මහින්දගෙ මිනිස්සුන්ට දේශද්‍රෝහීන් කියන මලික් සමරවික්‍රමගේ ලිපියට පිළිතුරු.
Posted on September 13th, 2015

උපුටාගැණීම www.mahinda.info

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී ‘සීපා’ ගිවිසුම් අත්සන් කිරීමක් හෝ ඒ ගැන සාකච්ඡා හෝ සිදු නොවන්නේ යයි මලික් සමරවික්‍රම මහතා පවසයි. (source) මෙහි ඇත්ත නැත්ත විමසා බලමු.

[1]. ඉන්දියාවේ පළ වෙන ප්‍රධානතම ජාතික පුවත්පතක් වන The Indian Express” මගින් 2015/09/06 දින හෙළි කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයේදී සීපා ගිවිසුම සම්පූර්ණ කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වෙන බවයි. රනිල් වික්‍රමසිංහ මහතා සීපා ගීවිසුම සඳහා තම සහයෝගය පළ කර ඇති බවත් එහි සඳහන් වෙයි. එසේම විපක්ෂ කණ්ඩායම එය නතර කිරීමට කටයුතු කරන බවත් එහෙත් රනිල් වික්‍රමසිංහගේ ජාතික ආණ්ඩුව සමග කටයුතු කර එම ගිවිසුම ඉටු කිරීමට සූදානම් බවත් ය.  ලිපියේ අදාල කොටස පහතින්.

Sri Lankan PM Ranil Wickremesinghe to visit on Sept 14

India is likely to push for an early finalisation of the Comprehensive Economic Partnership Agreement with Sri Lanka during the September 14-16 visit of Prime Minister Ranil Wickremesinghe to New Delhi.

Wickremesinghe had expressed his support for a Comprehensive Economic Partnership Agreement (CEPA) with India only two months ago at a business forum in Colombo, asking Sri Lankan businessmen not to fear it but see it as an opportunity.

The two countries have been talking about a CEPA for several years, but Sri Lankan opposition to it stalled its finalisation. India, government sources said, will now be looking to tie up the details with Wickremesinghe’s national unity government” and work towards finalising the agreement.

source: 2015/09/06 indianexpress.com (Saved on archive.org in case if the article has been removed by the pressure of the Indian government)

 

[2]. එක්සත් ජාතිකපක්ෂයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට අයත් සන්ඩේ ටයිම්ස් පුවත්පත් වෙබ් අඩවියේ දැක්වෙන්නේත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී සීපා ගිවිසුම කෙරෙහි අවධානය යොමු කරන බවයි. ඒ බව නියෝජ්‍ය විදේශ ආමත්‍ය හර්ෂ ද සිල්වා මහතාත් තහවුරු කර තිබේ.  මූලාශ්‍රය: 2015/09/13 sundaytimes.lk / archive.org

මලික් සමරවික්‍රම මහතාට අනුව සීපා ගිවිසුම අත්සන් කරන බවට ප්‍රචාරය කරන්නන් දේශද්‍රෝහීන් නම්, රුවන් විජයවර්ධන සහ හර්ෂ ද සිල්වා මහත්වරුන් දේශද්‍රෝහීන් විය යුතුය.

ඒ අනුව මලික් සමරවික්‍රම මහතා කොතෙක් බොරු පැවසුවද, අන්තර්ජාලය භාවිතා කරන උගත් බුද්ධිමත් ජනතාව රැවටවීමට නොහැකි බව දැනගත යුතුය.

 

[2]. එම ලිපියේ දේශද්‍රෝහීන් ලෙස දක්වා ඇත්තේ රට කොටින්ගෙන් බේරා ගත් මානුෂික මෙහෙයුමේ ආරම්භයේ සිටම මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන සහ වර්තමානයේදී සීපා ගිවිසුමට එරෙහිව හඬ නගන ජනතා හිතවාදී මන්ත්‍රීතුමන්ලාවයි. එසේ දේශද්‍රෝහීන් ලෙස චෝදනා කිරීමට පදනම් වී ඇත්තේ මාළිගා තැනීමක් සහ නීති විරෝධී ව්‍යාපාර වල යෙදීමක් ගැන කියමිනි. නමුත් මාධ්‍ය සංදර්ශන කිරීම හැරුණ විට කිසිදු අධිකරණයකින් කිසිවෙක් වරදකරු කිරීමට මලික් සමරවික්‍රම ඇතුළු යහපාලන නඩයට මේ දක්වා හැකි වී නැත.

ඉහත කරුණු ගැන විශාල මාධ්‍ය සංදර්ශනයක් පෙන්වා ගම්පහින් ජයගත් රංජන් රාමනායකත් දැන් ඉතාමත් දුක්ඛිත ලෙස පරාජිත එස් බී දිසානායක කැබිනට් අමාත්‍යවරයා යටතේ නියෝජ්‍ය ඇමති කමක් දරයි. දැන් රංජන් රාමනායාට එස් බී ගැන කිසිදු ගැටළුවක් නැත. ඒ අනුව මලික් සමරවික්‍රම මහතාගේ ලිපියෙන් සිදු කරන්නේ ජාතික ආණ්ඩුව යැයි කියා ගන්නා සභාග ආණ්ඩුවට එක් නොවන අය දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමයි.

 

[3]. දේශද්‍රෝහීන් ගැන චෝදනා කරන උදවියගේ පාර්ශවයේ අයගේ දේශප්‍රේමීත්වය මොනාකාරදැයි ජනතාවගේ අවධානය පිණිස පහත පින්තූර සහ වීඩියෝ පළ කරන්නෙමු.

(i). අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එදා LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් නැමැති කොටි ත්‍රස්තවාදියාට අතට අත දුන් හැටි. (මූලාශ්‍රය: BBC)

(ii). වත්මන් ආණ්ඩුවේ නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා එදා LTTE නායක ප්‍රභාකරන් නැමැති මිනීමරු ත්‍රස්තවාදියාට ඊළාම් කොඩිය පෙරටු කරගෙන අත අත දුන් හැටි. (මූලාශ්‍රය: tamilguardian.com)

(iii). යහපාලන ආණ්ඩුවට සහය දෙන වික්‍රමබාහු කරුණාරත්න ඊළාම් සමුළුවක සිටි අයුරු. (මූලාශ්‍රය: gossiplankanews.com)

(iv). වත්මන් ආණ්ඩුවේ ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් එදා ඊළාම් උත්සවයක ජාතික සංවාදය කළ හැටි. (මූලාශ්‍රය: defence.lk)

(v). තොප්පිගල විශාල වනයක් කියපු රනිල්ට, යුද්ධය අසාර්ථකයි කියපු මංගලට එදා හමුදාපතිතුමාගෙන් පිළිතුරු.

(vi). වත්මන් මුදල් අමාත්‍ය රවි කරුණානායක එදා අලිමංකඩ යනව කියල පාමංකඩ යනවා, කිලිනොච්චි යනවා කියමින්මැදවච්චි යනවා” ලෙසට රණවිරුවන්ට අපහාස කළ හැටි.

හැබැයි මලික් සමරවික්‍රමට අනුව ඒ සියල්ලන්ම දේශප්‍රේමීන් විය යුතුය. දේශද්‍රෝහීන් වී ඇත්තේ මානුෂික මෙහෙයුම ජයගන්නට එදා මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන සහයෝගය දුන් සහ අදටත් රට වෙනුවෙන් කතා කරන මන්ත්‍රීවරුන් වයි.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

2 Responses to “මහින්දගෙ මිනිස්සුන්ට දේශද්‍රෝහීන් කියන මලික් සමරවික්‍රමගේ ලිපියට පිළිතුරු.”

  1. NAK Says:

    This jahapalana government was born by lies, fed and nutured by lies and sustained by lies.

  2. Lorenzo Says:

    Let the UNP STUFF UP the economy with CEPA. Then voters will FEEL it in their STOMACHS.

    Our voters think from their STOMACHS. If a party promises to give a 10,000 rupee increase they will vote any dirt. IF they say 8 GRAINS people will vote for any dirt. IF they say bread for 3.50 people will vote for any dirt.

    Let them feel it.

    Then only they will vote for an ANTI ENDIAN leader at the next election.

    When your enemies are doing a MISTAKE, DO NOT disturb them.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress