සියයට හයක  ප්‍රතිශතයක පවතින විරැකියා ගැටළුවට විසඳුම් සෙවීමට නව අමාත්‍යංශය තුළින් කටයුතු  කරනවා – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත –
Posted on September 10th, 2015

මහේෂ් සමරසේකර තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්

සියයට හයක ප්‍රතිශතයක පවතින විරැකියා ගැටළුවට විසඳුම් සෙවීමට නව අමාත්‍යංශය තුළින් කටයුතු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීයග   අමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යතුමා  මෙසේද පැවසීය.

susilpremfirstday

”රැකීරක්ෂා පිළිබඳ කතාබහ අප රටේ ප්‍රමුඛතම මාතෘකාවක් බවට අද පත්ව තිබෙනවාග සමස්ත ජනගහනයෙන් 6‍% ක ප්‍රතිශතයක් වන එයල අවුරුදු 20- 30 ත් අතර වයස් කාණ්ඩ වලට අදාලව ගත්විට 20‍% ක තරම් ප්‍රතිශතයක් වෙනවාග ඒ නිසා සංවර්ධිත රටක් ගොඩනැගීමට නම් ඒ අභියෝගය ජය ගැනීමට අපට සිදුවෙනවාග  ඒ සඳහා තාක්ෂණ විද්‍යාල සහ පර්යේෂණ ආයතනයන් සම්බන්ධ කර ගනිමින් දේශීය හා විදේශීය රැකියා වෙළඳපලට අවශ්‍ය කරන ශ්‍රමිකයින් මෙන්ම මානව සම්පත නිර්මාණය කිරීමට නව අමාත්‍යංශය හරහා කටයුතු කරනවාග නව අමාත්‍යංශයේ කටයුතු වෙනුවෙන් සංකල්ප පත්‍රිකාවක් සකස්කොට පස් අවුරුදු සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වෙමින් වර්ෂයෙන් වර්ෂය ඉලක්කගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මා බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පැවසීය.

කොල්ලුපිටියේ  පිහිටි තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍යාංශයේ පැවති මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ, අමාත්‍යංශ ලේකම් ආර්.විජයලක්ෂ්මි, අතිරේක ලේකම් අනුරාධා ඉලේපෙරුම යන මහත්ම මහත්මීන්ද අමාත්‍යංශයට අනුබද්ධ ආයතන වල ප්‍රධානීන්ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 

මහේෂ් සමරසේකර

තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍යතුමාගේ

මාධ්‍ය ලේකම්

077 – 2974167

 

 

 

R&D Media

Ministry of Technology,Technical Education & Empoyment

One Response to “සියයට හයක  ප්‍රතිශතයක පවතින විරැකියා ගැටළුවට විසඳුම් සෙවීමට නව අමාත්‍යංශය තුළින් කටයුතු  කරනවා – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත –”

  1. ranjit Says:

    Let’s see what this traitor will do in the furure.Still I can hear his words”We will never join the UNP coalition or UNP and we will never support them in anyway” “We will form our own Govt under the patronage of His Excellency Mahinda Rajapaksa” Not even a month this ungrateful snake jumped to grab a Ministry from the very people he abused and accused. Can we trust people like this? Never.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress