සුමන්තිරන් ඉල්ලන ආපසු ගන්න බැරි එක
Posted on September 4th, 2015

චන්ද්‍රසිරි විජයවික්‍රම

ධර්‍මසිරි බණ්ඩාරනායක (පුරවැසි බලය) ලංකාව දැන් එක රටක් කියා සම්බන්ධන්ට විපක්‍ෂ නායකකම දිය යුතුයයි කෑගසද්දි, ඊට කලින් ටී එන් ඒ එකේ ඒබ්‍රහම් සුමන්තිරන් කෙඳිරිගෑවේ ඔවුන්ට ඕනෑ බලය පැවරීමක් මිස බලය බෙදීමක් නොවන බවය. ඔහුට අනුව බලය පැවරීමක් කියන්නේ එය දුන් පුද්ගලයාට ආපසු ගත නොහැකිවන ආකාරයේ ඩිවොලූෂන් වෙට්ටුවකටය. උදාහරණයක් වශයෙන් කියතොත් යම් තරුණියක් ඇගේ පෙම්වතාට ඇගේ කන්‍යා භාවය පවරා දුන්නොත් ඇයට එය කවදාවත්ම ආපසු ලබාගත නොහැකිය. මෙහිදී මට මතක් වන්නේ ඒ කාලයේ 1960 ගණන් වල ෆිලික්ස් ඩයස් ඇමතිතුමා කියා සිටි “ලිට්ල් බිට් ඔෆ් ඩික්ටේටර්ෂිප් (ෆ්ලර්ටින් විත් ඩික්ටේටර්ෂිප්) ඊස් ඕ කේ” යයි කියපු කතාවය.

මේ අන්ද‌මට දෙපක්‍ෂයක්, ජෝඩුවක්, ෆ්ල්‍ර්ට් කරනවිට ඇතිවන අවදානම නම් යම් විධියකින් එක් අයෙක් පොයින්ට් ඔෆ් නෝ රිටර්න් එකට ලංවුනොත් වෙන්නේ කුමක්ද යන්නය. උදාහරණයක් වශයෙන් ඒ කාලයේ යම් ගුවන් යානයක් අත්ලාන්තික් සාගරය හරහා යනවිට එහි ඇති ඉන්‌ධන ප්‍රමාණය සෑහුණේ ලන්ඩන් සිට නිව් යෝර්ක් වලට යාමට පමණය. එය සාගරයේ එක්තරා දුරකට ගිය පසු ආපසු හැරී ඒමට තරම් ඉන්‌ධන ඉතිරි නොවේ. ඒ නිසා ගිය ගමන දිගටම යෑම හැර, නැත්නම් මරණය හැර, වෙන විකල්පයක් නැත. ඒ ස්ථානයට කිව්වේ පොයින්ට් ඔෆ් නෝ රිටර්න් කියාය.

2002 දී රනිල් හා ප්‍රභාකරන් ගැසුවේද පොයින්ට් ඔෆ් නෝ රිටර්න් සාම ගිවිසුමක් වුවද ප්‍රභාකරන්ගේ මෝඩ කෑදර තදියම නිසා වෙලාව එනතුරු ෆලර්ට් කර කර ඉන්නට තරම් ප්‍රභාකරන්ට ඉවසීමක් නොවූයේය. මැරිලින් මොන්‍රෝ වරක් කියූ අන්දමට ජෝන් එෆ් කෙනඩිටද ඇය සමග ෆලර්ට් කර කර ඉන්න වේලාවක් නොතිබුණි. අන්තිමේදී ඇය සියදිවි නසාගත්තේය. මේ වගේම ප්‍රභාකරන්ටද හෙමින් හෙමින් යනවා වෙනුවට පුදන කොටම කාමි යකාවීමේ, නමෝ නමෝ තන්තායි රේප් කිරීමේ, කලබලයක් තිබුණි. එසේ නොවන්නට අද ටැමිල් නාඩ් ඇතුළු ලංකාවේ උතුරු නැගෙනහිර හා කඳුකරයේ කොටසක රජා ප්‍රභාකරන් ය. ත්‍රිකුණාමළය ඇමෙරිකන් නාවික කඳවුරකි. සිංහල කෑල්ල දකුණු ආසියාවේ පලස්තීනය වී අනුරාධපුරයේත්, පොළොන්නරුවේත්, නුවර එළියේත්, මහියංගනයේත්  මායිම් සටන් (බෝඩර් ඇටෑක්ස්) වලට හිරවීය.

සුමන්තිරන්ගේ මේ කතාව අගමැති වීමේදී රනිල් මහතා විසින් ප්‍රසිද්ධියේ කියවූ 7 වන ෂෙඩූල් දිවුරුම් පෙත්සමේ ඇස්බැන්ඳුම් ස්වභාවය මොනවට එලිකරයි. ලංකාව බලාගන්නා සතරවරම් දෙවිවරු ඉන්නවා කියන්නේ මේ නිසා නොවේද?  අපි ඒකීය රාජ්‍යයකට… අපි ඒකීය රාජ්‍යයකට… කිය කියා මහජනයාගේ (සිංහල බෞද්ධයාගේ හා දුප්පත් කතෝලිකයාගේ) ඇස්වලට වැලි ගසන්නට පුළුවන. 13 සංශොධනයට එහා යන්නේ නැතැයි කියන්නටද පුළුවන. මේවා කියන්නට දක්‍ෂයා, යුද්ධ කරන ශාස්ත්‍රයද හොඳින් දන්නා ලක්‍ෂ්මන් කිරිැල්ලේය. නමුත් 13 සංශොධනය යටතේම සුමන්තිරන් ඉල්ලන අර ආපසු ගන්නට බැරි දේ දෙන්නට පුළුවන් බව මෛත්‍රීපාල ජනාධිපතිතුමාට පෙන්වා දීමට අඩු තරමින් චම්පික රණවකවත් සමත් වේවිද? රතන හාමුදුරුවන්ටත් මාදුළුවාවේ හාමුදුරුවන්ටත් දැන්වත් මෙය පෙනීයාවිද?

මහින්ද රාජපක්‍ෂ මහතා දැන්නම් (චන්ද දෙකකට පසුව) පාඩමක් ඉගෙන ගෙන ඇති බව පෙනේ. නීතිය යටතේ, 13 යටතේ, චන්දයක් දිය යුතුය කියා වාසුදේවගේ හෝ නාමල් රාජපක්‍ෂ නම් නීතිඥයාගේ හෝ ලණුවක් කා ඔහු විග්නේශ්වරන්ට උතුර භාර කලේය. මෙය 2002 රනිල් කල භාරදීමට වඩා භයානක විය. විග්නේශ්වරන් දිනූ දා සිටම කියන්නේ ජේ ආර්ගේ ව්‍යවස්ථාව ඔවුන් පිළි නොගන්නා බවය. මේ අනුව මහින්ද නීතියක් ගැනත්, විග්නේශ්වරන් අවනීතියක් ගැනත් කතා කලේය. බොටම් ලයින් එක නම් වෙස්සන්තර කෙනෙක් වෙන්නට ගොස් සිරි සංඝබෝ කෙනෙක් බවට රටේ ජනාධිපති වැටුන බවය. ආර් ප්‍රේමදාස් හා මිසිස් චන්ද්‍රිකාද මෙසේම මීට කලින් සිරි සංඝබෝ වූ අය නොවේද? මොවුන් රට කෑවේය.

වෛරී දේශපාලනය වෙනුවට සම්මුතිවාදී දේශපාලනයක් ගැන මෛත්‍රීපාල ජනාධිපතිතුමා දේශනා කළත්, අළුත් පාර්ලිමේන්තුවේ අගමැති රනිල් හැසිරෙන්නේ මෙදා සැරේ දෙනව බැටේ (හොඳ හොඳ නැටුම් එළිවෙන් ජාමෙට) යන ජානයෙන් උඩ පනිමින් බව පෙනේ. වාසුදේව පෙඩරල් මහතා කලින් කිවු වචනය වෙනුවට දැන් කියන්නේ රනිල් වලංකඩේ ගොනෙක්වගේ කියාය. හොරුන්ගෙන් පිරී පාර්ලිමේන්තුව රනිල්  සිතන්නේ දැන් වඳුරන්ගෙන් පිරී ඇතිය කියාය. මා නම් සිතන්නේ 1948 න් පසුව ලංකාව පාලනය කර ඇත්තේ සිංහල වඳුරන් ය කියාය. බොහෝ විට එළිපිටිනුත්, නිතරම රහසිගතවත්, 1921 පොන්නම්බලම් අරුණාචලම් ආරම්භකල ලංකාව දෙකට කැඩීමේ ව්‍යාපාරය අද බෝම්බයෙන් නොව පෑනෙන් කරගැනීමට ඉඩ සැලසී ඇත.

සිංහල නායකයින් නමැති නිල්, කොළ හා රතු කොළඹ වඳුරන් (කළු සුද්දන්) (1948 න් පසු ආපු අගමැති, ජනාධිපතිවරු) පුද්ගලික වාසිය සඳහා රට පාවා දෙද්දී 1921, 1935, 1949, 1976 යන මයිල් පෝස්ට් ඇතිව දෙමළ ජාතිවාදී පක්‍ෂ එක හෝ දෙක රේල් පාර උඩ සෙමින් ඇදෙන කෝච්චියක් සේ සිය ඉලක්කය කරා ලඟා වෙමින් සිටී. බෝම්බ මගින් එය ගන්නට චෙල්වනායගම් අනුමතකලේ ත්‍රස්තවාදියෙකුගේ පිලිමයකට මල්මාලාවක් දමාය. ඉන් පසු අමිර්තලිංගම්ලා, කුමාර් පොන්නම්බලම්ලා හා නීලන් තිරුචෙල්වම්ලා මරණ තෙක්ම ඔවුන්ට මේ බෝම්බ කාරයින් හිත උඩින් හෝ හිත යටින් අවර් බෝයිස්ලා විය. අවුරුදු 33 කට පසු එය කෙළවරවිය. දැන් 2009 මැයි 27 ජිනීවා කොමිසමට 13 ඒ ක්‍රියාවට නැගීමට පොරොන්දුවීමත් සමඟ හා 13 ඒ අනුව විග්නේශ්වරන්ට බලය පවරාදීමත් සමග කෝච්චිය පල්ලමක බ්‍රේක් ගසමින් යයි.  අර ආපසු ගන්න බැරිදේ (මස් රාත්තලම) ඉල්ලන්නේ ඒ නිසාය. අමිර්තලින්ගම් එලිපිට සටන් කලත් සම්බන්ධන් ශුක්‍ෂම එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් බව පෙනේ. රටේ ජනාධිපති, රටේ අගමැති ඔහුට සුක්කානමක් දී ඇත.

විරුද්ධ පක්‍ෂයේ නායකකමට පත්කර තිබෙන පක්‍ෂයේ චන්ද ප්‍රකාශනයේ තියෙන කරුණු 4  කුමක්ද?  (1) දෙමළ ජනතාවට ස්වයංපාලන අයිතිය ඇත (2) උතුරු නැඟෙනහිර පලාත් දෙක එක් කල යුතුය (3) ඒකීය වෙනුවට පෙඩරල් ක්‍රමයක් ඇතිකල යුතුය (4) යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්‍ශනයක් කල යුතුය. කලින් අවර් බෝයිස්ලා විශ්නේශ්වරන්ට අනුව දෙමළ කැප්පෙට්ටිපොලලාය. ටී එන් ඒ ඉහත චන්ද ප්‍රකාශනය නිකුත්කල රැස්වීමේදී ප්‍රභාකරන්ගේ නම කියවුන හැම විටම විසිල් හා අත්පොලොසන් නාදය. ප්‍රභාකරන්ගේ නම නැවත නැවත කීම හැම කතාකාරයාගේම අරමුණ විය.  ප්‍රජාතන්ත්‍රවාදයේ රඟ එසේය.

වෙල්ගම නමැති පුද්ගලයා විපක්‍ෂ නායක කමට නුසුදුසු චරිතයක් ඇත්තෙකි. එහෙත් ඒ වෙනුවට ගෙනා සම්බන්ධන් මන්ත්‍රීන් 16 ක් සිටින පවතින ආණ්ඩුවටම සම්බන්‌ධ කෙනෙකි. දකුණේ යූ එන් පී එක දිණුවේ ඔවුන්ගේ දෙමළ චන්ද නිසාය. විපක්‍ෂය විය යුතු මහින්ද ප්ලස් හෝ මයිනස් ඉතිරි පරණ නිල් කට්ටියය.

රනිල් අගමැති ඇතුළු බොහෝ දෙනා බෝර්න් අගේන් පෙඩරල් කාරයින් ය. මේ ආණ්ඩුව මේ සැරේ නම් හොඳ බැටයක් දෙනු ඇත. අගමැති, කරු ජයසූරිය හා සම්බන්ධන් එය හොඳින් කළමනාකරණය කරන්නට යන බව පැහැදිලිය. පාර්ලිමේන්තුව ඇතුලේ හා ඉන් පිට සිංහල බෞද්ධ බලවේගයක් ගොඩ නොනැඟුනොත් අවුරුදු 5 ඉවරවී මීලඟට නිල් ආණ්ඩුවක් හදන බවට මෛත්‍රී හා මහින්ද 64 සංවත්සරයේදී කියන කතා 7 ෂෙඩූල් එක යටතේ රනිල් දුන් ඒකීය දිවුරුම් පෙත්සම වගේම ඇස් බැන්ඳුමක් පමණය. මොවුන් තුන් දෙනාගෙන්ම ගෙන් බේරීමට හැකිවන්නේ සිංහල බෞද්ධ බලවේගයක් මඟින් පමණය.  බොදු ජන පෙරමුණ යළිත් අළු ගසා ඒවිද? නැවත සෝම හාමුදුරුනමක් ඒවිද?

වාර්ගික දෙමළ හෝ මුස්ලිම් ජනයාට කිසි හිරිහැරයක් නොකල යුතුය. එහෙත් මේ දිවයින සිංහල බෞද්ධ රට බවත් මෙම සිංහලේ ට 1815 දී අහිමිකලදේ 1948 දී හෝ ඉන්පසු ආපසු නැවත නොලැබුණ බවත් ඓතිහාසික සත්‍යයකි. නූතන අවශ්‍යතාවයන්ට අනුකූලව යම් යම් සංශොධන සහිතව සිංහල බෞද්ධයින්ගෙන් උඳුරාගත් අයිතිවාසිකම් ඔවුන්ට නැවත ලබාදීම , මේ රටේ සෙසු වාර්ගික ජන කොටස්වලට කරන හානියක්, වෙනස්කමක්, මානව අයිතිවාසිකම් කඩකිරීමක් නොවේ. 29 (2) වගන්තිය අනුව සර් අයිවෝර් ජෙනිංන්ස්ගේ කීමට ඩී එස් සේනානායකගෙන් ආරම්භවූ කොළඹ සිංහල ක්‍රිස්තියානි කළු සුදු යුරෝපයට ආවඩන පාලන-සමාජ ක්‍රමය වෙනුවට දැන් 2015 අගෝස්තු සිට සම්මුති දේශපාලනයක් මෛත්‍රී ජනාධිපතිට ආරම්භකල හැකිය. ඔහු මහින්ද දමනයක් කර අවසානය. ඔහුට ඉක්මණින්ම හෝ ප්‍රමාදව, කැමැත්තෙන් හෝ අකමැත්තෙන්  රනිල් දමනයක්ද කිරීමට සිදුවන බව නිසැකය.

දිවයිනේ වාර්ගික ප්‍රශ්නයට විසඳුම සම්මුතිවාදී දේශපාලනයය. ලිච්චවි මාවතය.  සාකච්චාවය. මිනිසුන් කුඩා පරිමාණ ඒකක වශයෙන් (ගම්, පංචයාත්, ජන සභා) සාකච්චාකර එකඟතාවයකට ඒමය. පක්‍ෂ දේශපාලනය හෝ උසාවි වල දැන් නඩු විසඳන ක්‍රමය හෝ නොව, සාම මණ්ඩල ක්‍රමයය. මෙය රීසනබල්නස් හෙවත් බුද්ධාගමේ මධ්‍යම ප්‍රතිපදාවය. ජනාධිපතිතුමා කියන වෛරී දේශපාලනය අත්‌හැරියයුතු පක්‍ෂ දේශපාලනයෙන් පමණක් නොව සිංහල-දෙමළ-මුස්ලිම් කාණ්ඩ විසිනුත් ය. මෙයට බාධා වන්නේ වෙනම දෙමළ රටක් සඳහා වන ටැමිල් නාඩ් හා ගෝලීය දෙමළ සටනට ලංකාව පටලවා තිබීමය. අනිත් කරුණ ඉස්ලාම් ශාරියා වහාබි ව්‍යාප්තවාදයය. අයුතු ක්‍රිස්තියානිකරණයද මීට වක්‍රව සම්බන්ධය.

ස්වයංපාලනයක් ඉල්ලන අය, ඉන්දියාවටත් වෙනස් ආකාරයේ පෙඩරල් ඉල්ලන අය, ආපසු ගන්නට බැරි බලතල තමන්ට පවරන ලෙස ඉල්ලනවිට ඒ සඳහා රනිල්-මංගල-රාජිත-ඩිලාන් ප්‍රමුඛ පිරිසක් ක්‍රියාකරනවානම් එය රටේ බෙල්ල කැපීමකි.  මොවුන් රට කැඩූ පසු මොවුන්ගේ බෙල්ල කපා වැඩක් නැත. ඒ නිසා එය බෞද්ධ නාගරාජයාගේ ක්‍රමයට වළක්වා දසරාජ ධර්‍මයට අනුව විසඳුමක් සැපයිය යුතුය. මෙවැනි විසඳුම් ක්‍රමයක් හිටපු ජනාධිපතිට ඉදිරිපත්කලත්, උගත් පාඩම් හා සංහිඳියා කොමිසමට පෙන්වා දුන්නත් බැසිල් රාජපක්‍ෂ හා ලලිත් වීරතුංග යන දෙන්නා එය කඩා කප්පල් කලේය. මෙම අළුත් විසඳුම් ක්‍රමය අනුව දිවයිනේ ග්‍රාම සේවක වසම් 14,000 (ප්‍රේමදාස් ජනාධිපති එය 4,000 සිට 14,000 දක්වා වැඩි කලේය, ලෝකයේ කොහේවත් මෙවැනි වැඩිකිරීමක් සිදුව නැත) ස්වාභාවික මායිම් (ජලය ආශ්‍රිතව) (ඉකොලොජිකල් බවුන්ඩරීස්) අනුව නැවත බෙදා අළුතින් බිහිවන ඒකක සංඛ්‍යාව ජන සභා වශයෙන් හඳුනාගෙන ඒවාට මිනිසුන්ගේ එදිනෙදා ජීවන කටයුතුවලට අදාල තීරණ ගැනීමේ බලය පවරණු ලැබේ. ජන සභාවක් පක්‍ෂ දේශපාලනයෙන් තොරව තෝරාගත් දස දෙනෙකුගේ කොමිටියක් මඟින් හසුරවනු ලබයි.

http://harimaga.blogspot.com/

මෙම ජන සභා එකතුවකින් මැතිවරණ බල ප්‍රදේශයක් සැදේ. අනිත් අතට මේ ජන සභා වල එකතුවකින් දැන් තිබෙන ආකාරයේ පාලන දිස්ත්‍රික් හා පලාත් සදාගත හැකිය. රට දෙකට කැඩේය යන සිංහල මිනිසුන්ගේ සාධාරණ භීතිය නැති කිරීමටත්, දෙමළ පොදු අභිප්‍රායන් (අභිලාශ, ඇස්පිරේෂන්ස්) ඉටුකරගැනීමට යයි සමහර දෙමළ නායකයින් කරන උත්සාහයට අවහිර නොකිරීමටත් හැකිවන ලෙස මෙන්ම රටේ පරිසරයට හා භූගෝල විද්‍යාවට අනුකූල වන ආකාරයටත් 1832 දී යුද්ධොපායමය කෘතිම බෙදීමක් ලෙස පටන්ගත් පලාත් නමය වෙනුවට මෙම ජන සභාවල එකතුවකින් දිවයින ගංඟා ද්‍රෝණි හතකට බෙදිය හැකිය. මෙසේ එක් එක් ජන සභාවක මායිම තීරණය වන්නේ භාෂාව හෝ ආගම අනුව නොව ස්වභාවික නිර්‍ණායකයක් මතය.  එසේ වුවත් එවැනි ජන සභාවක් තුල බිහිවන ජන වාර්ගික සංයුතිය විවිධාකාර විය හැකිය. සමහරක 90% ක්ම ද්‍රවිඩ හින්දු විය හැකිය. සමහරක 90% මුස්ලිම් විය හැකිය. තවත් සමහරක, කොළඹ නගරයේදී මෙන් 65% දෙමළ හා මුස්ලිම් විය හැකිය. වැදගත් කරුණ නම් ඒවා ජාතිය හෝ ආගම අනුව ඇති කල ඒකක නොවීමය.

සංහිඳියාව ඇති කිරීම සඳහා ගන්නා ක්‍රියා සද්භාවයෙන් ගැනීම පමණක් නොසෑහේ. ඒවා දෙපැත්තටම මිස එක පැත්තට යන තීරණ නොවිය යුතුය. සම්පූර් ඉඩම් ආපසු දීම, මුර පොලවල් ඉවත් කිරීම, යුද ජයග්‍රහණය නොසැමරීම යනාදී වතුර බින්දු වලින් සාම කළය පිරවීමට ඉඩ ඇත. එහෙත් හොර පෙම්වතෙක් ඉන්නා බිරිඳගේ හිත ගැනීමට ඇයට රත්තරන් මාල, කූරු, වළලු අරන් පුදනවා මෙන් රනිල්-මංගල-රාජිතලා නැතත් ජනාධිපතිවරයා, ආපසු ගන්නට බැරි පැවරීම් කිරීමට සිතීමට පෙර දැන් තිබෙන 13 ඒ සෙල්ලම යටතේ පොයින්ට් ඔෆ් නෝ රිටර්න් වලට යන්නට හොඳටම ඉඩ ඇතිබව තේරුම් ගත යුතුය. අනිත් කරුණ නම් සම්මුතිවාදී-ලිච්චවි කතා හා ක්‍රියාව අතර පෑස්සීමක් තිබිය යුතු වීමය. හවුල් ආණ්ඩුවකට ජාතික ආණ්ඩුවක් යයි නොකිය යුතුය. ඇමතිකම් පගා ලෙස නොදිය යුතුය. චතුරාර්‍ය්‍ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්‍ගය අනුව යා යුතුය.  1921, 1949, 1976 සිට යන කෝච්චිය නතර කරලා නැත. එය නතර කර රේල්පාරද ගලවා දැමිය යුතුය.

මෙහිදී අමතක නොකල යුතු තවත් කරුණක් නම් මන්ත්‍රීලා, ලැයිස්තු මන්ත්‍රීලා, වික්‍රමබාහුලා හැරෙන විට මිසිස් චන්ද්‍රිකාගේ සිට පරණ පෙඩරල්, මේ යුද්ධය නම් කවදාවත් දිනන්නට බෑ කියූ නිලධාරීන් බැටෑලියන් එකක්ම රාජ්‍යතන්ත්‍රයේ ඉතා වැදගත් හැම තැනකටම දමා තිබීමය. පාස්කරලින්ගම් පවා ආපසු පැමිණ ඇත. හසලක වීරයින් ජීවිතය දුන්නේ මේ ජාතික ආණ්ඩු කඩතුරාව හරහා මේ බැටෑලියන් එකට මෙදා සැරේ දෙනව බැටේ කියා කියන්නට නොවිය යුතුය.

චන්ද්‍රසිරි විජයවික්‍රම

7 Responses to “සුමන්තිරන් ඉල්ලන ආපසු ගන්න බැරි එක”

  1. NeelaMahaYoda Says:

    මෙය හෙලයා පරදවා පරයා දිනවීමට කඩේ ගිය එකෙකුගේ ආන්දෝලනයක් බව මේ ලිපිය කියවන්නා විසින් දැනගත යුතුය.

    හෙලයා පැරදවීමට බටහිර බලයට ප්‍රධානව කුලීකරයෙක්ව වැඩ කල බොදුබල සේනාවට කවදා හෝ රජකමලැබේවීයයි සිහින මවන චන්ද්‍රසිරි විජයවික්‍රම යතාර්තය තේරුම් ගැනීමට මෙයටවඩා ඤානශීලීව සැලකිලිමත්වියයුතුය.

  2. sarathk Says:

    චන්දසිරි ජයවික්රමගේ ගේ ලිපි වලින් ඉදිරිපත් වුයේ ජාතිකවාදී අදහස්ය. ඒවා පරයා දිනවීමට ලියු ඒවා නොවේ. එහෙත් නීලමහා යෝධයා නම් කළු සුද්දෙකුගේ මෙන් අදහස් ඉදිරිපත් කරනු ලංකා වෙබ් අඩවියේ අපි දුටුවෙමු.

  3. cwije Says:

    Neela Maha yoda.

    How nice if you can come out and reveal who you are and where you live.

    About my views on Sri Lankan problems you can go to Island newspaper archive or Lankaweb archive and read what I wrote during the past ten yrs.

  4. NAK Says:

    I am afraid it is too late for the Sinhalayas now. As usual, with so many traitors within,it was a losing battle from the very begining. This country will under go another 200 years atleast of occupation by the Indian/American imperialists before some one come forward to fight for freedom all over again.

  5. Ananda-USA Says:

    The FIRST Ray of HOPE for Sri Lankan Patriots EMERGES as MPs of MINOR constituents parties and SOME SLFP MPs move to form a NEW Opposition block in Parliament.

    Hopefully this GOAL will be realized, and the move will continue to GATHER MOMENTUM and ATTRACT more and more SLFP MPs to desert the National Government as the DANGER POSED by it to Sri Lanka’s INTEGRITY becomes MORE OBVIOUS every day!

    If 50 UPFA MPs form a new opposition, R. Sampanthan’s role as “Leader of the Opposition” as, I hope, will his proposal to DIVIDE Sri Lanka into 3 ETHNIC BANTUSTANS! But why should he worry, his role as “Traitor in Chief” will continue!

    The Lion Flag flutters proudly aloft,
    To remind us this freedom’s day!
    Our duty to keep thee, safe and strong,
    As our forefathers did yesterday!

    ………………….
    Some UPFA MPs opt to be in the opposition

    By Kelum Bandara
    DailyMirror.lk
    September 9, 2015

    In the wake of the two main parties agreeing to form the national unity government, some United People’s Freedom Alliance (UPFA) MPs are hoping to inform Speaker Karu Jayasuriya that they would function as part of the opposition, a party leader said yesterday.

    The UPFA and the United National Party (UNP) which agreed to form the national government had also agreed to share Cabinet portfolios.

    Against this background, the UPFA MPs who are opposed to the formation of a national unity government are preparing a petition to be sent to the Speaker.
    National Freedom Front (NFF) Leader Wimal Weerwansa told Daily Mirror said he believed that at least 50 MPs would sign this petition which would be handed over within the next two weeks.

    He said he had learnt of attempts by the government to suppress dissent in parliament.

    …………………..
    Talks to form a new opposition in Sri Lanka parliament

    Colombopage.com

    Sept 05, Colombo: Minor constituent parties of former ruling party United People’s Freedom Alliance (UPFA) are in discussions to form an opposition alliance after the main constituent, Sri Lanka Freedom Party (SLFP) decided to join the United National Party (UNP) in the national government.

    Leader of the National Freedom Front (NFF) Wimal Weerawansa said that discussions have been held by five political parties of UPFA represented in parliament on forming a common opposition.

    Minor constituent parties of the UPFA Mahajana Eksath Peramuna, National Freedom Front, Communist Party, Democratic Leftist Front and the Pivithuru Hela Urumaya are represented in Parliament.

    Two other minor parties, Eelam People’s Democratic Party (EPDP) led by Douglas Devananda and Ceylon Worker’s Congress (CWC) led by Arumugam Thondaman have joined the national government.

    Weerawansa said parties will further discuss next week with regard to forming a new political front to contest future elections.

  6. Ananda-USA Says:

    LIES, MORE LIES, and MORE GOD-DAMN LIES howled in venomous rage by the Choura Rajina CBK pursuing her Personal Vendetta against President Mahinda Rajapaksa to MAKE CERTAIN he NEVER RISES AGAIN!

    But, the BEST LAID PLANS of this FAILED POLITICIAN and TRAITOR to her people, like those of MOST MICE and MEN, will DEFINITELY GO ASTRAY because between her and her DEVIOUS PLOTS stand MILLIONS of Patriots of Mother Lanka!

    What is WORSE, is she makes these PRONOUNCEMENTS in India, responsible for fomenting the terrorist war that consumed the lives of over 150,000 of our fellow citizens! SHAME on YOU Chandrika Bandaranaike Kumaratunga …. your revered Father and Mother would CURSE you for these DISHONORABLE and TREACHEROUS Collusion with Foreign Enemies!

    ……………………
    Sri Lanka would have experienced massive killings if Mahinda Rajapaksa returned to power: Chandrika Kumaratunga

    Sept 05 (TOI) NEW DELHI- Mahinda Rajapaksa during his tenure as the President of Sri Lanka ran a police state and if he was successful in returning to power as Prime Minister in recent parliamentary polls the country would have experienced massive killings of innocents, according to Chandrika Kumaratunga, former President of the island nation.

    Kumarantunga, who played a key role in unseating Rajapaksa in last January’s Presidential polls, announced on Saturday that her visit to India would be followed by that of Prime Minister Ranil Wickremansinghe on Sep 15 as his maiden visit abroad since reelection.

    Talking to a select group of journalists here Kumaratunga, however, warned that Rajapaksa who muzzled voices of Sinhalas and Tamils during his decade-long-rule has not given dream of returning to power. “His primary aim of returning to power is to ensure that corruption charges are not pressed against him,” noted the former President who was in Delhi to participate in the just concluded Hindu-Buddhist conference organized by the Vivekananda International Foundation.

    Asserting that role and preeminence of India in the region cannot be wished away, fiery Lankan politician pointed out that Rajapaksa had supposedly tried to balance India in her country by promoting other powers. “But India is special to Sri Lanka and we need Indian support in form of investments among other things. India’s role in South Asia has been acknowledged globally. Its strategic position cannot be undermined,” noted the former President who was instrumental in bringing anti-Rajapaksa faction in Sri Lanka Freedom Party (SLFP) and opposition United National Party to jointly oppose the common enemy – Mahinda Rajapaksa.

    She admitted that the Chinese funded projects in Sri Lanka had incurred huge debts on Colombo as the cost of such projects were high due to commissions paid to the Rajapaksa regime.

    Dismissing Rajapaksa’s claim of India’s hand in his defeat in Presidential polls last January, she said that the former head of state was looking for scapegoats after he was voted out of power. “The people of Sri Lanka can manage their democracy on their own.”

    Recalling the process that ousted Rajapaksa from power Kumaratunga informed that protests were launched by the civil society two years ago and there was demand that she take the lead in ousting the tyrant regime. “Rajapaksa created enormous hurdles in this journey and even did not allow any SLFP leaders or Ministers to meet me. But as demands grew for an alternate leader I zeroed on Maithiripala Sirisena who has a clean image among the SLFP leadership. I also got in touch with Opposition leader Ranil Wickremansinghe and the common enemy brought us together,” recounted the former two-time President as she did not rule out possibility of returning to active politics at a later stage.

    On the issue of reconciliation with the Tamil minorities Kumaratunga, who is also the chairman of the national reconciliation commission noted that the period provides golden opportunity to address the issue permanently. “We are working towards handing over land back to Tamils, addressing the disappearance issue and devolution package. India understandably has a dynamic role to play in this process,” she said, adding that both sides are responsible for the fishermen impasse and need to address the issue earnestly.

  7. Ananda-USA Says:

    UPFA DISSENTING MPs …. 57 strong and a MAJORITY in the UPFA … voice their INTENT to form an Opposition block consistent with the UPFA ELECTION PLATFORM that rejected support for a National Yamapalanaya Govt, and declare their INTENT to CONTEST the appointment of TNA’s Sampanthan as Leader of the Opposition!

    Jayawewa! With this STRENGTH in the number of DISSENTING MPs HOPE SPRINGS in the HEARTS of Patriots that it may augur the formation of a NEW PATRIOTIC OPPOSITION Party in the future!

    Better still, the SLFP should AMEND its Party Constitution to REMOVE the requirement that the President of the Nation MUST be the Leader of the Party. With such an AMENDMENT, the SLFP can say GOODBYE to the TREACHEROUS BACKSTABBER Somarama Sirisena, LEAVE the Yamapalanaya GoSL and STOP ALL of its Anti-National moves to amend the Constitution to favor separatists, other minorities, NGOs and neocolonialist foreign powers now gathering like vultures to DISMEMBER Sri Lanka.

    If such a SCENARIO UNFOLDS, EVERYTHING BECOMES POSSIBLE, and the Yamapalanaya Govt’s days will be numbered.

    RISE UP in your MILLIONS …. O Patriotic Sons ad Daughters of Mother Lanka to RESCUE your Motherland PEACEFULLY and LEGALLY from the grasp of its ARTFUL ENEMIES who are attempting to STEAL your ancestral inheritance by MISLEADING & MISDIRECTING you!

    NEVER TRUST those who have FAILED to FIGHT for your Motherland, and now try to PREACH PATRIOTIC HOMILIES to you to BEND you to their WILL!

    ………………………
    UPFA rebels to function as independent group in House

    By Rasika Somarathna
    DailyNews.lk
    September 07, 2015

    A 57-member dissident faction within the UPFA will function as an independent group in Parliament after defying the party decision to form a national government.

    Former Chief Minister of Western Province Prasanna Ranatunga who entered Parliament on the UPFA ticket at the last election, said the UPFA rebels who has the support of former President Mahinda Rajapaksa, will also discuss the appointment of TNA’s R. Sampanthan as the Opposition Leader with the Speaker and President Maithripala Sirisena who is both the head of the UPFA and the SLFP.

    According to Ranatunga, a majority of UPFA MPs (57 out of the 96) had informed President Sirisena in writing to appoint Kalutara district SLFP parliamentarian Kumara Welgama as the Opposition Leader.Speaking at a public ceremony in Gampaha yesterday, Ranatunga said since the SLFP central committee had given powers to the President to appoint the Opposition Leader they had not made any submissions to the Speaker.

    Ranatunga said the UPFA team will also discuss the matter with the Speaker when Parliament convenes on September 22.

    While noting that the Speaker had informed his group that he had received a letter from the newly appointed UPFA General Secretary Vishwa Warnapala that the party will not contest the post as it had agreed to join the UNP to form a national government, Ranatunga said there must have been a communication gap between the party Chairman and the General Secretary.

    The MP said the UPFA did not have a mandate to form a national government as the party had not voiced any such aims to the voters at the last parliamentary polls.

    Ranatunga said that Sampanthan’s appointment do have both good and bad sides. He said the TNA has not deviated from its position of seeking federalism as a means to devolving power and also its stance for an international probe against Sri Lanka to make a determination on the so-called human rights violations during the war.

    Ranatunga was of the view that if there is an investigation against the alleged violations done by security forces the same should apply with regards to the atrocities committed by the LTTE.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress