් එතරම් වැඩක් අත්වේ දැයි කිව නො හැකි ය. 

කෙසේ වෙතත් ඒ මහතාගේ පසුගිය ලිපි සම්බන්ධයෙන් කිවයුතු දේ බොහෝමයකි. අවාසනාවකට එසේ කීමේ දී ඒ මහතාගේ ලිපිවලින් දීර්ඝ ලෙස උපුටා දැක්වීමට සිදු වෙයි. ඒ ගැන කණගාටුවන නමුත් වෙනත් කළ හැකි කිසිවක් නැත. විශේෂයෙන් ම සති කිහිපයකට පසුව ලියන මේ ලිපි කිහිපයෙහි දීර්ඝ උපුටා දැක්වීම් කිරීමට සිදුවෙයි. එහෙත් එයට පළමු කිව යුත්තක් වෙයි.  

මා අසනීප ව සිටි සමයෙහි දී (තවමත් සම්පූර්ණ සුවය ලබා නැත) අත්දුටු දෙයක් නම් මට අසනීප ගණනක් ඇති බව ය. එයින් මා අදහස් කරන්නේ එක් දැනුම් පද්ධතියක මට විවිධ අසනීප තීබූ බව නො වේ. ඒ ඒ දැනුම් පද්ධතියෙහි මට තිබුණේ (ඇත්තේ) විවිධ අසනීප ය. එයින් කියැවෙන්නේ එක් අසනීපයක් විවිධ දැනුම් පද්ධතීන්ට විවිධ ආකාරයෙන් දැනෙන බව නො වේ. ඒ හුදු සාපේක්‍ෂතාවාදී දර්ශනයකි. 

අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය එවැනි හුදු සාපේක්‍ෂතාවාදී දුර්වල දැනුමකි. එහි ඇති සාපේක්‍ෂතාවාදයක් නැත. එය ඊනියා අවිචලක (invariants) පිළිබඳ දැනුමකි (අසනීපයකි). එහි කියැවෙන්නේ සමුද්දේශ (අවස්ථිති හෝ නොවන හෝ) රාමුවෙන් රාමුවට මාරුවන නිරී්ක්‍ෂකයකුට වෙනස් නොවී විෂය වන රාශි ගැන ය. අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයට සාපේක්‍ෂතාවාදය යැයි කීම ම වැරදි ව්‍යවහාරයකි. එහි ප්‍රධාන වන්නේ සාපේක්‍ෂ නොවන අවිචලක ය. 

අනෙක් අතට අයින්ස්ටයින්ගේ ප්‍රවාදය මුල සිට ම සංකල්පීය වශයෙන් නිවැරදි නො වේ. බටහිර විද්‍යාවේ තවත් පට්ටපල් බොරු නිර්මාණය කළ අයින්ස්ටයින් වැන්නකුට එය එතරම් ප්‍රශ්නයක් වී යැයි මම නො සිතමි. ඔහු තම සාධාරණ සාපේක්‍ෂතා ප්‍රවාදය නිරීක්‍ෂණ සමග සංගත කළ නො හැකි වූව විට ප්‍රවාදයට ඊනියා විශ්වවේදී නියතයක් (චඔසමඔලඔගඉචඅල චඔනසටඅනට) එකතු කෙළේ ය. පසුව විශ්වය ප්‍රසාරණය වන බව නිරීක්‍ෂකයන් කී විට නියතය අස්කර ගත්තේ ය. ඔහු එක්තරා ආකාරකයකින් කටයුතු කර ඇත්තේ අවස්ථාවාදී දේශපාලනඥයකු ලෙස මිස සම්භාවනීය ප්‍රවාදකරුවකු ලෙස නො වේ. බටහිර විද්‍යාවේ ප්‍රවාද ගොතන්නෝ අවස්ථාවාදීහු ය. 

අයින්ස්ටයින්ගේ ප්‍රවාදය මුල සිට ම වැරදි වන්නේ විශ්වවවේදී නියතය පිළිබඳ පටලැවිල්ල නිසා නො වේ. ඒ අවස්ථාවාදය නොමැති වුවත් විවිධ සමුද්දේශ රාමුවල රාශී එකතු කිරීම පිළිබඳ ක්‍රම වේදය ම වැරදි ය. එය නිව්ටෝනීය (ගැලීලීය) සාපේක්‍ෂතාවාදයෙහි ද දැකිය හැකි ය. යම් රාශි එකතු කළ හැක්කේ එක ම සමුද්දේශ රාමුවක නැතහොත් එකිනෙකට සාපේක්‍ෂව නිශ්චල ව ඇති රාමුවල ය. (එකිනෙකට සාපේක්‍ෂව නිශ්චල ව ඇති රාමු ගැන අර්ථදැක්වීම් කරන ආකාරය පැහැදිලි නැත.) ඒ කුමක් වුවත් එකිනෙකට සාපේක්‍ෂව චලනය වන රාමුවල මැනෙන රාශි එකතුකිරීම, අඩුකිරීම, සංසන්දනය කිරීම ආදිය කරන්නේ කෙසේ ද? 

උසස් පෙළ ඉගැන්වෙන සාපෙක්‍ෂ චලනය සම්පුර්ණයෙන් රඳා පවතින්නේ එකිනෙකට සාපේක්‍ෂව චලනය වන රාමු මත ය. එකිනෙකට සාපේක්‍ෂව ඊනියා භ දිශාවට ව ප්‍රවේගයෙන් චලනය වන රාමු දෙකක් සඳහා උසස් පෙළ දැනුමෙහි x1 = x-vt, t1 = t යන පරිණාමන වෙයි. මෙහි  x හා x1  යනු එකිනෙකට සාපේක්‍ෂව ව ප්‍රවේගයෙන් චලනය වන රාමු දෙකකි. මේ රාමු දෙකෙහි මැනෙන විවිධ රාශි එකතු කරන්නේ අඩු කරන්නේ සංසන්දනය කරන්නේ කෙසේ ද? ඒ සංකල්පීය ව නිවැරදි නො වේ. එහෙත් උසස් පෙළ සිසුහු එසේ කරමින් විවිධ නිගමනවලට එළඹෙති. කවුදෝ කියා තිබුණේ මට උසස් පෙළ ගණිතයවත් නොතේරොන බව ය. ඒ එසේ විය හැකි ය. එහෙත් මේ ඊනියා සංසන්දන මට නො තේරෙයි. එය මගේ දුර්වලකමක් විය හැකි ය. එසේ වුවත් නොතේරෙන දෙය නොතේරෙන බව කීම මට මදිකමක් නො වේ. 

අයින්ස්ටයින් තම විශේෂ සාපේක්‍ෂතාවාදී පරිණාමනවලින් (ලොරෙන්ට්ස් පරිණාමනවලින්) මේ ප්‍රශ්නය සාකච්ඡා කෙළේ යැයි නො සිතමි. ඔහුගේ පරිණාමන (ලොරනේට්ස් පර්ණාමන අයින්ස්ටයින්ට කලින් නිර්මාණය වී තිබිණි) ඒ ප්‍රශ්නයට සැපයූ පිළිතුරක් විය හැකි ය. එහෙත් සාපේක්‍ෂතාවාදී සාහිත්‍යයෙහි මා දන්නා තරමට ඒ එලෙස සාකච්ඡා නො වේ. ඔහුගේ හෙවත් ලොරෙන්ට්ස් පරිණාමන එකිනෙකට සාපේක්‍ෂව විවිධ ප්‍රවේගවලින් චලනයවන සමුද්දේශ රාමුවල රාශි සංසන්දනය කිරීමේ දී යොදාගත යුතු නිවැරදිකිරීමක් විය හැකි ය. මා ඒ ගැන අධ්‍යයනයක් කර නැත. උසස් පෙළ ගණිතය නොතේරෙන මා එවැන්නක් කරාවි යැයි කිසිවකු බලාපොරොත්තු වන්නේ නම් ඒ අසාධාරණයකි. එහෙත් උසස් පෙළ ගණිතය තේරෙන පඬිවරයකුට එහි කල්පනා කිරීමට දෙයක් තිබෙන්නට බැරි නැත. 

කෙසේ වෙතත් මේ සියල්ලෙන් කීමට බලාපොරොත්තු වූයේ මට තේරෙන ආකාරයට අයින්ස්ටයින් වෑරදි බවත්, ඔහුගේ ඊනියා සාපේක්‍ෂතාවාදය,(අසනීපය) වචනයේ පරිසමාප්තාර්ථයෙන් සාපේක්‍ෂතාවාදයක් නොවන බවත් ය. කලකට පෙර මා මහනුවර දී කීවේ ඒ සරල කරුණය ය. ඊනියා බහුබූතවාදයක් ගැන ඇනුම් පද පමණක් කියමින් නොසිට එහි ඇති වැරදි පෙන්වාදීම සම්මානිත මහාචාර්ය අමරතුංග මහතාගේ කාර්යභාරය වෙයි. 

අපි නැවතත් මගේ අසනීප කරා යොමු වෙමු. මා අත්දුටුවේ විවිධ රාමුවල (දැනුම් පද්ධතිවල) මට ඇත්තේ එක් එක් අසනීප බව ය. ඒ එක් අසනීපයක් (අවිචලක අසනීපයක්) විවිධ දැනුම් පද්ධතීන් විසින් උකහා ගන්නා ආකාර නො වේ. විවිධ දැනුම් පද්ධතිවල විවිධ දැනුම් (අසනීප) නිර්මාණය වෙයි. එමෙන් ම ඒ ඒ දැනුම් පද්ධතියෙහි විවිධ ප්‍රතිකාර ද නිර්මාණය වෙයි! එපමණක් නො වේ. විවිධ ප්‍රතිකාර මගින් යම් යම් සහන ද ලැබෙයි.  

මට අසනීපයක් නො තිබිණි. එනම් මට ඊනියා යථාර්ථවාදී අසනීපයක් නො තිබිණි. මට විවිධ දැනුම් පද්ධතිවල විවිධ අසනීප තිබිණි. විවිධ ප්‍රතිකාර මගින් ඒ සමනය වී ඇත. එහෙත් සියයට සියයක් සමනය වීමේ ඉඩක් කිසිම පද්ධතියක නැති බව පෙනී යයි. විවිධ පද්ධතීන්හි අසනීප හා ප්‍රතිකාර පිළිබඳ නිගමනවලට පැමිණෙන්නේ ද එකම ආකාරයකට නො වේ. මා නොදන්නවාට ඇතැම් පද්ධතිවල මට කිසිදු අසනීපයක් නො තිබෙන්නට ද හැකි ය!

අපි දැන් විද්වත් අමරතුංග මහතා ඊනියා යථාර්ථය ගැන උපුටා දක්වන අදහස් කිහිපයක් විග්‍රහ කර බලමු. එහෙත් එයට පළමු ඒ මහතා පතුරුවන දුර්මතයක් හෙළිදරවු කළ යුතු ය. මගේ අසනීපවලින් පසුව අමරතුංග මහතා ගැන ද සානුකම්පිකව බැලීමට මට හැකි ය. ඒ මහතා ඊනියා යථාර්ථයක් ගැන කතාකරන්නේ මෙරට ථෙරවාදී බටහිර විද්‍යාඥයන් ඒ පිළිබඳ කතාකරන අයුරෙනි. එය ඒ මහතා ලබා ඇති අධ්‍යාපනයේ ප්‍රතිඵලයකි. එය නුදුරු අනාගතයේ දී වෙනස් වේ යැයි මම නො සිතමි. මම ද කලක් ඒ මහතා ලැබූ අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් වීමි. එහෙත් මම එයින් මිදුණෙමි. මට අමරතුංග මහතා අවබෝධ කර ගැනීමට හැකි වුව ද ඒ මහතාට මා පෙනෙන්නේ බහුභූතවාදියකු ලෙස ය. ඒ මහතා තම අධ්‍යාපනයෙන් නොකැඩෙන තෙක් එසේ වීම පුදුමයක් නො වේ.    

අගෝස්තු 26 වැනි දින ලිපියෙහි අමරතුංග මහතා සඳහන් කර ඇති කරුණකට පමණක් මේ ලිපියෙහි අපේ අවධානය යොමු කරමු. ඒ මහතා මෙසේ කියයි. විද්යාාවේ අත්තිවාරම බවට ගණිතය පත් වූයේ කෙසේ ද? ගණිතයේ ආරම්භය කුමක්‌ ද? වර්තමානයේ භාවිත වන ගණිතය ආරම්භ වූයේ ඉන්දියාවේ විය හැකි බව මීට පෙර ලිපිවලින් අප පෙන්වා දී ඇත. එම ගණිතය අරාබියට සංක්රතමණය වී එහි දී එය පොත්පත්වල ලියවුණු බව අප පෙන්වා දී ඇත. පැරැණි ඉන්දියාවේ වර්ධනය වූ ගණිතය විස්‌තර සහිතව සාකච්ජා විය යුතු ය. ගණිතඥයකු නො වන මා විසින් මෙය සිදු කෙරෙන විට ගණිතඥයකු වන බහුභුතවාදීන් කෝපාවිෂ්ඨ වීම වැළැක්‌විය නොහැකි ය. එවිට ඔවුන් කරන්නේ මා ගේ ලිපිවල නැති වැරැදි නැති පරස්‌පර ගැන ලියමින් මාගේ ලිපිවලින් භාගයක්‌ උපුටා දක්‌වමින් ඔවුන් ගේ ලිපි පුරවා ගැනීම ය. මේ අයට කියන්නට දෙයක්‌ නැත්නම් වෙන කුමක්‌ කරන්න ද? මින් පෙනී යන්නේ ඔවුනට කීමට හෝ කිරීමට දෙයක්‌ නැති බව ය. කියන්නට අලුත් දෙයක්‌ ඇත්නම් කළ යුත්තේ එය ගැන ලිවීම ය. මා ගේ ලිපි විකෘති කොට විවේචනය කිරීම ජීවිතයේ අරමුණ කරගන්නට අවශ්ය්තාවක්‌ නැත. මට මේ අය සමග වාද කිරීමට අවශ්යනතාවක්‌ හෝ කාලයක්‌ හෝ නැත. ඊට වඩා ප්ර යෝජනවත් දෙයක්‌ කිරීමට මට අවශ්යච වී ඇත. සැම දේ දන්නා මහා පඩිවරයකු නම් අප වැන්නන් ගේ කියුම් බිනුම් ගැන තැකීමක්‌ නො කළ යුතු ය.” 

මම අමරතුංග මහතා සමග වාදයකට නො එළඹෙුනෙමි. මම අපේ ප්‍රවාද ලිපි පෙළ ලියන අතර අමරතුංග මහතා වාදයට පැමිණියේ ය. මා සමග වාද කිරීමට කාලය ඇත් ද නැත් ද යන්න තීරණය කළ යුත්තේ අමරතුංග මහතා ය. ඒ මහතාට නිවැරදිව තේරුමක් ගෙන එන වාක්‍ය ලිවීමට නොහැකි වීම ද ප්‍රශ්නයක් වී ඇත. උදාහරණයක් ලෙස පහත සඳහන් වැකියෙන් කියන්නේ කුමක් ද?  මා ගේ ලිපි විකෘති කොට විවේචනය කිරීම ජීවිතයේ අරමුණ කරගන්නට අවශ්යෙතාවක්‌ නැත.” මේ කියන්නේ කා ගැන ද? අමරතුංග මහතා තමා ම විවාදයට එළඹී ඒ මහතාගේ කියුම් බිනුම් ගැන මා තැකීමක් නොකළ යුතු යැයි කියයි. එය දේශපාලනික ව නම් කපටි ස්ථාවරයකි. 

ගණිතය ගැන ඒ මහතා කියන දේ සතපහකටවත වටින්නේ නැත. මගේ ප්‍රශ්නය කෙතරම් කීවත් ඔහුට නො තේරෙයි. ඒ ඒ දැනුම් පද්ධතියෙන් (රාමුවෙන්) වෙනත් දැනුම් පද්ධතීන්ට දැනුම පරිවර්තනය කෙරෙනනේ අවශෝෂණය, අනුකරණය, ආරෝපණය ආදියට යටත් ව ය. බටහිර ගණිතය යනු වෙනත් ගණිතයක වර්ධනයක් නො වේ. එහි ඇති වියුක්තිය වෙනත් කිසිම ගණිතයක ඒ ආකාරයෙන් දැකිය නො හැකි ය. බටහිර ගණිතය අනෙක් සියළු ගණිතවලින් වෙනස්වන්නේ එබැවින් බව ගණිතඥයකු නොවූ අමරතුංග මහතාට පමණක් නොව බටහිර ගණිතය විභාගවලට, ඊනියා පර්යේෂණවලට හැදෑරූ බොහෝ දෙනකුට ද අවබෝධ කරගත නො හැකි ය.

නලින් ද සිල්වා   

2015 සැප්තමේබර් 02

4 Responses to “මගේ අසනීප හා අයින්ස්ටයින්ගේ අසනීපය”

  1. Ananda-USA Says:

    Dear Charles,

    I am one of those who wept in grief for Mother Lanka after this year’s election results for I knew what was in store in the near future and the price we will pay as a result of it.

    A friend inquired recently whether I had “recovered” from what he termed mildly as my “disappointment”; here is an excerpt from my reply to him:

    ……………………….
    Yes, I am CRUSHED by the results of both elections this year, and I am in AGONY crouched up like Prince Dutugamunu on my bed hemmed in by Sri Lanka’s enemies and the deep blue sea.

    Like in Dutugamunu’s time, when the invader Elara reigned in Rajarata, today SL’s enemies have taken hold of its national government with the backstabbing Somarama Sirisena …. who will go down in INFAMY as Sri Lanka’s 2nd Don Juan Dharmapala … presiding over the impending disintegration of Sri Lanka, and Ruinous Ranil acting out the role of the Portuguese conquistador Constantino de Saa.

    But I have NO DOUBT that their attempt to Divide and Rule our dear Motherland in collusion with foreign enemies WILL FAIL SOON and the PATRIOTIC FORCES of Mother Lanka will RISE AGAIN to rescue her.

    In the end these traitors will share the fate of ALL who have assaulted this nation from within and without … Don Juan to die abroad in exile, and de Saa to have his head delivered in a basket to lie at the feet of King Senarath after the battle of Randenivela.

    In the meantime, let us hope that divine Providence will spare our families, relatives and friends in Sri Lanka the violent fate we suffered in the previous 30 years; but in my view there is violence on the horizon!
    ……………………..

    WE …. the Patriotic Sons and Daughters of Mother Lanka …. WILL NEVER GIVE UP our Motherland to its ENEMIES! Those who have Sown the Wind with TREACHERY will Reap the Whirlwind of JUST RETRIBUTION in due course! WE will ALWAYS be here to DEFEND & PROTECT our Ratna Deepa Janma Bhumi …. as our ancestors did before us. WE WILL NEVER GIVE UP! Jayawewa!

  2. Senevirath Says:

    Vඅමරතුංග
    ”’ ඔබේ නැති වැරදි නැති පරස්පර ”’ ගැන නලින් ලියු තැනක් පෙන්වන්න

  3. Ananda-USA Says:

    I want to MAKE CLEAR that my OPPOSITION to the TNA/Sampathan being named to the Leadership of the Opposition, is NOT because they/he are Tamils ….

    ……but because the Tiger Nominated Agents of the TNA is the former PROXY of the LTTE, with its avowed goal (vide its current Party Constitution and rrecent Election Manifesto) of creating a Separate Tamil State of Eelam in Sri Lanka, its Anti-National Collusion with the Eelamists of the Tamil Diaspora, of Tamil Nadu, and the Neocolonialist enemies of Sri Lanka at the United Nations to convict Sri Lanka of War Crimes!

    ALL of these ACTIVITIES of the TNA makes it TOTALLY UNSUITABLE as the Leader of the Opposition, and INHERENTLY UNABLE to function as a LOYAL OPPOSITION in the National Parliament!

    But DESPITE these HORRIFIC DANGERS to the nation, those INFAMOUS TREACHEROUS JUNTA of Somarama Sirisena, Ruinous Ranil and the Choura Ragina Chandrika have PERMITTED and ENABLED it!!

    Magey Budu Ammey …. How LOW Sri Lanka’s Governing Leadership has FALLEN!

  4. Ananda-USA Says:

    The BETRAYAL of the Patriots by the Ship-Jumpers GREEDY for Power, Prestige and Wealth!

    …………………………………
    PNM faults SLFP for forfeiting its responsibility to people who elected them

    by Shamindra Ferdinando
    Island.lk
    September 3, 2015

    The Patriotic National Movement (PNM) yesterday alleged that the appointment of TNA leader R. Sampanthan as the Leader of the Opposition reflected the failure on the part of the SLFP to recognise its hallowed responsibility to represent those who had exercised their franchise for the coalition.

    The SLFP leadership had conveniently forgotten that over 4.7 mn people who voted for the SLFP-led coalition never expected a section of the main constituent of the grouping to accept portfolios in the UNP led government, Dr Wasantha Bandara of the PNM told The Island yesterday.

    Dr Bandara emphasised that the UPFA with 95 parliamentary seats, including 12 National List slots had the wherewithal to perform well in the eighth parliament. In fact, there had never been such a strong Opposition grouping in parliament, therefore there couldn’t have been any excuse on the SLFP’s part to sit in the Opposition, the PNM spokesperson said.

    The UPFA 95 member grouping included five National Freedom Front members and one member each from the MEP (Dinesh Gunawardena), Democratic Left Front (Vasudeva Nanayakkara) Udaya Nanayakkara (Pivithuru Hela Urumaya) and Chandrasiri Gajadeera (Communist Party).

    The TNA secured 16 parliamentary seats, including two NL slots at the Aug. 17 parliamentary polls. Of the 16 seats, the Illankai Thamil Arasu Kadchi (ITAK) obtained 10 seats, including both NL slots, whereas the TELO, PLOTE and EPRLF shared the remaining six seats, two each.

    On the first day of eighth parliament, Selvam Addaikalanathan (TELO) received appointment as Deputy Chairman of Committees.

    Responding to a query, Dr Bandara alleged that the SLFP had paved the way for Sampanthan’s appointment by accepting portfolios in the Maithripala Sirisena-Wickremesinghe administration.

    Dr Bandara asserted that Speaker Karu Jayasuriya should have sought the opinion of the Supreme Court through President Maithripala Sirisena as regards the formation of National Government in accordance with the 19th Amendment to the Constitution. The UNP-SLFP agreement on National Government couldn’t be in line with the Constitution because the SLFP contested the Aug. 17 parliamentary polls under the UPFA banner clearly opposing the formation of a national government, Dr Bandara said. The government had been in an indecent hurry to finalize the Opposition Leader’s appointment.

    Dr Bandara asserted that UPFA prime ministerial candidate Mahinda Rajapaksa should have given leadership to the UPFA grouping in parliament. The UPFA could have provided the required backing on an issue by issue basis without securing cabinet portfolios, Dr Bandara said.

    The PNM referred to UNP General Secretary Kabir Hashim’s recent declaration that the party could comfortably secure the required support to form a government though it secured 107 seats at the Aug. 17 parliamentary polls. The 107 member group included one SLMC candidate who contested on the SLMC ticket in Batticaloa whereas the party fielded contestants on UNP ticket elsewhere.

    Dr Bandara said that the so called government of good governance was acting contrary to the very principles it publicly espoused. Those who had voted for the then President Mahinda Rajapaksa at the Jan.8 presidential polls as well as the UPFA at the Aug. 17 polls would think twice before backing the SLFP at future elections, Dr Bandara said. Far smaller Opposition groups had managed well in parliament. Therefore, the SLFP shouldn’t have accepted portfolios at the expense of those who had believed in the return of war winning President Mahinda Rajapaksa as Prime Minister of the eighth parliament.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress