අහෝ ගෝඨාභයව එලෝගෙන අපි කරගත් විනාසයක් – සිරස ටත් ටික ටික තේරෙයි.
Posted on September 14th, 2015

උපුටාගැණීම www.mahinda.info

සීග්‍රයෙන් වැඩි වෙමින් පවතින අපරාධ රැල්ල ගැන අදහස් දක්වමින්, සිරස මාධ්‍යවේදීන් පැවසූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිටියානම් රටේ මීට වඩා විනයක් පවත්වාගැනීමට හැකියාව තිබූ බව” යි.

සිරස මීට කළින් සමාජගත කළ දේවල් හාත්පසින්ම වෙනස් කරමින්, රටට අවශ්‍ය වන්නේ සොඳුරු ආඥාදායකයෙක් බවත් ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදය අනවශ්‍ය බවත්” පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාව හැඳින්වූයේ සොඳුරු ආඥාදායකයා” යනුවෙනි.

සිරස සාකච්ඡාවේ අදාල කොටස පහතින්.

ලෝකයේ නීතිය සම්බන්ධ සමීක්ෂණ කරන අන්තර්ජාතික ආයතනය වන World Justice Report අනුව මහින්ද යුගයේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය දකුණු ආසියාවෙන් පළමු තැනට ඇවිත් තිබුණි. විස්තර. නමුත් එවකට විපක්ෂ කණ්ඩායම් විසින් හුදකලා සිද්ධීන් කිහිපයක් අල්ලගෙන මඩ ගසා ජනමනස වෙනස් කිරීම සිදු කළෝය.

වර්තමානයේදී ඇත්තටම සිදුව ඇත්තේ ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදයක් නොව රටේ නීතිය හරියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමය. පාර්ලිමේන්තුවේ සිදුවෙන දේවල් වලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම මැනැවින් පැහැදිළි වෙයි.

එම සාකච්ඡාව තුළ සිරස මාධ්‍යවේදීන් අතින් එකිනෙකට පරස්පර අදහස් ප්‍රකාශ විය. එනම් රටේ වත්මන් තත්ත්වය ගැන සිරසටත් ඇත්තේ වික්ෂිප්ත භාවයකි. ඒ ගැන අදහස් දක්වමින් ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා පවසා තිබුණේ මෙලෙසයි.

සිරස ‘දවස’ වැඩ සටහනේ දී සංජීව රණතුංග කියනවා රටකට සොඳුරු ආඥාදායකයෙක් ලු ඕන. දැන් යන අපරාධ රැල්ල මහින්දගේ කාලේ පාලනය වුණේ ගෝඨාභය නිසාලු. ඔහු රටේ විනයක් ඇති කළා ලු ටොපි කොලයක් හරි කෙනෙකුට පාරේ නොදමන තැනකට. දැන් ඒක නැති වෙලාලු. ඒ නිසා අපරාධ රැල්ලක් ඇති වෙලාලු.

ඒත් එක්ක ම නීතිපතිට බනිනවා ගෝඨාභයට එරෙහි නඩුව නීතිපති විසින් එහි වරදක් නැති බව කියමින් ඉල්ලා අස්කර ගත්ත කියල. දැන් වරදක් කරල නැත්නම් නඩුවක් පවත්වා ඉදිරියට ගෙනි යන්න බැරිබව නොදරුවොත් දන්නව ඇති. මේ මහින්ද පන්නල රට විනාශ කරන්න ගොතපු බොරු බව මේ අය දන්නේ නැහැ.

මේ අය හරියට ප්‍රභාකරන් වගේ. ප්‍රභාකරන් විනාශ වුනේ ඔහු තමන් ව පරදවන්න බැහැ කියල ඔහු විසින් ම ගොතපු බොරුවට ඔහුම රැවටුන හින්දා. යහපාලනයට ඡන්දය දුන්න අය දැන් ගෙවමින් සිටින්නේ ප්‍රභාකරන්-මොහොතක්.

ඒත් එක්කම සංජීව කියනවා මේ ජනතාව ඕන වුණු දේලු. ඒ නිසා ජනතාව මේ දුක විඳින්න ඔනැලු. සමහරි විට ප්‍රභාකරන් වගේ දුක් විඳින්න ඕන කියලයි කියන්නේ.

මේ අයට අඩුම තරමින් බෑ තමන්ගේ අදහස වත් සංගත ව කියන්න. තමන් කියන්නේ මොකක් ද කියලවත් මේ ළදරුවන්ට තේරෙන්නේ නැහැ. මේ අය නේ ද යහපාලනයට ඡන්දෙ දුන්නෙ ? ඇත්තට ම මේ අනුකම්පා කළ යුතු පිරිසක් නේ ද?

2015/09/13 දින සිරස සම්පූර්ණ සාකච්ඡාව පහතින්.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

2 Responses to “අහෝ ගෝඨාභයව එලෝගෙන අපි කරගත් විනාසයක් – සිරස ටත් ටික ටික තේරෙයි.”

  1. Christie Says:

    Beware of apparatus of the Indian Empire and Indian colonial parasites. Sirasa is for dividing the Sinhalese and getting them to fight among themselves. This has been the aim of these organizations.

  2. Ratanapala Says:

    This Toyya carried the shopping bag for the Yahapalana Cartel. Now he has become the proverbial cat that crapped on the rocks. Anyway it is better late than never.

    There will be more to come in the coming days and months. What a Sri Lanka this motley hypocrites are weaving for the people. A bridge between Sri Lanka and the land of the Poo! Maximum devolution within a “Unity State” not a Unitary State!…..and much more down the slippery slopes to dissolution and oblivion!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress